Ehipassiko – Ven Mogok Sayadaw Thero

The Buddha’s teaching is generally called the Dhamma. It is neither a revelation nor a legendary speculation with a theological twist.

It is the Truth ever prevailing in the Universe, and a unique discovery by a unique and enlightened religious teacher. However, Buddhism is the modern term used for the Dhamma and named after its discoverer. Gotama the Buddha, realized the Truth and proclaimed it to the world.

There is no doubt that it is difficult for an ordinary man to comprehend it properly, since the ordinary man’s mind is invariably clouded with illusion.

The popular Pali verse expounding these Dhamma virtues is Svakkhato Bhagavata Dhammo, Sanditthiko, Akaliko, Ehipassiko, Opanayiko and Paccattam Veditabbo Vinnuhi.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Mogok-Sayadaw_Ehipassiko.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5860

‘සෝවාන් ඵලය’ හඳුනා ගැනීම – කොළඹ සරසවිය නීති පීඨයේ යලිත් විජේසුරේන්ද්‍ර

බෞද්ධ සමාජයේ සෝවාන් ඵලය වර්තමානයේ විවාදයට භාජනය වූවක් ලෙස සැලකිය හැකි ය. ඇතැම්හු තමන් සෝවාන් වී ඇතැයි ප්‍රසිද්ධියේ පවසමින් යති. මේ තත්ත්වය නිසා, සෝවාන් ඵලයද විහිළුවට භාජනය වෙමින් පවතින බවක්ද පෙනේ. එහෙයින් සෝවාන් (සෝතාපන්න) වීම පිළිබඳව නිවැරැදි වැටහීමක් ඇති කර ගැනීම වැදගත් යැයි සිතමු.එය ඉතාම ප්‍රයෝජනවත් වනු ඇත.

ලෝකයේ තථාගත සම්මාසම්බුදු රජාණන් වහන්සේ නමකගේ පහළ වීම, අති දුර්ලභ සිද්ධියකි. උන්වහන්සේ දේශනා කරන චතුරාර්ය සත්‍ය ධර්මය වටහා ගැනීමට සමත් වන්නේ බුද්ධිමත් මිනිසෙකු පමණි. හේ උතුම් සුභාෂිත බුද්ධ වචනය මැනවින් හඳුනා ගනී. එමෙන්ම ඊට ප්‍රතිවිරුද්ධ වූ දුර්භාෂිත වූ, අසත්‍ය වූ පුහුදුන් විසදිටුවද වෙන් කොට හඳුනාගෙන එය බැහැර කරයි. මෙය වනාහි පරම දුර්ලභ කරුණු රැසක එක්වීමකි. එය ධර්මය අවබෝධ කළ හැකි එකම එක ක්‍ෂණසම්පත්තිය වේ.

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයකු හෝ මුණගැසීම හා චතුරාර්ය සත්‍ය ධර්මය ශ්‍රවණය කිරීම බාහිරින් ලැබෙන දුර්ලභ කරුණු වේ. තමා ශ්‍රවණය කළ ඒ ධර්මය අනුව නුවණින් මෙනෙහි කිරීම හෙවත් යෝනිසෝමනසිකාරය හේ සිදුකරයි. තවද ශ්‍රද්ධාවෙන් යුතුව ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදෙන්නට පටන් ගනී. මෙසේ කටයුතු කිරීමෙන් කෙමෙන් කෙමෙන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව දියුණු වීමෙන් හේ සද්ධානුසාරී ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙකු බවට පත් වේ. හීන වූ අශ්‍රැතවත් පෘථග්ජන භාවයෙන් නිදහස්වීමේ සුදුසුකම ලබයි.

