Nibbana ( 5 to 7)- Ven Katukurunde Ñāṇananda Thero

නිබ්බාන දෙසුම් පෙලේ 5 සිට 7 දක්වා දේශනයන් (දෙසුම් 33 කින් සමන්විත) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

සතිපට්ඨාන සූත්‍රයේ අරමුණු සතර කාය, වේදනා, චිත්ත, ධම්ම එක්තරා විශේෂ මනසිකාරයක් ගැන පසුගිය දේශනා අවසාන හරියේදී තරමක් දුරට විග්‍රහ කළා. බුදුන්වහන්සේ පෙන්නුම් කර ඇති එක්තරා මධ්‍යම ප්‍රතිපදාවක් ඒ විවරනය මගින් සමහර විට ඔබට එලිවෙන්න ඇති.

නොඇලුනෙක්ව වාසය කරයි! ලොව කිසිවක් අල්වා නො ගනියි ! කියන ඒ පරමාර්ථය, ඒ ඉලක්කය ඇතිව සතිපට්ඨානා භාවනාවට භාවිතා කරන අරමුණු, සංකල්ප ප්‍රඥ්ඤප්ති ආදිය එක්තරා විදිහක දෘෂ්ඨිග්‍රාහකකින් තොරව පාවිච්චි කරන ක්‍රමයක්  ඒ සතිපට්ඨාන සූත්‍ර පුරාම දැක්වෙන කරුණු වලන් හෙලිවන බව අප ප්‍රකාශ කළා. විශේෂයෙන්ම අප ඒකට උපමාවක් වශයෙන් දැක්වූයේ සංකල්ප පලංචි වලින් සතියත්, ඥානයත් නමැති ගොඩනැගිල්ලක් සාදවා ගන්නවා වගේ වැඩක්  එතන වෙන්නේ කියලා. 

එතකොට මෙතන පලංචි ගැන කතාකරන කොට අපට ආකල්ප දෙකක් සිහියට නැගෙනවා. පලංචි දැඩිව අල්වාගෙන පලංචි වල පදිංචි වීමේ ආකල්පයත්, පලංචි ආධාරයෙන් නියම ආකාරයට ගොඩනැගිල්ලත් සාදා ගන්නා පරමාර්ථයත් කියන කාරණා දෙක. මේ ගැන අප තව දුරටත් විස්තර කළහොත් වචන දෙකක් ඉදිරියට ගන්න පුලුවන් එනම් පරාමර්ශනයත්, සම්මර්ශනයත් කියල. මේ පරාමර්ශනය, සම්මර්ශනය කියන වචන දෙක උපමාවක් ආස්‍රයෙන්ම තේරුම් ගන්න එක වඩාත් සුදුසු නිසා අපේ යෝගාවචර ජීවිතයට නිතර උපකාර වන උපකරනයක් වන දැළි පිහිය උපකාරයක් විදිහට ගනිමු…….. 

5 වෙනි දේශනය

Download

6 වෙනි දේශනය

Download

7 වෙනි දේශනය

.

 

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=13976

Nibbāna and The Fire Simile – Ven Katukurunde Ñāṇananda Thero

nibbana_captureAs indicated by the title, this sermon has something special to say about the famous fire simile given by the Buddha as an illustration to dispel certain misconception about Nibbana. Though I have done justice to this much debated topic in my earlier works ” this sermon might have something more conclusive for those who continue to doubt and demur. It is hoped that the term ” extinction’ – the biggest bug-bear behind the fire simile – will be understood in its correct perspective in the light of the sermon.

In these sermons Ven. Nyanananda attempted to “trace the original meaning and significance of the Pali term Nibbana based on the evidence from the discourses of the Pali Canon”.

Deliverance from  Samsara  which the Buddha  discovered, we generally call “Nibbana” sometimes the Buddha made a special effort to explain to the world  what sort of a deliverance it is. The passing way of the Arahant Dabbal Mallaputta was one such occasion. The topic we have chosen for our sermon today is a couplet of verse uttered with reference to that occasion. 

Dabba Mallaputta was one of the wonderful disciples of Buddha. Beginning as well as the end of his life was wonderful.…..

