Thisarana Mahima – Bhikkhu K. Ñāṇananda

තිසරණ මහිමකටුකුරුන්දේ ඤාණනන‍ද භික‍ෂු

තෙරුවන් සරණ යාමත් ශීල සමාදානයත් මේ ශාසනයේ ආරම්භක පියවරක් පමණයි. එහෙම නමුත් ඒ සරණ ගමන මාත්‍රයකින්මත් ආශ්චර්යවත් ආනිශංස ලබාගත හැකිවීම තුණුරුවන්ගේ අනුභාවසම්පන්න බවට සාධකයක්. සරණ ශීල මාත්‍රයෙන්ම සුගතිගාමී වුනු සැදැහැවතුන් ගැන ධම_ සාහිත්‍යයේ කොතෙකුත් සදහන් වෙනවා.  ඡත්ත මානවකයා පිළිබඳ කථාන්තරය ඒ වගේ එකක්.

තෙරුවන් සරණ යාමත් පංචශීලය සමාදන්වීමත් කොයිතරම් ආනිශංස සම්පන්නද කියලා. විශේෂයෙන්ම හිතා ගන්න තියෙන්නෙ අර ශීලසමාදානය – දැන් මේ පින්වතුන් කවුරුත් දන්නවා සිල් සමාදන්වීමට කලින් සරණයාමක් කරනවා. තුණුරුවන් සරණයාමත් සුලූ පටු දෙයක් නෙවෙයි. ඒ තුළින් කෙරෙන්නේ තමාගේ ශ්‍රදධාව මතුකර ගැනීමයි. ශ්‍රදධාව උඩයි ශීලය ක්‍රියාත්මක වෙන්නේ. යම් ප්‍රමාණයකට ශ්‍රදධාව බලවත් නම් ඒ ප්‍රමාණයට ශීල ශික‍ෂාපද රැකීමට පෙළඹෙනවා. ශීලයේ පිහිටියා වෙනවා. ඉතින් ඡත්ත මානවකය අර විදියට ගාථා කිය කියා යනකොට – ඒකට කියන්නේ තුණුරුවන් ගුණ සිහිකරමින් යාමයි. බුදධානුසසති, ධමමානුසසති සංඝානුසසති වශයෙන් තුණුරුවන් ගුණ සිහිකරමිනුයි ගියේ – ඒ සිතින්, ඒ ආසන්න සිතින්, කළුරිය කිරීම නිසා තමයි දිව්‍ය ලෝකයේ අර තත්ත‍වය ලැබුවේ.

අපි ධර්මයෙ අහලා තියෙනවා, දැන් කෙනෙකුගේ ඊළඟ උත්පත්තිය ගැන කියවෙන කොට ගරුකකර්ම කියල කියන ආනන්තරිය කර්මය වැනි බරපතල කම_යක් නැත්නම් මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදධ ශරීරයෙන් ලේ සෙලවීම, සංඝභේද කර්මය – ඇතැම් විට දක්වනව නියත මිථ්‍යාදෘෂ්ටියත් එකක් හැටියට – ඒ විදියෙ බරපතල කර්මයක් ඉදිරිපත් නූනොත් කෙනෙකුගේ මීළඟ උත්පත්තිය තීරණය කෙරෙන්නේ අවසාන අවසථාවේ කරපු කර්මයකින් හෝ, කලින් කරලා අවසාන අවසථාවේ සිහිපත් කළ කර්මයකින්. ඒකට කියනවා ආසනන කර්මය කියලා. එතකොට ගරුක කර්මය නැතිවෙනකොට ආසන්න කර්මය. ඒකත් නැතිවෙනකොටයි ඊළඟට අර ආචිණ්ණ කියලා කියන තමන් නිරන්තරයෙන් කිරීම තුළින් පුරුදු කරගත්තු කර්මයක් ඉදිරිපත් වෙනවා. එහෙමත් නැතිවෙනකොට වෙන යම්කිසි අවසථාවක කළ ~කටතතා~ නමින් හඳුන්වන යම්කිසි කර්මයක් කොහොම නමුත් ඉදිරිපත් වෙනවා ඊළඟ උත්පත්තියට…..