ඉන්පසු හේ කායානුපස්සනා, වේදනානුස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන සතර සතිපට්ඨාන භාවනාව පටන් ගනී. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති ආදී අනුස්සති භාවනාවන්හි යෙදෙන්නටද පටන් ගනී. ශ්‍රද්ධා, සීල, සුති (ධර්ම ඤාණය) ත්‍යාග, ප්‍රඥා යන පංච සේඛ බල ඇතිවන්නට පටන් ගනී. ඒ තුළින් හේ දියුණුව ධම්මානුසාරී ආර්යශ්‍රාවකයෙකු බවට පත් වේ. බුදුරජාණන් වහන්සේ ඔක්කන්ති සංයුක්තයෙහි අවධාරණය කරන්නේ, ශ්‍රද්ධානුසරී හෝ ධම්මානුසාරී ආර්යශ්‍රාවකයෙකු සිටී නම්, හේ මරණයට පෙර ඒකාන්තයෙන්ම සෝතාපන්න ඵලය සාක්‍ෂාත් කරන බවයි.

ධම්මානුසාරී ආර්ය ශ්‍රාවකයා තව දුරටත් දහමෙහි හැසිරෙන්නේ, ඔහු තුළ, ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්මයන් සේඛබල අවස්ථාවේ සිට ඉතා සුළුවෙන් පිහිටා ක්‍රමයෙන් වැඩෙන්නට පටන් ගනී.

හේ කෙමෙන් කෙමෙන් රූප, වේදනා, සඥා, සංස්කාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයන් පිළිබඳව, හටගැනීම, ආස්වාදය, ආදීනවය, නිස්සරණය (නිදහස්වීම) තේරුම් ගත හැකි කෙනෙකු බවට පත් වේ.

හේ පටිච්ච සමුප්පාදය අර්ථ සහිතව තේරුම් ගනී. තමා තුළින්ම පටිච්ච සමුප්පාදය, ආර්ය න්‍යාය, (හේතු ඵල, දහම නැතහොත් දුක හැදෙන වැඩපිළිවෙල) දැක්ක හැකි වේ.

“හේතූන් නිසා හට ගන්නා වූ ස්වභාවයෙන් යුතු යමක් ඇත්ද, ඒ හේතූන් නිරුද්ධ වීමෙන්, ඒ හැම දෙයක්ම යළි නූපදිනා පරිදි නිරුද්ධ වී යතා ස්වභාවයෙන් යුතු වේ.”යන අවිද්‍යා මළකඩ රහිත වූ සදහම් ඇස පහළ වේ. මෙය වනාහි සෝවාන්ඵලයට පත්වීමයි. එම ඵලය සමඟ දස සංයෝජන (සසරට බැඳ තබන වැටි දහය) වලින් තුනක් සදහටම නිරුද්ධ වේ.

එනම් පංච උපාදානස්කන්ධය ගැන පැවැති විසි ආකාර වූ, මමය, මාගේ ය, මාගේ ආත්මයය යන සක්කාය දිට්ඨියත්, තෙරුවන් කෙරෙහි පැවති විචිකිච්ඡාවත්, වැරැදි සීලව්‍රැතයන්ට බැඳී යාමත් (සීලබ්බන පරාමාස) සදහටම නිරුද්ධ වේ. කේන්දර, සුබ නැකැත්, සුබ නිමිති රිට්ටාවන් ආදිය සරණ යාමත්, අයත් වන්නේ මේ වැරැදි සීල ව්‍රැතයන්ටමය. මේ බුද්ධ වචනය විමසන්න.

නක්ඛත්තං පතිමානෙන්තං අත්ථො බාලං උපච්චගා අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා ( 1 නි. නක්ඛත්ත ජා)

නැකැත් බලා කටයුතු පසු නො කළ යුතු බව.

(11) නැකැත් බලමින් කළ යුත්ත පසු කරන්නා වූ මෝඩයා හට අර්ථය ඉක්ම යන්නේ ය. බලාපොරොත්තු වන අර්ථය සිදු වේ නම් එයම නැකත ය. අහසේ තරු කුමක් කෙරේද?

