ආගමික උත්සවවලදී ඔළුබක්කො නැටුවා හොඳටම ඇති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි

* 2600 සම්බුද්ධත්ව ජයන්තියත් සමඟ පොසොන් උත්සව සමය උදා වී තිබෙනවා. මෙම පොසොන් සමයේ වැදගත්කම සහ එහි අර්ථය පිළිබඳ ඔබ වහන්සේට වැඩිදුර පැහැදිලි කිරීමක් සිදුකළ හැකි ද?

පොසොන් සමය අපටත් රටටත් අතිශය වැදගත් ආගමික සහ ජාතික උත්සවයක් විදිහට හඳුන්වාදිය හැකියි. අපට බෞද්ධයන් විදිහට කෙතරම් දුරට වෙසක් උත්සවය වැදගත් වෙනවාද ඒ තරමට ම අපට පොසොන් උත්සවයත් ඒ තරමට ම වැදගත්. අප රටට බුදුදහම ලැබුණේ බුදු දහමේ අර්ථය ලැබුණේ එහි අධ්‍යාත්මිත සුවය ලැබුණේ මෙවැනි ම වූ පොසොන් පොහොය සමයකදීයි. මේ සමයේ දී බුදු දහමේ වැඩිවර්ධනය එහි අර්ථය ජනතාව අතරට රැගෙන යාහැකි ඒ සඳහා උනන්දු විය යුතු සමයක් විදිහටයි.

මෙහිදී අප වැඩි අවධානය යොමුකළ යුත්තේ අධ්‍යාත්මික සහ ප්‍රතිපත්ති පූජා පිළිබඳයි. ආමිස පූජාවන් පිළිබඳ අවධානය යොමුකළ යුත්තේ ඉන් අනතුරුවයි. බෞද්ධයන් විදිහට මේ පොසොන් සමයේ දී අප අවධානය යොමුකළ යුත්තේ මේ ආකාරයටයි.

 

* වෙසක් සමය මෙන්ම පොසොන් සමයත් අද ඇතැමුන්ට විනෝදය සම්පාදනය කරන උත්සවයක් බවට පත්ව තිබෙනවා. බොදු අනුනාහිමිවහන්සේ කෙනකු ලෙස ඔබ වහන්සේ මේ තත්ත්වය පිළිබඳ දක්වන අදහස කෙබඳු ද?

ඔබ කියූ කාරණයේ යම් ඇත්තක් තිබෙනවා. මෙවැනි වැදගත් ජාතික හා ආගමික උත්සවයන් විනෝද සමයක් හෝ විනෝද වීමට අවස්ථාවක් ලෙස හඳුන්වාදීමට කිසිවකු උත්සාහ කරනවානම් එය සුදුසු දෙයක් විදිහට හඳුන්වන්න බැහැ. මෙවැනි ජාතික උත්සවයකදී ආගමික වශයෙන් වඩාත් වැදගත්වන උත්සවයක දී අප යොමුවිය යුත්තේ ප්‍රතිපත්ති පූජාවන් පිළිබඳවයි. ආමිස පූජා වුණත් යම් ප්‍රමිතියක් ඇතිව ආගමික අරමුණුවලින් බැහැර නොවී කළ යුතුයි.

මම උදාහරණයක් කියන්නම් අප පසු ගිය වෙසක් සමයේ ලක්ෂ ගණනින් තොරණ බලන්න පහන් කූඩු බලන්න ගියා. ඒත් අප මෙයින් වෙසක් අර්ථය, තොරණේ අර්ථය පිළිබඳ අවධානය යොමුකළේ කීයෙන් කී දෙනා ද? ඇත්තෙන් ම එය ඉතාමත් සීමිත ප්‍රමාණයක් වෙන්න පුළුවන්. පොසොන් උළෙලට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අනුරාධපුරයේ වන්දනාවේ යනවා. මෙය ඉතාමත් හොඳ දෙයක්. යහපත් දෙයක්. මා මේ ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. ඒත් අප නිසි අරමුණු ඇති ව බෞද්ධ අරමුණු ප්‍රතිපත්ති සිතෙහි තබාගෙන මේ ගමන ගියොත් තමයි වඩාත් වැදගත් වන්නේ. පොසොන් උත්සවය කියන්නේ, වෙසක් උත්සවය කියන්නේ අපට ජාතික හා ආගමික වශයෙන් ඉතාමත් වැදගත් උත්සවයක්. ඒ නිසා මේ විදිහේ ජාතික ආගමික උත්සවයන් විනෝද උත්සව වශයෙන් යොදා ගැනීම වැළැක්වීමට අප කටයුතු කළ යුතුයි.

අප ඒ විදිහට කටයුතු කිරීමෙන් මේ ආගමික උත්සවවල ගෞරවය හා වැදගත්කම රැක ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා මේ උත්සවයන් ඇසුරේ සිදු කරන ඔළුබක්කන් නැටවීම, විකාර රූපී නැටුම් සංදර්ශන දැන්වත් නවතා දැමිය යුතුයි. එමඟින් අපට බෞද්ධත්වයේ සුවිශේෂිත්වය හා අගය මුළු රටටම පෙන්වා දිය හැකියි. එදා අනුබුදු මිහිඳු හිමියන් මෙරටට හඳුන්වා දුන්නේත් මෙවන් වූ චාම් වූත් සරළ වූත් ප්‍රතිපත්ති පූජාවට බරවූත් බෞද්ධ සම්ප්‍රදායක් හා ශිෂ්ඨසම්පන්න වූ සම්ප්‍රදායකුයි.

 

* බුදු දහමේ චිර පැවැත්මට දායකත්වය ලබාදිය යුත්තේ පැවිදි සමාජය විතරද ගිහි සමාජයට මේ පිළිබඳ වගකීමක් නැති ද?

බොහෝ දෙනකු සිතන්නේ ගිහි සමාජයට බුදු දහම ගැන වගකීමක් නැහැ. එහි වගකීම සම්පූර්ණයෙන් ම ඇත්තේ පැවිදි පක්ෂයට පමණයි කියා. ඒත් එහි කිසිදු යථාර්ථයක් නැහැ. පැවිදි පක්ෂය විදිහට අපගේ හිමිවරුනට පුළුවන්කම තිබෙන්නේ බුදුදහම පිළිබඳ වූ මාර්ගයන් පෙන්වා දීම ආදි කරුණු සහ අවශ්‍ය උපදෙස් හා ආගමික පාර්ශවයෙන් සිදුවිය යුතු වගකීම් ඉටු කරනවා. එහෙත් ගිහි බෞද්ධයනට ඇති වගකීම් මෙතැනින් ඉවරයැයි සිතීම නුසුදුසුයි. ගිහියාටත් බුදු දහම විෂයෙහි විශාල වගකීමක් තිබෙනවා. හිමිවරුනට පමණක් වගකීම් පැවරීම කිසිසේත් සුදුසු දෙයක් යැයි සිතීම එතරම් සුදුසු දෙයක් නොවෙයි. ගිහියනුත් තම ආගමික විෂයෙහි ඇති වගකීම මනා ලෙස වටහාගත යුතුයි. ඒ අනුව කටයුතු කළ යුතුයි.

 

* පොසොන් උත්සවය ධර්ම දූත මෙහෙවර දහම් ප්‍රචාරය වැනි දේ මූලික කරගත් උත්සවයක්. මීට වසර දෙදහස් පන්සියයකටත් එහා ගිය අතීතයේ දී මිහිඳු මාහිමියෝ

මෙරටට වැඩියේ ධර්ම දූත මෙහෙවරකට එහෙම නැතිනම් දහම තුළ මෙරට ජනතාව පිහිට වීමට. මේ තත්ත්වය තුළ වත්මන් ජනමාධ්‍යටත් දහම් ප්‍රචාරය වැනි දේ පිළිබඳ විශාල වගකීමක් තිබෙනවා නේද. ඔවුන් කෙතරම්දුරට ඔවුන්ගේ වගකීම් ඉටු කරනවාද?

ඔබ කියූ විදිහට ම වර්තමානයේ දී ජනමාධ්‍ය විශාල වගකීමක් හා එම වගකීම ඉටු කිරීමට විශාල ශක්තියක් පැවරී තිබෙනවා. ඒත් මේ තත්ත්වය මෙරට මාධ්‍ය විසින් කෙතරම් දුරට තේරුම්ගෙන තිබෙනවාද යන්න විමසා බැලිය යුතුයි.

