Forest Dhamma

Venerable Ãcariya Mahã Boowa

“Training the heart to attain happiness is the way that all the Buddhas proclaimed to be the right and true way. When our hearts never have time to rest and attain calm, they are not fundamentally different from those of animals. But when our hearts rest, relax and receive training, we will be able to see the harmful affects of thinking and imagining, and turbulence they cause in the heart. Then we will come to see the value of a calm heart. Once we have attained a state of mental calm, we will have reached the first stage of Dhamma, which will lead us steadily onwards. In other words, we will have a firmly established faith in the principles of Dhamma.”

People who have Dhamma in their hearts, and moral behaviour in their actions, speech and hearts, this attracts the hearts of other people everywhere so that they turn to such people – and so it is that they are always popular and well thought of in all ages..

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=4486

Breaking Down Boundaries (English)

Ven Ajahn Wimala

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5116

Ithiwutthaka Paliya

ඉතිවුත්තක පාළිය

කිරිවත්තුඩුවේ ධර්මකීර්ති ශ්‍රී ප්‍රඥසාරාභිධාන මහනාහිමි

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5137

Samprapalapaya (Dasa Akusalyae ) – Ven Rerukane Chandawimala Manahimi

parushaදශ අකුසලයේ – “(7)සම්පප්‍රලාපය”,  “(8) අභිද්‍යාව” , “(9) ව්‍යාපාදය”

තිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් විසින් රචිත බෞද්ධයගේ අත්පොත නම් කෘතියෙන් දශඅකුසලයේ 7,8,9 වන අකුසළ ගැන පලකර කොටසින් . (පිටු අංක 73 -74) උපුටා ගන්නා ලදී. 

අවසාන අකුසල ධර්මය වන මිත්‍යාදෘෂ්ටියසම්බන්ධ විග්‍රහය ඉදිරි සතියේදී පලකෙරෙණු ඇත.

දස අකුසල් සමඟ සසඳමින් දස කුසල් යනු කවරේ දැ යි හඳුන්වා දිය හැකිය. පුන පුනා වට්ටෝරු ගත නොකළත්, කුසල් යනු දස අකුසලින් වැලකීම බව ධර්මය අර්ථකථනය කරන තන්හි දක්වා තිබේ. එනම්, දස කුසල් සිදුකිරීම චාරිත්‍ර ශීලය යි. දස අකුසල් වලින් වැළකීම චාරිත්‍ර ශීලය යි.

ඉහත පිටු කීපය කියවීමට

 

බෞද්ධයගේ අත්පොත (සම්පූර්ණ පොත) මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=6070

Therawadha/Mahayana – Ven Induraagare Dhammarathana Thero

මහමලුව (21-11-2010) මහාචාර්ය ඉදුරාගාරේ ධර්මරතන හිමි

ථෙරවාදය හා මහායානය අතර දැකිය හැකි ප්‍රධාන වෙනස්කම් සහ සමානකම් මොනවාද? මේ ගැන ඉතාමත් විචිත්‍රවත් විග්‍රහ කිරීමක් මෙම ධර්ම සාකච්චාවෙන් ඔබට ලබාගත හැකිය. බුදුදහම තුළ චින්තන නිදහසට හිමිවූයේ අසීමිත තැනක්. අපේ සම්ප්‍රදාය තුළම සුත්ත, ගෙය්‍ය, අත්තනෝමති යනුවෙන් ධර්ම දැකීමේ ක්‍රම තියෙනවා. එහිදී තම අදහසට නිදහස තියෙනවා. ඒ නිසා මූලික ධර්ම කරුණු විග්‍රහ කිරීමේ චින්තන නිදහසට තිබූ ඉඩකඩ නිසාම මෙවැනි දාර්ශනික ගුරුකුල බිහිවුණා. එය හැමඅතින්ම බුදුදහමේ යහපත සඳහා හේතුවුණා. කාලීනව ඇතිවන වෙනස්කම් සමඟ නවීකරණය වී ප්‍රායෝගික වීමට ඒ නිසා ඉඩකඩ සැලසුණා.

