Irdhipada Dharma – Ven Dankande Dhammaratana Thero

compress_Ven_dhankandeTheroඉර්ධිපාද ධර්ම පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි 

භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමට අදහස් කරන අයෙකු විසින් ඇති කරගත යුතු ගුණධර්ම පිළිබඳව සරල විස්තරයක් ඉර්ධිපාද ධර්මයන් ගැන.

භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට යෝගාවචරයන් විසින් ඇති කර ගත යුතු ගුණධර්ම රාශියක් තිබෙනවා. ඒ ගුණධර්ම අතුරින් සත්තිස්බෝධිපාර්ශික ධර්මයන් දියුණු වන්නට ඕනෙ. චරනධර්මයනන්, මේ ඉර්ධිපාද ධර්ම අපගේ සිත තුල වැඩෙන්නට ඕනෙ.  ඒ වගේම කරණීයමෙත්ත සූත්‍රය වැනි සූත්‍ර වල දක්වා ඇති භාවනාවට හිතකර වූ, උපකාර වූ ධර්ම අප ලඟා කර ගන්න ඕනේ.

ඉර්ධි සහ ඉර්ධිපාද කියා වචන දෙකක් තියෙනවා. ඉර්ධිය කියනකොටම ……

.

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14491

Patichcha Samuppadaya (03) – Ven Katukurunde Ñāṇananda Thero

Vignnanaකොටස් වශයෙන් පල කරන්නට යෙදුනපටිච්චසමුප්පාද ධර්මයේ තවත් විග්‍රහයක්

පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි

පටිච්ච්සමුප්පාද ධර්මය හරියාකාරව තේරුම් ගැනීමට විඤ්ඥාණයත්, නාමරූපයත් අතර ඇති අන්යෝන්‍ය සම්බන්ධතාවය ගැඹුරින් වටහා ගත යුතුව තිබෙනවා. පසු ගිය දේශනා දෙකක දීම අපි මේ අන්යෝන්‍ය සම්බන්ධතාව දියසුළියකට උපමා කළා.දියසුළියක ගැඹුරුම තමා පාතාලය, අද මේ අපි ගත්ත ප්‍රේහේලිකා ගාථාවේ පාතාලයක් ගැන සදහන් වෙනවා. 

එක මුලක් ඇති දෙකක් අතර කරකැවෙන, තිලිටි මල තුනක් ඇති, පස් ආකාර පැතිරීමක් ඇති, දියසුළි දොලසක් ඇති, සමුද්‍රයේ පාතලයෙන් රිෂිවරයා එතෙර විය. මෙහි ප්‍රේහෙලිකා ගාථාව විතරයි තියෙන්නේ. මෙය තේරුම් ගන්න අමාරුයි. අටුවාවෙත් එක එක තේරුම් දෙනවා. ඇත්ත වශයෙන් අමාරුයි කියා කීවාට මේ ගාථාවේ දැක්වෙන උපමා සූත්‍ර දේශනා වල එක් එක් තැන් වල තිබෙනවා. 

කොටින්ම ආරම්භයක් වශයෙන් කීවොත්, “පාතාලය” කියන වචනයෙන්ම පටන් ගතහොත්, පාතාල කියා සූත්‍රයක් තියෙනවා (සංයුත්‌තනිකාය-සළායතනවග්‌ගපාළි-වෙදනාසංයුත්‌තං, 4. පාතාලසුත්‌තං – සූත්‍රයේ පිටුව )   එහිදී බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා ‘සාරීරිකානං ඛො එතං, භික්‌ඛවෙ, දුක්‌ඛානං වෙදනානං අධිවචනං යදිදං ‘පාතාලො’ති. -මහණෙනි!’ ශාරීරික දුක්වේදනා වලටම වෙන නමක් තමයි පාතාලය කියන්නේ’  ඔන්න එතකොට පාතාලය මේ පිංවතුන් හඳුනා ගත්තා…

