Vishuddhi Marga – විශුද්ධි මාර්ගයේ විග්‍රහය තුලින් පටිච්චසමුප්පාද අංග දොලහ අතර තියෙන ඉදප්පච්චතා කියන ඒ පුදුම සම්බන්ඳතාව පලුදු වෙන වා.

විශුද්ධි මාරගයේ දැක්වෙන දැනට සම්මත, පටිච්චසමුප්පාද ධර්ම විවරනයට අනුව,  අංග දොලහෙන් අවිජ්ජා, සංඛාර දෙක අතීතයට අයත් හැටියටත්, ජාති,ජරා,මරණ කියන අංග දෙක අනාගතයට අයිති හැටියටත්, ඊලගට විඥ්ඤාණ, නාමරූප, සලායතන,පස්ස,වේදනා,තන්හා,උපාදාන, භව කියන අංග අට(8) වර්තමානයට අයිති හැටියට ත් දැක්වෙන වා. ඉතින් ඒ විවරණය, ඒ මතය අපි පිළිගතහොත්, අර හෙමක මානවකයා අනෙක් ආගම් දර්ශනය ගැන කියාපු මෙසේ විය, මෙසේ වන්නේ ය කියපු චෝදනාව අපේ ධර්මයටත් එල්ල වෙන වා. 

නමුත් මේ ධර්මය මෙසේ මෙසේ ධර්මයක්ව ත්, එසේ මෙසේ ධර්මයක්ව ත් නොවේ.මේ කියාපු භව තුනේ විග්‍රහය ඔප්පු කරන්න, විශුද්ධි මාර්ගයේ කතෘ – බුද්ධගෝස හිමි විසි අකාරයේ පටිච්චසමුප්පාද විස්තරයක් ඉදිරිපත් කරන වා. පහේ ගොඩවල්……. 

අද සම්මත වී තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පිරිසිදු වූ බුද්ධ වචනය ද කියා තේරුම් ගැනීම ට මෙම දේශනාව ඔබට උපකාර වේවා!  පටිච්චසමුප්පාද දේශනා (20) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි.

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=21589

Leave a Reply