“නිරපේක්ෂත්වයේ මග” අද ලංකාවේ නිවනට කෙටි මගවල් සාදාගෙන season-1 & 2 කියා විකාර නම් තමතමන්ගේ ප්‍රසිද්ධිය උදෙසා සාදගෙන් කෙලින්ම රටේ ඉන්නා දොස්තරවරු, ඉන්ජිනේරුවො න්ට පමණයි මේ බුදුදහම තේරෙන්නේ කියමින් නිවනට කෙටිමාර්ග කියා නම් සාදාගෙන බුදුදහම විද්‍යා ඇසින් බලන්න අරගෙන, බුදුදහම විද්‍යාත්මකව දකිමු යන තේමාවල් සාදාගෙන ලඹුගෙඩිය ඇතුලේ නටන තොවිලෙට ගන්නේ අධ්‍යාපනය තමා තියෙන සුදුසුකම බුදුදහම වටහා ගන්න කියන තේමාවයි. මේ කරන්නේ භාවනා කරන්න බුදුරජාණන් වහන්සේ එදා ප්‍රතික්ෂේප කල දෘෂ්ඨි 62 ක ඇතුලත දිවෙන අරමුණක් නැතිව කරන බමුණු භාවනා ක්‍රමවලට මේ අයව යොමුකර භාවනාවේ ප්‍රාථමික අවධියේ පෙනෙන්න පටන් ගන්නා එක එක පාට ධ්‍යාන කියා නම්කර මේ අයව ධ්‍යානයේ අතරමං කිරීමයි. ඉතින් මේ අය සිතන්නේ හරි අපිට ධ්‍යානය ලැබුනා දැන් නිවන ලගයි කියා සාදු සාදු කියමින් මේ නිරපේක්ෂත්වයේ මග වටේ රොක්වෙන වා. අනික සුන්දරම වැඩේ මේ අයට අවස්ථාව දෙනවා මාධයට ඇවිත් තමන්ගේ වීරකම් කියන්න. මේ අය දන්නේ නැහැ මොවුන්ව විකිණෙන බව ඉතින් මේ අයගේ ඇති ඉන්ජිනේරුකම, දොස්තරකම මොකට ද, මිත්‍යදෘෂ්ඨියේ ඇලිලා නම්. මේ බමුණු භාවනා බෞද්ධයන් අතරේ ජනප්‍රිය කිරීමට තමතමන්ගේ ප්‍රසිද්ධිය උදෙසා නිරපේක්ෂත්වයේ මග අල්ල ගන්නේ ඉන්ජිනේරුවෝ වගේ අයවයි.
මොකද විශේෂයෙන් අපේ ලංකාවේ ඉන්ජිනේරුකම් සහ දොස්තරකම් වලින් ඔලුව ලොකු කරගෙන ඉන්න අයත් ඉන්නවනේ හැමෝම නොවේ. නමුත් මේ ඔලුව ලොකු අය හරිම ලේසියි අල්ල ගන්න පොඩ්ඩක් මාධ්‍යට එන්න දුන්නම මයික් කබලක් දීලා තමන්ගේ වීරකම් එකක් දෙකක් කියන්න මුන්දැලට අවස්ථාවක් දුන්නම, උන්දැලට ඒක ලොකුකමක්. අනේ මේ මෝඩරාලලා මේ දැලට ලේසියෙන් අහුවෙන වා. බුදුහාමුදුරුවන් කොතනකවත් අවසර දීලා නැහැ තමන්ගේ ලොකුකම කියන්න. මතකනේ අර පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ උස කනුවක තිබුණු පාත්තරයක් අහසින් ගිහින් ගැනීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ විනය නීතියකින් මේ විජ්ජාවල් පෙන්වීම එතනදීම නැවැත් වූ ආකාරය. නමුත් මේ ලඹුගෙඩිය ඇතුලේ ඉන්න මහදැන මුත්තයි ගෝලොයේ රොත්තයි දන්නේ නැහැ ලඹුගෙඩියෙන් පිටත වන බුදුදහමේ පිබිදීම මොනව ද කියා.
බලන්න මේ කෙටි වීඩියෝව. නිරපේක්ෂත්වයේ මග කරන වැරදි විග්රහයන් මෙන්න නාමරූප නිරෝධයට කෙටි මගක් ධ්‍යාන වඩන කොට බඩ යනවලු එතකොට බඩයෑමත් එක්ක නාමරූප යනවලු. bypass for nibbana. බලන්න මේ කියවන්නේ කුමක් ද කියා. බුද්ධ වචනය කොහේ ද තියෙන්න මේ විකාර කතා තුල. බුද්ධ වචනය විකෘති කිරීමේ පාපයට මනස අවුල් වි ඇති බවයි පේන්නේ.
මේ ධ්‍යාන ගැන අපූරු ඉතාමත් වටිනා දේශනාවක් අපේ කිඩගම්මුල්ලේ පේමසිරි හිමි 6.අස්සජිසුත්තං, (පාළි/සිංහල) (1.ඛන්ධසංයුත්තං 9.ථෙරවග්ගො, සංයුත්තනිකායො). සූත්‍රය ඇසුරෙන් දේශනා කරනවා. ධ්‍යාන කියා ගොඩක් දෙනෙක් සිතන්නේ සිත භවාංග වෙනවා. නිදිගන්න සිතකට යනවා. ඒ නිදිගන්න සිත තත්පරයක් හරි තිබුන නම්, වරුවක් තිබුන නම් ඒක සැපයි. ඒ නිදිගත් සිතේ සැපය ධ්‍යානය යි කියා කථා කරන වා. අන්න වැරදුණු තැන….http://www.dhammikaweb.com/?p=19847
Recent Comments