කෙසේ ද අභිසඥ්ඥා නිරෝධ වන්නේ ? – පටිච්චසමුප්පාද දේශනා (11) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි
‘‘යෙ ච රූපෙ පරිඤ්‌ඤාය, අරූපෙසු අසණ්‌ඨිතා; නිරොධෙ යෙ විමුච්‌චන්‌ති, තෙ ජනා මච්‌චුහායිනො. (යම් කෙනෙක් රූපය පිලිසිද දැනගත්තා නම්, ඒ වගේම අරූපයෙහි රදන්නේ නැත්නම්, ඒවාගෙ නො රදා යම් කෙනෙක් නිරුක්ත වෙත් ද, ඒ සත්වයන් තමා මාරයා පලවා හරින්නෙ. ) ‘‘කායෙන අමතං ධාතුං, ඵුසයිත්‌වා නිරූපධිං; උපධිප්‌පටිනිස්‌සග්‌ගං, සච්‌ඡිකත්‌වා අනාසවො; නිරූපධි (අමුර්ත ධාතුව ස්පර්ශ කර උපදීන් අතහැරීම සාක්ෂාත් කරගෙන අනාශ්‍රව වූ සම්මා සම්බුදුරජාණන් වහන්සෙ කෙලෙස් රහිත වූ නිර්වානය දේශනා කරයි. දෙසෙති සම්‌මාසම්‌බුද්‌ධො, අසොකං විරජං පද’’න් – 4. සන්‌තතරසුත්‌තං – 3. තිකනිපාතො , ඉතිවුත්‌තකපාළි ,ඛුද්‌දකනිකාය
මේ ගාථාවලින් කියවෙන අදහස අපට ඉතාමත් ම පැහැදිලිව ප්‍රකාශ කෙරෙන වටිනා සූත්‍රයක් තමා 9. පොට්‌ඨපාද සූත්‍රය -සීලක්‌ඛන්‌ධවග්‌ගපාළිය ,දීඝනිකාය. මෙහි දී පොට්‌ඨපාද පරිභ්‍රාජිකයා බුදුරජාණන් වහන්සෙගෙන් අසනවා ‘කථං නු ඛො, භො,අභිසඤ්‌ඤානිරොධො හොතී’? කෙසේ ද අභිසඥ්ඥා (සඥ්ඥාවේ ඉහල මට්ටම්) නිරෝධ වන්නේ ? කියා.
පොට්‌ඨපාද පරිභ්‍රාජිකයා කියනවා මෙම ප්‍රශ්නය මතුවුනාම ඇතැම් කෙනෙක් කියනවා හේතුප්‍රත්‍ය කිසිවක් නැතිවයි සඥ්ඥාව පුරුෂයෙක් තුලට ඇතුල් වන්නේ ත්, පිට වන්නේ ත්. තව කෙනෙක් කියනව සඥ්ඥාව පුරුෂයෙකුගෙ ආත්මය යි. ඒ ආත්මය ඇතුල් වෙනවා, පිට වෙනවා………
මෙම ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සෙ වදාළ පිලිතුරු දැන ගැනීමට මෙම වටිනා දේශනාව සමගම සූත්‍රයන් පරිශීලනය කිරීමට ඔබ සැමට ආරාධනා.
Recent Comments