පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි
මෙම ධම්ම සාඛච්ඡාවේ ආහාර සම්බන්ධයෙන් සංවර විය යුතු ආකාර 30 ක් ද, ධර්ම දේශනා සම්බන්ධ කරුණු 16ක් ද, විග්රහ වෙනවා.
ඒකත් දැනගෙන සිටීම වටිනවා.
Jul 15
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15136
Jul 11
ශමථ භාවනාවෙන් ධ්‍යාන උපදවා නො ගෙන විදර්ශනා වඩා මඟපල ලැබිය හැකි ද?
– පූජ්‍ය රේරුකානේ චන්දවිම්ල මහනායක හිමියන් විසින් රචිත “ධර්ම විනිශ්චය “ නම් කෘතියෙන් පිටපත් කර ගන්නා ලදී.(පිටු අංක 212 සිට 214) –
මෙය සම්බන්ධයෙන් කිය යුතු කරුණු පොතක් ලිවීමට තරම් ඇත්තේ ය. එයින් කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි කරුණු ස්වල්පයක් මෙහි දක්වනු ලැබේ.
පලමුවෙන් ශමථ භාවනාවක් කොට පසුව විදර්ශනා වඩා මඟපල ලැබීමත් මේ ශාසනයෙහි ඇති එක් ක්‍රමයෙකි. ඒ ක්‍රමයෙන් මඟපල ලැබුවෝ ඉතා ටික දෙනෙකි. බහුතර සංඛ්‍යාවක් මඟපල ලබා තිබෙන්නේ ලෞකික ධ්‍යාන නො වඩා ශුද්ධ විදර්ශනාවෙන් ම ය.
සමථ භාවනා කොට ධ්‍යාන නො ලබා විදර්ශනා භාවනාව නො කළ හැකිය, කළත් එයින් පලක් නැත කියා නූගත් ජනයා මුළා කොට ඔවුන් විදර්ශනා භාවනාව නමැති උත්තම කුශලය සිදුකර ගැනීමට අනුන්ට බාධා කිරීම බරපතල අපරාධයකි.
කියන්නන් කෙසේ කීව ද නුවණැතියන්ට කාරණය තේරුම් ගැනීමට ඉහත දැක් වූ කරුණුඅ ප්‍රමාණ වෙතියි සිතමි.
පිටු අංක 17 සිට 18 දක්වා කියවීමට
සම්පූර්ණ “ධර්ම විනිශ්චය” පොත බා ගැනීමට පහත වෙබ් පිටුවට පිවිසෙන්න.
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15188
Jul 10
Many people are under a misapprehension that Buddhists pray to idols. This is due to a lack of knowledge of the teaching of the Buddha and Buddhist customs and traditions.
Buddhists do not normally pray to images and idols; what they do is to pay homage to a great religious teacher who is worthy of honour. The images are erected as a mark of respect and appreciation for the highest achievement of enlightenment and perfection by an extraordinary religious teacher. To a Buddhist the image is merely a token, a symbol, a representation which helps him to recall or to remember the Buddha.
Buddhists kneel before the image and pay their respects to what that image represents.
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=10774
Jul 05
පැවැත්ම හා නැවැත්ම – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි
මේ ශාසනයේ නිවන් දැකීම සඳහා දරණ උත්සාහය මාර සංග්‍රාමයක් හැටියටයි හඳුන්වලා තියෙන්නෙ. රාගාදි කෙලෙස් සමූහය මාර බලවේග හැටියට ඉදිරිපත් වෙලා නිවන් මඟ ආවරණය කරනව. ඒක නිසා නිවන් බලාපොරොත්තු වන කෙනා ඒ බලවේගවලට යට නොවන අන්දමින්, ඒ බලවේග හමුවේ නොසැලී සිටින අන්දමින්, ඊට සුදුසු පැවැත්මක් සකස් කරගත යුතු බවයි. බුදු පියාණන් වහන්සේ නිතර මතක් කර දෙන්නේ.
