Akusal sith 12

 අකුසල් සිත් 12

අභිධර්මාර්ථ ප්‍රදීපිකා (පළමුවන කාණ්ඩය)දොස්තර අමරදාස රත්නපාල මහතා (පිටු අංක 31 සිට 34 දක්වා) පිටපත් කර ඉදිරිපත් කරන ලදී.

අකුසල් කිරීමට මෝහය ප්‍රධාන හේතුවකි. මෝහය නැති විටක අකුසලයකුත් නැත. මෝහය නම් අන්ධකාරයක් සේ අරමුණු ස්ව්භාවය මුවහ කරන ගතියයි. මෝහයෙන් මුළාවූ සිතට ඇත්ත යුත්ත, සත්‍යය අසත්‍යය, වරද නිවරද, නො දැනේ.

එහෙයින් ඒ සිතින් අයහපතක්, වරදක් පාපයක් මිස යහපතක් කළ නො හැකිය. එබැවින් සෑම අකුසල සිතකම මෝහ මූලය ඇති වේ.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Akusal_Sith_dolaha_AbhidhammatthaPradeepikaHQ1_page31to34_pdf42.pdf[/pdf]

සම්පූර්ණ අභිධර්මාර්ථ ප්‍රදීපිකා පොත http://www.dhammikaweb.com/?p=1695 මෙම වෙබ් පිටුවෙන් බා ගත හැක.

.

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=12344

Piruwana Poth Wahanse

8469418_origපිරුවානා පොත්වහන්සේ

ජාතක පොත්වහන්සේ සහ පිරුවානා පොත්වහන්සේ යන ධර්ම ග්‍රන්ථද්වය සිංහල බෞද්ධයන්ගේ අත්‍යන්ත ජනාදරයට පාත්‍ර වූ විශේෂ ග්‍රන්ථ දෙකකි. මේ පොත් දෙක ම සජීවත්වයෙන් සලකා “වහන්සේ” යන ගෞරව නාමයෙන් ම ව්‍යවහාර කළාක් මෙන් ම විහාරස්ථානයකට නැතුව ම බැරි වස්තු දෙකකි. මෙයට ධාතු කරඬුවත් විධිමත් ව සකස් කරගත් පිරිත් හූයත් එක්කර ගත යුතු ය.  

පිරුවානා හෙවත් පිරිවහනය යනු කටපාඩම් කිරීමයි. පිරුවානා පොත සම්පූර්ණයෙන් පාඩම් නො කළ හැකි වූවන් පැවිදි නො කරන ලෙස පැරණි කතිකාවත්හි නියමයක් විය. පිරිත කටපාඩම් කළ යුතු ය. එසේම එය මධුරස්වරයෙන් වෘත්තානුකූලව හඬ නගා කීම ද එයට ම අයත් ය. බුදුරජාණන් වහන්සේ මධුරස්වරය අගයමින් ඒ පිළිබද තනතුරක් ද ඇතිකළ අයුරු එතදත්‍ර පාළියෙහි දැක්වේ.

මහා පිරිත් පොත, පිරිත් පොත, පිරුවානා පොත් වහන්සේ යන නම් වලින් හැඳින්වෙන පොත අතීතයේ හඳුන්වන ලද්දේ චතුභාණවාර පාළිය යන නමිනි.

තෙදවත් බැවින් සත්වයනට පැමිණෙන උවදුරු දුරුකරන හෙයින් ද සර්වප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හෙයින් ද පැමිණෙන අනතුරු වලක්වා ලන හෙයින් ද ආරක්ෂා කරන බැවින් ද, පිරිත නම් වේ. බෞද්ධයා ගේ ආරක්ෂණ ක්‍රමයත්, ශාන්තිකර්මයත් පිරිතයි.   

Download

.

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=12143

INTRODUCING BUDDHISM – Ven Balangoda Anandamaitreya Mahanayake Thero

“The non-aggressive, moral and philosophical system expounded by the Buddha, which demands no blind faith from its adherents, expounds no dogmatic creeds, encourages no superstitious rites and ceremonies, but advocates a golden mean that guides a disciple through pure living and pure thinking to the gain of supreme vision and deliverance from all evil, is called the Dhamma and is popularly known as Buddhism.” (Na¯ rada, Buddhism in a Nutshell)


[pdf]http://www.dhammikaweb.com/pdfs/KENDAL_BOOK.pdf[/pdf]

 

 

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=7289

සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කොට් ගුණානුස්මරණ උත්සවය

කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ නිර්මාතෘ, බෞද්ධ අධ්‍යාපනයේ පුරෝගාමී වූ සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට් මැතිතුමාගේ 105 වන ගුණානුස්මරණ උත්සවය පෙබරවාරි මස 17 වෙනි දිනට යෙදී ඇත.