අද බොහෝ මාධ්‍ය වැඩි අවධානයක් යොමුකර ඇත්තේ විනෝදය සම්පාදනය කරන ජනතාවට විනෝදය සපයන ආයතන විදිහටයි. එහෙත් ජනමාධ්‍යයක් කියූ විට එම මාධ්‍යයට විශාල වගකීමක් තිබෙනවා. ඒ වගකීම තේරුම් ගෙන කටයුතු කළ යුතුයි.

ආගමික සහජීවනය අවබෝධය යන දේවල් ඉස්මතුවන විදිහටත් කටයුතු කළ යුතුයි. මෙහි දී විද්්‍යුත් මාධ්‍යවලට විශාල වගකීමක් හා ශක්තියක් තිබෙනවා දහම් ප්‍රචාරණයට මාධ්‍ය භාවිතා කරන්නට. දැනුත් ජනමාධ්‍යවලින් මෙවැනි සද්කාර්යයන් වෙනවා මා එය එහෙම නොවෙයි කියලා කියන්නේ නැහැ. ඒත් ප්‍රමාණවත් භාවයේ මදකමක් තමයි තිබෙන්නේ. මෙතැනදි ජනමාධ්‍ය වෙත ලැබී ඇති ශක්තිය යොදා ගත යුතුයි. යහපත් දේ ධාර්මික දේ සමාජයට ලබාදීමට උත්සුක විය යුතුයි. එමඟින් තමයි ජනමාධ්‍ය වගකීම සමාජයට නිසි ලෙස ඉටු වුණා කියලා පිළිගැනීමට පුළුවන්කම ලැබෙනවා.

මම කියන්නේ නැහැ මාධ්‍යවල සම්පූර්ණ කාලය සම්පූර්ණ ඉඩ ප්‍රමාණය ධර්ම ප්‍රචාරයට පමණක් දහම් වැඩසටහන්වලට පමණක් අවධානය යොමුකළ යුතුයි කියා මා කියන්නේ නැහැ ඒත් තමන්ගේ වගකීම හා යුතුකම මාධ්‍ය තේරුම් ගත යුතුයි.

 

* යුද්ධයෙන් පසු රට තුළ සහජීවනය සමගිය පිළිබඳව කතිකාවතක් ඇති වී තිබෙනවා වියත් හිමිනමක් ලෙස ඔබවහන්සේ මේ තත්ත්වය පිළිබඳව දරන්නේ මොන විදිහේ මතයක් ද?

බුදු දහමේ මූලික හරය සහ අර්ථය ලෙස හඳුන්වන්න පුළුවන්කම තිබෙන්නෙත් මෛත්‍රීය, සහජීවනය වැනි කරුණුයි. ඒ නිසා අපට ජාතියක් විදිහට රටක් විදිහට මෛත්‍රීය සහජීවනය, ආගමික නැඹුරුව අමුතුවෙන් හඳුන්වා දිය යුතු දෙයක් නොවෙයි. අද සිදුකළ යුත්තේ එම පැරැණි සම්ප්‍රදායන් යළි මතු කිරීමත් වැඩි වර්ධනය කිරීමත් පමණයි.

යුද්ධයෙන් තොර සාමකාමී වටපිටාවක් තුළ රට දියුණු කිරීමටත් ඒ සඳහා අවශ්‍ය මංපෙත් විවෘත කිරීමටත් පුළුවන්කම ලැබී තිබෙනවා. එය මූලික සාධක විදිහට තමයි මෛත්‍රීය සහ සහජීවනය යන කරුණු සලකන්න පුළුවන්. මෛත්‍රීය හා සහජීවනය මූලික කර ගත් සමාජයක් තුළ දහම දැහැමි බව ඉතාමත් ඉහළින් ආරක්ෂා වෙනවා.

 

* සම්බුද්ධත්ව ජයන්තිය පසුගිය වෙසක් සමයේ දී මහා ඉහළින් සමරණු ලැබුවා. මේ සම්බුද්ධත්ව ජයන්තිය ආශ්‍රිතව දහම් ප්‍රබෝධයක් හා ආගමික උනන්දුවක් ඇති වූවා. මේ පිළිබඳව ඔබ වහන්සේගේ අදහස මොන වගේද?

මෙවැනි උත්සව අවස්ථාවක් ආශ්‍රිතව ඔබ කියූ ආකාරයේ ආගමික උනන්දුවක් ඇති වෙනවා. එය ස්වභාවික තත්ත්වයක්. අප මේ විදියේ උනන්දුවීම් දීර්ඝ ලෙස ආරක්ෂාකර ගත යුතුයි. එමඟින් ජාතික ආගමික පුනරුදයක් ඇති කර ගත හැකියි.

 

* ආගමිකතත්වය සහ දේශපාලනය අතර සබඳතාවයක් ඇති බවට වර්තමානයේදී අපට දැක ගැනීමට පුළුවන්කම තිබෙනවා. මෙවැනි සබඳතාවයක් පිළිබඳව ඔබ වහන්සේගේ අදහස මොන විදිහට ද ඉදිරිපත් කළ හැක්කේ?

දේශපාලනය සහ ආගමිකත්වය අතර සබඳතා තිබිය යුතු නැහැ. ඒත් ආගමික දියුණුවට දේශපාලනයේ සහයෝගය ලබා ගැනීම වරදක් නැහැ. ඒත් දේශපාලනය කරන අය ආගමික කරුණු හරහා ඉදිරියට යාමට කවුරුන් හෝ උත්සාහ කරනවානම් එය සුදුසු දෙයක් නොවෙයි. මේ පිළිබඳව මගේ මතය එයයි.

දේශපාලනය සහ ආගමිකත්වය අතර තිබිය යුත්තේ මේ විදියේ සබඳතාවයක්. ජාතික වශයෙන් සියල්ලටම උපදෙස් අනුශාසනා ලබාදිය යුතුයි.

සාකච්ඡා කෙළේ
උදිත ගුණවර්ධන

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=9307

Nena Pahana – Ven Gangodawila SomaThero & Mr.M H M Ashrof

ජාතීන් අතර ඇති අන්යෝන්‍ය සම්බන්දධය සහ අනාගතයේ ඇතිවිය හැකි අවිනිශ්චිත ස්වභාවය වලක්වා ගැනීම උදෙසා.

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි සමග එම්.එච් එම් අෂ්රොෆ් මහතා අතර ඇතිවූ සංවාදය

බොහෝ කාලයක සිට සිංහල මුස්ලිම් ජන කොටස් වරින් වර පොඩි පොඩි ප්‍රශ්න ඇති වුනත් සතුටින් ජීවත් වී සිටියා නමුත් අවාසනාවකට වගේ සමහර විට පෙනෙන්න තියෙනවා අනාගතයේ යම් යම් ප්‍රශ්න ඇති වන්නනට ඉඩ තියෙනවා කියා. මේ වගේ අවස්ථා වලින් අප බලාපොරොත්තු වන්නේ එවැනි ප්‍රශ්න ඇති නො වන්නන ට අනාගතය සකස් කර ගෙන කටයුතු කරන්නේ කොහොම ද කියා යි.  උදා; දීඝවාපිය සම්බන්ධව………..

