Simile Of The Cup – Ven Ajahn Brahm

Ajahn_Brahmavamso_Mahathera How can one not love Ajahn Brahm? He makes you laugh, laugh, & laugh then learn all at the same time. Amazingly simple & wonderful teaching! Thanks so much [youtube]Y-QlSW5KwxI[/youtube] .

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14507

Kalpa Vibhaga – Ven.Na Uyane Ariyadhamma Thero

 
හාකල්ප ,අසංඛෙය්‍ය ,පරමායුෂ සම්බන්දව විචිත්‍රවත් ධර්ම දේශනාවක්පූජ්‍ය නාඋයනේ අරියධම්ම මහනාහිමි

නම් වශයෙන් සදහන් වන අටවිසි බුදුවරයන් වහන්සෙලා ගැන සලකා බලමු. දීපංකකර  බුදුරජාණන් වහන්සෙගේ පරමායුෂ අවුරුදු  ලක්ෂයයි.උන්වහන්සෙගේ පරිනිර්වානයෙන් පසුව මහාකල්ප අසංඛෙය්‍යක් බුදුවරයන් වහන්සෙලා පහල  වුනේ නැහැ .අසංඛෙය්‍යක් කියන්නේ කොපමන කාලයක් ද?එකයි බිංදු එකසිය හතලිහයි. 

මහාකල්පය කියන එක කොච්චර දිග ද?යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස ඒක ඝන ශෛලමය පර්වතයක් උඩින් අවුරුදු සියයකට වරක් යන දේවතාවකුගේ දිව සළුව ඇතිල්ලීමෙන් මේ පර්වතය යම්තාක් කාලයක දී මහ පොලොවට සමතලා වෙන්න පුළුවන් ඒක කොච්චර කාලෙකින් ද සිදුවෙන්නේ අවුරුදු සියයකට වරක් දිවසළුව ඇතිල්ලීමෙන්. යොදුනක් කියන්නේ සැතපුම් දහසයක් නෙ…… කලපය ඊටත් වඩා දිගයි.


[youtube]oY9KnGdZ5w0[/youtube]
 
.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5676

Ven Ajahn Brahm at 2006 Global Buddhist Conference

 

Ajahn_Brahmavamso_MahatheraHere is part one of a speech by Ajahn Brahm given at the 4th GBC. The theme of the conference was “Confronting the controversies”

[youtube]WCiOLIvE7hg[/youtube]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14502

Irdhipada Dharma – Ven Dankande Dhammaratana Thero

compress_Ven_dhankandeTheroඉර්ධිපාද ධර්ම පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි 

භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමට අදහස් කරන අයෙකු විසින් ඇති කරගත යුතු ගුණධර්ම පිළිබඳව සරල විස්තරයක් ඉර්ධිපාද ධර්මයන් ගැන.

භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට යෝගාවචරයන් විසින් ඇති කර ගත යුතු ගුණධර්ම රාශියක් තිබෙනවා. ඒ ගුණධර්ම අතුරින් සත්තිස්බෝධිපාර්ශික ධර්මයන් දියුණු වන්නට ඕනෙ. චරනධර්මයනන්, මේ ඉර්ධිපාද ධර්ම අපගේ සිත තුල වැඩෙන්නට ඕනෙ.  ඒ වගේම කරණීයමෙත්ත සූත්‍රය වැනි සූත්‍ර වල දක්වා ඇති භාවනාවට හිතකර වූ, උපකාර වූ ධර්ම අප ලඟා කර ගන්න ඕනේ.

ඉර්ධි සහ ඉර්ධිපාද කියා වචන දෙකක් තියෙනවා. ඉර්ධිය කියනකොටම ……

.

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14491

Patichcha Samuppadaya (03) – Ven Katukurunde Ñāṇananda Thero

Vignnanaකොටස් වශයෙන් පල කරන්නට යෙදුනපටිච්චසමුප්පාද ධර්මයේ තවත් විග්‍රහයක්

පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි

පටිච්ච්සමුප්පාද ධර්මය හරියාකාරව තේරුම් ගැනීමට විඤ්ඥාණයත්, නාමරූපයත් අතර ඇති අන්යෝන්‍ය සම්බන්ධතාවය ගැඹුරින් වටහා ගත යුතුව තිබෙනවා. පසු ගිය දේශනා දෙකක දීම අපි මේ අන්යෝන්‍ය සම්බන්ධතාව දියසුළියකට උපමා කළා.දියසුළියක ගැඹුරුම තමා පාතාලය, අද මේ අපි ගත්ත ප්‍රේහේලිකා ගාථාවේ පාතාලයක් ගැන සදහන් වෙනවා. 