[pdf]http://www.dhammikaweb.com/pdfs/nibbana_and_the_fire_simile.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=13936

American Kovida Thero – Pin Rukeka Mahima

Pin_rukaපින් රුකෙක මහිම 

මහ වනයක, මරු කතරක, අතරම්ං වූවකුහට පෙත්-මගක්, මිනිස් පියසටහනක් යම්බඳු ධෛර්යක් වේද, මෝහයෙන් මුලා වූ ලෝකයකට සාදු චරිතාපදානයත් එසේමය. අපවත් වී වදාළ ගරු ඇමරිකන් කෝවිද ස්වාමීන් වහන්සේ සසුන් පිළිවෙත් මඟෙහි තැබූ පිය සටහන් පෙළ ඇසුරෙන් සකස් වූ ” පින් රුකෙක මහිම” නන් අයුරින් සැනසුම සොයමින් නිසි-අනිසි මං නො දැන වෙහෙසෙන ලෝකයාහට ද එවැනිම දිරියක් ගෙන දෙනු ඇතැයි හඟිමු.

ප්‍රබන්ධ කථාවක් මෙන් නොව චරිත කථාවක් සපුරා බිහිවන විට එහි “නියම කතුවරයා” ජීවතුන් අතර නැත. තම චරිත කථාවෙහි අදාර්ශවත් බව, විසිතුරු බව හා සිද්ධි සංඝටනාව වෙනුවෙන් “කතුවරයා” සිය ජීවිතය පවා පරිත්‍යාග කරයි. ගරු කොවිද හිමියෝ ද. ආත්ම පරිත්‍යාගයෙන් යුතුව අපූර්ව “සාරාංශ” ශෛලියකින් ස්වකීය ආදර්ශවත් චරිත කථාව නිම කළහ. ධර්ම කාමී අනාගත පරපුර උදෙසා එම කෙටි චරිතාපදානය සටහන් කර තැබීමට යෝගාවචර පෑන් තුඩක් දැරූ තැතක් පමණී මේ.  

[pdf]http://www.dhammikaweb.com/pdfs/pin_rukeka_mahima.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=13955

Bhavana Margaya – Ven Katukurunde Ñāṇananda Thero

bawana_margaභාවනා මාර්ගය – පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි

1. මයිත්‍රී භාවනාව තුලින් මතුකරගන්නා චිත්ත විමුක්තියේ ආනිශංස පක්ෂය සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉතාමත් ඉහලින් වර්ණනා කර තිබෙනවා. මෙත්තාචෙතොවිමුත්ති නමින් හැඳින්වෙන ඒ චිත්ත තත්වය දානා දී පින්කම්වල සියලුම කුසල් බලය අභිබවා බැබලෙන, ඊට වඩා වටිනාකමක් ඇති ඒ වගේම යම්  යම් බරපතල කර්ම විපාක වල පවා බලය බිඳින ප්‍රබල කුසල් සිතක් බව බුදුරජාණන් වහන්සේ පෙන්නා දීලා තිබෙනවා..

2.“අනාපානසති යස්ස පරිපුණ්ණා සුභාවිතා” යම් කෙනෙකු විසින් ආනාපාන සතිය පරිපූර්ණ වශයෙන් වඩන ලද්දේ ද ” අනුපුබ්බං පරිචිතා යථා බුද්ධෙන දෙසිතා” බුදුරජාණන් වහන්සේ විසින් වහන්සේ විසින් දේශනා කළ ආකාරයට අනුපිළිවෙලින් පුරුදු කරන ලද්දේ ද ” සො මං ලොකං පභාසෙති-අබ්භාමුතේතාච් චන්දිමා” ඒ භික්ෂුව, ඒ තැනැත්තා, කළුවළාකුලින් මෑත්වුනු සඳමඬල වගේ මේ ලෝකය ආලෝකවත් කරනවා!

3.තරුණකමත් නිරෝගිකමත් නිසා ඇතිවන මාන්නයටත් වඩා තමා ජීවත් කියන අදහස තුළින් ඇතිකර ගන්නා මානය, ප්‍රමාදයට හේතුවෙනවා. ඒ ප්‍රමාදයෙන් අප්‍රමාදීව නිවන් ගමනට යොමුවෙන්න මරණසතිය වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට අවවාද කළ සේක…..

