The Four Nutriments of Life – Ven Nyanaponika Thera

Translated from the Pali with an Introductory Essay
by Ven Nyanaponika Thera

ALL BEINGS subsist on nutriment” — this, according to the Buddha, is the one single fact about life that, above all, deserves to be remembered, contemplated and understood.1 If understood widely and deeply enough, this saying of the Buddha reveals indeed a truth that leads to the root of all existence and also to its uprooting. Here, too, the Buddha proved to be one who “saw to the root of things” (múla-dassávì).2 Hence, it was thought useful to collect his utterances on the subject of nutriment (áhára), together with the instructive explanations by the teachers of old, the commentators of the Páli scriptures.

The laws of nutriment govern both biological and mental life, and this fact was expressed by the Buddha when speaking of four kinds of nutriment: edible food, sense-impressions, volitions, and consciousness. It is hunger that stands behind the entire process of nutrition, wielding its whip relentlessly. The body, from birth to death, craves ceaselessly for material food; and mind hungers as eagerly for its own kind of nourishment, for ever new sense-impressions and for an ever expanding universe of ideas.

[pdf]http://www.dhammikaweb.com/pdfs/The-Four-Nutriments-of-Life.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=10212

King Kaawantissa – Saddharmalankaraya

Light_to_nationකාකවර්ණතිස්සරාජ වස්තුව ( කාවන්තිස්ස රජතුමා) 

පූජ්‍යාචාර්ය ජයබාහු ධර්මකීර්ති මහා ස්ථවිර පාදයන් විසින් රචිත “සද්ධර්මාලංකාරය” නමැති කෘතියෙන් පිටපත් කර ගන්නා ලදී (පිටු අංක 418 සිට 428 දක්වා )

අප බහුතරයක් ශ්‍රී ලාංකිකයන් අතරේ කාවන්තිස්ස රජතුමා ප්‍රසිද්ධ වන්නේ එතුමාට ඔහුගේ පුත් දුටුගැමුණු කුමරුන් විසින් එක් අවස්ථාවක දි ස්ත්‍රී ආභරණ යැවීම නිසා, කාවන්තිස්ස රජු බියගුලු චරිතයක් සහිත රජකෙනෙකු බවට ය. නමුත් එතුමන්ගේ ජීවන තොරතුරු ඇතුලත් සද්ධර්මාලංකාරය නමැති පොතේ සදහන් පහත පිටු කීපය පමණක් කියවීමෙන්, එතුමන් කෙතරම් පින්වන්ත, ශ්‍රී ලංකාවට සහ බුද්ධ සාසනයේ උන්නතියට මොනතරම් සේවයක් කළ උත්තමයෙක් ද බව ඔබට පැහැදිළි වනු ඇත. එතුමා දුටුගැමුණු කුමරුන්ට ලංකාව එක්සේසත් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමෙහි අත්තිවාරම දැමූ වීරවරයාය.

කාවන්තිස්ස නම් රජ්ජුරුවෝ වනාහි දානශීලාදී වූ දශප්‍රකාර පාරමී ධර්මයන් පුරා මස්තකප්‍රාප්ත කොට ලොව්තුරා බුදු වන්නාවූ එක්තර බුදුකෙනෙකුන් වහන්සේට ඒ බුදු වන ජන්මයෙහි ජනක වූ පිය තනතුරු ලැබෙම්ව’යි ප්‍රාර්ථනා කොට කප් ලක්ෂයක් මුලුල්ලෙහි නිරතුරුව වඩනාලද ඒකාකාර වීර්ය්‍යක් ඇති ව බොහෝ කුශලසම්භාරයන් රැස් කරමින් දිව්‍ය මනුෂ්‍ය සම්පත් විද සසර ඇවිදින්නා වූ එක් භවයක්දී (ගෞතම බුදුන්ගේ මේ බුද්ධෝත්පාදයට පූර්ව භාගයෙහි ) වැදිව ඉපිද පිං රැස් කර ගනිමින් එයින් මිය කාමාවචර දෙව් ලොව ඉපිද එයින් අවුත් ලංකාදීපයෙහි වැදිගමෙක ප්‍රධාන වැද්දාට පුත්‍රව ඉපදී බොහෝ පින් රැස්කොට එයින් මිය රුහුණු මාගම ගොඨාභය රජ්ජුරුවන්ට පුත්‍රව උපන් නමින් කාවන්තිස්ස නම් පසුව ශේෂ්ඨ රජකෙනෙකු වූ, දුටුගැමුනු රජතුමාගේ පියතුමා වූ සූසැටක් රජමහා විහාර කරවා උපමා නොකොට හැකි අනෙකප්‍රකාර කුසල්කොට සූසැට අවුරුද්දක් දැහැමෙන් රාජ්‍ය පිළිපැද තුෂිත භවනේ උපන. ඒ කාවන්තිස්ස රජ්ජුරුවෝ වනාහි මතු බුදු වන මෛත්‍රී බුදුනට බුදු වන ජාතියෙහි පිය වන්නාහ.විහාර මහාදෙවි එම බුදුනට මව් වන්නාහ

“සද්ධර්මාලංකාරය” නමැති කෘතියෙන් පිටපත් කර  ගත් (පිටු අංක 418 සිට 428 දක්වා ) පිටු කියවීමට හෝ බාගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න.

