Thrikotika Parishuddha Mansaya අව්‍යාජ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය

– අව්‍යාජ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය – බුදුරජාණන් වහන්සේ දෙසා වඳාළ අප මෙසේ විස්තර කරමු. එය හොඳින් පරිශීලනය කරන්න.

ජීවකය දිට්ඨං, සුතං, පරිසංකිතං, දැකීමෙන්, අසා දැනගැනීමෙන් සහ සැකයක් ඇතිවීමෙන් ද පිරිසිදු වූ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය මම වළදමි. මස් කවලම් නැති බවට මෙකී පරීක්ෂණ තුනෙන්ම සමත් නම් මම වළඳමි. මෙසේ සඳහන් කලේ මියගිය වෙලේ සිට ක්ෂණයක් පාසා කුණුවී යන මළ සිරුරක් වැළඳීම නොවේ.මෘතශරීරයක් කෝටි තුන් වතාවක් පිරිසිදු බව කීමට නොවේ. දානයට මාංශ කලවම් නම් මම නොවළඳමි යන්න පෙන්වීමට ය. තවද, තුන්කල් පෙනෙන දිවැස් ඇති සම්බුදුපියාණන්ට අමුතුවෙන් ත්‍රිකෝටික පරීක්ෂණ අවශ්යා නැත. මේ කීවේ අපටයි, බැරි වෙලාවත් මෙම පරීක්ෂණ තුනෙන්ම සමත්ව ආහාර වැළඳීමෙන් පසුව අපට දිවැස් නොමැති නිසා යමෙකු කීවොත් මස් හැන්දක් එළවලු ව්‍යංජන වලට කලවම් වෙලා කියා අප සිත් සැලෙන නිසා එහි ඇවැතක් නැතිබව පෙන්වා දීමටයි බුදුරජාණන් වහන්සේ ත්‍රිකෝටික පාරිශුද්ධියක් ගැන දෙසුවේ. බුදුරජානන් වහන්සේලාගේ චර්යාව එයයි. කිසිවක් එක එල්ලේ නොදෙසයි. උපමා උපහරන ඇතිව මතක සිටීමටම තර්කවිතර්ක කොට විසදා ගැනීමට යමක් දේශනා කරයි.

පසුව රස තෘෂ්ණාව ඉහවහ ගියවූවන් තමන්ට සිතැගි පරිධි බුද්ධ දේශන වෙනස් කර ලීවද සියලු සිල්පද වලට ඔවුන්ගේ ත්රි කෝටිකය අදාල කරගත හැකි බවට වන යථාර්තය සුදන මොළවලින් තේරුම් නො ගත්හ. ඒ නිසාවෙන්ම ඔවුන්ගේ මාංශවලට පමණක් අදාල ත්‍රිකෝටික බොරුව අප හට පහසුවෙන් ඉවත් කිරීමට හැකිවිය. පූජ්යේපාද විශ්වකීර්ති සාහිත්ය්ශූරී ආචාර්යං සිසිලචන්ද්රි මයිත්රීර හිමිපාණෝ

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=13832

4 comments

Skip to comment form

    • panchali on September 18, 2012 at 1:41 am
    • Reply

    thank you very much for this .