ඇත්ත වශයෙන්ම අපේ ශීල සමාදානය තහවුරු වෙන්නෙ, ශ්‍රද්ධාව පිහිට කරගෙනයි. කෙනෙකුට කියන්න පුළුවන් නම් ~~නත්ථී මෙ සරණං අඤඤං බුදෙධා මෙ සරණං වරං~~ ~~මට වෙන පිහිටක් නැත. බුදුරජාණන් වහන්සේම මට පිහිටයි. ධර්මයම මට පිහිටයි. සංඝයා වහන්සේම පිහිටයි~~ කියලා ඒ තරම් ප්‍රබල ශ්‍රද්ධාවක් තිඛෙනව නම් ඒ තැනැත්තා ඒ සරණ යාම කරනවා. සරණයාම කියල කියන්නේ පිහිට සොයා යාම. ඒ පිහිට සොයන්න වෙන්නෙ, ශීල, සමාධි, ප්‍රඥා තුළිනුයි. බුදුරජාණන් වහන්සේට කවුරුවත් ගලවගන්න බැහැ. නමුත් අර ශීල, සමාධි, ප්‍රඥා වැඩීමට ආරම්භය සරණගමනයයි. ඒකයි මේ කාලයේ පවා ශීල සමාදානයට කලින් තුන්වරක්ම ~~බුද්ධං සරණං ගච්ඡාමි~ ආදී වශයෙන් මේ අපි සරණයාම කරන්නෙ. ඒක එසේ මෙසේ දෙයක් නොවෙයි..

එතකොට දැන් නිවන් බලාගෙන යනවා නම්, ආරම්භක වශයෙන් මෙන්න මේ පහවත් නිත්‍ය ශීලය හැටියට රකින්න ඕනෑ. ඕකයි පංච ශීලයේ වටිනාකම, සුලූපටු දෙයක් නොවෙයි එතනත්. ඒවා ආවට ගියාට නෙවෙයි, දැඩිව අධිෂ්ඨාන කරගෙන. ඊට අමතරව තමයි ඔය පොහොය අටසිල් ආදි වශයෙන් තව තවත් තියෙන්නෙ..

Download

පිටකයේ පංසිල් ගැන සදහන් සූත්‍රයන් කීපයක්:-

වෙරසුත්තං.පඤ්චකනිපාතපාළි » (18) 3. උපාසකවග්ගො » අඞ්ගුත්තරනිකාය. ලෝකයෙහි යමෙක් තෙම ප්‍රාණඝාත කෙරේද, මුසාවාදය කියාද, නුදුන් දෙය ගනීද, අන් අඹුවන් කරා යේද, ’’යම් මනුෂ්‍යයෙක් තෙම රහමෙර පානයෙහි යෙදේද, මේ අකුශල් පස දුරු නොකොට සිටියේ දුශ්ශීලයායයි කියනු ලැබේ. ඒ දුෂ්ප්‍රාඥ තෙම ශරීරයාගේ බිඳීමෙන් පසු නරකයෙහි උපදී.

පාණාතිපාතීසුත්‌තං (27) 7. කම්‌මපථවග්‌ගො – චතුක්‌කනිපාතපාළි – අඞ්‌ගුත්‌තරනිකාය.  264 ’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ. ’’කවර සතරකින්ද යත්. තමන්ද සතුන් මරන්නේ වේද, අනුන්ද සතුන් මැරීමෙහි සමාදන් කරවයිද, සතුන් මැරීමෙහි අනුදන්නේ වේද, සතුන් මැරීමෙහි ගුණ කියයිද..

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=23112

Leave a Reply