“වේදනාව” – පටිච්චසමුප්පාද දේශනා (16) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි.
‘සුඛං වා යදි වා දුක්ඛං, අදුක්ඛමසුඛං සහ;
අජ්ඣත්තඤ්ච බහිද්ධා ච, යං කිඤ්චි අත්ථි වෙදිතං.
එතං දුක්ඛන්ති ඤත්වාන, මොසධම්මං පලොකිනං
ඵුස්ස ඵුස්ස වයං පස්සං, එවං තත්ථ විජානති
වෙදනානං ඛයා භික්ඛු, නිච්ඡාතො පරිනිබ්බුතො’’ති.
සසර දුකින් මිදිල නිවන් සුවය වෙත ලඟා වීම බෞද්ධයාගේ ඉල්ලකය හැටියට සාමාන්‍යයෙන් සැලකෙන වා. දුක,සැප ප්රශ්නයේ දී නිරාසයෙන් ම අපේ අවධානය වේදනාව ගැන යොමු වෙන වා.
‘වේදනාව’ සම්බන්ධයෙන් ඉතාම ගැඹුරු දර්ශනයක් ඇතුලත් මේ මාතෘකා කළ ගාථා දෙක අද අපි මේ 16 වෙනි පටිච්චසමුප්පාදය දේශනාවට මාතෘකා කර ගත්තේ. පටිච්චසමුප්පාද ධර්මයේ අංග 12 ඇතුලත වේදනාවට හිමි තැන සාකච්ඡා කීරීමේ මූලාරම්භයක් වශයෙනු යි 12. ද්වයතානුපස්සනාසුත්තං, 3. මහාවග්ගො, සුත්තනිපාත – ඛුද්දකනිකායේ දකින්න ලැබෙන මේ ගාථා දෙකත් බුදුරජාණන් වහන්සේ වදාළේ ‘සමුදය වය’ කියන ද්වේතාව ඉස්මතු කර දැක්වීමට යි.
බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා ට දක්වන වා මැනවින් ද්වේතාණුපස්සනාව වැඩීමේ තවත් ක්‍රමයක් ඇත්දැ යි යමෙක් ඇසුවොත් ඒ අයට මෙසේ කිව යුතු ය. තිබිය හැකි ය, කෙසේ ද තිබිය හැක්කේ? යම්තාක් දුකක් හට ගනී ද, ඒ සියල්ල ‘වේදනාව’ ප්රත්යයෙනි. මේ එක් අණුපස්සනාව කී. ‘වේදනාවේ’ නිරවශේෂ විරාගය නිරෝධයෙන් දුකෙහි හට ගැන්මක් නැත. මේ දෙවෙනි අණුපස්සනාව යි….
Recent Comments