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=6165

Bawana

නා උයනේ අරියධම්ම මහනාහිමි
භාවනා

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=4310

කාන්තාවක් වන්නේ පාපකර්මයකින්ද ? – by Deepthika Dharmapala

on Tuesday, November 23, 2010 at 6:53pm

මනුෂ්‍යාත්මභාවයක් ලැබීම අතිශය දුර්ලභකාරණයක් බව බුදුදහම පෙන්නා දී ඇත. එමෙන් ම අංග සම්පූර්ණ ලක්ෂණ සම්පන්තියක් ලැබීම ඊටත් වඩා දුර්ලභ කරුණකි. අංග සම්පූර්ණ ලක්ෂණ සම්පත්තිය ස්ත්‍රී පුරුෂ භාවයෙන් වෙන්කර නැත. නැණ නුවණ ඇතුව, ප්‍රදේශයක බුද්ධෝත්පාද කාලයක, අංගවිකලත්වයෙන් තොරව සුදුසු මනුෂ්‍ය ආත්මයක් ලබන්නේ නම් එය ක්ෂණ සම්පත්තිය යි. ක්ෂණ සම්පත්තියෙන් යුතුව ස්ත්‍රියක් ව හෝ පුරුෂයෙක්ව හෝ ඉපදීම අතිශයින් ම දුර්ලභ කාරණයකි. මවුකුසේ දී සිදුවන ජීව විද්‍යාත්මක සාධක ස්ත්‍රී පුරුෂභාවය තීරණය කරයි. ස්ත්‍රිය පහත් ය. දුබලය. පුරුෂයා උසස් ය. ප්‍රබලය යනුවෙන් මැනීමට නිර්ණායකයක් බුදුදහමේ ඉදිරිපත් කොට නැත.

මනුෂ්‍යාත්මභාවයක් ලැබීම අතිශය දුර්ලභකාරණයක් බව බුදුදහම පෙන්නා දී ඇත. එමෙන් ම අංග සම්පූර්ණ ක්ෂණ සම්පන්තියක් ලැබීම ඊටත් වඩා දුර්ලභ කරුණකි. අංග සම්පූර්ණ ක්ෂණ සම්පත්තිය ස්ත්‍රී පුරුෂ භාවයෙන් වෙන්කර නැත. නැණ නුවණ ඇතුව, ප්‍රදේශයක බුද්ධෝත්පාද කාලයක, අංගවිකලත්වයෙන් තොරව සුදුසු මනුෂ්‍ය ආත්මයක් ලබන්නේ නම් එය ක්ෂණ සම්පත්තිය යි. ක්ෂණ සම්පත්තියෙන් යුතුව ස්ත්‍රියක් ව හෝ පුරුෂයෙක්ව හෝ ඉපදීම අතිශයින් ම දුර්ලභ කාරණයකි. මවුකුසේ දී සිදුවන ජීව විද්‍යාත්මක සාධක ස්ත්‍රී පුරුෂභාවය තීරණය කරයි. ස්ත්‍රිය පහත් ය. දුබලය.

පුරුෂයා උසස් ය. ප්‍රබලය යනුවෙන් මැනීමට නිර්ණායකයක් බුදුදහමේ ඉදිරිපත් කොට නැත. ස්ත්‍රියක් හෝ වේවා, පුරුෂයෙක් හෝ වේවා, අධාර්මිකව පාප කි‍්‍රයාවන්හි යෙදෙන්නේ නම් ඔවුහු වසලයෝ ය. උත්පත්තියෙන් කිසිවෙක් වසල නොවේ. ලිඟු භේදයෙන් ද වසලත්ත්වයට නො පැමිණේ. (න ජච්චා වසලෝ හෝති)