ඉහත භාවනාවන්ට අමතරව සුඤඤතානුපස්සනාව, අට්ඨික සඤඤාව, ධාතුමනසිකාරය, නාමරූප, සමථ-විපස්සනා ගැන මනා විග්‍රහයක් මෙම වටිනා ධම්ම ග්‍රන්ථයේ අඩංගු වී ඇත.

සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !

Download

.

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=13895

Vanijja Sutta – බෞද්ධයන්ට මස්මාංශ වෙළදාම කැප ද? අකැප ද?

වණිජ්‌ජා සූත්‍රයේ බුද්ධ වචනය ඇතුලත් ත්‍රිපිටකයේ සහ අටුවා/ටීකා අර්ථ විග්‍රහය – බුද්ධිමතුන්ගේ විමර්ෂණය සදහා

7. වණිජ්‌ජාසුත්‌තං – වණිජ්‌ජාසුත්‌තං, උපාසකවග්‌ගො, පඤ්‌චකනිපාත -අඞ්‌ගුත්‌තරනිකාය ( Page 338 to 339 -pdf 359) 177. ‘‘පඤ්‌චිමා , භික්‌ඛවෙ, වණිජ්‌ජා උපාසකෙන අකරණීයා. කතමා පඤ්‌ච? සත්‌ථවණිජ්‌ජා, සත්‌තවණිජ්‌ජා, මංසවණිජ්‌ජා, මජ්‌ජවණිජ්‌ජා, විසවණිජ්‌ජා – ඉමා ඛො, භික්‌ඛවෙ, පඤ්‌ච වණිජ්‌ජා උපාසකෙන අකරණීයා’’ති. සත්‌තමං. සූත්‍රයට පිවිසීමට – 

මංසවණිජ්‌ජා – මෙම බුදුන්ගේ වචනය වන පාළිය සිංහලට පරිවර්ථනය වීමේදි එය මස්වෙළදාම විය යුතු ය. මෙහි කුමන මස් ද කියා නැත. සතුන්ගේ මස්. ආයේ මේකට අටුවා ටීකා පැත්තට යන්න ඕනේ නැහැ. ඕනේම පොඩි ලමයෙකුටත් තේරෙන පුංචි පාළි වචනයක්. මංසවණිජ්‌ජා = මස්වෙළදාමයි.

දැන් අපි,  අපගේ කලින් කතිකාවතට එවූ අටුවා/ටිකා දෙස හොඳින් බලමු.

මෙහි සූත්‍රය සහ අටුවාව ගෙන බලමු –

සූත්‍රය – 7. වණිජ්‌ජාසුත්‌තං

177. ‘‘පඤ්‌චිමා, භික්‌ඛවෙ, වණිජ්‌ජා උපාසකෙන අකරණීයා. කතමා පඤ්‌ච? සත්‌ථවණිජ්‌ජා, සත්‌තවණිජ්‌ජා, මංසවණිජ්‌ජා, මජ්‌ජවණිජ්‌ජා, විසවණිජ්‌ජා – ඉමා ඛො, භික්‌ඛවෙ, පඤ්‌ච වණිජ්‌ජා උපාසකෙන අකරණීයා’’ති. සත්‌තමං.

අටුවාව –
=====
7. වණිජ්‌ජාසුත්‌තවණ්‌ණනා

177. සත්‌තමෙ වණිජ්‌ජාති වාණිජකම්‌මානි. උපාසකෙනාති තිසරණගතෙන. සත්‌ථවණිජ්‌ජාති ආවුධභණ්‌ඩං කාරෙත්‌වා තස්‌ස වික්‌කයො. සත්‌තවණිජ්‌ජාති මනුස්‌සවික්‌කයො. මංසවණිජ්‌ජාති සූකරමිගාදයො පොසෙත්‌වා තෙසං වික්‌කයො. මජ්‌ජවණිජ්‌ජාති යංකිඤ්‌චි මජ්‌ජං කාරෙත්‌වා තස්‌ස වික්‌කයො. විසවණිජ්‌ජාති විසං කාරෙත්‌වා තස්‌ස වික්‌කයො. ඉති සබ්‌බම්‌පි ඉමං වණිජ්‌ජං නෙව අත්‌තනා කාතුං, න පරෙ සමාදපෙත්‌වා කාරෙතුං වට්‌ටති.

