Kapruk Puuja in Ruwanweli Seya – රුවන්වැලිසෑ චෛත්‍යරාජායන් වහන්සේ අභියස අද වනවිට තරඟයක් බවට පත්වී තිබෙන “කප්රුක් පූජා  වසංගතය.

රුවන්වැලිසෑ චෛත්‍යරාජායන් වහන්සේ අභියස අද වනවිට තරඟයක් බවට පත්වී තිබෙන “කප් රුක් පූජා  වසංගතය.

kapruk_unnamedඅද වන විට කප් රුක් පූජාවන් නැති වන්දනා නඩ ඉතාමත් විරල වන අතර රුවන්වැලි සෑ සමිදුන්ගේ පේසා වළලු වටේ මොවුන් දුවන්නේ සෙල්ලම් පිට්ටනි වල ගම හරහා දුවන ආකාරයට වීමත්, එක පිරිසක් පූජාකළ ඒක උඩින් විනාඩි ගාණක් යන්නට ප්‍රථම තව එකක්. අන්තිමට අප දැක්කා පරණ ඒවා බිම ගොඩ ගසා තියෙන වා. 

දැන් තිබෙන්නේ “කප් රුක්“ පූජා යුගයකි. බණ පින්කම්, පිරිත් පින්කම් දැන් අඩුය. දේව පූජා ත් දැන් අඩුය. දැන් බෙහෙවින් කෙරෙන්නේ කප් රුක් පූජා ය. සාස්තරකාරයා, කේන්දරකාරයා අපලයට දැන් නියම කරන්නේ කප් රුක් පූජාව ය. විභාග වලින් සමත් වීම ට, මන්ත්‍රීකම ලැබීමට, රැකියාව ලැබීමට, නඩුවෙන් බේරීමට, වෙලදාම දියුණුකර ගැනීමට  මෙකල කරන්නේ කප් රුක් පූජාව ය.  

මේ පූජා ක්‍රමය, ධර්මයට පසුව එකතු වුනු ඒවා වන අතර, ධර්මයේ කිසිම තැනක දක්නට නොමැති බවයි අපේ හැගීම ( මෙය වැරදි නම් අපව නිවැරදි කරත් වා)  මේ දුවන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රොණයක් සර්වඥ්ඤ දාතූන් වහන්සේ වැඩ සිටින මහා ස්තූපයේ නේ ද? කියලා අපේ මිනිස්සු හිතනව නම් මෙසේ ගම හරහා දුවන අන්දමට ස්තූපයේ දුවන්නේ නැහැ. මේ දුවන ගිහියෙක් වේවා, සංඝයා වහන්සේ කෙනෙක් වේවා. අප නම් සිතන්නේ අඩුතරමේ මෙම මහා ස්තූපයේ ඉතිහාස කථාව වත් නො දන්නා අය බවයි. ඉතින් කෙසේ ද සද්ධාව ඇතිවන්නේ. ඉන්ද්‍රිය ධර්ම පටන් ගන්නේ ම සද්ධාව යන ඉන්ද්‍රිය ධර්මය හරහා බව මේ දුවන කීයෙන් කී දෙනා ද දන්නේ? අඩු වශයෙන් කීයෙන් කී දෙනා ද පංචශීලයවත් සමාදම් වෙලා මේ උතුම් ස්ථානයට එන්නේ? බලන්න මේ කරන විනාශය, මේ පේසා වළලු මත දුවන දිවීල්ල කිසිම ගෞරවයක් නැද්ද මේ ගිහි/පැවිදි උදවියට. මෙය ගර්භයට පසුකාලයේ හානි පැමිණිය ද හැක. 

මේ වන්ඳනා නඩ භාරව එන ගිහි නායකයෙක් වේ වා, සංඝයා වහන්සේ නමක් වේවා, මේ උතුම් සිද්ධස්ථාන වන්ඳනා කරන්න එන සියළු දෙනා ව පංචශීලයේ පිහිට වා, මේ උතුම් බෞද්ධ සිද්ධස්ථාන වල ඉතිහාසය, එම ස්ථාන වල හැසිරෙන්න ඕනේ ආකාරය වත් පෙන් වා දෙන වා නම්, එය තම තමන්ගේ සද්ධාව වැඩි දියුණු වෙන වා සේම අන්යන්ගේ ද බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබෙන සද්ධාව ඇති කරගන්න හේතු වෙන වා ඇත.

එවිට සියළු දෙනාගේ ඉන්ද්‍රිය ධර්ම ( සද්ධා, වීර්‍ය, සති, සමාධි, ප්‍රඥ්ඤා) වල මුලින් ම එන සද්ධාව සිත් තුල වර්ධනය කර ගැනීම සදහා මේ උතුම් සිද්ධස්ථාන තෝතැන්නක් වන වා නිසැක ය.

==============================

කප් රුක් පූජා – කොහේද දහමේ , ත්‍රිපිටකයේ තියෙන්නේ මේ දේවල්? බුදුන් වදාළ ත්‍රිපිටකයේ එහෙම නැහැ!
මෙවුන්දලා පරණ චෛත්‍ය වලට රෙදි අන්ඳනවා. කුරගාය හැදිච්චි හරක් රැලක් 🐂🐂🐂🐂🐂වාගේ සූකුලු අව්වේ තව තවා කරුමය , අරක (රෙද්ද )ඔලුවේ තියාගෙන යනවා.
ගිහිල්ලා චෛත්තියට අන්ඳනවා. 😱😱😱  watch more 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=21577

Leave a Reply