Saṁkhāro (what exactly is meant by kāya saṁkhāra, vacī saṁkhāra, citta saṁkhāra)

සංස්කාර පිළිබඳ කාරණයේ දී,  මොනවද මේ කාය සංඛාර, මොනවද මේ වචී සංඛාර, මොනවද චිත්ත සංඛාර?

අපගේ අදහස්:- පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමියන්,  උන්වහන්සේගේ දේශනා සහ ධර්ම පොත් වලින් මහත් ආදර්ශයන් ගෙන දෙනවා අනෙකුත් දේශකයන් වහන්සේලාට සහ ගිහිදේශකයන්ට කෙසේ ද? බුද්ධ වචනයෙන් පිට පනින්නේ නො මැතිව, අහිංසක බෞද්ධයන් තව තවත් පිරිසිදු වූ බුද්ධ වචනය තුලට ගෙන යන්නේ කියා. බලන්න මොනතරම් ලස්සනට උන්වහන්සේ අපව විභංග සූත්‍රය සහ චූල වෙදලල සූත්‍ර තුලට රැගෙන යනව ද කියලා. ඒ අතරම ඉතාමත් කනගාටුවට කාරණාවක් තමයි අද කාලයේ ස්වමීන් වහාන්සේලා හෝ ගිහි දේශකයන් බහුත්තරයක් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ සූත්‍රයන් ගේ පද පේලියක් පෙන්වා දී ඉන්පසු සම්පූර්ණයෙන් ම බුද්ධ වචනයෙන් පිට පැන තමන්ගේ දහමක් ලෙසට තමන්ගේ නම ජනප්‍රිය කරගන්නට දරන අසාර්ථක වෑයම්  . බණ අසන්නට එන අයට හරියට ඉල්ලුමට සැපයුම දෙන ගනුදෙනුවක් ලෙසයි ඒ බුදුදමට අනුගත නො වන දේශනා සිද්ධවන්නේ. එය කනගාටුවට කරුණකී.  අද වනවිට මම රහත්, මම බුදුවෙලා, මම මාර්ගඵලලාභී කියා මිත්‍යාව පතුරුවන චීවරධාරීන්ගෙන් අඩුවක් නො මැත. නමුත් මේ සියල්ල වෙන්නේ ශ්‍රි ලංකාව තුල පමණක් වීමත් අතිශය ශෝචනීය තත්වයක්. අපගේ අදහස් අවසන්.

පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි යන්ගේ   පටිච්චසමුප්පාද දේශනා (13)   දි ,   “සංස්කාර” පිළිබඳව දේශිත ඉතාමත් වටිනා සූත්‍රයන් දෙකක් වන විභංග සූත්‍රය සහ චූල වෙදලල සූත්‍රය ඉදිරියට ගෙන කල ඉතාමත්ව විචිත්‍ර ධර්ම දේශනාව, මෙම සූත්‍රයන් තුලට තවදුරටත් අපව ගෙන යන්නේ කාන්දමක් දෙසට ඇදීයාමක් ලෙසට ය.  

සංස්කාර පිළිබඳ කාරණයේ දී අපි ඉස්සෙල්ලාම කල්පනා කරලා බලන්න ඕන සංඛාර කියන වචනය පටිචචසමුපපාද ධමයේ දෙවන තැනටයි යෙදිල තියෙන්නේ අවිද්‍යාවෙන් පස්සේ. මේ පින්වතුන් කොතෙකුත් දන්නවා අවිජජා පචචයා සංඛාරා, සංඛාර පචචයා විඤඤාණං, විඤඤාණ පචචයා නාමරූපං, නාමරූප පචචයා සළායතනං, ආදී වශයෙන් අපි කොතෙකුත් මේ පටිචචසමුපපාදය ගැන කියන කොට ප්‍රකාශ කළා. එතකොට මේ සංඛාර කියන වචනය බුදුරජාණන් වහන්සේම හඳුන්වලා දීලා තියෙනවා සංයුත් සඟියේ නිදාන සංයුතතයේ විභංග සූත්‍රයේදී (සංයුත්‌ත නිකාය » නිදාන වර්ගය » 1. අභිසමය සංයුක්තය » 1. බුද්ධ වර්ගය) බුදුරජාණන් වහන්සේම සංඝයා වහන්සේලාට හඳුන්වා දෙනවා සංඛාරා කියන වචනයේ නිර්වචනය. කතමෙ ච භික‍්ඛවෙ සඞ‍්ඛාරා? තයොමෙ භික‍්ඛවෙ, සඞ‍්ඛාරා: කායසඞ‍්ඛාරො වචීසඞ‍්ඛාරො චිත‍්තසඞ‍්ඛාරො. ( මහණෙනි, සංඛාර යනු
කවරේද මහණෙනි, මේ සංස්කාර තුනකි. කාය සංඛාරය, වචී සංඛාරය, චිතත සංඛාරය. ) මේ ඒක වචන බවත් මතක තියාගන්න.