ඒ වෙනුවෙන් එදින ප.ව. 2.00 ට සමරු උත්සවය ජාතික උරුමයන් පිළිබඳ සමිතියේ සාමාජික සාමාජිකාවන්ගේ ප්‍රධානත්වයෙන් පිටකොටුව ඕල්කට් මාවතේ අංක 203 බෞද්ධ මන්දිරයේ දී පවත්වනු ලැබේ. 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=12276

Veera Keppetipola Disawe – National Hero

රට වෙනුවෙන් සටනට ගොස් දිවි දුන් වීර කැප්පෙටිපොළ

එදා දක්ෂම අශ්වාරෝහකයා තේරීමේ තරගයෙන් ජයගත්තේ කැප්පෙටිපොල නිලමේ තුමා ය. මෙතුමාගේ සිතට වද දෙන කරුණ වූයේ අධිරාජ්‍යවාදීන්(පරසුද්දන්) නිසා රටට, සිංහල ජාතියට, බුදු සසුනට සිදුවන විපත් පිළිබදවයි.කෙසේ හෝ පරසුද්දෝ රටින් පලවා හැර, රටත්, ජාතියත් සම්බුද්ධ සාසනයත් රැක ගැනීම සදහා ක්‍රියාත්මක වීමට සුදුසු  අවස්ථාවක් එළෙඹෙන තෙක් නො එවසිලිමත්ව කල් ගත කළේය.

වෙල්ලස්සේ මහා සටනේ කැරලිකාර සිංහල හමුදාව සමග එක්වූ රණශූර කෙප්පෙටිපොල සෙනෙවි තුමා බදුල්ලේ සටනින් ජයගත් පසුව දරුණු සටන් වලින් පසුව මාතලේ සටනින් ජය ගත්හ. මෙයින් තැති ගත් පරසුද්දන් උඩරට අත්හැර දැමීමට පවා තීරණය කළහ. පසුව උඩරට පාලනය හමුදාවට භාර දී, කැරලි කරුවන් ඇල්ලීමට නියෝග කළේය.  මේ කිසිදු කරුණකින් කම්පාවට පත් වූයේ කැප්පෙටිපොල නොවේ……

මරක්කලයෙකු පරසුද්දන්ට ඔත්තුවක් දී ඒ අවාසනාවන්ත  දිනය වූ 1818 ඔක්තෝබර් 28 පරසුද්දන් කෙරෙහි වුවද කිසිදු බියකට හෝ තැති ගැනීමකට පත් නො වුන  වීර සිංහල පුත්‍රයා ” මම තමයි කැප්පෙටිපොළ” යයි දෙවරක්ම පවසමින් සුද්දන් ඉදිරියට පැමිණ භාරවිය. 1818 නොවැම්බර් මස 26 වෙනි දින අලුයම සිරමැදිරීයේ දොර ඇරුනේ වීර කැප්පෙටිපොලගේ සහ  මඩුගල්ලේගේ හිස ගසා දැමීමටයි.  

වධකස්ථානයට ලංවූ මෙතුමා ඉල්ලා සිටියේ ජලය ස්වල්පයකි. මුහුණ අතපය සෝදාගත් කැප්පෙටිපොල හිස පීරා කොණඩය මුදුන්කර බැඳ ගත්තේ ය. වීර කැප්පෙටිපොල ඉතාම කල්පනාකාරීව මනා සිහිබුද්ධියෙන් යුක්තව දං ගෙඩියට අසලට පැමිණියේ ය. එරමිනිය ගොතා ගෙන ඒ අසල බිම වාඩි විය. බියජනක පෙනුමෙන් යුක්තව සිටි රුදුරු වධකයා දෙස බලා ” ..වධකය මා නව අරහාදී බුදුගුණ පාඨය කියවද්දී මගේ හිස එක පහරින් ම කඳින් වෙන් වන්නට වැරෙන් පහරක් ගසව” යයි නියෝග කළේය…..

[pdf]http://www.dhammikaweb.com/pdfs/VeeraKeppetipola.pdf[/pdf]

 

Keppetipola Disawe – Wikipedia, the free encyclopedia

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=12255

Soma Himi Charithapadhanaya

somathero_360px_12_12_12පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි චරිතාපදානය

මෑත ඉතිහාසයේ මෙරට පහළ වූ ධර්ම විනය පිළිබද මනා පරිචයකින් යුතු විචිත්‍රවත් ධර්ම කථිකයාණන්වහන්සේ නමක ලෙස ජනතා සම්භාවනාවට පත් වන පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්වහන්සේගේ ළමා විය, තුරුණු විය සහ පැවිදි ජීවිතයේ පළමු දශක දෙක මුල්කොට ලියැවී ඇති සෝම හිමි චරිතාපදානය කියවීමෙදී අපට හොදින් වැටහී යන කරුනක් වන්නේ, උන්වහන්සේට අපේම සිංහල බෞද්ධයන්ගෙන් වුනු කැනහිලිකම්, සිත් රිදුම් අනන්තයි අප්‍රමානයි