ඊලගට “සමුද්‍රය” කියන්නේ මොකක් ද කියන එකත් අපට හසුවෙනවා, (සංයුත්‌තනිකාය-සළායතනවග්‌ගපාළි-සළායතනසංයුත්‌තං,18.සමුද්‌දවග්‌ගො, පඨමසමුද්‌දසුත්‌තංසූත්‍රයේ පිටුව)  -එහිදී බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා ‘චක්‌ඛු, භික්‌ඛවෙ, පුරිසස්‌ස සමුද්‌දො; තස්‌ස රූපමයො වෙගො. යො තං රූපමයං වෙගං සහති, අයං වුච්‌චති, භික්‌ඛවෙ, අතරි චක්‌ඛුසමුද්‌දං සඌමිං සාවට්‌ටං සගාහං සරක්‌ඛසං;   තිණ්‌ණො පාරඞ්‌ගතො ථලෙ තිට්‌ඨති බ්‍රාහ්‌මණො…මෙහි තේරුම ‘ මහණෙනි මේ ඇස පුරුෂයෙකුට සමුද්‍රයකී. මේ සමුද්‍රයේ රූප නමැති රළ වේග තියෙනවා.යම් කෙනෙක් මේ රූපමය රළ වේග දරා ගනී ද, එහෙම නැත්නම් ඒවාට ඔරොත්තු දෙනවා ද, එබඳු ඒ පුද්ගලයා හඳුන්වන්නේ, ඒ පුද්ගලයා රළ සහිත, දියසුළි සහිත, ග්‍රහණ සහිත(එන්නම් අල්ලා ගැනීම සහිත ), රකුසන් සහිත මේ චක්ඛු සමුද්‍රයෙන් එතෙර වෙලා එගොඩට ගිහින් සිටින භ්‍රාහ්මණයා ලෙසටයි…..

.  

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14433

Nibbāna – 1 of 33 Sermons – Ven Katukurunde Ñāṇananda Thero

Etaṃ santaṃ etaṃ paṇītaṃ, yadidaṃ sabbasaṅkhārasamatho sabbūpadhipaṭinissaggo taṇhakkhayo virāgo nirodho nibbānaṃ.

This is peaceful, this is excellent, namely the stilling of all preparations, the relinquishment of all assets, the destruction of craving, detachment, cessation, extinction”.

This in fact is a meditation subject in itself, a kammaṭṭhāna. This is the reflection on the peace of Nibbāna, upasamānussati. So if we can successfully make use of this as both the heading and the theme of these sermons, we would be in a position to understand those six qualities of the Dhamma. We are told that the Dhamma is svākkhāta, that it is well-proclaimed, sandiṭṭhika, can be seen here and now, akālika, timeless, ehipassika, inviting one to come and see, opanayika, leading one onwards, paccattaṃ veditabbo viññūhi, that it can be understood by the wise each one by himself.

There is a popular belief that the commentaries are finally traceable to a miscellany of the Buddha word scattered here and there, as pakiṇṇakadesanā. But the true state of affairs seems to be rather different. Very often the commentaries are unable to say something conclusive regarding the meaning of deep suttas. So they simply give some possible interpretations and the reader finds himself at a loss to choose the correct one. Sometimes the commentaries go at a tangent and miss the correct interpretation. Why the commentaries are silent on some deep suttas is also a problem to modern day scholars. There are some historical reasons leading to this state of affairs in the commentaries.

[mp3]http://assets4.dhammikaweb.com/uploads/2013/01/nivane_niveema_0001.mp3[/mp3]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14454

Big Bang Buddhism – Ven Ajahn Brahmawamso Thero

VenAjhan-150x150It is a profound talk about cosmic spirituality, explaining how the nature of this universe and how the nature of the mind, as Buddhists understand it, work seamlessly together.

According to Ajahn Brahm, looking out through the telescope we see the vastness of the universe, but (metaphorically speaking); looking down the telescope in the opposite way, we see the mind. The mind is the larger of the two.

By all accounts, proven scientifically, the mind is the initiator of everything that we think and do. So it is not the will, but the mind that gives the order, that initiates the processes of all our actions.

Knowing that, Ajahn Brahm challenges us to let our mind do a big bang explosion and see where it leads us. He encourages us to have limitless imagination. As Einstein famously put it, “imagination is more important than learning”.

[youtube]-xPeLspRBHc[/youtube]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14437

Vattan – Patichcha Samuppadaya (02) – Ven Katukurunde Ñāṇananda Thero

lifeකොටස් වශයෙන් පල කරන්නට යෙදුන පටිච්චසමුප්පාද ධර්මයේ තවත් විග්‍රහයක් 

පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි

සසර පැවැත්ම එකම වට වලල්ලක යාමක් බව තථාගත සම්මා සම්බුදුරජානණ් ලෝකයාට හෙලි කළ වඳාළා. “සංසාරවට්ට” කියන වචනයේ නියම අර්ථයත් ඒකයි. “සංසරණය”, “නිස්සරණය” කියන වචන දෙකෙන් එලිදරව් වෙන්නෙත් වටවලල්ලක කරකැවීම සහ එයින් මිදීම කියන අර්ථය යි……..

