Ajahn Chah Natha

වරක් අචාන් චා හිමි වෙත පැමිණි එක් ගිහියෙක් අචාන් චා යනු කවරෙක්ද කියා උන්වහන්සේගෙන් ම විමසීය. අධ්‍යාත්මික ගුණ වගාව අතින් එම පුද්ගලයා එතරම් උසස් දියුණුවක් ලබා නොමැති බව වටහා ගත් අචාන් චා හිමි තමන් වහන්සේ දෙසට ඇඟිල්ලක් දික්කර ගනිමින් —මම තමා අචාන් චා˜ යනුවෙන් පැවසූහ.

තවත් වතාවක වෙනත් පුද්ගලයකු විසින් උන්වහන්සේගෙන් එම ප්‍රශ්නය ම අසන ලදී. කෙසේ වෙතත් මෙම වතාවේ ප්‍රශ්නය ඇසූ පුද්ගලයා තුළ ධර්මය වටහා ගැනීමේ හැකියාව ඉතා ඉහළ මට්ටමකින් පවතින බව දැක ගත් අචාන් චා හිමියෝ අචාන් චා? අචාන් චා කියා කෙනෙකු නැත˜ යනුවෙන් පිළිතුරු දුන්හ.

ඉපදීම හා මරණය

නිවැරදි පුහුණුව ලෙස සැලකිය හැක්කේ ˆˆමා ඉපදුනේ කුමකට ද?˜˜ කියා ඔබ ඉතා අවංකව ඔඛෙන් ම ඇසීමය. මෙම ප්‍රශ්නය උදේටත්, සවසටත්, රාත්‍රියටත්  ..එසේම සැම දිනකමත් ඔබෙන් ම අසන්න.

ඉපදීම හා මරණය යනු හුදෙක් එකම දෙයකි. මේ දෙකෙන් එකක් නොමැතිව අනිකට පමණක් පැවතීමට නොහැකිය. මිනිසුන් යම් මරණයකදී තම දෑස්වල ඔය තරම් ප්‍රමාණයක් කඳුළු පුරවා ගනිමින් දුක්වීම, එසේම උපතකදී ප්‍රීතිවීම හා සතුටුවීම දක්නට ලැබීම තරමක් හාස්‍ය ජනකය. එය මුලාවකි. හැඬීම සඳහා කෙනෙකුට සැබැවින්ම අවශ්‍ය නම් උප්පත්තියක් සිදුවූ විට හැඬීම වඩාත් සුදුසු ය කියා මම කල්පනා කරමි. හැඬීම කළ යුතු වන්නේ මුලදීමය. ඒ මක්නිසාද? උප්පත්තියක් සිදු නොවූයේ නම් මරණයක් ද නොසිදු වන නිසාය. ඔබට මෙය වටහා ගැනීමට හැකි ද?

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=574

Leave a Reply