Tirokudda Sutta – It is not a sutra preached by Lord Buddha

 7. තිරොකුඩ්ඩ සූත්‍රය – » ඛුද්‌දක නිකාය » ඛුද්‌දකපාඨපාළි 
තිරොකුඩ්ඩ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍රයක් නොවේ.
තිරොකුඩ්ඩ සූත්‍රය බුදුන් දෙසූ සූත්‍රයක් නොවන බව වටහා ගැනීම සදහා, පහසු වන්නේ එම සූත්‍රය ඇතුලු බහුතරක් පශ්චාත් පිටක යුගයේ පිටකයට එකතු කල සූත්‍රවල බුදුන් වදාළ බව සදහන් නොකිරීමයි.
මෙම තිරොකුඩ්ඩ සූත්‍රයෙත් බුදුන් දෙසූ බව අටුවාචාරීන් වහන්සේලා සදහන් නො කිරීම එයට සාක්ෂි දරයි. මේ සූත්‍රය කාගේ අදහසක් ද බව වටහා ගැනීම වැදගත්. බුද්ධ පරිනිර්වානයෙන් ශත වර්ෂයක් පමණ ගිය පසු ඇති වූ නිකායන් ට අනුව එහි එක් නිකායක් වන රාජගිරිකයෝ මෙසේ කියනවා ” පරලොව ගියෝ මෙහි නෑයන් දෙන දෙයින් යැපෙත්. ඉතෝ දින්නෙත යාපෙන්ති පෙතා කාලකතා තහින්” යන. තිරොකුඩ්ඩ සූත්‍රයේ ගාථාපාඨය මේ කීම හා හොදින්ම ගැලපේ. පරලොව ගිය හැම කෙනෙක්ම ජීවත් වෙන නෑයන් දෙන දෙයින් යැපේ” එබැවින් මේ තිරොකුඩ්ඩ සූත්‍රය රාජගිරිකයන්ට අයත් සූත්‍රයක් විය යුතු ය. උපුටා ගැනීම පොල්වත්තේ බුධදත්ත හිමි විසින් රචිත ථෙරවාද බෞද්ධ දර්ශනය ග්‍රන්ථයෙන්(පිටු අංක 9)
බුදුරජාණන් වහන්සේ අකුසල කර ඉපදුන සත්වයන්ට ප්‍රේත යන නාමය භාවිතා කල බවක් පිටකයේ නැති බවයි අපගේ වැටහීම. සත්වයා අකුසල හෙවත් පාපී ක්‍රියාවන් වෙනුවෙන් නිරයාදී දුකින් පිරි කටුක වේදනාකාරී දුකක් ලබන ආකාරය ලක්ඛණ සංයුක්තයෙන් මනාව පැහැදිලි කෙරෙයි. මෙම සංයුක්ත සූත්‍රයන්හි ඔවුන් හඳුන්වා ඇත්තේ “සත්තා” වශයෙන් වුව ද, අටුවාවෙහි සූත්‍ර නවයකම ඔවුන්ව හඳුන්වා ඇත්තේ ප්‍රේතයන් වශයෙනි. මෙසේ ඔවුන් ප්‍රේතයන් වශයෙන් හැඳින්වීම මජ්ජිම නිකායේ-මහාසිහනාද සූත්‍රයේ දක්වා ඇති වර්ගීකරණයට ද නො ගැළපෙන බව පෙනේ.

මෙම ලක්ඛණ සංයුක්ත සූත්‍රයන්හි කිසිම අවස්ථාවක “ප්‍රේත” යන වචනය යෙදී නැති නමුදු, මුල් සූත්‍ර නමයෙහිම දැක්වෙන සත්වයන් සදහා අටුවාකරු ප්‍රේත යන වචනය යොදා ඇති බව පෙනේ. මුල නිකාය ග්‍රන්ථයන්හි ‘ප්‍රේත” යන වචනය යෙදී ඇති ආකාරය අනුව, මෙම යෙදීම කෙසේ ගැළපේ දැයි විමසිය යුතුය…..

…..ප්‍රේතයන් යන්නෙන් ප්‍රේත ආත්මයට උපන් භූත වර්ගයක් අදහස් කිරීම බුද්ධ කාලයට සියවස් කිහිපයකට පසුව සිදුවූ ගෝත්‍රික ආගමික ඇදහිලි මිශ්‍රවීම නිසා ඇති වූ වෙනස් වීමක් වශයෙන් දැක්විය හැකිය. පශ්චාත් පිටක ග්‍රන්ථ යුගයට අයත් ප්‍රේත වත්ඨු සහ විමාන වත්ථු යන ග්‍රන්ථ මෙන් ම, අට්ඨකථාවලින් ද පෝෂණය කරන ලද්දේ මෙම පසුකාලීන වර්ධනයක් බව සැලකිය යුතු යඋපුටා ගැනීම එම් එම් ජේ මාරසිංහ මහතා විසින් රචිත “ප්‍රත්‍යක්ෂය සහ විශ්වාසය” ග්‍රන්ථයේ පිටු අංක 92 සිට 95

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=23154

Leave a Reply