යම් දේවතාවෙක් ඇසූ මෙම ප්‍රශ්නයට ( සංයුත්‌තනිකාය- සගාථාවග්ගො -දෙවතාසංයුත්‌තං,3.සත්තිවග්ගො 7.සරසුත්‌තං – 27. සූත්‍රයේ පිටුවට‘කුතො -රා නිවත්‌තන්‌ති, කත්‌ථ වට්‌ටං න වත්‌තති; කත්‌ථ නාමඤ්‌ච රූපඤ්‌ච, අසෙසං උපරුජ්‌ඣතී’’ති. –  කොතනින් දියවැල් නවතී ද? කොතනක දිය සුළිය නොකරකැවේ ද? කොතනක නාමයත්,  රූපයත් සම්පූර්ණයෙන්ම උපරෝධනය වේ ද? වලක්වාලනු ලැබේ ද? 

බුදුරජාණන් වහන්සේ මෙසේ පිලිතුරු වඳාළ සේක. ‘යත්‌ථ ආපො ච පථවී, තෙජො වායො න ගාධති; අතො සරා නිවත්‌තන්‌ති, එත්‌ථ වට්‌ටං න වත්‌තති; එත්‌ථ නාමඤ්‌ච රූපඤ්‌ච, අසෙසං උපරුජ්‌ඣතී’’ති. යම් තැනක ආපෝ,පඨවි,තේජෝ, වායෝ කියන මහාභූත ධර්මයන් ප්‍රතිෂ්ඨාවක් නොලබයි ද, අන්න මෙතනිනුයි ඒ දියවැල් නවතින්නේ, මෙතනයි ඒ දියසුළිය කරකැවෙන්නේ නැත්තේ, මෙතනයි නාමයි,රූපයයි සම්පූර්ණයෙන්ම උපරෝධනය වන්නේ/ වලක්වාලනු ලබන්නේ. මේ ගාථා දෙකේම තියෙන වටිනාම වචනය, අපට පේන හැටියට “වට්ටන්” කියන වචනයි. නමුත් අවාසනාවට වගේ මේ පිංවතුන් බැලුවොත් මේ ගාථාවේ අර්ථය ත්‍රිපිටක පරිවර්ථන ග්‍රන්ථ වල, දකින්න ලැබෙන්නේ මෙන්න මෙහෙම එකක්, අත්ථ වට්ටං නවට්ටති කියන්නේ ” සසර වැසි කොහි නොවසී ද? කියලයි. කොයි තරම් දුර්වල එකක් ද. මේ වැහි කථාවෙන් පටිච්චසමුප්පාදයේ ගැඹුරු පැත්තක් ආවරණය වෙලා තියෙනවා, වැහිල යනවා……

බොහෝ දෙනා තොරන ආකාරයට නොවේ නාම-රූප කියන එක පෙන්නුවේ. කෙටියෙන් ගත්තොත් එය නියම නාමයක් නොවේ නාමස්වරූපයක්, නියම රූපයකුත් නොවේ එය නාමමාත්‍ර රූපයක් ඒ කිව්වේ නාම ධර්ම කියන එක අප පසුවටත් තොරනවා. සාමාන්‍යයෙන් දක්වනවා නම්, වේදනා, සංඥ්ඥා,චේතනා,පස්ස,මනසිකාර කියන ඒ හිත පිලිබඳ යම් ධර්ම පහක් ඒක ආස්‍රයෙන් තමයි මහාභූත ධර්ම, ඒවා හදුනා ගන්නේ අර නාමධර්ම තුලින්. ඒ හදුනා ගැනීම තුලින් රූප පිළිබඳව සංඥ්ඥාවක් ඇති කර ගන්නවා එතකොට………   

.        

Download

To read this sermon in English click on below web link

The Law of Dependent Arising (02)

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14360

Are Buddhists really idol worshippers? – Ven. Dr. K. Sri Dhammananda Thero

 

Many people are under a misapprehension that Buddhists pray to idols. This is due to a lack of knowledge of the teaching of the Buddha and Buddhist customs and traditions.

Buddhists do not normally pray to images and idols; what they do is to pay homage to a great religious teacher who is worthy of honour. The images are erected as a mark of respect and appreciation for the highest achievement of enlightenment and perfection by an extraordinary religious teacher. To a Buddhist the image is merely a token, a symbol, a representation which helps him to recall or to remember the Buddha.

