Kale Gahak – Ven Ajahn Chah Thero

kale_gahakකැලේ ගහක් – උපමා එකතුවකි -පූජ්ය අචාන් චා හිමි

අචාන් චා හිමි ගෙන හැර දක්වා ඇති හැම උපමාවක් ම උන්වහන්සේගේ වනගත ජීවිත කාලය තුළ දී ලත් පුළුල් අත්දැකීම අනුසාරයෙන් මතු වී ඇත. උන්වහන්සේ ලබාදෙන පුහුණුව නම් තම අභ්‍යන්තර මෙන් ම බාහිර ක්‍රියාකාරකම් හා හැඟීම් ගැන විවෘත මනසින් විමසා බලා ඒ කෙරෙහි නිති අවධානය යොමු කිරීමය. උන්වහන්සේගේ ක්‍රියාකාරකම්වල හෝ පුහුණුවේ හෝ විශේෂත්වයක් නොමැති බව උන්වහන්සේ පෙන්වා දෙති. තමා කැලේ ගසක්ය යනු උන්වහන්සේගේ හැඳින්වීමය. ගස ගසක් මෙන් අව්‍යාජ ව සිටියි. අචාන් චා හිමි ද ඒ ලෙසින් ම අව්‍යාජ ව සිටියි. එහෙත් —විශේෂත්වයක් නැත යන සංකල්පය තුළින් ම උන්වහන්සේ තුළ තමා ගැනත් ලෝකය ගැනත් ගැඹුරු අවබෝධයක් ඉස්මතු විය.

අප, ජීවත් වීම සඳහා ස්ථීර  නිවසක් නැති විට කිසිම අරමුණක් නොමැතිව තැනින් තැන නවතිමින් සිට  නැවතත් ඒ මේ අත ඉබාගාතේ යන්නවුන් වැනිය. ගමනක් යාම සඳහා තම ගමෙන් බැහැර ගිය අයකු මෙන් අප කුමක් කළත් අපේම නිවසට පැමිණෙන තුරු සැනසිලි සුවයෙන්තොර බවක් දැනේ. සුවපහසු ප්‍රබෝධවත් සැහැල් ̈සිතක් පහළ වන්නේ, තම නිවසට පැමිණි විට පමණි. ලෝකයේ කිසිම තැනක නියම සාමය දැක ගත නොහැකි වෙයි. එහෙයින් ඔබ තුළම සාමය උදාකර ගැනීමට බලන්න.

එසේම අප ධර්මය උගෙන ඒ ගැන දැනීමක් ලබා එය පුරුදු පුහුණු කර ඇතත්, අප එහි ඇති ගැඹුරු සත්‍යය අවබෝධ කර නොගතහොත් අප තවමත් නිවහනක් නැති, අරමුණක් නැති, අයාලේ ඇවිදින්නන්ගේ තත්ත්වයට පත්වේ.

Download.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=520

Seeing Through – Ven Katukurunde Ñāṇananda Thero

A guide to Insight Meditation –

Insight Meditation paves the way to that penetrative wisdom which delivers the mind from bondage to Samsara. This bonage often baffles the thinker because there is a “catch” in the tools he has to take up to break it. Percepts are subtly elusive and concepts are tacitly delusive. So the insight worker has to forge his own tools to break this bondage, going the Buddha’s Middle Way.

“Seeing – Through” carries with it the implication that there is a deception to be seen through. The Buddha has compared consciousness to a magic – show. In order to overcome the spell of delusion created by the magic – show, one has to get an insight into its tricks. Consciousness has to be comprehended by wisdom which in capable of penetrating through the facade

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=13755

Nibbana ( 3 & 4)- Ven Katukurunde Ñāṇananda Thero

නිබ්බාන දෙසුම් පෙලේ 3 වෙනි සහ 4 වෙනි දේශනයන් (දෙසුම් 33 කින් සමන්විත) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

පටිච්චසමුප්පාදයේ සමුදය, නිරෝධ කියන දෙපැත්තම තේරුම් ගැනීමට අදාලවන ඒ සාධක, සූත්‍ර,  පසුගිය දේශනා වලින් අප ඉදිරිපත් කලා. දියසුළිය ගැන අප තවත් කල්පනා කරලා බලනවා නම් සමාන්තර ගැලපීමක් වශයෙන් මේ පටිච්චසමුප්පාද අංග දිය සුළියේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණයට අනුව ගලා බසින මහා ජල කදට එරෙහිව යා හැකියි කියන…..