[flv]http://assets4.dhammikaweb.com/uploads/2011/05/Nana-Pahana-A-1.flv[/flv]

[flv]http://assets4.dhammikaweb.com/uploads/2011/05/Nana-Pahana-A-2.flv[/flv]

[flv]http://assets4.dhammikaweb.com/uploads/2011/05/Nana-Pahana-A-3.flv[/flv]

[flv]http://assets4.dhammikaweb.com/uploads/2011/05/Nana-Pahana-A-4.flv[/flv]

[flv]http://assets4.dhammikaweb.com/uploads/2011/05/Nana-Pahana-A-5.flv[/flv]

[flv]http://assets4.dhammikaweb.com/uploads/2011/05/Nana-Pahana-A-6.flv[/flv]

[flv]http://assets4.dhammikaweb.com/uploads/2011/05/Nana-Pahana-A-7.flv[/flv]

[flv]http://assets4.dhammikaweb.com/uploads/2011/05/Nana-Pahana-B-1.flv[/flv]

[flv]http://assets4.dhammikaweb.com/uploads/2011/05/Nana-Pahana-B-2.flv[/flv]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=8752

බුදු දහම විශ්ව ව්‍යාප්ත කළ විශිෂ්ට බුද්ධිමතුන්

පාලි සාහිත්‍ය ගැන තොරතුරු විමසූ උගතුන් අතර මහාචාර්ය රීස් ඩේවිස් වැදගත් වේ. 1864 දී ලංකා සිවිල් සේවයට බැඳුණු ඔහු බෞද්ධ කටයුතු ගැන දැක්වූ උනන්දුව නිසාම විද්ද්‍යෝදය පිරිවෙනේ සුමංගල හිමිගෙන් පාලි භාෂාව උගත්තේය. 1872 දී එංගලන්තයට ගොස් චයිල්ඩර්ස්, ෆෝස්බෝල් හා ඕල්ඩර්න්බර්ග් සමග බෞද්ධ කටයුතු සම්පාදනය කරන ලදී. චයිල්ඩර්ස් විසින් ලියන ලද , “නිබ්බාන” ලිපියෙන් අවදිව උද්දාමවු ඔහු, 1878 දී “බුඩිසම් “ නම් ග්‍රන්ථය ලියා ඒ පිළිබඳ පරිණත විනිශ්චයක්ද ඉදිරිපත් කරන ලදී. 1879 දී නිදාන කථාව ඉංගී‍්‍රසියට පරිවර්තනය කොට, එහි හැඳින්වීමට ජනකථා ගැන විමර්ශනයක්ද එක් කරන ලදී.

බුදු දහමේ දර්ශනය ගැන රචනා කළ ටී.ආර්.වී. මූර්ති මහතා සඳහන් කළේ, බෞද්ධ සම්ප්‍රදායට ධම්ම චක්ක ප්‍රවර්තන කාර්යය අවස්ථා කිහිපයකදී කෙරුණු බවයි. එහි පළමුවැනි අවස්ථාව බුදුන් වහන්සේ විසින් සාරානාත්හිදී ඉටු කිරීමෙන්, බෞද්ධ දර්ශනය ලෝකයට දායාද කෙරිණ. දෙවන අවස්ථාව බුදු දහම මහායාන අදහස් වලට පෙරළා ව්‍යාප්තවීමයි.

 

ඊළඟ අවස්ථාවේදී බුදු දහම විඤාණවාදී අදහස් වලට පරිවර්තනය කරමින් යෝගාවචර අධ්‍යාපනයක ආරම්භයයි. එහි වැදගත්ම අවසාන අවස්ථාව වූයේ නිවැරැදි බුදු දහම තෝරාගනු පිණිසත්, අවබෝධය පිණිසත්, බුදු දහම ලොවට හඳුන්වාදෙමින් කළ දාර්ශනික හා ප්‍රායෝගික බෞද්ධ පුනර්ජීවයයි. දැනට සියවස් එක හමාරකට පමණ පෙර කෙරුණු මෙම ස්වර්ණමය ක්‍රියාවලිය ඉටු කළ මහා පඬිවරුන් හඳුනා ගැනීම හා සිහිපත් කිරීම බෞද්ධ යුතුකමක් වෙයි. ආසියාව, යුරෝපය, ඇමෙරිකාව හා සෙසු ලොව පුරා බුදු දහමේ, සත්‍ය දර්ශනයත්, ජීවන ක්‍රමයත්, විමුක්ති මාර්ගයත් හඳුන්වාදුන් මුල්ම ශ්‍රේෂ්ඨ පඩිරුවන වින්ටර්නිට්ස් මැතිඳුන්ය.

ඉන්දියාවේ බෞද්ධ තොරතුරු ග්‍රන්ථ රචනා වෙළුම් අටකින් සම්පාදනය කළ එතුමා, ඉන්දියානු සාහිත්‍ය ඉතිහාසය හා ආගමික තොරතුරු අඩංගු කර සැකසූ දෙවන වෙළුම, උගතුන් ප්‍රබෝධමත් කළේය. ඊ බර්නොෆ් , පෝස්බෝල්, පි‍්‍රන්සෙෆ් , කර්න්, ක්සෝමා ඩී කෝරෝස්, ඕල්ඩන්බර්ග්, ලෙවි, ස්ටෙචර්බැස්කි, රීස් ඩේවිස් හා එම මැතිනිය, සහ ෆවිසිත් යන මහා විද්වතුන් බුදු දහම විමසමින් ලොවට හඳුන්වාදීම එහි අග්‍ර ඵලය විය. බුදුන් වහන්සේ භික්‍ෂූන් හැට නමක් ලවා ධර්ම ප්‍රචාරක කර්තව්‍ය කළා මෙන්ම එය අති විශිෂ්ට විය. එමෙන්ම එස්.සී.දාස්, එස්.සී. විද්‍යාභූෂන් , බනියුනන්ජියෝ , ජී.ටෙකාකුෂු, ඩී. කෝසම්බි සහ බී.එම්. බරුවා යන මහා විශාරදයන්, බුදු දහමේ පුනරුදයට කළ සේවය අමරණීයය.

මෙම පුනරුද ක්‍රියාවලිය ඇති වන තුරු ලංකාවෙන් පිටස්තර කිසිවෙකු පාලි භාෂා හා සමාන භාෂා, පද හෝ වචන දැන සිටියේ නැති අතර හීනයාන මහායාන වශයෙන් හෝ බුදු දහමක් ගැන හැඟීමක් නොතිබුණි.අශෝක රජු එළි පෙහෙළි කළ පාලි බෞද්ධ සාහිත්‍ය , 19 වන සියවස මුලදීම ජේම්ස් පි‍්‍රන්සෙප් මහතා විසින් හඳුන්වාදීම නිසා පුරා විද්‍යාඥයෝද විමර්ශන කටයුතු ගැන උනන්දු වූහ. පාලි මහාවංසයේ සඳහන් “ පියදස්සී” යන වචනය අනුව යමින් අශෝක රජු හා ලංකාව අතර පැවති ආගමික සබඳතා විමර්ශනය කෙරිණ. මෙම තොරතුරු එළි පෙහෙළි කිරීමේ ගෞරවය හිමිවන්නේ ජෝර්ජ් ටර්නර් මහතාටය. එතුමා පාලි සාහිත්‍යයේ බෞද්ධ තොරතුරු විමසමින් 1837 දී මහාවංසයේ ඉංගී‍්‍රසි පරිවර්තනයක්ද එළි දක්වන ලදී.