මේ පංචස්කන්ධය කියල කියන මේ ගොඩවල් පහ ගැනයි. මේ ගොඩවල් පහ පිළිබඳව මමය, මාගේය කියන හැඟීම ඇතිකර ගැනීමම සංස්කාරයක් කියල දක්වනව. රූපය ආත්මය හැටියට දැකීමත් එසේ සැළකීමත් සංස්කාරයක්. මේ තියන රූපය තමාගෙ එකක් හැටියට සළකනවා. වේදනාව තමාගෙ එකක් හැටියට සළකනවා. ඔය විදියට සිත තුළ ඇති කරගන්න සකස්කිරීම් ගොඩක් තුළිනුයි, මේ පැවැත්මක් කියල – භවයක් කියල දෙයක් මැවෙන්නෙ. ඉතින් බුදු පියාණන් වහන්සෙ දක්වන්නෙ මෙන්න මේ පැවැත්ම වෙනුවට නැවැත්මක්.
මේ සංසාරය සම්පූණයෙන්ම දුක් ගොඩක් කියන එකයි බුදු පියාණන් වහන්සෙගෙ දේශනාව. තනිකරම මේ මුළු මහත් පංචස්කන්ධයම, අපි මේ සැපෙයි කියල ගන්න ඒව හිටන් ඔක්කොම එකතු කරල බුදු පියාණන් වහන්සේ බය නැතුව කියනවා, තනිකර මේ පංචස්කන්ධයම දුක් ගොඩක් කියල. ඒක අවබෝධ කර ගැනීම සාමාන්‍ය ලෝකයාට අමාරුයි. මොකද මේවා සුභ අරමුණු වශයෙන් ගැනීම නිසා, ශුභයි හොඳයි කියල ගැනීම නිසා, අවිද්‍යාව වශයෙන්, මෝහ වශයෙන් ඒවා අමතක වෙනව. එහෙම ස්වභාවයක් තිඛෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ පංචස්කන්ධය ගැන කලකිරීමක් ඇති කර ගන්නෙ නැතුව කිසිදාක සංසාරෙන් මිදෙන්න බෑ කියල.
අන්න ඒක නිසා තමයි කෙනෙක් ව්‍යාපාරිකයෙක් හෝ වේවා, මහා උගතෙක් හෝ වේවා, තව නොයෙකුත් දේවල් ලබාගත්තු කෙනෙක් හෝ වේවා, ඒ තැනැත්තා ප්රත්යක්ෂ වශයෙන් අර විදියට දුක් මහන්සි වෙලා විදර්ශනා වඩලා මේ තත්තවය අවබෝධ කරගන්නා තාක් මේ සංසාරෙන් මිදීමක්. නියම සැනසීමක් ලබාගන්න බෑ. එතකොට සංස්කාරයන්ගේ සංසිඳීමම සැපයක් කියල බුදු පියාණන් වහන්සේ දක්වා වදාළා. ~~තෙසං වූපසමො සුඛො~~ කියල කිව්වෙ ඒකයි. ඒ සන්සිදීමට හේතු වන්නෙ අන්න අර ප්රඥාවයි. අවබෝධයයි. විදර්ශනා ඥානයයි.
.
.
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15140
Jun 28
සප්ත විශුද්ධිය සහ විදර්ශනා ඥාණ – පූජ්‍ය මාතර ඥානාරාම හිමි
නිවන් සුවය අත්පත් කර ගැනීමට උපයෝගී වන භාවනා මනසිකාරයක යෙදීමට සිතක් පහළ වීම ද ඉතා දුබල කරුණෙකි. එය මේ පිරිසට අද ලැබී ඇත. මෙයින් නියම ප්‍රයෝජනය ගැනීමට සිතා ගත යුතුය. මෙය මගහැර යාමට ඉඩ තිබේ.
අද පළමුවෙන් එක් කරුණක් මතක් කරමි. එනම්, සති – සමාධි දෙක ගැන සැලකිල්ලක් දැක්වීම ගැනයි. මේ ගුණ දෙක ම යෝගාවචරයාගේ උතුම් ගුණ බව තදින් සලකා ගෙන විසිය යුතුය. භාවනාරම්භයේ දී සතිය යොදන සැටි මැනවින් කියා දී ඇත.