ස්ත්‍රී පුරුෂ භාවය තීරණය වන්නේ සත්වයකුගේ උපතේ මුල් ම අවස්ථාවේදී ය. ස්ත්‍රී පුරුෂ එක්වීමකින් මාතෘ ගර්භයක කලලයක් හටගනී. ඒ කලලයට ගන්ධබ්බයෙක් එළඹෙයි. මේ කරුණු තුන සම්පූර්ණ වූ විට මවුකුසක දරුවකු පිළිසිඳ ගනී. ඒ ඒ අවස්ථාවේදී ම කාය – භාව – වස්තු දශක තුන ඇතිවෙයි. කාය යනු ශරීරය යි. භාව යනු ස්ත්‍රී භාවය හෝ පුරුෂභාවය හෝ පිහිටීම යි. වස්තු නම් හදය වස්තුව යි. මේ දශක තුන පහළවීමට පුරාකෘත කර්ම බලවේගයක් බලපාන නමුත් ස්ත්‍රීත්වය පාප කර්මයකින් ඇතිවන්නක් බව මුල් බුදුසමයෙහි සඳහන් වී නැත. එය ජීව විද්‍යාත්මක ප්‍රභේදයක් පමණි. එහෙත් පුරුෂයන්ට නැති ස්ත්‍රීන්ට පමණක් ආවේණික දුක් ගැන අංගුත්තර නිකායේ ‘ආවේණික දුක්ඛ සුත්‍රයෙන්’ පැහැදිලි කර ඇත. එනම් විවාහයට පත්වීමේ දී දෙමවුපිය සහෝදර හිතවතුන්ගෙන් වෙන්වීමට සිදුවීම. වැඩිවියට පත්වීමෙන් , සැමියාට ඇප උපස්ථාන කිරීමට සිදුවීම මේ ජීවවිද්‍යාත්මක හා සමාජ හැඩගැසීම් අනුව සිදුවන දුක් වේදනා කීපයකි.

මහා පරිනිර්වාණ සූත්‍රයට අනුව සිදුහත් තවුසා බුද්ධත්වයට පත් වහාම මාරයා පැමිණ ‘ඔබවහන්සේ මෙතෙක් වෙහෙස දැරූයේ බුද්ධත්වය ලබා ගැනීම පිණිස යි. දැන් එය මස්තක ප්‍රාප්ත වී ඇත. එහෙයින් පිරිනිවන් පාන්නැ’ යි ආරාධනා කළේ ය. එම මාර ආරාධනය නො පිළිගත්තේ ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්මානුධර්ම ප්‍රතිපන්න, සහේතුක ව පරවාදයන් මථනය කරන භික්ෂූන් ඇති වී නො සිටි නිසා ය. එවැනි භික්ෂූන් ඇති වූ විට මාරයා නැවත පැමිණ පිරිනිවන් පෑමට ආරාධනා කළේ ය. එම ආරාධනාව ඉහත කී ගුණයන්ගෙන් යුත් භික්ෂුණීන් ඇති නො වූ නිසා ප්‍රතික්ෂේප විය. තෙවැනි වතාවට පිරිනිවීමට කළ ආරාධනාව එබඳු උපාසකයන් නැති නිසා ද සිවුවැනිව කළ ආරාධනාව එබඳු උපාසිකාවන් පහළ වී නො සිටි නිසා ද ප්‍රතික්ෂේප විය. මෙයින් පැහැදිලි වන්නේ භික්ෂුණී ශාසනයක් ඇතිකිරීමේ අදහස බුදුරජාණන් වහන්සේට මුල සිට ම පැවති බව ය. ප්‍රජාපතී ගෝතමියගේ ඉල්ලීම දෙවතාවක් ම ප්‍රතික්ෂේප කළසේක් සුදුසු අවස්ථාව එනතුරු ය.

අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ද පුරාණ දීපංකර බුදුරදුන්ට නැගණියක් ව ඉපදී සිටිය බව සඳහන් වේ.

කාන්තාවක් මරණින් පසු දෙව්ලොව උපන්නත් බොහෝ වශයෙන් දිව්‍යාංගනාවන් වශයෙන් උපත ලබන බව විමානවත්ථු ආදි පොතපතින් පැහැදිලි වෙයි. බ්‍රහ්ම ලෝකයන්හි පුරුෂ නිමිත්ත හෝ ස්ත්‍රී නිමිත්ත හෝ නැත. එහෙත් බ්‍රහ්මත්වය පුරුෂාර්ථ වාචීව ව්‍යවහාර කෙරේ. බ්‍රහ්ම ලෝකයක ඉපදීමට ස්ත්‍රීත්වය බාධාවක් ද නො වේ. කාන්තාවක් වුව ද ධ්‍යාන උපදවාගෙන ධ්‍යානය නො පිරිහී මරණයට පත්වුවහොත් ඊළඟට උපදින්නේ ලබාගත් ධ්‍යානයට අනුකූලව බ්‍රහ්ම ලෝකයක ය.