කාම දිට්ඨ, සීලබ්බත අත්තවාද (ආත්මවාද) යන සතර, උපාදාන (සිතින් දැඩි ලෙස ග්‍රහණය කර ගැනීම) වලින් සෝවාන් වීමේ දී නිරුද්ධ වන්නේ, දිට්ඨි හා සීලබ්බත උපාදන පමණි. එමෙන්ම අත්තවාද(ආත්මවාද) උපාදානයේ හරය වූ සක්කාය දිට්ඨියද නිරුද්ධ වේ. එනමුත් ගින්න අයින් කළද පොළොවේ ගින්නෙහි රස්නය තිබෙන්නාක් මෙන්, අත්තවාද (ආත්මවාද) උපාදානය දිගටම තිබෙනු ඇති අතර, එය රහත්වීමේ දී නිරුද්ධ වී යනු ඇත. කාම උපාදාන පවත්නා හෙයින් සෝවාන් පුද්ගලයාට කාමභෝගී ගිහි දැහැමි ජීවිතයක් ගත කිරීමට බාධාවක් නොමැත.

සෝවාන් ඵලයට පත් වූ කෙනා තුළ තිබෙන්නේ චතුරාර්ය සත්‍යය පිළිබඳව වන සත්‍ය ඤාණයයි. දුක වනාහි ආර්ය සත්‍යයකි. එනම් ඉපදීම දුකකි. ජරාවට පත්වීම දුකකි. රෝග, පීඩා වැළැඳීම දුකකි. මරණයද දුකකි. අපි‍්‍රයයන් හා එක්වීමද දුකකි. පි‍්‍රයයන්ගෙන් වෙන්වීමද දුකකි. කැමතිවන්නා වූ යමක් නොලැබීමද දුකකි. සැකවින් කීවොත් පංච උපාදානස්කන්ධයම දුකකි. යන්න ගැන ඔහු අවබෝධ කරගෙන තිබේ.

දුකේ හට ගැනීම වනාහි ආර්ය සත්‍යයකි. පුනර්භවය ඇති කරවන, ඒ ඒ තැන ඇල්ම ඇති කරවන, කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව යන ත්‍රිවිධ තණ්හාවෙන් එම දුක හටගන්නේ ය යන කරුණා ඔහු අවබෝධ කරගෙන තිබේ. දුක් නැතිවීම වනාහි ආර්ය සත්‍යයකි. එම ත්‍රිවිධ තෘෂ්ණාවම ඉතිරි නොකොට, සදහටම නිරුද්ධ කිරීමෙන් දුක නිරුද්ධ වී යන්නේ ය. යන කරුණ ඔහු අවබෝධ කරගෙන තිබේ.

දුක් නැතිවීම පිණිස ඇති ප්‍රතිපදාව වනාහි ආර්ය සත්‍යයකි. ඒ ත්‍රිවිධ තණ්හාව නිරුද්ධ වීම පිණිස පවත්නා වූ එකම වැඩපිළිවෙලක් තිබේ. එනම් ඒ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන ආර්ය අෂ්ටාංගික මාර්ගය පමණක්ය යන්න ඔහු අවබෝධ කරගෙන තිබේ. “සෝතාපන්න” යන වදනේ තේරුම් දෙකකි. පළමුවැන්න “ශ්‍රෝත” එනම් වේගවත් සැඬ දිය පහරක් නොනැවතී මුහුද වෙත ගලා යන්නාක් මෙන්, නිවන කරාම යන බැවින්, ඒ හා සමානය යන තේරුමයි. දෙවැන්න “සෝත” යනු ආර්යඅෂ්ටාංගික මාර්ගයට නමක් හෙයින්, ඊට සිත, කය, වචනය යන තුන් දොරින්ම පිළිපන් (ආපන්න) යන තේරුමයි.

