6. අස්සජි සූත්‍රය, 9. ථෙර වර්ගය, 1. ඛන්ධක සංයුත්තය, ඛන්ධවග්ගපාළි, සංයුත්ත නිකාය.
‘ස්වාමීනි! අස්සජි භික්ෂුතෙම වැළඳුණු රෝග ඇත්තේය. දුකට පැමිණියේය. දැඩි ගිලන්බැව් ඇත්තේය…..
“අස්සජිය, තොපට ඉවසාගත හැකිද? යැපියහැකිද? කිම! දුක් වේදනා පසුබසිද්ද, දියුණු නොවෙද්ද, මේ දුඃඛ වේදනාවන්ගේ අඩුවීම පෙනේද? දියුණුවීම නොපෙනේද?’ ‘ස්වාමීනි, මට ඉවසිය නොහැකිය, ඉරියව් පැවැත්විය නොහැකිය, මාගේ මේ දැඩි දුක් වේදනාවෝ වැඩිවෙති, අඩු නොවෙත්. මේ දුක් වේදනාවන්ගේ වැඩිවීම පෙනෙයි, අඩුවීම “නොපෙනෙයි,”….කිම අස්සජිය, තොපට කිසි පසුතැවීමක් නැත්තේද, කිසි විපිළිසරබවක් නැත්තේද?” “ස්වාමීනි, මට ස්වල්පනොවූ පසුතැවීමක් ස්වල්ප නොවූ විපිළිසර බවක් ඇතැයි” කීය. “කිම? අස්සජිය, තට තෙමේ ශීලයෙන් චොදනා නොකෙරේද,” “ස්වාමීනි, මට තෙමේ ශීලයෙන් චොදනා නොකරේයයි” (කීය.) “ඉදින් අස්සජිය,” තට තෙමේ ශීලයෙන් චොදනා නොකෙරේ නම් තට කුමන පසුතැවීමක්ද කවර විපිළිසර බවක්දැ?යි” (වදාළහ.)…
“ස්වාමීනි, මම පෙර වනාහි ගිලන්බවද, ආශ්වාස ප්‍රාශ්වාසයන්ද සංසිඳවා කලකිරී වසමි. ඒ මම (චතුර්ථධ්යාන) සමාධිය නොලබමි, ස්වාමීනි ඒ සමාධිය නොලබන්නාවූ මට ‘මම වනාහි කෙසේ (සාසනයෙන්) නොපිරිහෙම්දැ’යි මෙබඳු (අදහසක්) වෙයි.” “අස්සජිය, සමාධියම සාරයයි සිතන්නාවූ සමාධියම ශ්‍රමණභාවයයි සිතන්නාවූ යම් ඒ මහණ බමුණෝ වෙද්ද, ඒ සමාධිය නොලබන්නාවූ ඔවුන්ට ‘අපි නොපිරිහෙන්නමෝ වෙමුවා’යි මෙබඳු අදහසෙක් වෙයි……
“අස්සජිය, ඒ කුමකැයි සිතන්නෙහිද? රූපය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද?” “ස්වාමීනි! අනිත්‍යය.”….
“අස්සජිය, යම්සේ වනාහි තෙල් නිසාද, වැටිය නිසාද, තෙල් පහන දැල්වෙන්නේද, ඒ තෙලද, වැටියද ක්ෂයවීමෙන් හේතුව නැතිව යාමෙන් පහන නිවෙන්නේද, අස්සජිය, එපරිද්දෙන්ම මහණතෙම කය කෙළවරකොට ඇති වේදනාව විඳින්නේ ‘කය කෙළවරකොට ඇති වේදනාව විඳිමියි’ දැනගනී. දිවි කෙළවරකොට ඇති වේදනාව විඳින්නේ ‘දිවි කෙළවර කොට ඇති වේදනාව විඳීමියි’ දැනගනී. කය බිඳීමෙන් මත්තෙහි ජීවිතක්ෂයවීමෙන් මෙහිම නොසතුටුවන ලද්දාවූ සියලු වේදනාවෝ සිහිල් වන්නාහුයයි දැන ගනීයයි” වදාළසේක.
අපගේ සටහන:- බුද්ධ වචනය මෙය නම්, අද “සමාධිය” දෙයක් කරගෙන සහ “ධ්‍යාන මට්ටම්” උපාදානය කරගෙන මාර්ගය පමා කරගෙන සිටින අය ගැන කුමන කථා ද? – අපගේ සටහන අවසන්.
සම්පූර්ණ සූත්‍රයම පාළි/සිංහලෙන් කියවීම සදහා. ➡
6. අස්සජි සූත්‍රය
Recent Comments