    • Gajaya on September 20, 2012 at 8:34 pm
    • Reply

    මාංස ප්‍රශ්නය විශ්ලේෂණය කර ඇති ආකාරය පිලිබඳ ගැටළු කිහිපයක් ඇතිබැවින් අප කෙරෙහි අනුකම්පාවෙන් අප සිත්හි මතුවී ඇති ගැටළු කීපයකට පිළිතුරු ලබා දෙනු මැනවි.
    ප්‍රභූ හිමිනමක් මේ සම්බන්ධව ලියා තිබූ ප්‍රකාශනයක් කියවීමට ප්‍රතම භික්ෂූන් මාංස අහර අනුභවය පිලිබඳ මා, විමතියටත්, කනගාටුවටත්, කලකිරීමටත් පත්ව සිටියෙමි. නමුත් උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ අලුත් අදහසක්වත්, අලුත් විශ්ලේෂනයක්වත් නොවේ. ඉතාමත් අතීතයේ සිටම අපේ බෞද්ද සමාජය පිළිඅරගෙන, පිළිපැදී තිබූ ආකාරය තහවුරු කිරීමක් උන්වහන්සේ කලේ.
    මෙම කරුණු සූත්‍ර දේශනා ආශ්‍රිතවයි විශ්ලේෂණයට ලක් කර තිබුනේ. එතකොට, උන්වහන්සේ සූත්‍ර දේශනා වල අර්ථය විකුර්ති කර විශ්ලේෂණය කලාද? අපේ බෞද්ද ජන සමාජය කාලාන්තරයක් තිස්සේ මාංස අනුභවය පිලිබඳ මිත්යා අවභෝදයකින් කටයුතු කර තිබේද? මේ සඳහා භික්ෂූන් වහන්සේලාගේ නොමද සහයෝගයක් ලැබී තිබෙනවා නොවේද?
    ඉහත ලිපියෙහි දැක්වෙන පරිදි ,දැකීමෙන්, අසා දැනගැනීමෙන් සහ සැකයක් ඇතිවීමෙන් ද පිරිසිදු වූ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය මම වළදමි.- “ත්‍රිකෝටික පාරිශුද්ද මාංශය මා වලඳිමි”.පාරිශුද්ද මාංශය මා වලඳිමි යයි සඳහන් විට, මාංශයෙන් පිරිසිදුවූ ත්‍රිකෝටික පාරිශුද්ද ආහාරය මා වලඳිමි යන අදහස ජනිත නොවේ.”මාංශය මිශ්‍ර නොවූ” යන අරුතක් එහි ජනිත නොවේය යන්න අපගේ අදහසයි.
    තවද මහාවග්ග පාලි නම් විනය ග්‍රන්ථයේ භේසක්කන්ජක හි එන බුදුන් වහන්සේ විසින් භික්ෂූන්ට කෑමට තහනම් කල මාංශ වර්ග පිලිබඳ සඳහන් වීම මුසාවක්ද? බුදුන්

    වහන්සේ භික්ෂුවක් අනුභව නොකළ යුතුයි කියා තහනම් කල කිසියම් මාංශ වර්ග කිහිපයක් නම්කළේ නම්, ත්‍රිකෝටික පාරිශුද්වයට යටත්ව අනුභව කල හැකි මාංශ වර්ග තිබූ බව අදහස් නොවේද? සුප්පිය උපාසිකාව පිළිබඳව සඳහන් වන කතාවෙහි මිනීමස් කෑම සහ ඒ සම්බන්දව බුදුන්වහන්සේගේ දේශනාව පිලිබඳ සඳහන් වීම මුසාවක්ද?

    ගරුතර සංඝ රත්නය සැමවිටම බෞද්ද ජනතාවට “බුදුන් දෙසූ දහමම” දේශනා කර ඔවුන් මිත්‍යාවෙන් ගලවා ගත යුතුය. මේ පිලිබඳ විස්තරාත්මක විග්‍රහයක් ඔබ අගනා ප්‍රකාශන මාද්යයෙහි පල කරනු මැනවි. 

    මගේ මෙම comment එකත් මෙහි පල කරනු මැනවි.
      

    1. මෙහි ගැඹුර තේරුම් ගැනීමයි සම්මා දිට්ඨිය , බලන්න අපගේ නා හිමියන් වහන්සේලා දේශනා කොට වඳාළ මේ දේශනාවන්.

      වජිරාරාමාධිපතිව වැඩ සිටි අති පූජ්‍ය නාරද නා හිමියන් –

      දානෙට මස් දීල පව් පුරෝගන්න එපා. – දවසක් බම්බලපිටියේ වජිරාරාමාධිපතිව වැඩ සිටි අති පූජ්‍ය නාරද නා හිමියන්ට දානයකට ආරාධනා ලැබුණා. දානයට සත්ත්ව මාංශයි, බිත්තරයි සකස් කරලා තිබුණා. සත්ත්ව මාංශයි, බිත්තරයි බෙදන විට නාරද නා හිමියන් පාත්‍රයට උඩින් අ
      ත තිබ්බා. කිරි හොදියි, කොළ මැල්ලුමක් එක්ක උන්වහන්සේ දානය වැළඳුවා. දානය වළඳලා අවසානයේ භුක්තානුමෝදනාව සිද්ධ කළේ නාරද නා හිමියන්. එහිදී උන්වහන්සේ ඉතා වටිනා අදහසක් ප්‍රකාශ කළා. “මට පින් අනුමෝදන් කිරීමට අමාරුයි. දානය පිළියෙළ කළ අය දැනටමත් පව් අනුමෝදන් කරගෙන හමාරයි. මම වැළඳූ දානයට නං පින් අනුමෝදන් කරන්න පුළුවන්.”