[pdf]http://www.dhammikaweb.com/pdfs/kakawarnatissaRaja_Wasthuwa_wantissaraja_SaddharmalankarayaPDF455_Page418.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=10194

Paradara Sewanayen duruweeme kathawa – Ven Polwatte Buddhadatta Thero

Kamamithyacharaya” පරදාර සේවනයෙන් දුරුවීමේ කථාව “

ඉතා පැරණි සිංහල බණ කථා
සීහළවත්ථුවේ සිංහල අනුවාදය

රචක – ආචායර්‍ය ධම්මනන්දී මහතෙර
අනුවාදක – අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මහානායක හිමි

අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මහානායක හිමියන්ගේ “ඉතා පැරණි සිංහල බණ කථා” – සීහළවත්ථුවේ සිංහල අනුවාදය නම් කෘතියෙන් අංක (19) –පරදාර සේවනයෙන් දුරුවීමේ කථාව පලකර ඇති කොටසින් (පිටු අංක 55 සිට 57) පිටපත් කර ගන්නා ලදී.

කාම සැපයෙන් පෙළඹුණු පුද්ගලයෝ යුද්ධයට වැදීමද දියට පිවිසීමද සොරුන් අතරට යාමද මහවනයකට ඇතුල්වීම ද පර්වත දුර්ගයකට යාම ද ගණන් නොගනිත්. එබැවින් කාමසැපයෙන් මා සතුටු කරව‘යි ස්ත්‍රිය කීය. ඉදින් මාගේ කීම නොකරන්නෙහි නම් තාගේ ඒම සාර්ථක නොවන්නේ යයි ද කීය. සොරා ඇගේ කීම අසන්ටත් නොකැමති වී “සොඳුර, මම ශීලයක් රකිමි” යි කීය…………….

එක සිකපදයක් රැකීමෙන් මෙලොවදීම මෙතෙක් විපාක ලදිමි. හැම සිකපද රකින්නන්ට කෙතරම් මහත් ඵලයක් ලැබෙන්නේද?  සිල් රැකීමෙන් පිරිසිදු වූ ඒ සොරතෙමේ පව්මල දුරුකොට ධර්මපී‍්‍රතිය පි‍්‍රයකොට උපාසකයෙක් විය.

ඉහත පිටු කීපය කියවීම/බා ගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න

Download

 

==================================================================

සීහළවත්ථු නමැති පාළිපොත වනාහි විනාශමුඛයෙන් යන්තම් බේරා ගන්නා ලද්දකි. 

සීහළවත්ථු (සම්පූර්ණ පොත) 

.

 

 

 

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=10172

Anuruddha Therapadaanan – Khuddaka Nikaya,Apadanapaali

compress_Anuruddha_අනුරුද්ධථෙරාපදානංඛුද්දක නිකාය, අපදානපාළි, පඨමභාග -ථෙරාපදානං(04)

කල්ප තිස්දහසකට පෙර සුමේධ භාග්‍යවතුන් වහන්සේ වැඩවසනා සමයෙහි උන්වහන්සේට දහසක් වැටි දී සහ එම වැටි සතියක මුලුල්ලේ දැල්වී තිබේ. පසුව ගෞතම බුද්ධ සාසනයේ නමින් මහ දිවැස් ඇති අනුරුද්ධ මහ රහතන් වහන්සේ වීමට ප්‍රථම උපදිනා ලද භවයන් වූ

තිස්කපක් මුළුල්ලෙහි ශක්‍ර දේවේන්ද්‍රව, අටවිසිවරක් රටෙහි සක්විති රජවී ද ඇත.

අනුරුද්ධ මහ රහතන් වහන්සේ පිළිබදව විස්තර මෙම “අපදානපාළියෙන්” පිටපත් කොට ඉදිරිපත් කර ඇති කොටසෙන් ඔබ හැමට ලබාගත හැක.