මෙම ශාස්ත්‍රීය කටයුතුවලින් ප්‍රමෝදයට පත් බටහිර උගතුන්ගේ බෞද්ධ තොරතුරු සෙවීම, හඳුන්වාදීම පිළිබඳ අසීමිත, අතෘප්තිකර උනන්දුව හෙළි වූයේ මහාචාර්ය වින්සන්ට් පෝස්බොල් මහතා විසින් 1855 දී ධම්මපද පරිවර්තනය ප්‍රකාශයට පත් කළ පසුය. එය පසුව ලතින් බසටද පරිවර්තනය කෙරිණ. දර්ශනයට දහමට ලැදි යුරෝපා උගතුන් එය අත්පොතක් ලෙස භාවිතයට පුරුදු විය. මේ සමගම ඊ.බර්නොෆ් ,බී.ක්ලොග් සහ ජේ.ලුවිස් යන විශාරදයින් විසින් පාලි කෘතීන් ප්‍රකාශයට පත් කරන ලදී. එහි ප්‍රතිඵලය වූයේ බෞද්ධ අධ්‍යාපන කටයුතු සඳහා නව සංවිධාන ගොඩනැගීමයි. ඒ අනුව ක්‍රි.ව. 1821 – 41 කාලය තුළ, නේපාලයේ සංස්කෘත හා පාලි බෞද්ධ ග්‍රන්ථ එක් රැස්කොට ,ධර්ම අධ්‍යාපන ප්‍රචාරය සඳහා ඉන්දියාවේ සහ යුරෝපයේ ප්‍රසිද්ධ පුස්තකාලවලට යවන ලදී. මෙම මාහැඟි ධර්ම කාර්යය මෙහෙයැවීමේ ගෞරවය හිමි වන්නේ බී.එච්. හොග්සන් නම් මහා විද්වතාටය.ක්සෝමා ඩී. කෝරෝස් මහතා විසින් ක්‍රි.ව. 1834 දී, ටිබෙට් ඉංගී‍්‍රසි ශබ්ද කෝෂය ප්‍රකාශයට පත් කිරීම නිසා, ටිබෙට් බෞද්ධ කෘති අධ්‍යයනය කිරිම ව්‍යාප්ත විය. ආර්.සී. චයිල්ඩර්ස් මහතා විසින් ක්‍රි.ව. 1875 දී පාලි- ඉංගී‍්‍රසි ශබ්ද කෝෂය ප්‍රකාශයට පත් කිරීමත්, 1881 දී පාලි ග්‍රන්ථ සංගමය ආරම්භ කිරීමත් නිසා, පාලි අධ්‍යාපන හා ශාස්ත්‍රිය කටයුතු වඩ වඩාත් පුළුල්විය. අවුරුදු සිය ගණනින් යටපත්ව පැවති බෞද්ධ දර්ශනය කුතුහලයෙන් යුතුව ඉගෙනීමටත්, පිළිපැදීමටත් ආසියා හා යුරෝපා උගතුන් මේ නිසා උනන්දුවිය. ක්‍රි.ව. 1883 දී බනියු නන්ජියෝ මහතා විසින් චීන ත්‍රිපිටක ග්‍රන්ථ නාමාවලිය අනාවරණය කොට, චීන බෞද්ධ අධ්‍යාපන කටයුතු පුළුල් වීමට මග පාදන ලදී. මෙබඳු උසස් ධර්මයක් තිබියදී මිනිසා අඳුරේ කටයුතු කර තිබීම ගැන බොහෝ දෙනා විමතියටත් ශෝකයටත් පත්විය.

නේපාල, ටිබෙට් හා පාලි සාහිත්‍ය අනාවරණය කරමින් හොජ්සන් මහතා ඉටු කළ මහා බෞද්ධ මෙහෙවර නිසා, ඉයුජින් බර්නොෆ් මහතාට බෞද්ධ ධර්ම ඉතිහාසය පිළිබඳ පළමුවෙනි කෘතිය ප්‍රකාශයට පහසු විය.එතුමා විසින් රචිත,” ඉන්දියානු බුදු සමයේ ඉතිහාසයට හැඳින්වීමක් “ කෘතිය ක්‍රි.ව. 1844 දී පළ කරන ලදී. බෞද්ධ ධර්මය හා සාහිත්‍ය ගැන තුලනාත්මක විමර්ශනයක් කළ මෙම කෘතියෙන් බෞද්ධ පාලි හා සංස්කෘත සම්ප්‍රදායයන් ගැන නව දැකීමක් ඉදිරිපත් කෙරිණ. ඉයුජින් බර්නොෆ් විසින් මහායාන කෘතියක් වූ දිව්‍යාවදානයේ දීර්ඝ ජේද පරිවර්තනය කිරීමත් සමග බුදු දහම ගැන මහායානිකයන්ගේ දැක්ම ප්‍රචලිත විය. ලංකාවතාර සූත්‍රය සහ සද්ධර්ම පූණ්ඩරිකය “ලෝටස් ඩි ලා බොනී ලොයි “ නමින් ප්‍රංශ බසට ද පරිවර්තනය කරන ලදී. බර්නොෆ් මහතා සංස්කෘත බෞද්ධ ග්‍රන්ථ ගැන දැක්වූ උනන්දුව නිසා බොහෝ යුරෝපා උගතුන් සංස්කෘත ඉගෙනීමටද පටන් ගති. පාලි බෞද්ධ ග්‍රන්ථ ගැන උනන්දු වු ෆෝස්බෝල් මහතා “ සුත්ත නිපාතය “ ඉංගී‍්‍රසියට පරිවර්තනය කළ අතර 1885 දී එය පාලිභාෂා ග්‍රන්ථ ප්‍රකාශන සංගමය විසින් ප්‍රකාශයට පත් කරන ලදී. ඔහු බෞද්ධ සාහිත්‍ය යුරෝපයට හඳුන්වා දීමේදි කළ විශිෂ්ටතම මෙහෙය වන්නේ “ජාතක කථා” ප්‍රකාශනයයි. 1877 සහ 1897 අතර කාලයේදී මෙය වෙළුම් හයකින් ප්‍රකාශිත ය.මේ නිසා බෞද්ධ සාහිත්‍ය පිළිබඳ යුරෝපා ජාතිකයන්ගේ කුතුහලය වැඩි විය. සමස්ත පාලි විනය පිටකය, හර්මන් ඕල්ඩන්බර්ග් මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලදී. එතුමා විසින් විනය පිටකයට කළ හැඳින්වීමෙන්, සම්ප්‍රදායික බෞද්ධ අධ්‍යාපනය ප්‍රචලිත කළේය. 1879 – 1883 කාලයේදී ප්‍රාතිමොක්‍ෂ , මහාවග්ග, හා චූලවග්ග ඉංගී‍්‍රසියට පරිවර්තනය කරන ලදී. රීස් ඩේවිස් මහතා සමග එක්ව 1881 – 1885 කාලය තුළදී “ පෙරදිග ශුද්ධ ග්‍රන්ථ “ නම් ශාස්ත්‍රීය ලේඛන වෙළුම්වල මේවා කොටස් වශයෙන් පළ කරන ලදී. ඔහු රචනා කළ “ද බුද්ධ “ නම් ග්‍රන්ථය 1882 දී “හෝයි “ නම් මහතා විසින් ඉංගී‍්‍රසියට පරිවර්තනය කරන ලදී.මුළුමනින්ම පාලි කරුණු වලින් යුතු මෙය යුරෝපයට හඳුන්වාදුන් ප්‍රථම ග්‍රන්ථය විය. 1883 , දී ථෙර, ථෙරී ගාථා ද, 1897 දී දීප වංසයද ඉංගී‍්‍රසියට පරිවර්තනය කිරීම නිසා ලාංකික උගතුන්ගේ බෞද්ධ ඥානය ලොවට හෙළි කෙරිණ. වේද සාහිත්‍ය ගැන මොහු විශාරදයකු වු නිසා, පාලි හා වේද ග්‍රන්ථ අතර සම්බන්ධතාව හෙළි කළ හැකිවිය. සාමඤ්ඤපල සූත්‍රයට හැඳින්වීමක් කරමින් එය බෘහදාරණ්‍යක උපනිෂද්හි ඇති “යාඤාවල්කයා හා ජානක “ සංවාදයේ ආභාෂයක් ලෙස පෙන්වීමට උත්සාහගෙන ඇත. එමෙන්ම ඍග්වේදයේ ආඛ්‍යාන ගීතිකාවලට ජාතක කථා සම කිරීමටද උත්සාහ ගති. එයින් උගතුන් බෞද්ධ කථා වඩාත් විමසීමට පොළඹවන ලදී.

බෞද්ධ පාලි කෘතීන් මෙන්ම මහායාන බෞද්ධ ග්‍රන්ථද ලොවට හඳුන්වාදීම නිසා, සැබෑ බුදුදහම විමසීමට උගතුන් උනන්දු කෙරිණ. මහාචාර්ය එච්.කර්න් විසින් ආර්යශූ®රපාදයන්ගේ ජාතක මාලාව පළ කරන ලදී. එය පාලි කථාවල සංස්කෘත ප්‍රකාශනයයි. 1896 දී ඔහු විසින් රචනා කළ ඉන්දියානු බුදු දහමේ මූලධර්ම නම් ලිපි ඉන්දු ආර්ය විශ්වකෝෂයේ පළ කෙරිණ. එය උසස් විමර්ශන කෘතියකි. 1901-1903 පළ කළ බෞද්ධ ඉතිහාසයද අගනා කෘතියකි. බෞද්ධ ධර්ම සංගායනා ගැනද ඉන් විස්තර කෙරිණ.