සෝවාන් පුද්ගලයා තුළ සෝතාපත්ති, අංග 4 ක් පිහිටයි. එනම්, ඔහු තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි මුල්බැසගත් ශ්‍රද්ධාව කිසිවෙකුටත්, කිසිලෙසකින් සෙලවිය නොහැකි ය. ශ්‍රී සද්ධර්මය කෙරෙහි මුල් බැස ගත් ශ්‍රද්ධාව කිසිවෙකුටත් කිසි ලෙසකින් සෙලවිය නොහැකි ය. මගඵල ලාභී ශ්‍රාවක සඟරුවන කෙරෙහි මුල්බැස ගත් ශ්‍රද්ධාව කිසිවෙකුටත්, කිසිලෙසකින් සෙලවිය නොහැකි ය. එමෙන්ම ඔහු තුළ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මාර්ගාංග තුළ පිහිටන පරිදි ආර්ය කාන්ත පංච ශීලයද සුරක්‍ෂිත වේ. එමෙන්ම පංචානෙන්තරිය පාප කර්මයන් සිදු කරනු ලැබීම හෝ නියත මිථ්‍යා දෘෂ්ටියට හසුවීම කිසිලෙසකින් සෝවාන් ඵල ලාභී පුද්ගලයා අතින් සිදුනොවේ. ඔහු සතර අපායෙන් සදහටම නිදහස් වූ කෙනෙකි. (නිරය, ප්‍රේත ලෝකය, තිරිසන් ලෝකය, අසුර ලෝකය = සතර අපාය)

මංමුලා නොවන ඔහු භවයෙහි කෙතෙරම් පමා වූවද, කිසිසේත් අටවන භාවයකට නොගොස් නියත වශයෙන්ම රහත්ව පිරිනිවන් පානු ඇත. බුදුරජාණන් වහන්සේ සෝවාන් ඵලය සක්විති රජකමටත් වඩා උතුම් බැව් පැවැසුවේ, එබැවිනි.

එනම් ඔහු නිරය, ප්‍රේත ලෝකය, තිරිසන් ලෝකය, අසුර අපාය යන සතර අපායෙන් සදහටම නිදහස් වූ අයෙකු වන බැවිනි.

සත්පුරුෂයන් ධර්මයේ හැසිරෙද්දී පී‍්‍රතිය වැනි උපක්ලේශයන්ට හසුවී තමන් සෝවාන්ව ඇතැයි නොරැවටිය යුතු ය. ධෛර්ය අත්නොහැර ප්‍රගුණ කරන සාධු ධර්ම පිරිපුන් මනුෂ්‍යයාට සෝවාන් වීම එනම් නොපිරිහෙන ඵලයට පත්වීම, ඉතා දුර නොවනු නියත ය.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=7505

Handbook Vipassana Meditation for beginners

by Phra Athikan Somsak Sorado

This is a beginners’ handbook for awareness development according to the Four Foundations of Mindfulness. I have compiled here a set of instructions from my own personal experience that I have heard, read, written and taken into memory from the Tipitika and other Buddhist texts. I have received instructions from Meditation Masters of the Vipassana Lineage that I have directly and intensively put into practice. Vipassana Meditation Grandmaster Dr. Bhaddanta Asabha Mahathera was my kalyanamittata who gave instructions and interviews with good results. The core substance of this handbook has been compiled directly from personal experience and isespecially for meditators who wish to put the instructions into practice.

[pdf]http://www.dhammikaweb.com/pdfs/vipassana-meditation-handbook.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5910

Seelanussathi Bhawana – Ven Nawala Dhammanada Thero

පූජ්‍ය නාවල ධම්මානන්ද හිමි

ශිලයෙහි ප්‍රභේදයන් පිලිබද මනා විග්‍රයක් මෙම ලිපිය තුලින් ඔබට ලබාගත හැකි අතර, ශීලානුස්සති භාවනාවේදී පහල වන්නාවූ නාම-රූප ධර්මයන්  විදර්ශනාවට නැගීමේ මාවත මේ තුලින් මනාවට මතුකරගත හැක.