එතකොට කාය සංඛාර, වචී සංඛාර, චිතත සංඛාර කියලා බුදුරජාණන් වහන්සේ ත්‍රිවිධ වශයෙන් දැක්වූ මේ සංඛාර ගැන වඩා පැහැදිලි වශයෙන්  විවරණයක් අපට ලැඛෙනවා මැදුම් සඟියේ චූල වෙදලල සූත්‍රයෙන් ( මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » 5. චූල යමක වර්ග) ධමමදින්නා රහත් මෙහෙණින් වහන්සේ විසාඛ උපාසකතුමාගේ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් හොඳ ලස්සනට මේ කාරණය පැහැදිලි කරල දෙනවා, ඉස්සෙල්ලාම විසාඛ උපාසකතුමා අහනවා මොනවද මේ කාය සංඛාර, මොනවද මේ වචී සංඛාර, මොනවද චිතත සංඛාර කියලා. 

ඒකට ධමමදිනනා රහත් මෙහෙණින් වහන්සේ ප්‍රකාශ කරනවා ඇවැත්නි විසාඛය, ආශ්වාස ප්‍රශ්වාස දෙක කාය සංස්කාරයකි. විතකකවිචාර දෙක වචී සංස්කාරයකි. සඤඤා වේදනා කියන දෙක චිත‍ත සංස්කාරයකි. ආයෙමත් විසාඛ උපාසකතුමා අහනවා – අපි අවශ්‍ය ටික විතරක් පාලියෙන් කියමු. ආර්යාවනි, කෙසේද ආශ්වාස ප්‍රශ්වාස කාය සංඛාරයක් වන්නේ? කෙසේද විතක‍ක විචාර වචී සංඛාරයක් වන්නේ? කෙසේද සඤඤා වේදනා දෙක චිතත සංඛාරයක් වන්නේ? එතකොට ඒ රහත් මෙහෙණින් වහන්සේ පිළිතුරු දෙනවා……….පටිචච සමුපපාද තෙවන වෙළුම පිටු අංක 55-58

Downloads:-

විභංග සූත්‍රය (සංයුත්‌ත නිකාය » නිදාන වර්ගය » 1. අභිසමය සංයුක්තය » 1. බුද්ධ වර්ගය)

චූල වෙදලල සූත්‍රය ( මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » 5. චූල යමක වර්ග)

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=22311

Collected Teachings of Ajahn Chah

This single volume presentation of The Collected Teachings of Ajahn Chah is oered as an expression of our deepest gratitude to our teacher, Venerable Ajahn Chah, and to those who have built and maintained his branch monasteries around the world.

The talks in this book were recorded, transcribed and translated several years ago and are therefore somewhat removed from their source. However, if read with a receptive heart and a focused mind, these ‘pointing’s’ at truth provide precious inspiration and instruction. Ajahn Chah’s humility, joy and wisdom shine through his words, illuminating the path as we walk it.

THE TEACHING OF BUDDHISM is about giving up evil and practicing  good. Then, when evil is given up and goodness is established, we must let go of both good and evil.

We have already heard enough about wholesome and unwholesome conditions to understand something about them, so I would like to talk about the Middle Way, that is, the path to transcend both of those things. All the Dhamma talks and teachings of the Buddha have one aim to show the way out of sufferings to those who have not yet escaped.

The teachings are for the purpose of giving us the right understanding. If we don’t understand rightly, then we can’t arrive at peace.

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=22292

Sangha and offerings – Bhikkhu Walpola Rahula

සංඝරත්නය සහ සාංඝිකය – උපුටා ගැනීම, වල්පොල රාහුල හිමියන් විසින් රචිත “සත්‍යෝදය කෘතියෙන්’

අපි ගිහියෝ වෙමු. අපට ගුණදම් රකින්නට නුපුළුවන, බුදුසසුන රකින්නට නුපුළුවන එය ‘භික්ෂූන්ට භාරය’ යි සිතා ගිහි මිනිස්සු බුද්ධශාසනය රැකීමේ ‘කොන්ත්‍රාත්” වැඩය භික්ෂූන්ට භාරදී සිටිති.

ඔවුහු භික්ෂූන්ට කෑම්,බීම්, ඇඳුම්, පැළදුම්, ඉදුන්, හිටුම් සහ අනෙක් වුවමනා සියල්ලත් සපයති. එහෙයින් මේ ‘කොන්ත්‍රාත්’ වැඩය හරියට නො කරන කල ඔවුහු භික්ෂූන්ට බැන වදිති.