අවිද්‍යාව තමයි දියසුළියේ ආරම්භය. ඊලගට මේ අවිද්‍යාව නිසා උසිගැන්වෙන සංස්කාර, යම් කිසි අරඇදීම් ප්‍රයත්න රාශියක් තිබෙනවා නම් අර දියවැල ඉදිරියට ගෙන යන, ඒවා අපට හිතාගන්න පුළුවන් සංස්කාර ලෙසට. ඊලගට ඒ දියවැල ඉදිරියට ගොස් අර මහ ජල කදේ හැපී දියසුළියක් බවට පත්වන අවස්ථාවේ දී අපට සිතාගන්න පුළුවන් ඒ විඥඥාණය, විශේෂයෙන්ම දියවැල පීරාගෙන ඉදිරියට ඇදීම තමයි විඥඥාණය. ඒක මහ ජල කද සමග හැපී නාමරූප ලෙසට එක්තරා ස්වභාවයක් පෙන්නුම් කරයි…..      

3 වෙනි දේශනය

[mp3]http://assets4.dhammikaweb.com/uploads/2012/08/NIVANA-03.mp3[/mp3]

4 වෙනි දේශනය

[mp3]http://assets4.dhammikaweb.com/uploads/2012/08/NIVANA-04.mp3[/mp3]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=13731

Abinikmana – Ven Katukurunde Ñāṇananda Thero

අබිනික්මන – පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි

ඈත ජනපදවලින් බුදු පියාණන් වහන්සේ දකින්න වැඩම කළ සංඝයා වහන්සේලා පිරිසක් පසු දවසේ පිණ්ඩපාතයේ වඩින අතරේ බන්ධනාගාරයට ගිහිල්ලා සොරුන් දැකලා ලොකු සංවේගයකට පැමිණිලා ඇවිත් බුදුරජාණන් වහන්සේට කියනවා “භාග්‍යවතුන් වහන්ස, අද අපි පිණ්ඩපාතයේ වඩින අතර හිර ගෙදර හිර කරපු අය බැඳලා ඉන්නා ආකාරය දැක්කා. ඒ අය ඉතාමත් දුක් විඳිනවා ඒ බන්ධන කඩා ගන්න බැරිව. ඒ විදිහට දුක් රාශියක් මැද්දේ වෙනවා දැක්කා.

භාග්‍යවතුන් වහන්ස මීටත් වඩා දැඩි බන්ධන තිබෙනවා ද ලෝකේ? කියලා ඇහුවා. එතකොට බුදු පියණන් වහන්සේ ප්‍රකාශ කරනවා ” මහණෙනි මොනවද ඔය බන්ධන ඔයිටත් වැඩිය සිය දහස් ගුණයක් වැඩි බන්ධනය තමයි ධන ධාන්‍ය, අඹුදරුවන් පිලිබද තණ්හා වශයෙන් ඇති ක්ලේශ බන්ධනය. නමුත් එබඳු ඒ බරපතල බන්ධනය පවා අතීතයේ පුරාණ පඬිවරු සිඳලා දමලා හිමවතට ගිහිල්ලා පැවිදි දම් රැක්කා’ය කියලා ඊලගට ජාතක කථාවක් බුදු පියාණන් වහන්සේ ඒ නිමිත්තෙන් ප්‍රකාශ කොට වදාළා…..

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=13764

Budhu Dahama – Ven Diyatalawe Piyadassi Thero

පූජ්‍ය දියතලාවේ පියදස්සී හිමි

බුදුවරයෙක් පහල වීම සහ වර්තමානයේ බුදුදහම අපේ ස්මාජයට බලපා ඇත්තේ කුමන ආකාරයටද?

බුදුදහම යනු දර්ශනයක්ද? ආගමක්ද?