අටුවාවේ සිංහල තේරුම
==============
“වණිජ්‌ජාති” යනු වාණිජ ශාස්ත්‍රය යි / කර්මය යි. “උපාසකෙනාති” යනු තිසරණ සරණ ගිය කෙනා යි. “සත්‌ථවණිජ්‌ජාති” යනු අයුධ සකස් කර විකිණීම යි. “සත්‌තවණිජ්‌ජාති” යනු මිනිස් වෙළඳාම යි. (මිනිසුන් විකිණීම නොහොත් වහල් වෙළඳාම). “මංසවණිජ්‌ජාති” යනු ඌරන්, මුවන් ආදී සතුන් පෝෂණය කර ඔවුන් විකිණීම යි. “මජ්‌ජවණිජ්‌ජාති” යනු යම් කිසි මද්‍යක් (මදයට හේතු වන දෙයක්) සකස් කර විකිණීම යි. “විසවණිජ්‌ජාති” වස විෂ සකස් කර විකිණීම යි. මේ සියලු වාණිජ කර්මයන් තමා නො කිරීම සහ අනුන් උනන්දු කරවීම ද නො කළ යුතු ය.

මෙයට අනුව “මංසවණිජ්‌ජාති” යනු ඌරන්, මුවන් ආදී සතුන් පෝෂණය කර ඔවුන් විකිණීම යි.

————-අපගේ විග්‍රහය ——————————————————————-
බුද්ධිමතුනේ ඉහත සදහන් අටුවා විග්‍රහයේ —–“මංසවණිජ්‌ජාති” යනු ඌරන්, මුවන් ආදී සතුන් පෝෂණය කර ඔවුන් විකිණීම යි—— මෙම වචනය හොදින් බලන්න. එතකොට මේ මාංශවවනිජ්ජා කියන්නේ මුව සහ ඌරු මස් වෙළදාම ද? අනිත් සත්තුන්ගේ මස් ගස් වලද එල්ලා තිබෙන්නේ. එසේ නම් මුවවනිජ්ජා, ඌරුවනිජ්ජා කියා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැත්තේ ඇයි? මෙය පැහැදිලිව මස්මාංශ කන්න තිබෙන තෘෂ්ණාවට ද මෙම බුද්ධ වචනය වැරදි ලෙස භාවිතා කර ඇත්තේ කියා ඔලු ගෙඩියක් තියෙන කෙනෙකුට නො වැටහෙන්නේ ද? ....බෞද්ධයන් වශයෙන් පෙනීසිටිමින් මාංශ කන්න තියෙන ප්‍රේත කමට බුද්ධ වචනය මෙලෙස විකෘති කරන අයට යන්නට වෙනම අපායක් නිර්මානය කරන්න වෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ එපා..එපා, කියූ මස්වෙළදාම කරන්නන් මැරී අපායේ යනකොට යමරජතුමාට කියන්න ද මා වරදක් කලේ නැහැ.අටුවා වල තියෙන ඌරුමස් සහ මුවමස් මා විකිනුවේ නැහැ. හරක්මස්, කුකුල් මස් වගේ ඒවා විතරයි විකුනුවේ කියාලා කියනවිට මොකද වෙන්නේ…බුද්ධ වචනය වෙනස් කිරීමේ පාපයටත්, මිත්‍යාදෘෂ්ටියේ පාපයටත්, බොරුකීමේ පාපයටත් වෙන වෙනම අප දුක් විදින්න තමයි වෙන්නේ..
================================
————-අපගේ විග්‍රහය ———මේ තියෙන්නේ අනිත් ටිකාව..දෙවියනේ මෙවන් අපරාධයක් බුද්ධ වචනයට කරන…බුද්ධිමතුනේ මෙය හොදින් කියවන්න..බෞද්ධයාට කැරකිල්ල හැදිලා ඇති බවක් තාමත් ඔබට නොපෙනේ ද? මිනිසුනේ මේ පාපි ක්‍රියාවන්ට අනුබල නො දෙන්න.
————
ටීකාවේ මෙය තවත් විස්තර කෙරේ –