පාලි සාහිත්‍ය ගැන තොරතුරු විමසූ උගතුන් අතර මහාචාර්ය රීස් ඩේවිස් වැදගත් වේ. 1864 දී ලංකා සිවිල් සේවයට බැඳුණු ඔහු බෞද්ධ කටයුතු ගැන දැක්වූ උනන්දුව නිසාම විද්ද්‍යෝදය පිරිවෙනේ සුමංගල හිමිගෙන් පාලි භාෂාව උගත්තේය. 1872 දී එංගලන්තයට ගොස් චයිල්ඩර්ස්, ෆෝස්බෝල් හා ඕල්ඩර්න්බර්ග් සමග බෞද්ධ කටයුතු සම්පාදනය කරන ලදී. චයිල්ඩර්ස් විසින් ලියන ලද , “නිබ්බාන” ලිපියෙන් අවදිව උද්දාමවු ඔහු, 1878 දී “බුඩිසම් “ නම් ග්‍රන්ථය ලියා ඒ පිළිබඳ පරිණත විනිශ්චයක්ද ඉදිරිපත් කරන ලදී. 1879 දී නිදාන කථාව ඉංගී‍්‍රසියට පරිවර්තනය කොට, එහි හැඳින්වීමට ජනකථා ගැන විමර්ශනයක්ද එක් කරන ලදී. 1881 – 1885 කාලයේදී පෙරදිග ශුද්ධ ග්‍රන්ථ කථාවලට දායක වූ ඔහු ඕල්ඩර්න්බර්ග් මහතා සමග එක්ව විනය පිටකය ඉංගී‍්‍රසියට පරිවර්තනය කරන ලදී. 1881 දී ඇමෙරිකා බුද්ධිමතුන්ගේ ආරාධනයෙන්, ඇමෙරිකාවට ගිය එතුමා බුදු දහම විචාරාත්මක ලෙස පහදා දුන්නේය.

මේ සමයේදී ඇමෙරිකානු බුද්ධිමතුන් පුනර්භවය පිළිබඳ පර්යේෂණයන්හිද යෙදිණ. 1922 දී ඔහු මිය යනතුරුම බුදු දහමින්ලොව දැනුවත් කිරීමට කළ මෙහෙය අති උදාරය. අවුරුදු 41 ක් ඔහු කළ සේවය නිසා, සමස්ත පාලි ග්‍රන්ථ සියල්ලම ප්‍රකාශනයට පත් කෙරිණ. පාලි ග්‍රන්ථ විචාර, විමර්ශන, පරිවර්තන, ලිපි ලේඛන, පාලි භාෂා හා සාහිත්‍යය යුරෝපයට ආසියාවට හඳුනාගත හැකිවිය. 1884, 1903, 1910 දී දීඝ නිකායද, 1884 දී අභිධම්මත්ත සංග්‍රහය, දාඨාවංශය හා 1896 දී යෝගාවචරයද ප්‍රකාශ කෙරිණි. 1889 – 1921 දී දීඝ නිකායද, ඉංගී‍්‍රසියට නගන ලදී. ඒ ග්‍රන්ථයට දුන් විමර්ශන සටහන් උගන්නා අයට රුකුලක් විය. 1896 දී රචිත “බුඩිසම් “ හා 1903 දී රචිත “බුඩිස්ට් ඉන්ඩියා “ ජනපි‍්‍රය විය. 1902 දී ජාත්‍යන්තර මට්ටමේ පාලි ඉංගී‍්‍රසි ශබ්ද කෝෂයක් නිර්මාණය කරන ලදී. විලියම් ස්ටේඩ් මහතාද සහාය කොටගෙන කළ මෙම කෘතියේ පළමුවෙනි කොටස් තුන පමණක් ඔහුට දැකගත හැකිවිය. ඔහු වෙනුවෙන් විලියම් ස්ටේඩ් මහතා එම කෘතිය 1925 වන විට අවසන් කළේය.ඉන්පසු රීස් ඩේවිස් මැතිනිය පාලි ග්‍රන්ථ සංගමය ඉදිරියට ගෙන යන ලදී. ඇය 1909 දී ථෙර ගාථා ද, 1913 දී ථෙරී ගාථාද ඉංගී‍්‍රසියට නගන ලදී. 1904 දී “විභංග“ යද 1912 දී”යමක ද, 1917 දී “සුගතවග්ග“ යද , 1920 දී”විශුද්ධි මග්ග ය ද, 1921 දී “පට්ඨාන” ද එළි දක්වන ලදී. 1923 දී ඇය විසින් “ධම්මසංගනී” ඉංගී‍්‍රසියට නගන ලදී. මීට අමතරව ඇය බුදු දහම පාදක කොට සැබෑ බුදු දහම මහායාන අදහස් වලින් වෙන් කර හඳුන්වාදීමට ග්‍රන්ථ රාශියක් රචනා කර ඇත.1931 දී “සාක්‍ය ඕර් බුඩිස්ට් ඔරිජින් “ නමින් පළ කළ කෘතිය හා 1942 දී, ඇගේ බෞද්ධ ලිපි වෙළුම් තුනකින් නිකුත් කිරීම අගයිය යුතුය. ඉදිරියට ගෙන ගිය පාලි ග්‍රන්ථ සංගමය නිසා වී.ට්‍රෙන්ක්නර්, ආර්.චාමර්ස්, කේ.ඊ.නිව්ටන්, ලියොන් පියර්, එෆ්.එල්. වුඩ්වර්ඩ්, ආර්. මොරිස්, ඊ.හාඩි යන උගතුන් බෞද්ධ ධර්ම ප්‍රචාරයේ යෙදිණ. මේ මෙහෙයට දායක වූ තවත් බුද්ධිමතුන් රාශියක් ගැන කතා කළ යුතුව ඇත.

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=9310

Vinaya Texts (Part I) Translated from the Pâli by T.W. Rhys Davids and Herman Oldenberg

INTRODUCTION TO THE VINAYA TEXTS FROM THE PÂLI.


IN the present MSS. the Vinaya Pitaka is divided into the following books:

1. Pârâgika, } called collectively the Sutta-vibhanga.
2. Pâkittiya,
3. Mahâvagga, } called collectively the Khandhakas.
4. Kullavagga,
5. Parivâra-pâtha.

These books constitute that part of the sacred literature of the Buddhists which contains the regulations for the outward life of the members of the Buddhist Samgha–nearly the oldest, and probably the most influential, of all Fraternities of monks.

It is impossible to frame any narrower definition of the Vinaya than this, since the gradual change of circumstances in the Fraternity resulted in a gradual change also in the Vinaya itself. To give any more detailed account of what the Vinaya is, it will be necessary to trace what can be at present ascertained of its history; to show that is, so far as it is yet possible to do so–the causes which led to the establishment of the oldest Rules and Ceremonies of the Order, and to follow step by step the accretions of new literary work around this older nucleus.

Vinaya Texts (Part I) http://www.sacred-texts.com/bud/sbe13/sbe1302.htm

Vinaya Texts (Part 2)http://www.sacred-texts.com/bud/sbe17/index.htm

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=9085

The Way to the End of Suffering – Ven Bhikkhu Bodhi Thero

The essence of the Buddha’s teaching can be summed up in two principles: the Four Noble Truths and the Noble Eightfold Path. The first covers the side of doctrine, and the primary response it elicits is understanding; the second covers the side of discipline, in the broadest sense of that word, and the primary response it calls for is practice. In the structure of the teaching these two principles lock together into an indivisible unity called the dhammavinaya, the doctrine-and-discipline, or, in brief, the Dhamma. The internal unity of the Dhamma is guaranteed by the fact that the last of the Four Noble Truths, the truth of the way, is the Noble Eightfold Path, while the first factor of the Noble Eightfold Path, right view, is the understanding of the Four Noble Truths. Thus the two principles penetrate and include one another, the formula of the Four Noble Truths containing the Eightfold Path and the Noble Eightfold Path containing the Four Truths.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Noble-Eightfold-Pathby-Bhikku-Bodhi.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=8770

Mahakaccana Master of Doctrinal Exposition – Ven Bhikkhu Bodhi Thero

Mahā Kaccāna was one of the Buddha’s foremost disciples with a special skill of being able to explain in detail the meaning of brief utterances of the Buddha. This 46-page booklet offers a short biography of the Ven. Mahā Kaccāna, followed by a survey of the discourses ascribed to him in the Pāli Canon.