Buddhists kneel before the image and pay their respects to what that image represents.

[youtube]lddfR93l3vE[/youtube]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14399

Divi Kathare Sandhe Andhura– Ven Katukurunde Ñāṇananda Thero

divi_kathare_sandhe_andhuraදිවි කතරේ සැඳෑ අඳුර පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි

උදේට උදාවන ඉර හවසට බැහැලා යනවා. අරුණින් ඇරඹෙන දවසේ ආලෝකය සැඳෑ අඳුරින් කෙළවර වෙනවා. සොබාදහමට අනුව දවසට හිමි මේ ධර්මතාව අපේ ජීවිතයටත් පොදුයි. හිරු අවරට යන බව අපට පහසුවෙන් වැටහෙන නමුත් ජීවිතය අවරට යන බව සාමාන්‍යයෙන් අමතක වෙනවා. ජරා ව්‍යාධි මරණ යන පද තුන බුදු පියාණන් වහන්සේ අපට නිතර සිහිපත් කර දෙන්නේ ඒ නිසයි.

ඇත්ත වශයෙන්ම කියනව නම් ජරාව ව්‍යාධිය මරණය කියන දේවල් ජීවිතයෙ අවස්ථා හැටියට සැළකිය යුතු නෑ. උපතත් සමඟම දිරීමේ ක්‍රියාවලිය ඇරඹෙනවා. ජීවිතයෙ මුල් අවධියේ දී වැඩීම ප්‍රකටයි¦ දිරීම අප්‍රකටයි. මැදි වයසෙන් පස්සේ දිරීම වැඩිය ප්‍රකට වන නිසා තමයි ජරා දුක මැදි වයසෙන් පස්සෙ ඇරඹෙන්නක් හැටියට සළකන්නෙ. මේ දිරීමට අත දෙන්නේ ව්‍යාධියයි. ශරීරය එකම රෝග කූඩුවක් වැඩෙන වේගයට වැඩිය දිරන වේගය වැඩි වෙන කොට රෝග වලට ඉඩ ලැඛෙනව. මරණය, ජීවිත පැවැත්මෙ කෙළවරදි සිද්ධවෙන දෙයක් කියලයි අපි සාමාන්‍යයෙන් හිතන්නෙ. මේ ශරීරයෙන් විඥානය ඉවත් වෙලා වැඩකට නැති දඬු කඩක් වගේ ශරීරය දරදදඬු වෙලා නිශ්ක්‍රීය වීම මරණය හැටියට සළකනවා. නමුත් මරණයත් උත්පත්තිය එක්කම ඇවිල්ලා මේ ශරීරය තුළ පැලපදියම් වෙලා ඉන්න එකක්. හුස්ම දෙකක් අතර තියෙන්නේ මරණයයි. ගත්තු හුස්ම හෙළන්න බැරි වුනොත්¦ හෙළු හුස්ම වෙනුවට වෙන හුස්මක් ගන්න බැරි උනොත් එතැන මරණයයි. පණකෙන්ද තිඛෙන්නේ කොයිතරම් අවදානම් තත්ත්වයකින් ද කියලා ඒ අනුව හිතා ගන්න පුළුවන්.

Free Download

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14382

රේරුකානේ මහ නා හිමියන්ගේ මහා ශාසන සේවයට වසර 107 යි

රේරුකානේ චන්දවිමල නාහිමියන් මතු වන්නේ පඤ්ච මහා බලවේගයේ පුරුකක් ලෙස ජාතිකත්වය අගයන රජයක් පත්කර ගැනීමේ ප්‍රාදේශීය ක්‍රියාශීලියකු ලෙස හා 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් නිහඬව විපුල සේවයක් කළ උතුමකු වශයෙනි.

ඒ වන විට බුරුම ජාතික යූ. විනයාලංකාර හිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස බුරුමයට ගොස් ත්‍රිපිටකය හදාරා උපසම්පදා වී ලක්දිව සැපත්ව සිටි උන්වහන්සේ තම භාෂා දැනුම ද ප්‍රගුණ කරගෙන හරි බුද්ධාගම්කාරයකු වන්නේ කෙසේද යන අදහස ජනතාව අතර ප්‍රචලිත කරන්නට ආරම්භ කළහ. අවබෝධය නැතිව කරන කුශලයට වඩා අවබෝධයෙන් ත්‍රිහේතුක කුශලයක් කිරීමෙන් ලබන ආනිසංසයේ ස්වභාවය තේරුම් කරන්නටත්, භාවනා ක්‍රම ප්‍රගුණ කිරීමෙන් සිතෙහි සැනසීම මෙන්ම සසර ගමනෙහි ආදීනව තේරුම් ගැනීමටත් ජනතාව යොමු කිරීම උන්වහන්සේගේ අදහස විය.