7-8. වණිජ්‌ජාසුත්‌තාදිවණ්‌ණනා – (ටීකාව) –
=======================
සූකරමිගාදයො පොසෙත්‌වා තෙසං වික්‌කයොති සූකරමිගාදයො පොසෙත්‌වා තෙසං මංසං සම්‌පාදෙත්‌වා වික්‌කයො

සිංහල තේරුම –
========
“සූකරමිගාදයො පොසෙත්‌වා තෙසං වික්‌කයොති” යනු ඌරන් මුවන් ආදී සතුන් පෝෂණය කර ඔවුන්ගෙන් මස් සම්පාදනය කර විකිණීම යි.

————-අපගේ විග්‍රහය ————————————
බලන්න ඉහත ටීකාවෙන් කර ඇති විනාශය – ——- ඌරන් මුවන් ආදී සතුන් පෝෂණය කර ඔවුන්ගෙන් මස් සම්පාදනය කර විකිණීම ය—එතකොට අනිත් සත්තු පණ ඇති එවුන් නොවේ ද?.

තමන්ගේ නිවසින්, පාසැලෙන් පටන් ගන්න. අප බුදුරජාණන් වහන්සේ දෙසූ මෙත්තා, කරුණා, මුදිතා වඩන්න.මෙම විග්‍රහයම ඇති මස් විකුන්නන් හට ඒ පාපක්‍රියාවෙන් මිදෙන්න. මස් කන්නන් මෙම පාපික්‍රියාවට තමන් උපයන මුදලෙන් අනුග්‍රහය නොදක්වන්න. පින්වතුනේ මේ 84,000 දහසක් ධර්මස්කන්ධය පුරාවටම තියෙන්න සතරබ්‍රහ්ම විවරනයයි…සියලු සත්වයෝ සුවපත් වෙත් වා! එක සිතෙන් කියන්න පුලුවන් වෙයි මේ මස්මාංශ කෑම නැවැත්වූ දවසට. එය ඔබට සැප පිණිස හේතු වනවා සේම, සියලු සත්වයන්ට සැප පිණිස හේතු වනවාමයි..

පාදක සටහන්:-

12.9.5. ආමකමංස සූත්‍රය – සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 9. තතිය ආමකධඤ්‌ඤ පෙය්‍යාල වර්ගය

3927. මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් අමුමස් පිළිගැන්මෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්ව කෙනෙක් අමුමස් පිළිගැන්මෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ … වීර්ය්‍ය කටයුතු යි

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=13901

Manase Mayawa – Ven Katukurunde Nanananda Thero

Manaseමනසේ මායාව – කාළකාරාම සූත්‍රයෙහි අර්ථ විවරණයකිපූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි

කාළකාරාම සූත්‍රය මෙකල නම් ජනප්‍රිය සූත්‍රයක් ලෙස හැඳින්විය නොහේ. මෙකල එය ධර්ම දේශනාවකට මාතෘකා කරගනු ලබන්නේ ද කලාතුරකිනි. මෙම සූත්‍රය කළුවර මුල්ලකට තල්ලු වී ඇත්තේ එහි සංක්ෂිප්ත භාවයත්, නුහුරු නුපුරුදු චතුෂ්කෝටි තර්කන්‍යායට ඇති සබඳතාවත් නිසා ය. ‘උඩින් පල්ලෙන් කියවා ගෙනයන පාඨකයකුට සූත්‍රය දිස්වන්නේ ශුෂ්ක වාක්‍යඛණ්ඩ රටාවක් හා ඇදහිය නො හැකි කියමන් වැලක් ලෙසට ය.

එතකුදු වූවත් බාහිර සැකැස්මේ පෙනෙන ඒ ශුෂ්ක බවටත් අද්භූත බවටත් යටින් සනාතන සගයකින් යුතු දර්ශනයක් ගොඩනගා ගැනීමෙහිලා උපයෝගි කරගත හැකි සාරධර්ම රැසක් සූත්‍රයෙහි අන්තර්ගතව ඇත.