ඉහත පිටු කීපය කියවීම/බා ගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න

[pdf]http://www.dhammikaweb.com/pdfs/Anuruddhatherapadanan.pdf[/pdf]

========================================================

සම්පූර්ණ අපදාන පාලි – භික්ඛූ අපදාන1 (පාලි/සිංහල) ඛුද්දක නිකාය.  

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=9706

The Sangha – Ven Bhikkhu Bodhi Thero

The presence of the Triple Gem thus depends upon the the ariyan Sangha or community of noble sages who have realized the ultimate, world-transcending truth.

In my view, it is a task for the Sangha to serve as the voice of Buddhist conscience in the world.

[mp3]http://assets4.dhammikaweb.com/uploads/2011/07/BB-010_The_Sangha.mp3[/mp3]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=10008

Seelaya – Ven Rerukane Chandawimala Thero

LavaPhoto” ශීලය ” – අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි

මහනාහිමියන් විසින් රචිත බෞද්ධයගේ අත්පොත නම් කෘතියෙන් ශීලය සම්බන්දව පලකර කොටසින් (පිටු අංක 121 සිට 135) පිටපත් කර ගන්නා ලදී.

ශීලය ස්ත්‍රී, පුරුෂ, ගිහි, පැවිදි, බාල, මහලු සෑම දෙනාට ම සුදුසු ඇදුමකී. උඩු සුළගෙහි ද යන්නා වූ ස්වර්ගය තෙක් පැතිරෙන්නා වූ සුවදෙකි. කෙලෙස් රෝගයට දිව්‍ය ඖෂධයකී. කෙලෙස් නමැති විෂයට දිව්‍ය මන්ත්‍රයකි. . කෙලෙස් සතුරනට ඇතුළු විය නො හෙන බලකොටුවෙකි. පව් නමැති කිලුටු සෝදා හරින්නා වූ දුක් ගිනි නිවන්නා වූ ජලයෙකි. සියලු සැපයට හේතුවෙකි. උතුම් ධනයෙකි. මහා බලයෙකි. මහා පිහිටෙකි. සියලු බුදු, පසේ බුදු, මහ රහතන්වහන්සේලාගේ තීර්ථයෙකි. නිවනට පිවිසෙන දොරටුවෙකි.

ඉහත පිටු කීපය කියවීම/බා ගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න

Download

 

==========================================================

බෞද්ධයගේ අත්පොත (සම්පූර්ණ පොත) මෙම වෙබ් පිටුවෙන් ලබාගත හැකිය. http://www.dhammikaweb.com/?p=1485

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=10026

Ven Balangoda Ananda Maitreya Thero

balangoda_ananda_maitreya_thero-470x303පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි

මෑත භාගයේ ශ්‍රී ලංකාවේ වැඩ සිටි විශිෂ්ටතම මහා යතිවරයකු වන අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහනාහිමියන් යම් කරුණක් වදාලේ, උන්වහන්සේ පොත්පත් ඇසුරෙන්, ජීවිතයේ ප්‍රායෝගිකව ධම්ම දැනුමෙන් ලබාගත් අවබෝධයන් මතය. ආනන්ද මෛත්‍රෙය මහනාහිමියෝ මෙරට සංඝ සමාජයේ අද්විතීය තනතුරු රැසක්‌ හෙබැවූහ. අමරපුර සද්ධම්ම වංශ නිකායේ රාස්‌සගල විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක ධූරය, එහිම මහානායක ධූරය, සමස්‌ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ධූරය එබඳු තනතුරු වේ.

Venerable Balangoda Ananda Maitreya was one of the great personalities of Theravada Buddhism in the twentieth century, and it is testimony to his vast store of past merits that his life span stretched clear across this century from its beginning almost to its end. In the course of his exemplary life this outstanding Mahathera has held some of the most prestigious academic and ecclesiastical posts in the country.

Download

==============================================================

Read more about Ven Balangoda Ananda Maitreya Thero

http://en.wikipedia.org/wiki/Balangoda_Ananda_Maitreya_Thero

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=10036

NIBBANA – Ven Bhikkhu Bodhi Thero

The Buddha says that he teaches only Dukkha and the cessation of Dukkha, that is, suffering and the end of suffering. The First Noble Truth deals with the problem of suffering. However, the truth of suffering is not the final word of the Buddha’s teaching. It is only the starting point. The Buddha starts with suffering, because his teaching is designed for a particular end: it is designed to lead to liberation. In order to do this he must give us a reason for seeking liberation. If a man does not know that his house is on fire, he lives there enjoying himself, playing and laughing. To get him to come out we first have to make him understand that his house is on fire.

In the same way the Buddha announces that our lives are burning with old age, sickness and death. Our minds are flaming with greed, hatred and delusion. It is only when we become aware of the peril that we are ready to seek a way to release.


