සත්තසූරියුග්ගමන සූත්‍රය – අංගුත්තර නිකාය-4, සත්‌තකනිපාතපාළි, මහාවග්‌ගො ( පිටු අංක 426 සිට 435)
මෙම සූත්‍ර දේශනාවෙන් මේ කල්ප විනාශය සිදුවන්නා ආකාරය අප ලොව්තුරා බුදුරජානණ් වහන්සේ විසින් පෙන්වා වඳාළ සේක.
‘‘අනිච්‌චා , භික්‌ඛවෙ, සඞ්‌ඛාරා; අධුවා, භික්‌ඛවෙ, සඞ්‌ඛාරා; අනස්‌සාසිකා, භික්‌ඛවෙ, සඞ්‌ඛාරා. යාවඤ්‌චිදං, භික්‌ඛවෙ, අලමෙව සබ්‌බසඞ්‌ඛාරෙසු නිබ්‌බින්‌දිතුං අලං විරජ්‌ජිතුං අලං විමුච්‌චිතුං.
මහණෙනි! සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි සංස්කාරයෝ අධ්‍රවයහ(අස්ථීරය ) මහණෙනි සංස්කාරයෝ අනාශවාසිකයහ………මහණෙනි! යම් හෙයකින් දිගුකල් ඇවෑමෙන් කිසියම් කලෙක දෙවන සූර්යෙක් පාළ වන්නේ ය. මහණෙනි දෙවන හිරුගේ පාළ වීමෙන් යම් ඒ කුඩා නදීහු ද කුඩා දියවිල්හූ ද වෙත් නම්, උහු වියැලෙත්, වෙසෙසින් වියැලෙත්, නො වැඩෙත්.
බුදුරජාණන් වහන්සේ මේ අයුරින් සූර්යන් සත(07) පහල වන ආකාරය සහ අවසානයට පාළ වන සත්වැනි සූර්යාත් සමග වන විනාශය මෙසේ වඳාළ සේක. ” මහණෙනි, සත්වන සූර්යෙක් පාළ වේ නම්, එබදු සමයෙක් ඇත. මහණෙනි සත්වන හිරුගේ පාළ වීමෙන් මේ මහපොළොව ද සුනෙරපවුර ද ගිනිගෙණ ඇවිලෙයි, දිලිහෙයි, එක ම ගිනිදැල් වෙයි. මහණෙනි, සුනෙරපවුරදත් දැවෙත් දැවෙත් ම වාතයෙන් ක්ෂිප්ත වූ ගිනිහු බඹලෝ හිමි කොට යෙති. මහණෙනි, ඇවිලගත් දැවෙන වැනැසෙන මහගිනිකදින් මැඩුනු සිනෙරුපර්වතරජායාගේ සියක්යොදුන් උසැති කූටයෝ ද බිද වැටෙත්. දෙසියක්යොදුන් උසැති කූටයෝ ද බිද වැටෙත්. තුන්සියක්යොදුන් උසැති කූටයෝ ද බිද වැටෙත්. හාරසියක්යොදුන් උසැති කුළුහු ද බිද වැටෙත්. පන්සියක්යොදුන් උසැති කුළුහු ද බිද වැටෙත්……
මහණෙනි, ඇවිලගත්, දැවෙන මේ මහපොළොවෙහි ද සිනෙරුපර්වතරජායාගේ ද හළු හා දැලි නො පැණේම ය.
මහණෙනි! සංස්කාරයෝ මෙසේ අනිත්‍යයහ. මහණෙනි! සංස්කාරයෝ මෙසේ අස්ථීරයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනාශවාසිකයහ. මහණෙනි, සර්වසංස්කාරයන්හි විරාගයට නිසි මැ යි මිදෙන්නට නිසි මැ යි……
සත්තසූරියුග්ගමන සූත්‍රය – අංගුත්තර නිකාය-4, සත්‌තකනිපාතපාළි, මහාවග්‌ගො ( පිටු අංක 426 සිට 435)
.
Recent Comments