“…….මහණෙනි, යම්සේ මායාකරුවෙක් (විජ්ජාකරුවෙක්) හෝ මායාකරුවකුගේ අතවැස්සෙක් හෝ සිව්මංසලෙක මායාවක් දක්වන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මායාව දකින්නේ ය, සිතා බලන්නේ ය, නුවණින් පිරික්සන්නේ ය, දකින, සිතාබලන, නුවණින් පිරික්සන ඔහුට එය හිස්වූවක් සේම වැටහෙන්නේ ය. බොල්වූවක් සේම වැටහෙන්නේ ය. හර නැත්තක් සේම වැටහෙන්නේ ය. කිමෙක්ද, මහණෙනි, මායාවක ඇති හරය?

තියුණු විමසුම් ඇසින් විජ්ජාකරුගේ හැම අංගචලනයක්ම බලා සිටින ඔබට ඔබේ ප්‍රියතම විජ්ජාකාරයාගේ විස්මජනක ප්‍රාතිහාර්‍යවල රහස් එකිනෙක හෙලිවෙයි..…..

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=13842

From Topsy-Turvydom to Wisdom – Ven Katukurunde Nanananda Bhikkhu

Sight – Seeing from -From Views to Vision

The sight-seer on the crag is taking in a view of the landscape around him. His eyes are  on the distant hills, dimly visible through the mist. Above him, an overhanging creeper is waving in the morning breeze. At once quiet moment, it comes to rest just in front of him. His view shifts from the distant scene to the dew – drop at the tip of creeper. All is quiet and still.

The ruddy dawn breaks in through the mist. A ray of the rising sun alights on the dew-drops and the sight seer adjusts his perspective suitably. The dew-drops gets transformed into a spectrum and a view gets transformed into a vision...

 

[pdf]http://www.dhammikaweb.com/pdfs/from_topsy_turvydom_to_wisdom.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=13816

Maitre Bhavanawa – Ven Katukurunde Ñāṇananda Thero

compress_buddhistමෛත්‍රී භාවනාව  පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

මෛත්‍රී භාවනාව වඩන්නේ කෙසේ ද? කොපමන උත්සාහ කළත් ඔබට මෛත්‍රී භාවනාව වැඩෙන්නේ නැද්ද? ඔබට මෛත්‍රී භාවනාවෙන් ප්‍රතිලාභ ලැබී නැද්ද?

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ බෞද්ධ භාවනාවන් පසුකාලීනව නො යෙකුත් සංකීරත්වයට පත්වී අප බෞද්ධයන් අතරින් කෙමෙන් ඈති වී යන මෙවන් කාලයක, එමෙන්ම අද විලාසිතාවක්ව පවතින භාවනාව නැවත බුදුරජානන් වහන්සේගේ බුද්ධ වචනය අප බෞද්ධයන් අතරට ගෙන ඒමට නිහඩව මහගු සාසනික සේවාවක් සිදු කරන්නට යෙදුනා වූ පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමිපානන් වහන්සේ විසින් නිවන් අරමුණු පිණිසම දේශිත මෙම ධම්ම දේශනාව ඔබට මෛත්‍රී භාවනාව වැඩීමට මහත් උනන්දුවක් ඇති කරනවා නිසැකය. 

ඔබට මෙත්ත සූත්‍රයත් (9මෙත්‌තසුත්‌තං – ඛුද්‌දකපාඨපාළි, ඛුද්‌දකනිකාය) සමගම මෙම දේශනාවට අවබෝධයෙන් සවන් යොමු කළේ නම් පසුකාලීනව මෙම මෛත්‍රී භාවනාව වෙනස් වී ඇති ආකාරයත්, අද බෞද්ධ සමාජය බුද්ධ වචනයෙන් කෙතරම් දුරස් වී ඇති ද කියා ඔබටම හදුනාගත හැක. අද බෞද්ධයන් මෙවන් සරල සූත්‍රයක් කෙතරම් සංකීර්ණ කරගෙන ද  මෛත්‍රිය වඩන්නේ. 

