සම්මා සම්බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද මෙනෙහි කරන තුන් ආකාරය
පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි
තිලෝගුරු භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බෝධිය ලබා ගෙන, ඒ පර්‍යංකයේම විමුක්ති සුවය විඳිමින් සත්දිනක් වැඩ සිටියා. ඒ සත්දින අවසානයේ දී ඒ තුන් යම් රැයම පටිච්චසමුප්පාද ධර්මය හොඳින් මෙනෙහි කල බව උදාන පාළියේ බෝධිවග්ගයේ එන මුල් සූත්‍ර තුනේ සදහන් වෙනවා.
තමන් වහන්සේ ඒ පටිච්චසමුප්පාද ධර්මය ඒ තුන් යම් රැය තුල තුන් ආකාරයකින් මෙනෙහි කල බව ප්‍රීති වාක්‍ය වශයෙන් ප්‍රකාශ කෙරෙන ගාථා තුනයි මෙම දේශනයට මාතෘකාව වන්නේ. පටිච්චසමුප්පාද ධර්මය අංග දොලසකින් සමන්විත බව අප කවුරුත් දන්නා කරුණ කි. ඇතැම් අය ඉතින් භාවනාවටත් කියවගෙන යනවා මේක. මේ අංග දොලසම ප්‍රත්‍ය ධර්මයන්…….
දැන් අප කීවනේ පටිච්චසමුප්පාද මෙනෙහි කරන තුන් ආකාරයක් තියෙනවා කියා, පලමු යාමය බුදුරජාණන් වහන්සේ මෙනෙහි කලේ හට ගැනීම පිලිබඳවයි. එනම් අනුලෝම, අර ඇතිවීම පිලිබදව, සමුදය පැත්ත. ඔන්න එතකොට මධ්‍යම යාමයේ මෙනෙහි කල ආකාරය, මේ ප්‍රත්‍ය ධර්මයන්ගේ නිරෝධය ක්ෂය වීම දුටුවා එනම් පටිලෝම අවස්ථාව. ඔන්න තුන්වෙනි යාමය එය වඩා ගැඹුරුයි. තුන්වෙනි යාමයේ දී මොකද කලේ මේ දෙකම එකතු කර, අනුලෝම – පටිලෝම දෙකම එකවිට ඒක දක්වන්නේ මෙහෙමයි……
[pdf]http://www.dhammikaweb.com/wp-content/uploads/2012/12/183_Pahan_Kanuwa_N01.pdf[/pdf]
Recent Comments