එක මුලක් ඇති දෙකක් අතර කරකැවෙන, තිලිටි මල තුනක් ඇති, පස් ආකාර පැතිරීමක් ඇති, දියසුළි දොලසක් ඇති, සමුද්‍රයේ පාතලයෙන් රිෂිවරයා එතෙර විය. මෙහි ප්‍රේහෙලිකා ගාථාව විතරයි තියෙන්නේ. මෙය තේරුම් ගන්න අමාරුයි. අටුවාවෙත් එක එක තේරුම් දෙනවා. ඇත්ත වශයෙන් අමාරුයි කියා කීවාට මේ ගාථාවේ දැක්වෙන උපමා සූත්‍ර දේශනා වල එක් එක් තැන් වල තිබෙනවා. 

කොටින්ම ආරම්භයක් වශයෙන් කීවොත්, “පාතාලය” කියන වචනයෙන්ම පටන් ගතහොත්, පාතාල කියා සූත්‍රයක් තියෙනවා (සංයුත්‌තනිකාය-සළායතනවග්‌ගපාළි-වෙදනාසංයුත්‌තං, 4. පාතාලසුත්‌තං – සූත්‍රයේ පිටුව )   එහිදී බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා ‘සාරීරිකානං ඛො එතං, භික්‌ඛවෙ, දුක්‌ඛානං වෙදනානං අධිවචනං යදිදං ‘පාතාලො’ති. -මහණෙනි!’ ශාරීරික දුක්වේදනා වලටම වෙන නමක් තමයි පාතාලය කියන්නේ’  ඔන්න එතකොට පාතාලය මේ පිංවතුන් හඳුනා ගත්තා…

ඊලගට “සමුද්‍රය” කියන්නේ මොකක් ද කියන එකත් අපට හසුවෙනවා, (සංයුත්‌තනිකාය-සළායතනවග්‌ගපාළි-සළායතනසංයුත්‌තං,18.සමුද්‌දවග්‌ගො, පඨමසමුද්‌දසුත්‌තංසූත්‍රයේ පිටුව)  -එහිදී බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා ‘චක්‌ඛු, භික්‌ඛවෙ, පුරිසස්‌ස සමුද්‌දො; තස්‌ස රූපමයො වෙගො. යො තං රූපමයං වෙගං සහති, අයං වුච්‌චති, භික්‌ඛවෙ, අතරි චක්‌ඛුසමුද්‌දං සඌමිං සාවට්‌ටං සගාහං සරක්‌ඛසං;   තිණ්‌ණො පාරඞ්‌ගතො ථලෙ තිට්‌ඨති බ්‍රාහ්‌මණො…මෙහි තේරුම ‘ මහණෙනි මේ ඇස පුරුෂයෙකුට සමුද්‍රයකී. මේ සමුද්‍රයේ රූප නමැති රළ වේග තියෙනවා.යම් කෙනෙක් මේ රූපමය රළ වේග දරා ගනී ද, එහෙම නැත්නම් ඒවාට ඔරොත්තු දෙනවා ද, එබඳු ඒ පුද්ගලයා හඳුන්වන්නේ, ඒ පුද්ගලයා රළ සහිත, දියසුළි සහිත, ග්‍රහණ සහිත(එන්නම් අල්ලා ගැනීම සහිත ), රකුසන් සහිත මේ චක්ඛු සමුද්‍රයෙන් එතෙර වෙලා එගොඩට ගිහින් සිටින භ්‍රාහ්මණයා ලෙසටයි…..

.  

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14433

Nibbāna – 1 of 33 Sermons – Ven Katukurunde Ñāṇananda Thero

Etaṃ santaṃ etaṃ paṇītaṃ, yadidaṃ sabbasaṅkhārasamatho sabbūpadhipaṭinissaggo taṇhakkhayo virāgo nirodho nibbānaṃ.

This is peaceful, this is excellent, namely the stilling of all preparations, the relinquishment of all assets, the destruction of craving, detachment, cessation, extinction”.

This in fact is a meditation subject in itself, a kammaṭṭhāna. This is the reflection on the peace of Nibbāna, upasamānussati. So if we can successfully make use of this as both the heading and the theme of these sermons, we would be in a position to understand those six qualities of the Dhamma. We are told that the Dhamma is svākkhāta, that it is well-proclaimed, sandiṭṭhika, can be seen here and now, akālika, timeless, ehipassika, inviting one to come and see, opanayika, leading one onwards, paccattaṃ veditabbo viññūhi, that it can be understood by the wise each one by himself.

There is a popular belief that the commentaries are finally traceable to a miscellany of the Buddha word scattered here and there, as pakiṇṇakadesanā. But the true state of affairs seems to be rather different. Very often the commentaries are unable to say something conclusive regarding the meaning of deep suttas. So they simply give some possible interpretations and the reader finds himself at a loss to choose the correct one. Sometimes the commentaries go at a tangent and miss the correct interpretation. Why the commentaries are silent on some deep suttas is also a problem to modern day scholars. There are some historical reasons leading to this state of affairs in the commentaries.