[mp3]http://assets4.dhammikaweb.com/uploads/2011/07/Nibbana_VenBhikkhuBodhi.mp3[/mp3]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=9971

Sathwayan Upadhina Sthana – Ven Rerukane Chandawimala Thero

sathwayan සත්වයන් උපදනා ස්ථානයෝ “
අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි

මහනාහිමියන් විසින් රචිත බෞද්ධයගේ අත්පොත නම් කෘතියෙන් “සත්වයන් උපදනා ස්ථානයෝසම්බන්දව පලකර කොටසින් (පිටු අංක 189 සිට 196) පිටපත් කර ගන්නා ලදී.

තම තමන් කළා වූ කර්මවල සැටියට සත්ත්වයන් උපදනා ස්ථාන කාම භූමිය ය, රූප භූමිය ය, අරූප භූමිය යයි තුනෙකි. අපාය භූමි සතර ය, මිනිස් ලොව ය, දෙව්ලෝ සය ය යි කාම භූමි එකොළෙසකි.

එහි අපාය භූමි සතරය, යනු නරකය ය, තිරිසන් යෝනිය ය, ප්‍රේත නිකාය ය, අසුර නිකාය ය යන මේවා ය.

සසර සැරිසරන්නා වූ සත්ත්වයන් සුගතියෙහි ද උපදින නුමුත් බොහෝ සෙයින් උපදින්නේ දුගතියෙහි ය. එ බැවින් ඔවුනට සතර අපාය සිය නිවෙස බඳු ය. එක් එක් සත්ත්වයකු විසින් වර්ෂ සිය ගණනකට වරකුදු පිපාසාව සන්සිඳෙන පමණට පැනක් හා කුසගින්න සන්සිඳෙන පමණට අහරක් ද නො ලැබ ඉතා දුකසේ කල් යවන ප්‍රේත ව අතීතයෙහි උපන් වාරයන්ගේ ප්‍රමාණයක් ද නැත්තේ ය.

භයානක රූප ඇති යම රකුසන් විසින් වෑ පොරෝ වලින් කපමින් යහුල්වලින් හනිමින් ගිනියම් වූ ලොහො ගුලි ලෝදිය මුව බහාලමින් අපමණ දුක් දෙන සඤ්ජිවාදි නරකවල උපන් වාරයන්ගේ ප්‍රමාණයක් නැත්තේ ය. නිවනට නො පැමිණ සසර රැඳුන හොත් සත්ත්වයාට මතු ද එසේ ම කටුක දුක් බොහෝ විඳින්නට සිදු වන්නේ ය.

කරුණු මෙසේ හෙයින් සසර රැඳී සිටීමේ භයානකත්වය කියා නිම කළ නොහේ. ඒ බව දත් බුද්ධාදි උත්තමයෝ සංසාර බන්ධනය සිඳ සසරින් එතර ව නිවන් පුරයට පිවිසුනාහු ය. දුකින් මිදෙනු කැමැත්තෝ ඒ නිවනට පැමිණීමට උත්සාහ කරත්වා.

ඉහත පිටු කීපය කියවීම/බා ගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න

 

 

බෞද්ධයගේ අත්පොත (සම්පූර්ණ පොත) මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. http://www.dhammikaweb.com/?p=1485

 

 

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=10100

Kalyana Mithra Sampaththiya – Ven Na Uyane Ariyadhamma Thero

Na_Uyane_Thero“කල්‍යාණ මිත්‍ර සම්පත්තිය”
 
 නා උයනේ අරියධම්ම මහනාහිමි

සම්මා සම්බුදුරජානණ් වහන්සේ අතීත, වර්තමාන, අනාගත කාලත්‍රයට අයිති සර්ව ධර්මයන් අතට ගත් නෙල්ලි ගෙඩියක් සේ අඩුවක් නැතිව දැක වදාළ නිසා සම්මා සම්බුද්ධ නම් වේ. බුදුරජානණ් වහන්සේගේ සියල්ල දක්නා වු සර්වඥනථා ඥාණයෙන් දේශනා කොට වදාළ “කල්‍යාණ මිත්‍ර සම්පත්තිය” පිලිබද ධර්ම දේශනාව නා උයනේ අරියධම්ම මහනාහිමි මනා ලෙස විග්‍රහ  කර ඇත.

කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ඇතිනම් නූපන් අකුසල් නූපදිනවා. උපන් අකුසල් ප්‍රහානය වෙනවා. නූපන්න කුසල් උපදිනවා. උපන්න කුසල් වැඩෙනවා. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය මේ තුන් ලෝකවාසී සමස්ත ලෝක සත්වයාටම ලැබේ වා.!

සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !

 Download

 

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=9993