“It was on the basis of such skills that the Enlightened One named him the foremost master of doctrinal exposition, and it is this that constitutes his outstanding contribution to the Buddha’s Dispensation.” (p. 46)

[pdf]http://www.dhammikaweb.com/pdfs/Maha-Kaccana.pdf[/pdf]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=9043

බුද්ධඝෝෂ හිමියන්ගේ ජීවන තොරතුරු

බුද්ධඝෝෂ හිමියන් භාරත බෞද්ධ සාහිත්‍යයේ අතිශ්‍රේෂ්ඨ ග්‍රන්ථ කර්‍තෘවරුන් අතර බොහෝ විචාරකයන්ගේ පැසැසුමට ලක්වූ කීර්තිදරයෙකි. රීස් ඩෙවිඩ්ස් ප්‍රකාශ කරන පරිදි “ඔහුගේ දක්ෂතාව ගැන කිසිම සැකයක් නොවේ. එයට සම වූයේ ඔහුගේ ප්‍රතිභාව (originality) නිදහස් චින්තනය ගැන දැනට කිසිම සාධකයක් නොවේ “දෙදහස් පන්සිය වසරක බොදු සමය (2500 years of Buddhism) යන ග්‍ර‍න්ථය ලියන පී.ටී.බාප්ට් සදහන් කරන පරිදි “බුද්ධඝෝෂ හිමි වැනි තවත් ශ්‍රේෂ්ඨ නාමයක් නැති බව බෝහෝ දුරට ස්ථීරව කිව හැකිය. එම හිමියන් විසින් රචිත පොත්පත් සංඛ්‍යාව මෙන්ම එහි වටිනාකම ගැන සැලකීමේදී තනි පුද්ගලයකු ‍ මෙවැනි සේවයක් කිරීමට සමත් වූයේ කෙසේද යන වග විශ්වාස කිරිම අසීරු වේ.” මහාවංශය තුළින් බුද්ධ‍ඝෝෂ හිමියන්ගේ තරමක ජීවන තොරතුරු දැනගත හැකිය.එමෙන්ම බුද්ධඝෝසුප්පත්ති, ගන්ධවංශ, ශාසනවංශ ආදි කෘතිවලද කරුණු ස්වල්ප වශයෙන් සදහන් ඇත.මහාවංශයේ සදහන් පරිදි බුද්ධඝෝෂ හිමියන් උපත ලබාතිබෙන්නේ බුද්ධගයාව ආසන්නයේ බව සදහන් වේ.

“බෝධි මණ්ඩ සමීපම්හි ජාතො බ්‍රාහ්මණ මාණවො”

තවත් සමහරෙක් උන්වහන්සේ බුරුමයෙ හෝ තායිලන්තයේ උපත ලැබු බව පවසයි.කෙසේ නමුත් බුද්ධගයාවේ දීර්ඝ කාලයක් වාසය කර ඇත.

“විජ්ජාසිප්පකලා‍වෙදී-තීසු වෙදේසු පාරගො”

ගිහි කාලයේ ත්‍රිවේදයේ පරතෙරට ගිය විද්‍යා ශිල්ප කලාවන් පිළිබද මනා දැනුමක් ඇති බමුනෙක්ය.විසුද්ධි මාර්ගයේ බුද්ධඝෝෂ යන සැදුන සැටි විස්තර කර තිබේ.

“බුද්ධඝොසොති ගරූහි ගහිත නාමදෙ‍යෙන”

බුදුරජාණන් වහන්සේගේ මෙන් මුඛ ශබ්දය ඇති හෙයින් බුද්ධඝෝෂ යන නම තැබූ බව කියවේ.

“බුද්ධඝොසොති ඝොසොහි බුද්ධො විය මහීතලෙ”

බුද්ධඝෝෂ හිමියන්ගේ මව සහ පියා කේසි බමුණා සහ කෙසිනි බැමිණිය බව මහාවංශයේ දක්වා තිබේ. මේ දෙදෙනා “ඝෝෂ” නම් ගමේ ජීවත් වූ නිසා ‍ඝෝෂ යන කොටස යොදා ඇති බව සිතිය හැකිය. මේ හිමියන් ලංකාවට පැමිණීමට පෙර නාගර්ජුනීකොණ්ඩ වල සිටි බව “බුද්ධඝෝසුප්පත්ති” කෘතියෙහි සඳහන් වේ. මහාවංශයේ සඳහන් කරන්නේ උතුරු දඹදිව ජීවත් වූ බවය. එයට හේතුව නම් ඒ ප්‍රදේශය දැක පැහැදිළිව විස්තර කර තිබීමය. සම්මෝහවිනෝදනී විභංගට්ඨකථාවේ සඳහන් කරනනේ මේ හිමියන් දෙමළ බවය.

“මාතා දමිළී පිතා අන්‍ධකො කෙසං ජාතො ධාරකො සචේ මාතු කථං පඨමං සුනාති දමිළ භාසං භවිස්සතිසචේ පිතු කථං පඨමං සුනාති අන්‍ධක භාසං භවිස්සති”

යනුවෙන් හෙළටුවාවලද මේ හිමියන් දෙමළ සහ බ්‍රහ්මණ වංශිකයෙක් බව සඳහන් වෙයි. බුද්ධඝෝෂ හිමියන්ගේ චරිත කථාව මහාවංශය, බුද්ධඝෝසුප්පත්ති කථාව,ගන්‍ධවංශය ආදී කෘති වල සඳහන් පරිදි පාලි සාහිත්‍යයේ ද සඳහන් කර ඇත. ඝෝෂ ග්‍රාමයේ කේසි යන පවුල ගම් ප්‍රධානියන්ය. මේ කාලයේ රහත් තෙරනමක් සිංහල අටුවා පාලි බසට හරවා ගැනීමට සමර්ථයෙක් සොයමින් සිටියි. එහිදී දිව්‍ය ලෝකයේ ඝෝෂ නම් දෙවියෙක් පිළිබඳ දැනගෙන සක්‍ර දෙවියන්ට මේ පිළිබඳ දන්වා ඝෝෂ දෙවියන්ට මනුලොව උපදින ලෙස ආරාධනා කරයි. ඊට පසුව කේසිනීට දාව මෙම ඝෝෂ උප්පත්තිය ලැබුවාය.

” සත්වෙනිදා ඝෝෂ දෙව්පුත් කේසිනී බැමිනියගේ කුසැ පිළිසිඳ ගති. දස මසක් ඇවෑමෙන් ඒ කුමරු ඒ කුමරු බිහි වූ විට ගෙදර කව්,බොව් ආදී ශබ්දයන් නැගු බැවින් ඒ කුමරුට ඝෝෂ යැයි නම් තැබූහ” යනුවෙන් බුද්ධඝෝසුප්පත්තියේ සඳහන්ව ඇත. “පැරණි ලක්දිව බෙෳද්ධ ඉතිහාසය” නම් කෘතියේ අදිකාරම් මහතා පවසන පරිදි බුද්ධ ශාසනය තව කාලයක් පවත්වාගෙන යෑම සඳහා උන්වහන්සේ පහළ වූ බවය. ඝෝෂ කුමරුගේ උප්පත්තියෙන් අනතුරුව ත්‍රිවේදයේ පර‍තෙරට ගොස් රජුට පවා අපසු වචන තේරුම් කරදීමට තරම් සමත් වූහ. දිනක් ඝෝෂ කුමරුගේ නිවසට පැමිණි තෙරනමක් තමන්ගේ පුටුවේ වාඩිවී සිටිනවා දැක උන්වහන්සේට බැනවදිනවා.