සති-සමාධි දෙක දියුණු කිරීම මුල දී දුෂ්කර කාර්යයක් සේ ද, නොවුවමනා වැඩක් සේ ද වැටහී එය එපා වන්නට ද පුළුවන. මෙය කල් ඇතිව ම තේරුම් ගෙන එහි නොකඩවා යෙදීමට තදින් ඉටා ගත යුතු වෙයි. යෝගාවචරයාගේ දියුණුව නම්, සති – සමාධි දෙකේ දියුණුව බව විශේෂයෙන් සලකා ගත යුතුය. මුල දී සතිය ගැන උනන්දුවෙන් වැඩ කරන විට, සිතට සතිය යොදාලීමට මහන්සි ගන්නා විට, නොදැනීම වාගේ එය සිතට අල්ලන සැටි දැනෙන්නට පටන් ගනියි. පුරුදු වන විට කිසි දුෂ්කරතාවයක් නැතිව එය කළ හැකිවෙයි. එය සිතට මැනවින් ගැලපී යන වැඩක් වශයෙන් දැනෙන්නට පටන් ගනියි. අන්තිමයේ දී සතිය යෙදීමට කිසිදු උත්සාහයක් නැතිව කළ හැකි තත්ත්වයට පැමිණෙන්නේය. එපමණකුදු නොව, ඒ දියුණුවට ගිය සතිය සමාධිය ද සපුරාලන සැටි දැනී යයි. සතිය මැනවින් දියුණු වී යන විට සමාධිය ද එම සන්තානයේ නොදැනීම වැඩී යන්නේය. මෙහි ලා අඛණ්ඩ වූ උත්සාහය ප්‍රයෝජනවත් වන සැටි සලකන්න. සතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට නම් තමන්ගේ ඉරියව් පැවතුම් ගැන සලකා බැලිය යුතුය.
සෑම දන් අභිබවා ධර්ම දානය ද , සෑම රස අභිබවා ධර්ම රසය ද, සෑම රති අභිබවා ධර්ම රතිය ද, සැම දුක අභිබවා ශාන්ත නිවන ද ජය ගන්නේය˜ යි සර්වඥයන් වහන්සේ වදාරා ඇති බැවින් මේ භාවනා පොත පරිශීලනය කරන සැමට ඒ උතුම් ධර්ම දානය, ය, ධර්ම රසය, ධර්ම රතිය හා ශාන්ත නිවාණය අත් වේවා යි ඒකාන් ව මෛත්‍රීයෙන් යුතුව ප්‍රාර්ථනය කරමු.
.
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15120
Jun 23
මහින්දාගමනය – මිහිඳු හිමියන්ගේ ලංකා ගමන
මිහිඳු මහරහතන් වහන්සෙගේ අනුරාධපුරය ප්‍රවේශය, අනුරාධපුරයේ මහා සීමා බන්ධනය, සිව් බුදුවරයන් මහමෙව්නා උයනට වැඩිය කථාව ඇතුළුව දෙවන පෑතිස් රාජ්‍යාභි ෂේකය පිළිබදව මහාවංශයේ සදහන් කරුණු පිටපත් කර ඉදිරිපත් කරනා ලදී.
දෙවනපෑතිස්සය දම්සෝ යන මේ දෙදෙන බොහෝ කල් පටන් අදෘෂ්ට මිත්‍රයෝ ය. දම්සෝ රජුගෙන් දෙවනපෑතිස්ස රජුට එදා ඒ ලැබුණු පඬුරු අතුරෙන් ලැබුණු දහම් පඬුර වූ ” මම බුදුන් දහම් සඟ සරණ ගත වූයෙමි. ශාක්‍ය පුත්‍ර බුදු සසුන්හි උපාසක බැව් ගිවිස්සෙමි නරොත්තමය තෙපි ද ශ්‍රද්ධාවෙන් සිත පහදා ගෙන මේ තුනුරුවන් සරණ යව ” මේ දහම් පඬුර මුලුමහත් ශ්‍රී ලංකාද්වීපයම දහම් රාජ්‍යක් කරන්නට සමත් වීය.