(උදා;සෝම හාමුදුරුවන් ගැන තරුණ පිරිස් කලකිරවන වෑයමක් -පිටු අංක.78-82,) නිදහසට කරුණු දක්වන කැසට් පටයක් පිටු අංක.134-138, ඕස්ට්‍රේලියාවේ ඇතැම් සිංහලයනට සෝම හිමිගේ ඇත්ත තිත්ත වෙයි පිටු අංක.153-157, , සෝම හාමුදුරුවන් ඕස්ට්‍රේලියාවෙන් නෙරපීමේ කුමන්ත්‍රණයක් පිටු අංක.158-163- ,

උන්වහන්සේ අභියස සිටිමින්, උන්වහන්සේගේ  ධර්ම කටයුතු වලට සම්බන්දධ වූවන් විසින්ම සිදුකර ඇතිවීම අතිශයින්ම කනගාටුදායක බව මෙම පොත කියවීමේදී පැහැදිලි වේ.

මින් ඉදිරියටවත් අප බෞදධයන් තම තමන්ගේ සුඛ විහරනයට/ප්‍රසිද්ධිය උදෙසා මෙම උතුම්වූ සද්ධර්මය භාවිතයට නොගැනීම මෙම උතුම්වූ ධර්මයේම යහපතටම හේතුවන අතර ධර්මය තවත් චිරාත් කාලයක් පැවතීමටද හේතුවක් වේ.

[pdf]http://www.dhammikaweb.com/wp-content/uploads/2014/06/Soma_himi_.pdf[/pdf]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=4726

King Dutugemunu (Dushtagamini Vasthuwa) – Saddharmalankaraya

King_Dutugemunuදුටුගැමුණුරජතුමා (දුෂ්ටගාමිණී වස්තුව  -සද්ධර්මාලංකාරය)

ඔබට අපට ඉතිහාසය පාඩමේ දී තුන්සිංහලයම ඵක්සේසත් කල පලමු මහා නිරිදාණන් දුටුගැමුණුරජතුමා ගැන ඉගැන්වූයේ, නැතනම් වඩා හැදින්වූයේ ඵළාර රජ පරදා චෝළ අධිරාජයාගෙන් ලාංකීය ජනතාවත් සිංහල ‍බොදු ජනතාවත් රැක ගත් වීරයා බවත්විදේශීය ආක්‍රමණ වලින් රට ආරක්ෂා කර ගනිමින් සශ්‍රික රාජ්‍යයක් බිහිකිරීමෙහිලා මෙතුමා විශාල කාර්යක් ඉටුකරන ලද බවත් ය. නමුත් එතුමාගේ අධ්‍යාත්මික පසුබිම සහ එතුමා ලංකාදීපයේ පහල වූයේ අහබු ලෙස නොවන බවත්, හුදෙක් සම්බුද්ධ සාසනය මතු පරපුරට රැක දීමේ ක්‍රමවත් වැඩපිලිවෙලක් මත බවත් නිතර කථාබහට ලක්වන්නක් නොවීම අපගේ අනාගතය බාර ගන්නට සිටිනා මේ මතු පරපුරට කරන ලොකු වරදකි.

අඩු වශයෙන් බුද්ධාගම උගන්වන ගුරුවරුන් /දහම් පාසැල් ගුරුවරුන් වත් පාසැලේ/දහම් පාසැලේ මෙවැනි වීරවරයන්ගේ අධ්‍යාත්මික පැත්ත ගැන කථිකාවන් ඇති කිරීම අපගේ බුද්ධ ශාසනය හා එකට බැදී පවතින ලංකාදීපය ගැන ජාතිකාභිමානයක් අපගේ දරුවන්ගේ හද තුල ජනිත කිරීම තුලින් අපගේ බුද්ධ ශාසනය මතුවටත් රැකගත හැකි වන බව ස්ථීරය.