නො එක් කපටි, කෛරාටිකම් වලින් ධන ය සපයමින් දුෂ්චරිත කරමින් සිට, තමාට ඉඩ ඇති වේලාවක පන්සලට ගොස් පින් ගෙනෙන්නට භික්ෂුව ලඟ පින් එකතුකරගෙන තිබිය යුතුයයි ගිහියා සිතයි.

භික්ෂුව දුස්ශීල නම් ඔහුගේ ගබඩාවේ පින් නැත. එහි පින් නැතිවූ කල තමා පින් ගන්නේ කොතැනින් දැයි ගිහියා භයවී භික්ෂුවට බැන වදියි.

උපුටා ගැනීම වල්පොල රාහුල හිමියන් විසින් රචිත “සත්‍යෝදය කෘතියේ” පිටු අංක 70

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=22301

Food for the Heart – Venerable Ajahn Chah

.……..Why is the practice so difficult and arduous? Because of desires. As soon as we sit down to meditate we want to become peaceful. If we didn’t want to find peace we wouldn’t sit, we wouldn’t practice. As soon as we sit down we want peace to be right there, but wanting the mind to be calm makes for confusion, and we feel restless. This is how it goes. So the Buddha says,Don’t speak out of desire, don’t sit out of desire, don’t walk out of desire,… Whatever you do, don’t do it with desire.” Desire means wanting. If you don’t want to do something you won’t do it. If our practice reaches this point we can get quite discouraged. How can we practice? As soon as we sit down there is desire in the mind.

It’s because of this that the body and mind are difficult to observe. If they are not the self nor belonging to self then who do they belong to? It’s difficult to resolve these things, we must rely on wisdom. The Buddha says we must practice by letting go. It’s hard to understand this practice of “letting go,” isn’t it? If we let go then we just don’t practice, right? Because we’ve let go.

Suppose we went to buy some coconuts in the market, and while we were carrying them back someone asked:

What did you buy those coconuts for?”

“I bought them to eat.”

“Are you going to eat the shells as well?”

“No.”

“I don’t believe you. If you’re not going to eat the shells then why did you buy them also?”

Well what do you say? How are you going to answer their question? We practice with desire. If we didn’t have desire we wouldn’t practice. Practicing with desire is tanha. Contemplating in this way can give rise to wisdom, you know. For example, those coconuts: Are you going to eat the shells as well? Of course not. Then why do you take them? Because the time hasn’t yet come for you to throw them away. They’re useful for wrapping up the coconut in. If, after eating the coconut, you throw the shells away, there is no problem.

Our practice is like this. The Buddha said, “Don’t act on desire, don’t speak from desire, don’t eat with desire.”

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=22287

The Doing Mind and the Knowing Mind | Ajahn Brahm

Ajahn Brahm discusses the two modes of the mind – the doing mind and the knowing mind – and how the source of happiness in the mind is energy, and energy naturally returns to the mind when it rests in tranquility.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=22284

Death – Bhikkhu Walpola Rahula

Conversation with the Buddhist Scholar Walpola Rahula, and with Phiroz Mehta and Others

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=22100

Meritorius acts and aspirations – Bhikkhu Walpola Rahula

පින්කම් හා ප්‍රාර්ථනාඋපුටා ගැනීම, වල්පොල රාහුල හිමියන් විසින් රචිත “සත්‍යෝදය කෘතියෙන්’

කියවන්නා: තමාට පින් බලාපොරොත්තුවෙන් යමක් කිරීම සම්පූර්ණ පිරිසුදු අදහසක් නො වන බවත්, ප්‍රාර්ථනා කිරීම, අන්තිම වශයෙන් නිවන් ප්‍රාර්ථනා කිරීම පවා බෞද්ධ අදහසක් නො වන බවත් ඔබ කියන්නෙහි ය. මෙය මට තේරුම් ගත නො හැක. කරුණාකර ඔබගේ අදහස පහදා දෙන්නෙහි ද?

කතෘ: ඔව් මම එය තෝරා දෙන්නට වෑයම් කරමි. නමුත් එය වචනයකින් දෙකකින් කළ හැක්කක් නොවේ. සත්‍යය සෙවීමේ අභිලාෂයෙන්, කිසිත් බැඳීමක් නැතිව, නිදහස් ව සාකච්ඡා කිරීමෙන් පසු නුවණින් සිතා බැලූ විට වැටහෙනවා ඇත. …………’මට නිවන් ඕනෑ’ යන අදහස ඉතා සියුම් ආත්මාශාවකි. ඒ ආත්මාශාව නැති කරන තුරු නිවන් අවබෝධ නොවේ.

කියවන්නා: ප්‍රාර්ථනා කිරීම බුද්ධාගමේ ඉතා බලවත් ධර්මයක් බවත්, ප්‍රාර්ථනා නො කරන්නාටනිවන් ලැබිය නො හැකි බවත් සමහරි ලියති, කියති. මේ ගැන ඔබගේ අදහස කුමක් ද?

