නැඟෙනහිර පළාතේ නටබුන් කෙරෙන් හෙළිවන බෞද්ධ උරුමය

දකුණෙන් කුඹුක්කන්ඔය සීමා කොට ඇති, උතුරෙන් කෝකිලායි කලපුවට ගලා බස්නා වැලිඔය සීමා කොට ඇති, බටහිරින් අනුරාධපුර දිස්ති‍්‍රක්කයත්, ඒ වගේ ම පොළොන්නරුව දිස්ති‍්‍රක්කයත්, ඒ වගේ ම ඌව බදුල්ල දිස්ති‍්‍රක්කයත්, අනෙක් අතින් මොණරාගල දිස්ති‍්‍රක්කයත් යන දිස්ති‍්‍රක්කවලින් සීමා වූ, නැඟෙනහිරින් මහා සමුද්‍රයෙන් සීමා වූ ඉතා දිගම දිස්ති‍්‍රක්කය, පළාත වශයෙන් සැලැකෙන නැෙඟනහිර පළාතට සීමා වූ මේ භූමි භාගය අපි වර්තමානයේ ඉංග‍්‍රීසින්ගේ කාලයේ සිට බෙදා ඇති නැඟෙනහිර පළාත වශයෙන් සලකනවා.

මේ පළාත අතීතයේ හරි අඩකට වැඩි ප‍්‍රමාණයක් රෝහණ රාජ්‍යයට අයත් වුණා. උතුරින් මහවැලි ගඟ දක්වා තීරුව පැරැණි රෝහණ රාජ්‍යයට අයත්.

එතැනින් උතුරට තිබෙන කොටස රජරට ප‍්‍රාචීන පස්ස නමින් හැඳින්වුණු අනුරාධපුරයෙන් නැඟෙනහිර පැත්තට අයත් භූමියේ කොටසක්. අතීතයේ අනුරාධපුරයෙන් හතර පැත්ත පස්ස නමින් හඳුන්වා තිබුණා.

උත්තර පස්ස – උතුරු පැත්ත, ප‍්‍රාචීන පස්ස – නැඟෙනහිර පැත්ත, පශ්චිම පස්ස – බටහිර පැත්ත, දක්ඛිණ පස්ස – දකුණු පැත්ත යනුවෙන්. අනුරාධපුර රාජ්‍ය කාලයේ මේ භූමිය ප‍්‍රාචීන පස්ස නමින් හඳුන්වන කොටසට අද නැඟෙනහිර පළාත නමින් හඳුන්වන කොටසින් භාගයක පමණ ප‍්‍රමාණයක් අයත්.

http://www.silumina.lk/punkalasa/20080921/_art.asp?fn=ar0809216

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=8466

Leave a Reply