ඒ අරමුණ ඇතිව උන්වහන්සේ අතින් ලියවුණු බෞද්ධයාගේ අත්පොත, පුණ්‍යෙීපදේශය, සූවිසි මහ ගුණය, මංගල ධර්ම විස්තරය, පොහොය දිනය, බෝධි පූජාව, බුද්ධ නීති සංග්‍රහය, බෝධිපාක්‍ෂික ධර්ම විස්තරය, පාරමිතා ප්‍රකරණය, ධර්ම විනිශ්චය, නිර්වාණ විනිශ්චය හා පුනරුත්පත්ති ක්‍රමය, අභිධර්මයේ මූලික කරුණු, අභිධර්ම මාර්ගය, වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම, කෙලෙස් එක්දහස් පන්සීය, පට්ඨාන මහා ප්‍රකරණ සන්නය, අනුවාද සහිත අභිධර්මාර්ථ සංග්‍රහය, චතුරාර්ය සත්‍යය, විදර්ශනා භාවනා ක්‍රමය, චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව, සතිපට්ඨාන භාවනා ක්‍රමය, සතිපට්ඨාන භාවනා විවේචනය හා වෙනත් කෘති, පටිච්ච සමුප්පාද විවරණය, ශාසනාවතරණය, උපසම්පදා ශීලය, විනය කර්ම පොත, අනුවාද සහිත උභය ප්‍රාතිමෝක්ෂය ආදී පොත් තිහක් පමණ වෙයි.

එම ග්‍රන්ථ මීගමුවේ සෝරත හිමියන් හා හේන්ගොඩ කල්‍යාණධම්ම හිමිවරු මුද්‍රණය සඳහා සහාය ලබා දුන්හ. එහෙත් මූල්‍ය සම්පාදනයේ අපහසුතා නිසා මේ පොත්වල පැවැත්ම දුර්වල විය. වරකට පොත් 5 – 6 කට වඩා පොත් හලකින් ලබා ගන්නට නොහැකිව තිබිණ. මේ කාලය වන විට නාහිමියන්ගේ පොත් කියවීමේ ප්‍රතිඵලයක් ලෙස පැවිදි බව ලබා සිටි කිරිඔරුවේ ධම්මානන්ද හිමිපාණන්, දැක නොතිබුණු තම පූජනීය ගුරුවරයාට උවටැන් කිරීම පිණිස නාහිමියන් වෙත වැඩම කර සිටියහ. පොත්වල වටිනාකම ප්‍රායෝගිකව ම දැන සිටි උන්වහන්සේ මේ පොත් නොකඩවා පවත්වාගෙන යාමේ වැදගත්කම සළකා ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්‍ෂණ මණ්ඩලය පිහිටුවීම කෙරෙහි සංවිධායකයකු විය.

සමකාලීන විද්වතුන්ගේ මහත් ගෞරවාදරයට පත් වූ මේ පොත් පෙළ බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහ නාහිමියන් හැඳින්වූයේ ‘ත්‍රිපිටකය තේරුම් ගන්නට මේ පොත් ටිකම කියවීම ප්‍රමාණවත්” බව ය.මේ වකවානුව තුළ මුද්‍රණ තාක්‍ෂණයේ සිදු වූ වෙනස්කම් අනුව යමින් පැහැදිලි නිමාවෙන් යුත් පොත් පෙළක් පවත්වාගෙන යන්නට හැකි වූ නමුත් අන්තර්ජාල පහසුකම් නො සැලසුනොත් තරුණ පරපුරට මේවා ප්‍රයෝජනයට ගන්නට නො ලැබෙන බව පෙනී ගිය බැවින් ඒ සඳහා යොමු වීමේ අවශ්‍යතාව ද මතුව ඇත. එසේ නිවැරදි සරල පොත් මඟින් තරුණ පරපුර වෙත බුද්ධ ධර්මය ළඟා කරන්නට නුපුළුවන් වන්නේ නම් “බණ වැනි බණ, වැරදි බණ” වලට ඔවුන්ගේ මනස කොටු වීම ස්වභාවිකය.දැන් 2600 සම්බුද්ධත්ව ජයන්තියයි. එසේ ම 2013 ජනවාරි 08 වන දින රේරුකානේ නාහිමියන්ගේ 107 වන ජන්ම සංවත්සරයයි. බුද්ධඝෝෂාචාර්යයන් වහන්සේ ලක්දිවට පැමිණ ත්‍රිපිටකයේ ආරක්‍ෂාව උදෙසා කළ මෙහෙයට නොදෙවෙනි ශාසන මෙහෙයක් කළ රේරුකානේ නාහිමියන් සාසනය වෙනුවෙන් කල මෙහෙය මෙතෙකයි කියා නිම කල නො හැකිය.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=12785