කතෘ: එසේ කියන්නන් ධර්මය කෙබඳු දෙයක් දැයි නො දන්නා බැව් මම යටහත්ව කියමි. ආර්ය අෂ්ටාංගික මාර්ගය බුද්ධාගමේ නිවන් මගයි. එය සම්පූර්ණ මාර්ගයයි. එහි කිසිත් අඩුවක් නැත. ප්‍රාර්ථනා නො කරන්නාට නිවන් ලැබිය නො හැකි නම්, ප්‍රාර්ථනාව නිවන් මගෙහි ඉතාම අවශ්‍ය ප්‍රමුඛ අංගයක් විය යුතුයි. එසේ නම් එය සම්‍යක් ප්‍රාර්ථනා හෝ වෙන නමකින් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහිදී බුදුරජාණන් වහන්සේ විසින් එක අංගයක් හැටියට දේශනා කළ යුතුයි. නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ප්‍රාර්ථනාව ගැන් කිසිත් සදහන්වී නැත. ප්‍රාර්ථනා නො කරන්නාට නිවන් ලැබිය නො හැකැයි උගන්වන්නෝ අබෞද්ධ මතයක් උගන්වති.

උවමනා කරන්නේ ප්‍රාර්ථනාව නොව ධර්මමාර්ගයෙහි ගමන් කිරීමයි.

ප්‍රාර්ථනාව නම් යාඥාවේම විකෘතියකි.

උපුටා ගැනීම වල්පොල රාහුල හිමියන් විසින් රචිත “සත්‍යෝදය කෘතියේ” පිටු අංක 28-38

සම්පූර්ණ සත්‍යෝදය කෘතිය

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=22246

Ven Prof. Walpola Rahula Speech about Sri Lanka 1994 at BMICH

First Scholarship award ceremony was held at BMICH in 1994. This function was organized by the Sri Lanka Educational, Cultural and Social Association affiliate to International Buddhist Centre in Le Bourget France. In this occasion 500 school children got a certificate after all Island Art Competition. The exposition was held at Unesco main hall Mars 1994.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=22108

Utthareethara Hudakalava – Bhikkhu Katukurunde Ñāṇananda

උත්තරීතර හුදෙකලාව –  කටුකුරුන්දේ ඤාණනන්ද භික්ෂු

පරිසමාප්ත හුදෙකලාව නිරූපිතව ඇත්තේ සිත පිළිබඳ හුදෙකලාවක් වශයෙනි එය වනාහි, ගියකලට සහ මතුකලට අයත් සියල්ල අතහැර, එළැබි මොහොතෙහි තම ආත්ම භාවයට ඇති ඡ්න්ද-රාගය ප්‍රහීණ කිරීමෙන් දිනාගනු ලබන්නකි……

….’ඉදිරියෙන් හෝ පසුපසින් හෝ අනෙකකු දක්නට නො මැති නම් වනයේ හුදෙකලාව වෙසෙන්නෙකුට ඉතා පහසුවක් දැනෙයි.’

‘ඉදිරියෙන් හෝ පසුපසින් හෝ අනෙකකු දක්නට නො ලැබීමේ සතුට කායික හුදෙකලාව පිළිබඳ සංකල්පයට අදාල වන්නේ යම් සේ ද, එසේ ම මතු බලාපොරොත්තු සහිත ඉදිරි බැලුම්ද, යටගියාව දෙසට හෙළන පසුබැලුම්ද නොමැතිවීම මානසික හුදෙකලාවේ අත්‍යාවශ්‍ය අංගයකී. යටගියාවට අයත් සියල්ල අතහැරියේ ( යං අතීතං තං පහීනං’ – ථෙරනාම සු: ‘යදතීතං පහීනං තං බද්දේකරත්ත සු: ) යටගියාව ලුහුබඳින්නේවත් එහි ජීවත්වන්නේවත් නැත. මතුවට එන දේ හැර දැමූ යේ ( යං අනාගතං තං පටිනිස්සට්ඨං – ථෙර සු: ) මතුව ගැන සැකමුසු පැතුම් කිසිත් ඇතිකර නො ගනියි.

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=22239

Walpola Rahula Thero

සමාජ සංශෝධකයෙකු, නිදහස් සටන් කරුවෙකු, විචාරාත්මක චින්තකයෙකු, ජාත්‍යන්තරව ලොව පිළිගත් උගතෙකු හා බුද්ධිමතෙකු වූ තනි මිනිසෙක්… පසුගිය සියවස තුළ ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ට මනුෂ්‍ය චරිතයක් පිළිබඳ රූපමය වෘතාන්තයක් ‘වල්පොළ රාහුල හාමුදුරුවෝ.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=22096