අටුවා යුගයේ දී ඒකතු වුන සංකීර්ණ විවරණ මාර්ග නිසා  මෙත්තා චේතෝවිමුත්තිය මුලුගැන්වෙන්නට විය.තමා, හිතවතා, මැදහතා, අහිතවතා යන පුද්ගල භේදයක් මත පදනම් වූ විග්‍රහයක ට කෙරෙන සීමා සම්භේදයකින් (සීමා බිඳීමකින්) මෙත්තා චේතෝවිමුත්තිය සැලසෙන බවක් අද බොහෝ භාවනා ඇදුරන් ‘ගුරු පොත’ලෙස සලකන විශුද්ධි මාර්ගයේ දැක්වෙයි. මෙත්ත සූත්‍රයේ අන්තර්ගතය හා කිසිසේත් ම නො සැසදෙන මේ විවරණ මාර්ගය, වැට කඩුලු තනමින් බිඳලමින් චේතෝවිමුත්තියක් වෙත ළංවීමට තැත් දරයි…. 

මේ විපරීත විවරණ මාර්ගයට හේතු වී ඇත්තේ මෛත්‍රිය සහ මිත්‍රත්වය අතර වෙනස වටහා නො ගැනීමෙන් වූ වැරදි ආකල්පයකී. ද්වේශයට ප්‍රතිවිරුද්ධ හැඟීමක් වූ පමණින් මෛත්‍රිය යනු මිත්‍රත්වය නොවේ. අද ඇතැමෙක් “මෛත්‍රිය වනාහි මිත්‍රත්වය” යන නිර්වචනයෙන් මෛත්‍රී භාවනාවට උපදෙස් දීම අරඹන්නේ  මේ වචන දෙකෙහි භාහිරව පෙනෙන සමානත්වය දැඩිකොට ගැනීමෙනි.  

අප බුදුරජානන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ගැඹුරු ධර්මයන් බුදුරජාණන් වහන්සේ විසින්ම නිර්මල වූ සරලත්වයෙන් දේශනා කල අයුරු වටහා ගනිත්වා.     

සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=13781

Dhamma Discussion-Ven.Na Uyane Ariyadhamma Thero

දම්සභා මණ්ඩපය – පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි

පංචශීලය සහ ආජීව අෂ්ඨමක ශීලය අතර ඇති සම්බන්දය කුමක්ද? 

 මාංස අනුභවය නො සුදුසු ද? මනුෂ්‍ය වයස දීර්ඝව තිබූ කාලයේ මිනිසුන් මස් මාංස අනුභවය නො කළ අතර ඒ කාලයේ මනුෂ්‍යා බොහෝම නිරෝගිව වාසය කර ඇත.

නමුත් මනුෂ්‍යාගේ අකුසල් උත්සන්න වීම, කෙලෙස් උත්සන්න වීම නිසා තමයි ප්‍රාණගාතය ඇති වුනේ. ප්‍රාණගාතය නිසා තමයි මාංස ආහාරයට ගිජු වුනේ. මේ මාංස ආහාරයට ගන්න පටන් ගත් පසු කලින් තිබුනේ රෝගාබාධ තුනයි, මාංස අනුභවය කිරීමට පටන් ගත් පසු රෝග 98ක් ඇති වූ බව බුදුරජාණන් වහන්සේම දේශනා කර තිබෙනවා.

අනෙක් කාරණය තමයි ප්‍රාණගාතය සිදුවන්නට කරුණු පහක් සම්පූර්ණ විය යුතු ය. මෙම කරුණු පහ යම් කෙනෙකු අතින් සම්පූර්ණ වීමෙන් ප්‍රාණගාත කර්මපථය සිදුකළා වෙනවා. ඒ හැර කරුණු පහ අසම්පූර්ණ වීමෙන් ප්‍රාණගාතය අසම්පූර්ණ වූවත් එයට අනුබල දීම වශයෙන් අකුසල් සිදුවන්නට පුළුවන් ය. නා උයනේ හිමියන් මේ සදහා ධර්මයේ සදහන් ඉතාමත් වටිනා උදාහරන ගෙනහැර දක්වමින් අප නොදුටු අපගේ බුද්ධියට හසු නොවූ පරාසයක් කරා මෙම දේශනයෙන් අපව ගෙන යන්නේ ය.

