Buddha – What is the evidence that the Buddha was a giant?

බුදුන් වහන්සේගේ ශරීරයේ ප්‍රමාණය සහ දසමහාපුරිස ලක්ෂණ 

බුදුන් වහන්සේ දසමහාපුරිස ලක්ෂණයන්ගෙන් පිරි යෝධයකු වූ බවට සාධක මොනවාද?

167 මුවෙකුගේ මෙන් සිහින් ගාත්‍රා ඇති,  කෘශවූ ශරීරයක් ඇති, ස්වල්ප ආහාර ගන්නා, ආශාවන්ගෙන් තොර වනාන්තරයෙහි ධ්‍යානගතව වැඩ සිටින ගෞතම බුදුන් දැකීමට එන්න. ( (167. එණීජඞ‍්ඝං කිසං වීරං අප‍්පාහාරං අලොලුපං, මුනිං වනස‍්මිං ඣායන‍්තං එහි පස‍්සාම ගොතමං.)  – හෙමවතසුත‍්තං ඛුද‍්දකනිකායොසුත‍්තනිපාතො1. උරගවග‍්ගො 

මෙම ගාථාවෙන් ගෞතම බුදුන් ගැන කෙරෙන විස්තරය ත්‍රිපිටක සාහිත්‍යයේ හමුවන ගෞතම බුදුන් පිළිබද සත්‍ය වූද, පිළිගත හැකි වූද එකම තාත්වික විස්තරය වශයෙන් වැදගත් වේ. 

මෙහිදී තවත් වැදගත් කරුණකට අපගේ අවධානය යොමුවිය යුතු ය. බුදුන් හමුවට පැමිණි ත්‍රිවේදයන්හි පරතෙරට පත් උගත් අම්බට්ඨ මානවකයා වැනි බමුණන් නිතරම සෙවූයේ උන්වහන්සේ මහා පුරුෂ ලක්ෂණවලින් යුක්ත වූයේ ද, ගෝත්‍රයෙන් ආර්‍ය් ගෝත්‍රයට අයත්වීද ආදී කරුණු නමුත් ප්‍රාන්ත ආරණ්‍ය පෙදෙස්වල සිටි මෙම ගෝත්‍රිකයන් සෙවූයේ උන්වහන්සේගේ අධ්‍යාත්මික කුශලතාවයන් පිළිබදව ය. 

නැවත බලන්න  ප්‍රාන්ත ආරණ්‍ය පෙදෙස්වල සිටි මෙම ගෝත්‍රිකයන් දැක තිබූ බුදුරජානන් වහන්සේ. 

167 මුවෙකුගේ මෙන් සිහින් ගාත්‍රා ඇති,  කෘශවූ ශරීරයක් ඇති, ස්වල්ප ආහාර ගන්නා, ආශාවන්ගෙන් තොර වනාන්තරයෙහි ධ්‍යානගතව වැඩ සිටින ගෞතම බුදුන් දැකීමට එන්න.

(167. එණීජඞ‍්ඝං කිසං වීරං අප‍්පාහාරං අලොලුපං, මුනිං වනස‍්මිං ඣායන‍්තං එහි පස‍්සාම ගොතමං.) – හෙමවතසුත‍්තං ඛුද‍්දකනිකායොසුත‍්තනිපාතො1. උරගවග‍්ගො 

=======================================

ඒ සමගම බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ප්‍රමාණය ගැන වටහා ගතහැකි තවත් වටිනා සූත්‍රයක් තියෙනවා සාමඤ්ඤඵල සූත්‍රය”

2. සාමඤ්ඤඵල සූත්‍රය – දීඝනිකාය » සීලක්ඛන්ධවග්ගපාළි

11. අථ ඛො රාජා මාගධො අජාතසත‍්තු වෙදෙහිපුත‍්තො යාවතිකා නාගස‍්ස භූමි නාගෙන ගන‍්ත්‍වා නාගා පච‍්චොරොහිත්‍වා පත‍්තිකො’ව යෙන මණ‍්ඩලමාළස‍්ස ද‍්වාරං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ජීවකං කොමාරභච‍්චං එතදවොච: කහං පන සම‍්ම ජීවක භගවා?ති.                                                                                                                                                           

11. එක්බිති වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ ඇතුපිටින් යා හැකි තෙක් දුරැ ඇතුපිටින් ගොස්, ඇතුගෙන් බැස, පාගමන් ඇතියේ ම (පයින් ම) මණ්ඩලමාලද්වාරය (වට හල් දොර) කරා එළැඹීයේ ය. එලැඹැ කෝමාරභච්ච ජීවකයාගෙන් ‘යහළු ජීවකය, භාග්‍යවත් තෙමේ කොහි දැ?’යි ඇසී ය. (උපසඞ‍්කමිත්‍වා ජීවකං කොමාරභච‍්චං එතදවොච: කහං පන සම‍්ම ජීවක භගවා?)

මහ රජාණෙනි, තෙල භාග්‍යවතුන් වහන්සේ ය.   පෙර දිගට මුහුණ ලා, භික්ෂුසමූහයා විසින් පෙරටු කරන ලදු වැ තෙල වැඩ ඉන්නෝ භාග්‍යවතුන් වහන්සේ යැ” යි කෝමාරභච්ච ජීවක කීය. ( (‘එසො මහාරාජ භගවා. එසො මහාරාජ භගවා මජ‍්ඣිමං ථම‍්භං නිස‍්සාය පුරත්‍ථාභිමුඛො නිසින‍්නො පුරක‍්ඛතො භික‍්ඛුසඞ‍්ඝස‍්සා’’ති.  )

මෙයින් පැහැදිලි වෙනවා බුදුන්වහන්සේ අනෙක් සංඝයා වහන්සේලා මෙන් සමාන ශරීරයෙන් හෙබි මනසින් සියල්ලන්ටම වඩා උසස් වූ උත්තරීතර මනුශ්‍යයෙක් බව.