බුද්ධ වචනය සිංහලට පරිවර්තනය කිරීමේදී එහි නියම අර්ථයට සිදුවන්නේ කුමක්ද?

[youtube]ExyqejYG340[/youtube]

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=8716

Nibbàna Sermon 01 – The Mind stilled – Ven Katukurunde Ñāṇananda Thero

“This is peaceful, this is excellent, namely the stilling of all pre­pa­rations, the relinquishment of all assets, the destruction of craving, detachment, cessation, extinction”.

This in fact is a meditation subject in itself, a kammaññhàna. This is the reflection on the peace of Nibbàna, upasamànussati. So if we can successfully make use of this as both the heading and the theme of these sermons, we would be in a position to understand those six qualities of the Dhamma. We are told that the Dhamma is svàkkhàta, that it is well-proclaimed, sandiññhika, can be seen here and now, akàlika, timeless, ehipassika, inviting one to come and see, opana­yika, leading one onwards, paccat­taü veditabbo vi¤¤åhi, that it can be understood by the wise each one by him­self.

This set of sermons would have fulfilled its purpose if it drives home the true significance of these six qualities of the Dhamma.

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=13366

Bhagawa Budu Gunaya – Ven Na Uyane Ariyadhamma Thero

compress_Na_UyaneTheroභගවා “බුදුගුණය – පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි

බුදු ගුණ අනන්තයි. සර්වඥයන් වහන්සේ නමක් කල්පයක් බුදුගුණ පමණක්ම දේශනා කලත් කල්පය ගෙවී යයි නමුත් බුද්ධ ගුණ අවසන් නොවේ. මෙම අනන්ත බුදුගුණ සම්පීඩනය වී ඇති “ඉතිපීසෝ” පාඨයේ ඇති “භගවා” යන බුදුගුණය පිළිබද සාරිපුත්ත මහ රහතන්වහන්සේ මහ නිර්දේශ පාළියේ කර ඇති ඉතාමත් විසිතුරු ධර්ම දේශනය පාදක කරගනිමින්   නා උයනේ මහනාහිමි මනා ලෙස මෙම බුදුගුණය විග්‍රහ කර ඇත.

බෞද්ධයන් වශයෙන් අපට බුදුගුණ තුලින් බියක් තැතිගනීමක් නූපදින්න, සතුරු උපද්‍රව වලකින්න, ග්‍රහදෝෂ අපල උපද්‍රව වලක්වාගන්න, තමා සිතූ පැතූ යහපත් කටයුතු සපල කරගන්න බුදුගුණ තරම් ඖෂධයක්, ආරක්ෂාවක්, මන්තරයක්, ශාන්තියක් වෙන නැති බව මෙම දේශනාවෙන් ඔබට පැහැදිලි වන බව නිසැකය.

 

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=8543

Pachcheka Buddhapadanan – Khuddaka Nikaya , Apadanapaali

Pachchaka_buddhadownloadපච්චෙක බුද්ධාපදානං  –ඛුද්දක නිකාය, අපදානපාළි, පඨමභාග –බුද්ධවග්ග (02)

වෙදෙහිපුත්‍ර (ආනන්ද ස්ථවිර ) තෙමේ දෙව් රම් වෙහෙරෙහි වැඩවසන්නා වූ බුදුරජාණන් වහන්සේගෙන්  ” වීරයන් වහන්ස පසේබුදුවරු ලොව පහළ වෙත්. ඒ බුදුවරු කිනම් හේතුවකින් පහළ වෙත් දැ? යි නැමදුම් පෙරටු ව විචාළේ ය.

එකල්හි මහර්ෂි වූ සර්ව්ඥ බුදුරජානන් වහන්සේ භද්‍ර වූ ආනන්දස්ථවිරයන් වහන්සේට ” පෙර බුදුවරුන් වෙත කරණලද පුණ්‍යසම්භාර ඇති ඒ බුදුසසුන්හී නො ලබන ලද නිවන් ඇති ඉතා සියුම් නුවණින් යුත් ඒ ප්‍රඥයෝ එම සංවේගය ම මුල් කොට බුදුවරුන්ගේ අවවාදානුශාසනාවන් රහිත ව ස්වල්පමාත්‍ර වූ ද අරමුණක් හේතු කොට ගෙන පසේබුදුබවට පැමිණෙත් ය” යි මධුරස්වරයෙන් වදාළ සේක.   