Patichcha Samuppadaya (01) – Ven Katukurunde Ñāṇananda Thero

Psamuppada_01සම්මා සම්බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද මෙනෙහි කරන තුන් ආකාරය

පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි

තිලෝගුරු භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බෝධිය ලබා ගෙන, ඒ පර්‍යංකයේම විමුක්ති සුවය විඳිමින් සත්දිනක් වැඩ සිටියා. ඒ සත්දින අවසානයේ දී ඒ තුන් යම් රැයම පටිච්චසමුප්පාද ධර්මය හොඳින් මෙනෙහි කල බව උදාන පාළියේ බෝධිවග්ගයේ එන මුල් සූත්‍ර තුනේ සදහන් වෙනවා.

තමන් වහන්සේ ඒ පටිච්චසමුප්පාද ධර්මය ඒ තුන් යම් රැය තුල තුන් ආකාරයකින් මෙනෙහි කල බව ප්‍රීති වාක්‍ය වශයෙන් ප්‍රකාශ කෙරෙන ගාථා තුනයි මෙම දේශනයට මාතෘකාව වන්නේ. පටිච්චසමුප්පාද ධර්මය අංග දොලසකින් සමන්විත බව අප කවුරුත් දන්නා කරුණ කි. ඇතැම් අය ඉතින් භාවනාවටත් කියවගෙන යනවා මේක. මේ අංග දොලසම ප්‍රත්‍ය ධර්මයන්…….

දැන් අප කීවනේ පටිච්චසමුප්පාද මෙනෙහි කරන තුන් ආකාරයක් තියෙනවා කියා, පලමු යාමය බුදුරජාණන් වහන්සේ මෙනෙහි කලේ හට ගැනීම පිලිබඳවයි. එනම් අනුලෝම, අර ඇතිවීම පිලිබදව, සමුදය පැත්ත. ඔන්න එතකොට මධ්‍යම යාමයේ මෙනෙහි කල ආකාරය, මේ ප්‍රත්‍ය ධර්මයන්ගේ නිරෝධය ක්ෂය වීම දුටුවා එනම් පටිලෝම අවස්ථාව. ඔන්න තුන්වෙනි යාමය එය වඩා ගැඹුරුයි. තුන්වෙනි යාමයේ දී මොකද කලේ මේ දෙකම එකතු කර, අනුලෝම – පටිලෝම දෙකම එකවිට ඒක දක්වන්නේ මෙහෙමයි……

.

Audio Download

 

Free Download eBook

[pdf][/pdf]

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14403

Mindfulness In Plain English – Ven. Henepola Gunaratana Thero

In my experience I found that the most effective way to express something in order to make others understand is to use the simplest language. Also I learned from teaching that the more rigid the language the less effective it is. People to not respond to very stern and rigid language especially when we try to teach something which normally people don’t engage in during their daily life.

Meditation appears to them as something that they cannot always do. As more people turn to meditation, they need more simplified instructions so they can practice by themselves without a teacher around. This book is the result of requests made by many meditators who need a very simple book written in ordinary colloquial language.

The subject of this book is Vipassana meditation practice. Repeat, practice. This is a meditation manual, a nuts-and-bolts, step-by-step guide to Insight meditation. It is meant to be practical. It is meant for use. There are already many comprehensive books on Buddhism as a philosophy, and on the theoretical aspects of Buddhist meditation. If you are interested in that material we urge you to read those books. Many of them are excellent. This book is a ‘How to.’ It is written for those who actually want to meditate and especially for those who want to start now. 

[pdf]http://www.dhammikaweb.com/pdfs/mindfulness_in_plain_english.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14332