ඒ දුටුගැමුණු රජ්ජුරුවෝ වනාහි මහාද්‍රකල්පයට එකාසංඛ්ය්‍යය කප් ලක්ෂයකින් යට වර නම් කල්පයෙහි ලොව පහළවූ අනොමදස්සී නම් බුදු සමයෙහි ඉපිද, එක් දවසෙක බණ අසන පිණිස විහාරයට ගියහ. එකල බුදුහු සවනක් රසින් දිලිහි දිලිහි සිව්වනක් පිරිස මැද බුද්ධාසන මස්තකයෙහි වැඩහිද නිසභ නම් මහතෙරුන් වහන්සේගේ ගුණ නුවණ වර්ණාකොට වදාරා උන්වහන්සේට දකුණත්සව් තනතුරු දුන්සේක. එකල මේ දුටුගැමුණු රජ්ජුරුවෝ එපවත් දැක මම ද මතු මේ නිසභ නම් මහතෙරුන් වහන්සේ සේම එක් බුදුකෙනකුන් වහන්සේගේ ශාසනයේ දකුණත් සවු වෙම්ව” යි ප්‍රාර්ථානා කොට එතැන් පටන් ඒකාසංඛෙය්‍යය කප්ලක්ෂයක් මුළුල්ලෙහි දාන ශීලාදී වශයෙන් බොහෝ කුශල සම්භාරයන් රැස්කෙරෙමින් ජාතියෙන් ජාතියෙහි දිව්‍ය මනුෂ්‍ය සම්පත් විඳ මෙම ලංකාදීපයෙහි ඉපිද……………

සූවිසි අවුරුද්දක් මුළුල්ලෙහි දශරාජධර්මයෙන් රාජ්‍ය කොට ආයු කෙලවර තව්තිසා භාවනේ ඉපිද, අපමණ දිවඉසුරු වළදා මෛත්‍රී බුදුන් සමයෙහි මිනිස් ලොව ඉපිද සසුන් වැද මහණ ව දකුණත්සව් තනතුර ලැබ බුදුසසුන් බබුළුවා අමාමහ නිවන් දකිති.

අනාගත මෛත්‍රී බුදුන් කළ උන්වහන්සේගේ දකුණත් සව්ලෙස දුටුගැමුණු රජතුමාද වමත් සව්ලෙස සද්ධාතිස්ස රජතුමාද කාවන්තිස්ස රජතුමා සහ විහාරමහා දේචිය අනාගත මෛත්‍රී බුදුන්ගේ මව සහ පියා බවද සදහන් වෙයි.

සද්ධර්මාලංකාරය නමැති පොතෙන් මෙම දුටුගැමුණු කථාවස්තුව පිටපත් කරන ලද පිටු කීපය (අංක 429 සිට 460) කියවීමට හෝ බාගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න.

[pdf]http://www.dhammikaweb.com/pdfs/King_dutugamunu_saddharmalankaraya.pdf[/pdf]

 

 

===============================================================

මෙම සම්පූර්ණ සද්ධර්මාලංකාරය පොත පහත වෙබ් පිටුවෙන් ඔබට බා ගත හැක. 

http://www.dhammikaweb.com/?p=10190

.

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=10714

Ehipassika “Come & See”

CaptureHere we have collected material we hope will be fun and informative for children. Please let us know what you think.

your comments will be facilitated us to develop the “Buddhism for Kids”  with the help of other related web sites.

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=4056

The Psychological Aspect Of Buddhism – Ven.Piyadassi Thero

The Buddha spoke to all men and for all time. His teaching, the Dhamma, is for all men, whatever language they speak, whatever clothes they wear, whatever country they call ’home’—the Buddha’s language is truth. He was clothed in truth, and the whole world was his home; for truth is everywhere for all time to be realised by each one individually. This is what is meant by the universality of the Dhamma. Truth is not conceptual, and therefore, cannot be passed on by means of words or other symbols. An Enlightened One could guide us by showing the way to truth, but we ourselves should pursue the method of self-inquiry called meditation in Buddhism so that the hidden workings of the mind could be revealed, truth realised, and power within contacted.

What the Buddha taught during a period of forty-five years is so vast, its aspects so variedand fascinating that scholars called Buddhism a religion; a philosophy; an ethical code; a religiophilosophical system; and ethical idealism. But one has still to find a religion where psychology looms so large as in Buddhism. The commonly called academical psychology—like other academical sciences—defined mind in static terms, whereas Buddhist psychology defines mental life in dynamic terms.

[pdf]http://www.dhammikaweb.com/pdfs/The_Psychological_Aspect_Of_Buddhism_venPiyadassiIThera.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=3923

Abhidharma is the teaching of Buddha or…. – Ven.Na Uyane Ariyadhamma Thero

 

compress_Na_UyaneTheroඅභිධර්මය බුදුරජුනගේ දේශනයක් නොවේද?

පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි

ධර්මය පිලිබදව ගැබුරු දැනීමක් නැති අය නිතරම අභිධර්මය බුදුරජුනගේ දේශනයක් නොවන බවට සැකමුසු තැන් සොයමින් වාද විවාද වලට පවා පිවිසේ.

මේ සම්බන්දව මනා විග්‍රහයක් මෙම දේශනාව තුලින් ඔබට ලබාගත් හැකිය.

[mp4]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/12/110732788998715_19434.mp4[/mp4]

 

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=6520