[pdf]http://www.dhammikaweb.com/pdfs/silanussathi_bhawanawa_VenNawala_DhammanandaHimi.pdf[/pdf]

 

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=4666

The Approach for Westerns Buddhists

The Approach for Western Buddhists

Buddhism seems to have many different branches like meditation…..

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5591

Children Learn Vipassana Meditation

Children Learn Vipassana Meditation

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5583

Maha Maluwa – Ven Medagoda Abhayatissa Thero

පූජ්‍ය බැලගොඩ අබේතිස්ස හිමි

ධර්මය කියන්නේ කුමක්ද? ධර්මයට අයිතිවනේ කුමක්ද? හැමදෙයම ධර්මයද? ධර්මයට අදාල ඇති සහ නැති දේ කුමක්ද?

ධර්මයේ කියවුනු සහ ලියවුනු දැ අතරේ පරස්පරයක් තිබේද?


[flv]http://www.dhammikaweb.com/wp-content/uploads/2011/01/Maha-Maluwa-19-01-2011.flv[/flv]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=7370

Buddhism & Modern Science – Dr.Granville Dharmawardena

“Buddha is the greatest scientist in the history of mankind.”
I have often heard this at bana sermons. This is completely wrong. Scientists are people who are constrained to work solely within and accept only, the knowledge generated by the scientific method. They generally reject knowledge generated by the other method. The Buddha did not use the scientific method and therefore he is not a scientist. Of the two methods of acquiring knowledge available to the human being the Buddha used the right brain centered intuition method, where as the western approach to acquiring knowledge used the left brain method. The Buddha trained his mind to an extreme high state of
enlightenment (Buddhahood) from where he could understand the true reality of nature in its totality.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Buddhism-and-Modern-Science.pdf[/pdf]

 

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=7347

Meditation for Cancer outpatients

Effect of meditation on stress reduction and symptoms of depression experienced by cancer outpatients.

Methsaviya on going Research…. Conducting  jointly with Medical Faculty Final Year students ..commenced on 24th May 2007

We are organizing a work shop on meditation for cancer patients. The awareness program will be done in the presence of Dr Chandana Jayarathne. After that we invite volunteers to participate our study at Meth Saviya institution and we collect there data give them instructions to come to that institute. We explain them the benefits they can gain by meditation and we arrange meditation program one day per week at Meth Saviya. It will be on any day of week. From the patient who turn up at the institute we choose patient randomly (numbered card of either 0 or 1 given) who fulfill our inclusion and exclusion criteria.

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5552

Vadihitiyan Salakamu – Ven Ananda Maitreya Thero

වැඩිහිටියන් සලකමු – බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි

තිරිසන් සතුන් පවා තමනට වැඩි මහළු අයට ගෞරව ආදර දැක්වූහු නම් මේ සස්නෙහි පැවිදි වූ තෙපි වැඩි මහල්ලනට නොසැලකීම නොවටීයැයි වදාරාවැඩි මහළු පිළිවෙළ අනුවැ වැඳුම් පිදුම් ආදිය කළයුතුයැ ‘යි වදාළ සේක.

තම තමන්ගේ පවුලේ වැඩි හිටියනට යටත් පැවැතුම් ඇති වැ ඉඳීම පවුලේ සමාදානයට උපකාරී වන,ඕනෑ ම කරන, ගුණ දමමෙකි. බුදු හාමුදුරුවන් වහන්සේ ‘කුලජෙට්ඨාපචායනය’ කියා නම් කළේ මේ උතුම් ගුණයට යි.

මෙය හැම කෙනෙකු ම පිළිගත යුතු වටිනා උපදේශයෙකි. බුදුහාමුදුරුවන් වහන්සේ මෙය වදාළේ මෙයින් අපට මහ රැසක් උපදෙස් ගන්නට යි.

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5544