[mp3]http://assets4.dhammikaweb.com/uploads/2013/01/nivane_niveema_0001.mp3[/mp3]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14454

Big Bang Buddhism – Ven Ajahn Brahmawamso Thero

VenAjhan-150x150It is a profound talk about cosmic spirituality, explaining how the nature of this universe and how the nature of the mind, as Buddhists understand it, work seamlessly together.

According to Ajahn Brahm, looking out through the telescope we see the vastness of the universe, but (metaphorically speaking); looking down the telescope in the opposite way, we see the mind. The mind is the larger of the two.

By all accounts, proven scientifically, the mind is the initiator of everything that we think and do. So it is not the will, but the mind that gives the order, that initiates the processes of all our actions.

Knowing that, Ajahn Brahm challenges us to let our mind do a big bang explosion and see where it leads us. He encourages us to have limitless imagination. As Einstein famously put it, “imagination is more important than learning”.

[youtube]-xPeLspRBHc[/youtube]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14437

Vattan – Patichcha Samuppadaya (02) – Ven Katukurunde Ñāṇananda Thero

lifeකොටස් වශයෙන් පල කරන්නට යෙදුන පටිච්චසමුප්පාද ධර්මයේ තවත් විග්‍රහයක් 

පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි

සසර පැවැත්ම එකම වට වලල්ලක යාමක් බව තථාගත සම්මා සම්බුදුරජානණ් ලෝකයාට හෙලි කළ වඳාළා. “සංසාරවට්ට” කියන වචනයේ නියම අර්ථයත් ඒකයි. “සංසරණය”, “නිස්සරණය” කියන වචන දෙකෙන් එලිදරව් වෙන්නෙත් වටවලල්ලක කරකැවීම සහ එයින් මිදීම කියන අර්ථය යි……..

යම් දේවතාවෙක් ඇසූ මෙම ප්‍රශ්නයට ( සංයුත්‌තනිකාය- සගාථාවග්ගො -දෙවතාසංයුත්‌තං,3.සත්තිවග්ගො 7.සරසුත්‌තං – 27. සූත්‍රයේ පිටුවට‘කුතො -රා නිවත්‌තන්‌ති, කත්‌ථ වට්‌ටං න වත්‌තති; කත්‌ථ නාමඤ්‌ච රූපඤ්‌ච, අසෙසං උපරුජ්‌ඣතී’’ති. –  කොතනින් දියවැල් නවතී ද? කොතනක දිය සුළිය නොකරකැවේ ද? කොතනක නාමයත්,  රූපයත් සම්පූර්ණයෙන්ම උපරෝධනය වේ ද? වලක්වාලනු ලැබේ ද? 

බුදුරජාණන් වහන්සේ මෙසේ පිලිතුරු වඳාළ සේක. ‘යත්‌ථ ආපො ච පථවී, තෙජො වායො න ගාධති; අතො සරා නිවත්‌තන්‌ති, එත්‌ථ වට්‌ටං න වත්‌තති; එත්‌ථ නාමඤ්‌ච රූපඤ්‌ච, අසෙසං උපරුජ්‌ඣතී’’ති. යම් තැනක ආපෝ,පඨවි,තේජෝ, වායෝ කියන මහාභූත ධර්මයන් ප්‍රතිෂ්ඨාවක් නොලබයි ද, අන්න මෙතනිනුයි ඒ දියවැල් නවතින්නේ, මෙතනයි ඒ දියසුළිය කරකැවෙන්නේ නැත්තේ, මෙතනයි නාමයි,රූපයයි සම්පූර්ණයෙන්ම උපරෝධනය වන්නේ/ වලක්වාලනු ලබන්නේ. මේ ගාථා දෙකේම තියෙන වටිනාම වචනය, අපට පේන හැටියට “වට්ටන්” කියන වචනයි. නමුත් අවාසනාවට වගේ මේ පිංවතුන් බැලුවොත් මේ ගාථාවේ අර්ථය ත්‍රිපිටක පරිවර්ථන ග්‍රන්ථ වල, දකින්න ලැබෙන්නේ මෙන්න මෙහෙම එකක්, අත්ථ වට්ටං නවට්ටති කියන්නේ ” සසර වැසි කොහි නොවසී ද? කියලයි. කොයි තරම් දුර්වල එකක් ද. මේ වැහි කථාවෙන් පටිච්චසමුප්පාදයේ ගැඹුරු පැත්තක් ආවරණය වෙලා තියෙනවා, වැහිල යනවා……