මහාවංශය සඳහන් කරන පරිදි මෙම කල්පයේ බුද්ධත්වයට පත් සිව්මහා බුදුරදුන්ගේ පහසින් මේ බිම පූජනීයත්වයට පත්වී ඇත. (පිටු අංක.61)
බුදු සමයෙහි ආභාසයට ලක්වූයේ සිංහල ජනයාගේ හුදු ආගමික ජීවිතය පමණක් නොවේ. එහි බලපෑම ඊට වඩා බෙහෙවින් තියුණු එකක් විය. බුදුසමය සිංහල ජනයාගේ සංස්කෘතික ජීවිතයේ පැවති විශාල අඩුවක් පිරිමසාලීය. සිංහලයන්ට අලුත් ජීවන මාර්ගයක්ද, ජීවත් වීමේ අලුත් පරමාර්ථයක් ද බුද්ධාගම නිසා ලැබුණේ ය.
මිහිඳු මහරහතන් වහන්සේ විසින් ශ්‍රී ලංකාදීපය තුල බුදුදහම ස්ථාපිත කිරීම සදහා එවන් මහා සීමා බන්ධනයක් කොට දෙවනපෑතිස්සය රජුගෙන් පටන්ගෙන සියළු රජවරුන් ආරක්ෂා කරන්නට යෙදුන මේ අනුරාධපුර පුදුබිම. එමෙන්ම අප රටේ සියළු බෞද්ධ පුදබිම් සහ නින්දගම් කකුසඳ, කෝනාගම, කාශ්‍යප, ගෞතම යන සතර බුදුවරුන්ගේ ශාසනය පිහිටි බුද්ධසාසනයට අයිති පින් බිම් වන අතර. එයින් කොටසක් හෝ වෙනත් ආගමිකයනට පවරා දීම හෝ සර්වාගමික ස්ථාන කිරීම හෝ නො කළ යුත්තක් වන අතර එය මහා පාපකර්මයකි. බුදුන්ගේ ශාසනය විනාශ කිරීමේ පාපයට හසුවන්නක් වන අතර සතර අපායට තමන් විසින්ම පාර කපා ගැනීමකි. මෙය මේ රටේ තීරණ තීන්දු ගන්නා පාලක රජය සහ සියළු දේශපාලඥයන් ඉතා වගකීමෙන් කටයුතු කරමින් මේ උතුම් පුදබිම් ආරක්ෂා කරගෙන සාසනයත්,තමනුත් තමන්ගේ පරපුරත් හෙල රජදරුවන් සේ රැකිය යුතු වේ. ඒ පින් මරණින් මතු ඔවුනට සුගතිගාමී වීම සදහා අනිවාර්යෙන්ම හේතු වාසනා වන බවත්, එය එලෙසම සිදුවන බවට ධර්මයේ ඕන තරම් උදාහරණත් ඇත.
මහාවංශය පොතෙන් පිටපත්කරන ලද පිටු කීපය (පිටු අංක 47 සිට 71) දක්වා කියවීමට හෝ බාගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න.
.===========================================================================
මෙම සම්පූර්ණ මහාවංශය පොත පහත වෙබ් පිටුවෙන් ඔබට බා ගත හැක.
.
.
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15115
Jun 17
Baka, a brahma who believes that his brahma-attainment is the highest attainment (Extracted from Brahma-nimantanika Sutta: The Brahma Invitation , Majjhima Nikaya – Tipitaka
This is permanent. This is eternal. This is total. This is not subject to falling away — for here one does not take birth, does not age, does not die, does not fall away, and does not reappear. And there is no other, higher escape.’
“When this was said, I told Baka Brahma, ‘How immersed in ignorance is Baka Brahma! How immersed in ignorance is Baka Brahma! — in that what is actually inconstant he calls “constant.” What is actually impermanent he calls “permanent.”
What is actually non-eternal he calls “eternal.” What is actually partial he calls “total.” What is actually subject to falling away he calls “not subject to falling away.”
Where one takes birth, ages, dies, falls away, and reappears, he says, “For here one does not take birth, does not age, does not die, does not fall away, does not reappear.