      ===========================================================
      පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි –

      මාංස අනුභවය නො සුදුසු ද? මනුෂ්‍ය වයස දීර්ඝව තිබූ කාලයේ මිනිසුන් මස් මාංස අනුභවය නො කළ අතර ඒ කාලයේ මනුෂ්‍යා බොහෝම නිරෝගිව වාසය කර ඇත.

      නමුත් මනුෂ්‍යාගේ අකුසල් උත්සන්න වීම, කෙලෙස් උත්සන්න වීම නිසා තමයි ප්‍රාණගාතය ඇති වුනේ. ප්‍රාණගාතය නිසා තමය
      ි මාංස ආහාරයට ගිජු වුනේ. මේ මාංස ආහාරයට ගන්න පටන් ගත් පසු කලින් තිබුනේ රෝගාබාධ තුනයි, මාංස අනුභවය කිරීමට පටන් ගත් පසු රෝග 98ක් ඇති වූ බව බුදුරජාණන් වහන්සේම දේශනා කර තිබෙනවා.

      අනෙක් කාරණය තමයි ප්‍රාණගාතය සිදුවන්නට කරුණු පහක් සම්පූර්ණ විය යුතු ය. මෙම කරුණු පහ යම් කෙනෙකු අතින් සම්පූර්ණ වීමෙන් ප්‍රාණගාත කර්මපථය සිදුකළා වෙනවා. ඒ හැර කරුණු පහ අසම්පූර්ණ වීමෙන් ප්‍රාණගාතය අසම්පූර්ණ වූවත් එයට අනුබල දීම වශයෙන් අකුසල් සිදුවන්නට පුළුවන් ය. නා උයනේ හිමියන් මේ සදහා ධර්මයේ සදහන් ඉතාමත් වටිනා උදාහරන ගෙනහැර දක්වමින් අප නොදුටු අපගේ බුද්ධියට හසු නොවූ පරාසයක් කරා මෙම දේශනයෙන් අපව ගෙන යන්නේ ය.

      ඒ නිසා සතෙක්ගේ මාංස කන්න තියා සතෙක් කෙරෙහි වයිර කරන්නවත් සුදුසු නැහැ. ඒ නිසා මාංස කෑම කිසි සේත් ම සුදුසු නැති බව ඥාණවන්ත බෞද්ධයන් විතරක් නෙමේ අබෞද්ධයන් පවා පිළිගන්නා දෙයකී.http://www.dhammikaweb.com/?p=13794

      ========================================
      හොදින් නිරීක්ෂණය කරන්න ඔබට ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශ හොයා ගන්න පුලුවන් ද කියලාත්. පහත දේශනයත් හොදින් අහන්න.

      ඔබ මතු කලා ත්‍රිකෝටික පාරිසුද්ධ මාංසය කියා. බුද්ධාගමේ ත්‍රිකෝටික පාරිසුද්ධ මාංසය තියෙනවා නම් ඇයි කන්න බැරි????

      මොකක්ද ත්‍රිකෝටික පාරිසුද්ධ මාංසය කියන්නේ? මම නො දුටු! මා වෙනුවෙන් නො මරපු! මට ඒ පිළිබදව සැක කළ නො හැකි!

      හරි දැන් බලමු එහෙම
      මාංසයක් හොයා ගන්න පුළුවන් ද කියලා… http://www.dhammikaweb.com/?p=13822

      මම කඩයට ගියා මිලදී ගත්තා ගෙදරට ගෙනවිත් උයාගෙන කෑවා. මම බේරිලා.. මේ කරන්නේ ආත්ම වංචාවක්. සවන් දෙන්න මේ දේශනයට අවබෝධ කරගන්න සත්‍යය. [mp3]http://assets4.dhammikaweb.com/uploads/2012/09/Thrikotika_parisudda_mansa_theruwa.mp3[/mp3]
      පහත සූත්‍රයන් ද විමසිලිමත්ව, අවබෝධයෙන් කිය වා තේරුම් ගන්න. බුදුදහම යනු හේතුඵල දහමක් බව තේරුම් ගැනීමට මෙම උදාහරන ප්‍රමාණවත් ඇති බවයි මගේ හැගීම. ඔබට තවත් මේ ගැන නො තේරෙනවා නම් මෙත්තා සූත්‍රය ද (සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා) හොදින් අවබොධයෙන් නැවත කියවා බලන්න. බුදුරජාණන් වහන්සේ මේ මස්මාංශ ගැන තර්ක කරන්න කිසිම ඉඩක් දී නො මැති බව ඔබට වැටහෙන වා ඇත.