කෝසල සංයුත්තයේ ‘ධීතු’ සූත්‍රයෙන් පෙන්නා දී ඇත්තේ ඇතැම් ස්ත්‍රියක් පුරුෂයකුට වඩා ශ්‍රේෂ්ඨ වියහැකි බව ය. කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේ සමඟ සතුටු සාමීචියේ යෙදී සිටිනවිට මල්ලිකා දේවියට දුවක් උපන්නාය යන පණිවුඩය ලැබුණි. එය ඇසීමෙන් රජතුමා බලවත් කනස්සල්ලට පත්විය. බුදුරජාණන්වහන්සේ කාන්තාව පුරුෂයකුට වඩා ශ්‍රේෂ්ඨ වියහැකි බවත් එනිසා ඇය පෝෂණය කළයුතු බවත් වදාළහ. බමුණන් ස්ත්‍රිය හැඳින්වීමට සාදාගෙන ඇති වචන ස්ත්‍රියගේ පහත් බව පෙන්වීමට උචිත අයුරු යොදාගත් බව පෙනේ. ‘අබලා’ ‘ද්වංගුලපඤ්ඤා’ ආදී වචන ඊට නිදසුන් වශයෙන් ඉදිරිපත් කළ හැකි ය.

සංයුක්ත නිකායේ ‘සෝමා’ සූත්‍රයෙහි දැක්වෙන පරිදි විවේකීව සිටින සෝමා තෙරණිය වෙත පැමිණි මාර දිව්‍යපුත්‍රයා පැවසුවේ ‘සෘෂීන් විසින් ලැබිය යුතු පදවි දැඟුල් නුවණ ඇති කාන්තාවන්ට නො ලැබිය හැකි බව යි.

එවිට සෝමා තෙරණිය මාරයාට ප්‍රකාශ කළා ‘සිත සමාධිගතව සතිය පවතින කල්හි ධර්මය අවබෝධ කරගත් තැනැත්තාට ස්ත්‍රිත්වය කුමක් කරයි ද? මාරය, මම ස්ත්‍රියක්මි, පුරුෂයෙක් මි’ යනුවෙන් සිතන කෙනෙකුට ඔබේ ඔය අදහස කියන්න, යනුවෙනි. ප්‍රජාපතී ගෝතමී මෙහෙණිය බුදුරදුන්ගෙන් පිරිනිවන් පාන්නට අවසර ගැනීමට පැමිණි අවස්ථාවේ දී දැක්වූ පෙළහර මුගලන් තෙරුන්ගේ පෙළහර පෑමට නො දෙවැනි යැයි බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා මුඛයෙන් දේශනා කොට ඇත.

මනුෂ්‍යාත්මභාවය ලැබීම දුර්ලභ යැයි දෙසු තැන ගැහැණිය ද ගැනෙනුයේ මනුෂ්‍ය ගණයට ම ය. පාප කර්මයකින් කාන්තාව උපදින්නේ නම් දුර්ලභ විය නොහැකි ය. සෝමා තෙරණිය මාරයාට කී දෙයින් පැහැදිලි වන්නේ ඈ ස්ත්‍රී පුරුෂභාවයක් ගැන නො සිතන බව ය. පරමාර්ථ වශයෙන් බලන කල සත්වයා යනු සංස්කාර පුඤ්ජයන් ය. එහි ස්ත්‍රී පුරුෂත්වයක් නැත.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=6128

Suwada Padma

ආචාර්ය ගාමිණි කාරියවසම් (Dr Gamini Kariyawasam)

බෞද්ධයාට නිවන් ගමන පහසු කිරීම සඳහා ආමිස පූජාවෙන් ආරම්භවීමට අවස්ථාව සලසා දී ඇත. එය ප්රතිපත්ති පූජාව හරහා සියල්ල අත්හැරීම මගින් නිර්වාණය පසක් කර ගැනීම සඳහා මිස දිගින් දිගට පවත්වාගෙන යාමට නොවේ. එහෙත් වර්තමානයේ ආමිස පූජාව හරහා බෞද්ධයන් මුලාවන තරමේ රැල්ලක් පවතී.

ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා කියල පූජා ක්‍රම දෙකක් පිළිබඳව ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. සාමාන්‍ය මිනිසුන් කරන දන්දීම, වන්දනාමාන කිරීම ආදිය ආමිස පූජා කියනවා. මේවා බුද්ධ කාලයේත් ඉන් එපිටත් තිබුණා. ඒත් ආමිස පූජාව බුද්ධ ප්‍රශංසාවට ලක්වූ දෙයක් නෙවෙයි. එයින් කියැවෙන්නෑ ආමිස පූජාව වැරැදි දෙයක් කියලා. ආමිස පූජාව හා ප්‍රතිපත්ති පූජාව එකකට එකක් සම්බන්ධ යි.

ඒත් බලන්න මහා පරිනිබ්බාන සූත්‍රයේ පරිදි බුද්ධ පරිනිර්වාණය සිදු වන්න ටික වේලාවකට පෙර දෙවියන් බ්‍රහ්මයන් හා මිනිසුන් විශාල වශයෙන් බුදුන්ට විවිධාකාරයේ පූජා පැවැත්වූවා. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ අහනවා අපි බුදු සිරුර සම්බන්ධයෙන් අනුගමනය කරන්න ඕනෑ මොන විදියේ ක්‍රමයක් ද කියලා. ඒ වෙලාවේ බුදු හාමුදුරුවෝ දේශනා කරනව ආනන්ද මම දීපංකර බුදු රජාණන් වහන්සේගේ පාද මූලයේ සිට ප්‍රාර්ථනා පිරුවේ මේ මල් පූජා සුවඳ දුම් පූජා සංගීත තුර්ය නාද පූජා පතාගෙන නෙවෙයි. දානාදි පෙරුම් දම් පිරුවේ මේවා බලාගෙන නෙවෙයි. යමෙක් තෙරුවන් සරණ යයි නම් පන්සිල්, දසසිල් රකියි නම් දන් දෙයි නම් මව්පියන් රකී නම් දැහැමි ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සංග්‍රහ කරයි නම් ඒකයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ’ කියලා.

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5130

Today is Il full Moon Poya Day

Il (full moon Poya day in November 21, 2010)

Celebrates the obtaining of Vivarana (the assurance of becoming a Buddha) by the Bodhisatta Maitriya and the commissioning of 60 disciples by The Buddha to disperse his teachings. Also the conclusion of the three month retreat (vassana).

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=6110

Chakkawatthi Sihanadha Sutta – Ven Nauyane Ariyadhamma Nahimi

චක්කවත්තීසිහනාද සුත්‍රය – නා උයනේ අරියධම්ම මහනාහිමි

බුදුරජාණන් වහන්සෙගෙ චාරිත්‍රයක් තිබෙනවා වස්සාන  තුන්මාසේ එක්තැන්ව වැඩ සිට නවමාසයක් තිස්සේ ජනපද චාරිකාවේ වැඩම කරන වා.මේ නවමාසේ කාලයට ගන්න දුර ප්‍රමාණය යොදුන් නවසීයක්…… 

මහණෙනි, මගේ ශ්‍රාවකයෝ තමාම තමාට පිහිටක් කොට සරණක් කොට වාසය කරත් වා! අන් පිලිසරණක් නො පතත් වා!ධර්මය තමාට පිහිටක් කොට ගෙන වාසය කෙරෙත් වා!  මහණෙනි, මගේ ශ්‍රාවකයෝ, ශ්‍රාවකයා තම තමාටම සරණක් කර ගන්නේ, පිහිටක් කර ගන්නේ කෙසේ ද?……. 

[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/11/Chakkawathi_sihanadha_Sutta_VenNauyane_AriyadhammaHimi.mp3[/mp3]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=6061