පසේබුදුවරයන් වහන්සේලා පිළිබද මනා විග්‍රයක් මෙම සූත්‍රාන්තපිටකයෙහි, ඛුද්දක නිකාය ,” අපදානපාළියෙන්” පිටපත් කර ගත් (අංක 12 සිට 23 දක්වා ) පිටු කීපය කියවීමෙන් ඔබට ලබා ගත හැක.

මෙම  පිටු කීපය කියවීමට හෝ බාගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Pachcheka_Buddhapadanan_KuddakaNikaya_Page12_23_Pdf41පච්චෙක-බුද්ධාපදානං.pdf[/pdf]

 

 

=======================================================================

සම්පූර්ණ අපදාන පාලි (පාලි/සිංහල) පහත වෙබ් අඩවියට පිවිස ඛුද්දක නිකාය පිවිසුමෙන් ඔබට ලබා ගත හැක.

Download Khuddaka Nikaya – Apadanapali

 

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=11164

Nibbana (1 & 2)- Ven Katukurunde Ñāṇananda Thero

ssනිබ්බාන දෙසුම් පෙලේ පලමුවෙනි සහ දෙවන දේශනයන් (දෙසුම් 33 කින් සමන්විත)   – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

පසුගිය දා අපට අසන්නට ලැබුණු ධර්ම දේශනා කීපයක් මත අප යෝගාවචර පිරිස අතර නිර්වාණය පිළිබඳව සඳහන් වන සමහර ගැඹුරු සූත්‍ර ගැන අදහස් ඇතිවුනු බවත් ඒ නිසා ඒ සම්බන්දයෙන් යම් ධර්ම දේශනා පෙලක් පැවැත්වීමෙන් පිරිසට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් බව සිතා දේශනා කරන්නට යෙදුන දේශනා පෙලේ මෙම 1 වෙනි සහ දෙවන දේශනයන් භාවනා මනසිකාරයට හසු කරගත හැකි අන්දමට සකස් වූවකී.

නිර්වාණයට සිත යොමු කරන අන්දම මුල් තැන තබාගෙන මේ දේශනා පෙලට පසුබිම වශයෙන් පලමුවෙන්ම කාරණා කීපයක් සදහන් කරන්න සිද්ධවෙනවා. පසුබිම වශයෙන් විශේෂයෙන්ම කිව යුතු ව තිබෙන්නේ, නිර්වාණය සම්බන්ධ ගැඹුරු සූත්‍ර රාශියක අර්ථය පිළිබඳව යම් යම් ව්‍යාකූලතා ඇතිවීමට හේතුව ගැන යමක් කිව යුතු ව තිබෙනවා..……

1 වෙනි දේශනය

Download

2 වෙනි දේශනය

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=13703

Keles Awula Lihanne keseda – Ven Balangoda Ananda Maitreya Thero

balangoda_ananda_maitreya_thero-470x303කෙලෙස් අව්ල ලිහන්නේ කෙසේද?

පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි

බුදුරජානණ් වහන්සේ වදාළා සීලයේ පිහිටන්න, සමාධිය වඩන්න, එසේම ප්‍රඥාව හෙවත් විපස්සනාව වඩන්න කියා. මේ කෙලෙස් නසන මාර්ගය සීල, සමාධි, ප්‍රඥා යන කොටස් තුනකින් සමන්විත වෙයි.

ඇයි මේ කොටස් තුනක්? සීලය කුමටද? සමාධිය කුමටද? ප්‍රඥාව කුමටද?  

මේ කාරණය අප පැහැදිළිව දැන ගන්නට ඕනේ. ක්ලේශයන් ගේ අවස්ථාවන් තේරුම් ගත් විට බුදුරජානණ් වහන්සේ වදාළ මේ සීල, සමාධි, ප්‍රඥා  මනාව තේරුම් ගන්න පුලුවන්.

 Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=383