ඒ නිසා සතෙක්ගේ මාංස කන්න තියා සතෙක් කෙරෙහි වයිර කරන්නවත් සුදුසු නැහැ. ඒ නිසා මාංස කෑම කිසි සේත් ම සුදුසු නැති බව ඥාණවන්ත බෞද්ධයන් විතරක් නෙමේ අබෞද්ධයන් පවා පිළිගන්නා දෙයකී.

මෙහිදී ” සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමනී “ සික්ඛාපදය නො කීවාට එයට ඉඩ තැබුවා නො වේ,  එය තුන්වෙනි වැනි සික්ඛාපදයට ඇතුලත් වෙලා ආරක්ෂා කරනු ලැබෙනවා.  ඒ නිසා අපේ  බෞද්ධයෝ නිත්‍ය ශීල රකිමින් පංචශීලය රැකීම තුලින් ආජීව අෂ්ඨමක ශීලය සමාදන්ව සීලවන්ත භාවයට පැමිණෙත් වා!

 
[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/09/Dam-Sabha-Mandapaya.mp3[/mp3]
 
Source : W E Wijayananda
 
.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=13794

Kale Gahak – Ven Ajahn Chah Thero

kale_gahakකැලේ ගහක් – උපමා එකතුවකි -පූජ්ය අචාන් චා හිමි

අචාන් චා හිමි ගෙන හැර දක්වා ඇති හැම උපමාවක් ම උන්වහන්සේගේ වනගත ජීවිත කාලය තුළ දී ලත් පුළුල් අත්දැකීම අනුසාරයෙන් මතු වී ඇත. උන්වහන්සේ ලබාදෙන පුහුණුව නම් තම අභ්‍යන්තර මෙන් ම බාහිර ක්‍රියාකාරකම් හා හැඟීම් ගැන විවෘත මනසින් විමසා බලා ඒ කෙරෙහි නිති අවධානය යොමු කිරීමය. උන්වහන්සේගේ ක්‍රියාකාරකම්වල හෝ පුහුණුවේ හෝ විශේෂත්වයක් නොමැති බව උන්වහන්සේ පෙන්වා දෙති. තමා කැලේ ගසක්ය යනු උන්වහන්සේගේ හැඳින්වීමය. ගස ගසක් මෙන් අව්‍යාජ ව සිටියි. අචාන් චා හිමි ද ඒ ලෙසින් ම අව්‍යාජ ව සිටියි. එහෙත් —විශේෂත්වයක් නැත යන සංකල්පය තුළින් ම උන්වහන්සේ තුළ තමා ගැනත් ලෝකය ගැනත් ගැඹුරු අවබෝධයක් ඉස්මතු විය.

අප, ජීවත් වීම සඳහා ස්ථීර  නිවසක් නැති විට කිසිම අරමුණක් නොමැතිව තැනින් තැන නවතිමින් සිට  නැවතත් ඒ මේ අත ඉබාගාතේ යන්නවුන් වැනිය. ගමනක් යාම සඳහා තම ගමෙන් බැහැර ගිය අයකු මෙන් අප කුමක් කළත් අපේම නිවසට පැමිණෙන තුරු සැනසිලි සුවයෙන්තොර බවක් දැනේ. සුවපහසු ප්‍රබෝධවත් සැහැල් ̈සිතක් පහළ වන්නේ, තම නිවසට පැමිණි විට පමණි. ලෝකයේ කිසිම තැනක නියම සාමය දැක ගත නොහැකි වෙයි. එහෙයින් ඔබ තුළම සාමය උදාකර ගැනීමට බලන්න.

එසේම අප ධර්මය උගෙන ඒ ගැන දැනීමක් ලබා එය පුරුදු පුහුණු කර ඇතත්, අප එහි ඇති ගැඹුරු සත්‍යය අවබෝධ කර නොගතහොත් අප තවමත් නිවහනක් නැති, අරමුණක් නැති, අයාලේ ඇවිදින්නන්ගේ තත්ත්වයට පත්වේ.

Download.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=520