      (9) 4. මචලවග්‌ගො – – චතුක්‌කනිපාතපාළි අඞ්‌ගුත්‌තරනිකාය
      1. පාණාතිපාතසුත්‌තං
      81. ‘‘චතූහි , භික්‌ඛවෙ, ධම්‌මෙහි සමන්‌නාගතො යථාභතං නික්‌ඛිත්‌තො එවං නිරයෙ. කතමෙහි චතූහි? පාණාතිපාතී හොති, අදින්‌නාදායී හොති , කාමෙසුමිච්‌ඡාචාරී හොති, මුසාවාදී හොති – ඉමෙහි ඛො, භික්‌ඛවෙ, චතූහි ධම්‌මෙහි සමන්‌නාගතො යථාභතං නික්‌ඛිත්‌තො එවං නිරයෙ.
      ‘‘චතූහි, භික්‌ඛවෙ, ධම්‌මෙහි සමන්‌නාගතො යථාභතං නික්‌ඛිත්‌තො එවං සග්‌ගෙ. කතමෙහි චතූහි? පාණාතිපාතා පටිවිරතො හොති, අදින්‌නාදානා පටිවිරතො හොති, කාමෙසුමිච්‌ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති – ඉමෙහි ඛො, භික්‌ඛවෙ, චතූහි ධම්‌මෙහි සමන්‌නාගතො යථාභතං නික්‌ඛිත්‌තො එවං සග්‌ගෙ’’ති. පඨමං.
      4. පාණාතිපාතීසුත්‌තං – (22) 2. පරිසාවග්‌ගො – චතුක්‌කනිපාතපාළි අඞ්‌ගුත්‌තරනිකාය
      214. …පෙ.… පාණාතිපාතී හොති, අදින්‌නාදායී හොති, කාමෙසුමිච්‌ඡාචාරී හොති, මුසාවාදී හොති…පෙ.… පාණාතිපාතා පටිවිරතො හොති, අදින්‌නාදානා පටිවිරතො හොති, කාමෙසුමිච්‌ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති. චතුත්‌ථං.

      4. පාණාතිපාතීසුත්‌තං – (23) 3. දුච්‌චරිතවග්‌ගො
      224. … පාණාතිපාතී හොති, අදින්‌නාදායී හොති, කාමෙසුමිච්‌ඡාචාරී හොති, මුසාවාදී හොති…පෙ.… පාණාතිපාතා පටිවිරතො හොති, අදින්‌නාදානා පටිවිරතො හොති, කාමෙසුමිච්‌ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති…පෙ.…. චතුත්‌ථං.
      ==================
      (27) 7. කම්‌මපථවග්‌ගො –
      1. පාණාතිපාතීසුත්‌තං
      264. ‘‘චතූහි , භික්‌ඛවෙ, ධම්‌මෙහි සමන්‌නාගතො යථාභතං නික්‌ඛිත්‌තො එවං නිරයෙ. කතමෙහි චතූහි? අත්‌තනා ච පාණාතිපාතී හොති, පරඤ්‌ච පාණාතිපාතෙ සමාදපෙති, පාණාතිපාතෙ ච සමනුඤ්‌ඤො හොති, පාණාතිපාතස්‌ස ච වණ්‌ණං භාසති – ඉමෙහි ඛො, භික්‌ඛවෙ, චතූහි ධම්‌මෙහි සමන්‌නාගතො යථාභතං නික්‌ඛිත්‌තො

      සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

  1. නිර්නාමිකව කොමෙන්ටු පලකරනා
    Gajaya මහතානෙනි ඔබගේ අනන්‍යතාව අපට දන්වන්න එවිට ඔබගේ මෙම මාතෘකාවට අදාල කොමෙන්ටු පමණක් පල කරන්න අප කටයුතු කරන්නම්.  තවද මේ සම්බන්දව ඔබ හෝ ඔබගේ පිරිස මේ ගැන මුහුණට මුහුණලා ප්‍රසිදධ විවාදයක් වුවද අප හට පිළියෙල කළ හැකිය. කරුණාකර අපහට දන්වන්න මේ ගැන.

Leave a Reply