“ඔබ වේදය හෝ අන්කිසි මන්ත්‍රයක් දනී දැයි ඇසීය” පැමිණෙන තෙරුන් වහන්සේ වේදය දන්න බව කියමින් ඔබ අභිධර්මය දන්නව ද? යනුවෙන් විචාරයි. ඒවාට පිළිතුරු දීමට නොහැකි වන කුමරු දෙමාපියන්ට ඒ පිළිබඳ පවසා ඉගෙනගෙන සිවුරු අරින බව කියමින් පැවිදි වීමට අවසර ඉල්ලාගෙන පැවිදි වී තුන් මාසයකින් මුළු ත්‍රිපිටකයම කළේය. බුද්ධඝෝෂ නමින් රහත් තෙරනමක් උපාධ්‍යාය වශයෙන් සිට පැවිදි වී විසි වයස් සම්පූර්ණ වීමෙන් උපසම්පදාව ලබානෙ ඇත. ඉන් අනතුරුව එක් අවස්ථාවක තම ආචාර්ය්‍යවරයා ධර්මයෙන් පැරදවීමට උත්සහ ගෙන ඇත. රහත් තෙරුන් මෙය කල් ඇතිව දැනගෙන බුද්ධඝෝෂ හිමියන්ට එසේ කිරිම වැරදි වැඩක් බව පවසා ලංකාවට ගොස් බුද්ධ වචනය පාලියට හරවා ගෙන එවයි කියා නියෝග කර ඇත.

බුද්ධඝෝෂ හිමියන් මහානාම රජ දවසේ (ක්‍රි.ව.407-429) ලංකාවට පැමිණී බව අනුමාන හැකි වූ නමුත් පාලි සාහිත්‍යය කෘතියේ බුද්දත්ත හිමියන් පවසන්නේ මෙසේය. “සිරිනිවාස නම් රජුගේ රාජ්‍යෝද‍යෙන් 20වැනි වර්ෂයෙහි විශුද්ධි මාර්ගය ලියන්නට පටන්ගෙන 21 වෙනි වර්ෂයේදී නිමකළ බවයි. බුද්ධඝෝෂ හිමියන්ගේ විනය අටුවා‍වෙහි මේ බව සඳහන් වන බව බුද්ධදත්ත හිමියන් පවසයි. මහාචාර්ය මලලසේකර මහතා පවසන්නේ සිරිනිවාස සිරිකුණ්ඩ නම මහානාම රජුටම භාවිතා කර ඇති බවය. මේ අනුව බුද්ධඝෝෂ හිමි ලංකාවට වැඩම කළ කාල සීමාව සැක සහිත වූ නමුත් ක්‍රි.ව.5 වැනි සියවසේ ලංකාවේ වාසය කළ බවට සාක්‍ෂි ඇත.

[සංස්කරණය] බුද්ධඝෝෂ හිමියන්ගේ ශාස්ත්‍රීය සේවාව

රීස් ඩේවිඩ්ස් සහ ඩී.ටී.බාප්ට් ප්‍රකාශ කරන ආකාරයට බුද්ධඝෝෂ හිමියන් මෙවැනි අටුවා රැසක් කෙලෙස ලීවාද යන්න පිළිබඳ පුදුම සහගත දෙයක් ලෙස කරුණු දක්වා ඇත. බුද්ධඝෝෂ හිමියන්ට රාජ්‍ය අනුග්‍රහය නොඅඩුව ලැබුන බවට සාක්‍ෂි මහාවංශයේ ඇත. මේ හිමියන් මුළු ත්‍රිපිටකයටම අටුවා ග්‍රන්ථ රචනා කර ඇත. එම කෘති නම්

 

ත්‍රිපිටක ග්‍රන්ථය අටුවා ග්‍රන්ථය
විනය පිටකය සමන්තපාසාදිකා විනය අටුවාව
ප්‍රාතිමෝක්‍ෂය කංඛාවිතරණී අටුවාව
දීඝ නිකාය සුමංගලවිලාසිනී අටුවාව
මජ්ඣිම නිකාය පපඤ්චසූදනී අටුවාව
සංයුත්ත නිකාය සාරත්‍ථප්පකාසිනී අටුවාව
අංගුත්තර නිකාය මනෝරථපූරණී අටුවාව
ඛුද්දක පාඨය විනයත්‍ථප්පකාසිනී අටුවාව
ධම්මපදය ධම්මපදට්ඨකථාව
සුත්තනිපාතය පරමත්‍ථජෝතිකා අටුවාව
ජාතක ජාතකට්ඨකථාව
ධම්මසංගිනී ප්‍රකරණය අත්‍ථසාලිනී අටුවාව
විභංග ප්‍රකරණය සම්මොහවිනෝදනී අටුවාව
කථාවත්‍ථු ප්‍රකරණය
පුග්ගලපඤ්ඤත්ති ප්‍රකරණය
ධතුකථා ප්‍රකරණය පඤ්චප්පකරණට්ඨකථාව
යමක ප්‍රකරණය
පට්ඨාන ප්‍රකරණය

ඉහත සඳහන් කෘති ලිවීමට පෙ‍ර බුද්ධඝෝෂ හිමියන් ලංකාවට පැමිණි අවධියේම ලි‍යන ලද කෘතිය වන්නේ විශුද්ධිමාර්ගයයි එයද අටුවා ස්වරූපයෙන් රචනා කර ඇත. ඉහත කෘති අතරින් ඇතැම් කෘතිවල කතෘ පිළිබඳ ගැටලු පැවතුන ද බොහෝදෙනාගේ පිළිගැනීම බුද්ධඝෝෂ හිමියන් මේ සියලු කෘති රචනා කළ බවය. බුද්ධඝෝෂ හිමියන් මුලින්ම සම්පාදනය කරන ලද විශුද්ධිමාර්ගය අනුරාධපුර විහාරවාසී ආචාර්ය සංඝපාල තෙරුන්ගේ ආරධනාවෙන් ලියා ඇත. අටුවා පාලි භාෂාවට පරිවර්ථනය කිරීමට පෙර බුද්ධඝෝෂ හිමියන්ගේ දැණුම පරික්‍ෂා කිරීමට මේ කෘතිය ලිවීමට පැවරූ බව සඳහන් වේ. මේ සඳහා

“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො”

යන ගථාව ප්‍රස්තුතය වශයෙන් තබාගෙන මේ කෘතිය රචනා කර ඇත.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=9022

The White Buddhist: Henry Steel Olcott and the Sinhalese Buddhist Revival

EACH YEAR on February 17, Buddhists throughout Sri Lanka light brass lamps and offer burning incense to commemorate the anniversary of the death of an American-born Buddhist hero. In Theravadan temples, saffron-robed monks bow down before his photograph, and boys and girls in schools, houses across the country offer gifts in his memory.

May the merit we have gained by these good deeds, they meditate, pass on to Colonel Olcott, and may he gain happiness and peace. Disinterested historians describe Henry Steel Olcott as the president-founder of the Theosophical Society, one of America’s first Buddhists, and an important contributor to both the Indian Renaissance in India and the Sinhalese Buddhist Revival in Ceylon (now Sri Lanka). Less objective observers have allotted Olcott an even more central place in sacred history. A prime minister of Ceylon praised Olcott as one of the heroes in the struggle for our independence and a pioneer of the present religious, national, and cultural revival.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Colonel-Olcott.pdf[/pdf]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=9056

Abhidharmaye Mulika Karunu- Ven Rerukane Chandawimala Thero

abidarmaye-mulika-karunuභිධර්මයේ මූලික කරුණු

“අභිධර්මයේ මූලික කරුණු” නැමැති මේ පොත අප විසින් සම්පාදනය කරන ලද්දේ මෙයින් ම අභිධර්මය උගෙනීමට නොවේ. පරමාර්ථධර්ම අතිසූක්ෂම බැවින් දුරවබෝධය. එබැවින් පොතපත කියවීමෙන් හා ගුරුන් ගෙන් ඇසීමෙන් ද ඒ ධර්මය උගන්නා තැනැත්තන්ට නොයෙක් විට වැරදි හැගීම් ඇති වෙයි. වැරදි හැගීම් ඇතිවීම යයි කියනුයේ පරමාර්ථ ධර්ම වැරදි ලෙස තේරුම් ගැනීමය. මෙකල අභිධර්මය උගෙන ගෙන සිටින අය අතර ද බොහෝ දෙනා ඇතැම් කරුණු වරදවා තේරුම් කරගෙන සිටින බව ඔවුන්ගේ කථා වලින් ද ඇතැම් ලියවිලි වලින් ද අපට පෙනිණ. අපට මේ පොත ලිවීමේ අදහස පහළ වූයේ ද එහෙයිනි.