බොහෝ දෙනා තොරන ආකාරයට නොවේ නාම-රූප කියන එක පෙන්නුවේ. කෙටියෙන් ගත්තොත් එය නියම නාමයක් නොවේ නාමස්වරූපයක්, නියම රූපයකුත් නොවේ එය නාමමාත්‍ර රූපයක් ඒ කිව්වේ නාම ධර්ම කියන එක අප පසුවටත් තොරනවා. සාමාන්‍යයෙන් දක්වනවා නම්, වේදනා, සංඥ්ඥා,චේතනා,පස්ස,මනසිකාර කියන ඒ හිත පිලිබඳ යම් ධර්ම පහක් ඒක ආස්‍රයෙන් තමයි මහාභූත ධර්ම, ඒවා හදුනා ගන්නේ අර නාමධර්ම තුලින්. ඒ හදුනා ගැනීම තුලින් රූප පිළිබඳව සංඥ්ඥාවක් ඇති කර ගන්නවා එතකොට………   

.        

Download

To read this sermon in English click on below web link

The Law of Dependent Arising (02)

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14360

Are Buddhists really idol worshippers? – Ven. Dr. K. Sri Dhammananda Thero

 

Many people are under a misapprehension that Buddhists pray to idols. This is due to a lack of knowledge of the teaching of the Buddha and Buddhist customs and traditions.

Buddhists do not normally pray to images and idols; what they do is to pay homage to a great religious teacher who is worthy of honour. The images are erected as a mark of respect and appreciation for the highest achievement of enlightenment and perfection by an extraordinary religious teacher. To a Buddhist the image is merely a token, a symbol, a representation which helps him to recall or to remember the Buddha.

Buddhists kneel before the image and pay their respects to what that image represents.

[youtube]lddfR93l3vE[/youtube]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14399

Divi Kathare Sandhe Andhura– Ven Katukurunde Ñāṇananda Thero

divi_kathare_sandhe_andhuraදිවි කතරේ සැඳෑ අඳුර පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි

උදේට උදාවන ඉර හවසට බැහැලා යනවා. අරුණින් ඇරඹෙන දවසේ ආලෝකය සැඳෑ අඳුරින් කෙළවර වෙනවා. සොබාදහමට අනුව දවසට හිමි මේ ධර්මතාව අපේ ජීවිතයටත් පොදුයි. හිරු අවරට යන බව අපට පහසුවෙන් වැටහෙන නමුත් ජීවිතය අවරට යන බව සාමාන්‍යයෙන් අමතක වෙනවා. ජරා ව්‍යාධි මරණ යන පද තුන බුදු පියාණන් වහන්සේ අපට නිතර සිහිපත් කර දෙන්නේ ඒ නිසයි.

ඇත්ත වශයෙන්ම කියනව නම් ජරාව ව්‍යාධිය මරණය කියන දේවල් ජීවිතයෙ අවස්ථා හැටියට සැළකිය යුතු නෑ. උපතත් සමඟම දිරීමේ ක්‍රියාවලිය ඇරඹෙනවා. ජීවිතයෙ මුල් අවධියේ දී වැඩීම ප්‍රකටයි¦ දිරීම අප්‍රකටයි. මැදි වයසෙන් පස්සේ දිරීම වැඩිය ප්‍රකට වන නිසා තමයි ජරා දුක මැදි වයසෙන් පස්සෙ ඇරඹෙන්නක් හැටියට සළකන්නෙ. මේ දිරීමට අත දෙන්නේ ව්‍යාධියයි. ශරීරය එකම රෝග කූඩුවක් වැඩෙන වේගයට වැඩිය දිරන වේගය වැඩි වෙන කොට රෝග වලට ඉඩ ලැඛෙනව. මරණය, ජීවිත පැවැත්මෙ කෙළවරදි සිද්ධවෙන දෙයක් කියලයි අපි සාමාන්‍යයෙන් හිතන්නෙ. මේ ශරීරයෙන් විඥානය ඉවත් වෙලා වැඩකට නැති දඬු කඩක් වගේ ශරීරය දරදදඬු වෙලා නිශ්ක්‍රීය වීම මරණය හැටියට සළකනවා. නමුත් මරණයත් උත්පත්තිය එක්කම ඇවිල්ලා මේ ශරීරය තුළ පැලපදියම් වෙලා ඉන්න එකක්. හුස්ම දෙකක් අතර තියෙන්නේ මරණයයි. ගත්තු හුස්ම හෙළන්න බැරි වුනොත්¦ හෙළු හුස්ම වෙනුවට වෙන හුස්මක් ගන්න බැරි උනොත් එතැන මරණයයි. පණකෙන්ද තිඛෙන්නේ කොයිතරම් අවදානම් තත්ත්වයකින් ද කියලා ඒ අනුව හිතා ගන්න පුළුවන්.

Free Download

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14382