දැන් අපි මේ සූත්‍රයට දුන් අටුවා සාහිත්‍යටත් පිවිසෙමු. බුද්ධ වචනය වැරදියට ගැනීම නිසා අද වනවිට විශේෂයෙන් ලංකාවේ බහුතරයක් බෞද්ධයන් දේවවාදී ආගමක් ලෙසට බුදුදහම අදහන්න ගත් ආකාරය වටහා ගන්නට

මෙම සූත්‍රයට මනස්කාන්ත අටුවා අභ්‍යගිරි විහාරයේ ටීකා වලත් මහවිහාරයේ බුද්ධඝෝෂ හිමි ප්‍රමුඛ අටුවාවත් එකිනෙකට වෙනස් අර්ථ කථනයන් දෙනවා. අපි ඒ අටුවා,ටීකාත් මේ බුදුවදන සහිත සාමඤ්ඤඵල සූත්‍රයත් අතර විග්‍රහයක යෙදෙමු.

මෙම සූත්‍රයේ දී බුදුන් බැලීමට ගිය අජාසත් රජු ඔහු කැටුව ගිය ජීවකගෙන් කුමන පුද්ගලයා බුදුන් දැයි විචාලේය.  

අභයගිරි විහාරයේ ටීකා වල කියන අන්දමට අන්තිම වරට බුදුන් දකිනවිට අජාසත්ත කුඩා දරුවෙකි. බොහෝ කලක් ගතවීම නිසා ඔහුට බුදුන් හදුනාගත නො හැකි විය. එහෙත් මහාවිහාර අටුවා විවරනයෙන් කියා ඇත්තේ ෂඩ්‍ රශිමිමාලා විහිද වූ හා මහාපුරුෂ ලක්ෂණවලින් හෙබි සිරුරක් සහිත බුදුන් තවත් කෙනෙකු යයි වරදවා හදුනා ගැනීමේ පුළුවන්කමක් නො තිබූ බවත්, අජාසත්ත රජු බුදුන්ව හදුනාගත නො හැකි බැව් බොරුවට ඇගවූ බවත් ය.  මෙයින් පැහැදිලි වන්නේ අභයගිරිවාසීන් මෙන් නොව මහාවිහාරයේ අටුවාචාරීන් බුදුන්ගේ අධිමානව ස්වභාව ලක්ෂණ තරයේ අවධාරණය කල බවයි. 

මේ අනුව බලන කල බලන්න සාමඤ්ඤඵල සූත්‍රය සම්පූර්ණයෙන් බුද්ධඝෝෂ ප්‍රමුඛ මහාවිහාරවාසී අටුවාවෙන් ඉතා පැහැදිලිව  විකෘති කර බුදුරජාණන් වහන්සේව දේවවාදී කර, බුදුරජානන් වහන්සේට මහාපුරුෂ ලක්ෂනයන් ඇතුල් කරල බුදුන් වදාළ ප්‍රායෝගික දහමෙන් ඉවත් කරගෙන, වන්දනා කරන, යාතිකා, සජ්ජායනයන්, පුදපූජා කරන දේවවාදි ආගමක් බවට පත්කර අසරණ බෞද්ධයන්ව දේව භක්තිකයන් කර ඇත.  බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ දහමේ තියෙන්නේ ප්‍රායෝගිකව තමතමන් විසින්ම දාන,සීල, භාවනා මාර්ගයේ ක්‍රමවත්ව යන වැඩපිළිවෙලක්. 

නමුත් මේ බුද්ධඝෝෂ හිමියන් ප්‍රමුඛ මහවිහාර අටුවාව, බුදුන්වහන්සේ වදාළ ඒ විශිෂ්ඨ වූ අකාලික වූ දහමෙන් අසරණ බෞද්ධයන්ව දේවවාදී අදහස් පැත්තට අටුවාව හරහා රැගෙන යමින්, නිවනත් පුදපූජා, සජ්ජායන වලින් ලබාගත හැකිබව පෙන්වා අසරණ බෞද්ධයන්ව අන්ද භක්තිකයන් කරල තියෙන බව මනාව වැටහෙනවා මේ සූත්‍රයට දී ඇති වැරදි අටුවාව විමර්ශනය කළ විට.

අද වනවිට සිද්ධස්ථාන වල බහුතරයක් ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛව කරන විකාර රූපී හිංදු ආගමේ එන පුදපූජා, සජ්ජායන, යාතිකා, බෝධීපූජා වසංගතය දකින විට. මොනතරම් පරිහානියක් ද මේ කරන්නේ බුදුදහමට. මේ විකාර පුදපූජා, සජ්ජායන බහුතරයක් ගිහි/පැවිදි අයගේ මුදල් හම්බකරන ජාවාරමක් බවට පත් වී අවසන්. 

 

පිටක මූලාශ්‍ර  සහ ආශ්‍රිත ග්‍රන්ථ හා ලිපි:-

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=23167

Leave a Reply