වැරදි හැගීම් ඇති වීමේ ප්‍රධාන හේතුව වචනවල අවුලය. දැන් තිබෙන පරමාර්ථ ධර්ම දක්වන පොත් සියල්ල ම වාගේ සම්පාදනය වී තිබෙන්නේ වචන ප්‍රධාන කරගෙන ය. වචනය විග්‍රහ කොට වචනයට අනුව ම ධර්මය තේරුම් කරන්නට ඒ ගත් කරුවන් උත්සාහ කර තිබේ.  විග්‍රහ කොට වචනය වර්ණනා කිරීම් වශයෙන් කරන ධර්ම විවරණයෙන් ඒ ඒ ධර්ම තේරුම් ගැනීම අපහසුය. ධර්මය උගනුවන්ට වැරදි හැගීම් ඇති වීමට වචන වර්ණන කිරීම් වශයෙන් ධර්මය දැක්වීම ද එක් හේතුවකී. එබැවින් අප විසින් ඒ ක්‍රමය නොගෙන ධර්මය ම ප්‍රධාන කර ගෙන ධර්ම විවරණය කිරීම වශයෙන් මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී.

අභිධර්මය උගන්නකුට වඩාම පිරිසිදු දැනුමක් වුවමනා වන්නේ අභිධර්මයේ මෞලික කරුණු ගැනය. එබැවින් ඒ කරුණු ගැන දැනුම පිරිසිදු කර ගැනීමට උපකාර වීමේ අදහසින් ශක්ති පමණින් මේ පොත සම්පාදනය කරන ලදී. අභිධර්මාර්ථ සංග්‍රහය ආදි පොත්වලින් අභිධර්මය උගන්නා වූ ද්, උගත්තා වූ ද, අභිධර්මය උගන්වන්නා වූ ද, කාහටත් මෙයින් මහත් ප්‍රයෝජනයක් වනු ඇතය යනු අපගේ විශ්වාසය ය.

සම්පූර්ණ පොත පහත පිවිසුමෙන් බා ගන්න.

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=2137

Sanghaya Wahanse saha Mudal – Ven Ananda Maitreya Thero & Anagarika Dharmapala Thuma

balangoda_ananda_maitreya_thero-470x303dharmapalaසංගයාවහන්සේ සහ මුදල් පරිහරනය

බලංගොඩ ආනන්ද මෛත්‍රී මහනාහිමි සහ අනගාරික ධර්මපාල තුමා අතර හමුවීම

අප ශ්‍රී ලංකාව ඇතුලු මුළු මහත් ලෝකයේ බුදුදහමේ උන්නතිය උදෙසා විශිෂ්ඨ සේවාවක් සිදු කළ අපේ රටෙන් පහල වූ වීරවරයන් දෙදෙනෙකු වන බලංගොඩ ආනන්ද මෛත්‍රී මහනාහිමි සහ අනගාරික ධර්මපාල තුමා අතරේ වර්ෂ 1919 දී ඉතාමත් වටිනා අද කාලයටත්  වලංගු වන කරුණක් වන ක්‍රිස්තියානී ධර්ම ප්‍රචාරයට විරුද්ධව නැගීසිටි ආකාරයන් සහ “සංගයාවහන්සේ සහ මුදල් පරිහරනය”පිළිබදව විචිත්‍රවත් සංවාදයක් දෙදෙනා අතරේ සිදුවී ඇත. මෙම සංවාදය “බුදුබව පතන බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහනාහිමි” පොතේ පිටු අංක 107 සිට 118 පිටුවල ඇත.

මෙම සංවාදය තුලින් ධර්මපාල තුමාගේ ධම්ම දැනුම සහ ඒ තුලින් තර්ක කිරීමේ විශිෂ්ඨ හැකියාවක් තුබූ කෙනෙකු බව ආනන්ද මෛත්‍රී මහනාහිමි විසින්ම පෙන්වාදී ඇත. ඒ අතරේ එවකට අවුරුදු 23 ක් වයසැති තරුණ වයසේ පසුවූ ආනන්ද මෛත්‍රී  නාහිමි කිසිම විටක මුදල් පරිහරනය නොකළ අතර ධර්මපාල තුමාට දුන් පිලිතුරු විශ්ලේෂනය කිරීමේදී උන්වහන්සේගේ ධම්ම අවබෝධය ඉතා හොදින් අපට වටහා ගත හැකි අතර බුදුරජාණන් වහන්සේ පැනවූ විනය නීති ඒ අයුරුන්ම පිළිපැදි ශ්‍රේෂ්ඨ හිමි නමකි. අද දවසේ දානමාන පිංකම් ආදීයේ යෙදෙන පිංවතුන් මේ ගැන සිහියේ තබාගෙන කටයුතු කිරීමෙන් බුද්ධ වචනය ඒ අයුරින්ම පිලිපැදීමත් එහි ආනිසංස මෙලොව දීම ලබා ඒ පිං නිවන් අවබෝධය පිණිසම හේතු කර ගනිත් වා! 

අද බහුලව බෞද්ධයන් අතරේ කථාබහට ලක්වන්නාවූ මාතෘකාවක් වන්නේ, සමහර සංගයාවහන්සේලා  මුදල් පරිහරණය කිරීම සහ මුදල් ලබා ගැනීම  චෝදනාවයි. එය බුදුරජාණන් වහන්සේ පැන වූ විනය නීතිය උල්ලංගනය කිරීමක්. එමනිසා මෙම ලිපිය මෙලෙස බෞද්ධ ඔබ හමුවේ තැබීම කාලෝචිත යැයි මා සිතුවෙමි.  තීරණය කිරීම ඔබ සතුය. ඔබ සංගයාවහන්සේ කෙනෙක් වුවද,  ගිහියෙක් වුවද  මෙම ලිපිය කියවීමෙන් යම් දැනුමක් ලබා ගත්තේද, එය මේ උතුම්වූ සද්ධර්මයේ ඉදිරි යහපත පිනිස කටයුතු කිරීමට හේතුවේවා.!  

මේ ලිපිය කියවීමෙන් ඔබට පසක් වෙන වා ඇති සංඝයාවහන්සේලා ට මුදල් අකැප බව

 

ඉහත සඳහන් පිටු කීපය කියවීමට/බා ගැනීමට පහත ඇති පිවිසුම් වලට ඇතුළු වන්න.

Download

 

 

සූත්‍ර පිටකයෙන් උදාහරනයක් 10. මණිචූළකසුත්‌තං, 8. ගාමණිසංයුත්‌තං , සළායතනවග්‌ගපාළි, සගාථාවග්‌ගපාළි – සංයුත්‌තනිකාය

…..‘තග්‌ඝ ත්‌වං, ගාමණි, එවං බ්‍යාකරමානො වුත්‌තවාදී චෙව මෙ හොසි, න ච මං අභූතෙන අබ්‌භාචික්‌ඛසි, ධම්‌මස්‌ස චානුධම්‌මං බ්‍යාකරොසි, න ච කොචි සහධම්‌මිකො වාදානුවාදො ගාරය්‌හං ඨානං ආගච්‌ඡති. න හි, ගාමණි, කප්‌පති සමණානං සක්‍යපුත්‌තියානං ජාතරූපරජතං, න සාදියන්‌ති සමණා සක්‍යපුත්‌තියා ජාතරූපරජතං, නප්‌පටිග්‌ගණ්‌හන්‌ති සමණා සක්‍යපුත්‌තියා ජාතරූපරජතං, නික්‌ඛිත්‌තමණිසුවණ්‌ණා සමණා සක්‍යපුත්‌තියා අපෙතජාතරූපරජතා. යස්‌ස ඛො, ගාමණි, ජාතරූපරජතං කප්‌පති, පඤ්‌චපි තස්‌ස කාමගුණා කප්‌පන්‌ති……..

10. මණිචූළකසුත්‌තං – පාළි සහ සිංහල පරිවර්ථනය – බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා

>>12. සත්‌තසතිකක්‌ඛන්‌ධකය – චුල්ලවග්ගපාළිය,  විනය පිටකය ඇවැත්නි, එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ඒ වෙහෙරෙහි දී ම ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයා ඇරබ රන්රිදී ප්‍රතික්‍ෂේප කළසේක. ශික්ෂාපදයක් ද පැනවූයේක.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=4975