” And there being another, higher escape, he says, “There is no other, higher escape.”‘
[pdf]http://www.dhammikaweb.com/pdfs/Brahma_nimantanika_Sutta_MajjhimaNikaya.pdf[/pdf]
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14970
Jun 13
බුදුපියාණන් වහන්සේ පහළ වෙනතාක් ලෝකයා හිතුවෙ ජරාමරණයෙන් තොර ජාතියක් අපට ලබා ගන්න පුළුවන් කියල. භවයෙන් තොර උපාදානයක්. ලෝකයා මේ විදියට මෝහයෙන් ප්රයත්නයක් යෙදුව නිසා තමයි ගැටුමක් ඇති උනෙ. ඇත්ත වශයෙන් ආර්‍ය්ව්‍යවහාරයට අනුව- උපතක් ඇති උනා කියල කියන්නෙ ලෝකයක් මැනීමට, ලෝකයක් තැනීමට, කුඤඤයක් ගැහුව වගෙයි– ~මෙතනක්~ ඇතිවීම. ඔය විධියට ජාතිය වශයෙන් කෙනෙක් උපදින කොටම, ඉපදීමත් එක්කම ලබන පළමුවෙනිම ~උපන්දිනතෑග්ග~ තමයි මරණය.
පසුකාලීන ගාථාවක් – නමුත් බොහොම අර්ථවත් ගාථාවක් තමයි: ~උපපතතියා සහෙවෙදං – මරණං ආගතං සදා~ ආදි ගාථාව. ~උපතත් සමගම හැම කල්හිම මරණය එනවා~ කියන එක. ඈඳුත්තකින් එකක් ඇදල ගන්න කොට, අනිත් එකත් ඇදිල එන්න වගේ: ජාතිය ඇදලගන්න කොට ජරාමරණයත් ඇදිල එනව. බුදුපියාණන් වහන්සේ උදාන පාළියෙ දක්වනව, මේ ලෝක සවභාවයම, මේ ලෝකයා, ~භවය~ කියල අල්ල ගෙන ඉන්න එක ඇත්ත වශයෙන්ම~අඤඤථාභාවයක්~ – වෙනස් වීමක් – අනිත්‍යතාව ඒකෙම ඇතුල් වෙලා තියෙන්නෙ. භවය තමයි භයට හේතුව, මේ භවය පිළිබඳව ඇල්ම ඇතිකර ගැනීම. යදභිනනදති තං භයං – යසස භායති තං දුකඛං~ – ~බිය වන්නෙ ඇලූම් කරන ඒව වෙනස් වෙයි කියල. ඒ නිසා, ඒකම දුකක්. අන්න ඒ නිසාම, ~භව විපපහානාය ඛො පනිදං බ්රහමචරියං වුසසති~ – ~ඒ භවයෙන් මිදීමට, භවය ප්‍රහීන කිරීම සඳහා, බ්රහමචරියෙහි හැසිරෙනව~ කියල – බුදුපියාණන් වහන්සේ දක්වා වදාළා.මෙතනිනුත් අපට පෙනෙනව භවය අඤඤථාභාවයම සවභාව කොටඇති බව. මෙන්න මේ ධමතාව දැකීම තමයි ඉදපපචචයතාවෙ මූලිකමඅදහස.
දීඝ නිකායෙ මහා නිදාන සූත්‍රයෙ තිඛෙන පටිචච සමුපපාද විග්රහයෙ එන එක්තරා ඡේදයකට අනුව බුදුපියාණන් වහන්සෙ වදාරනව: ~~එතතාවතා ඛො ආනනද ජායෙථ වා ජීයෙථ වා මීයෙථ වා උපපජෙජථ වා, එතතාවතා අධිවචන පථො එතතාවතා නිරුතතිපථො එතතාවතා පඤඤතතිපථො එතතාවතා පඤඤාචචරං එතතාවතා වටටං වටටති ඉතථතතංපඤඤපනාය යදිදං නාමරූපං සහ විඤඤාණෙන~~ කියල.~~ආනනදය, මෙතෙකින්ම කෙනෙක් උපදනේ වෙයි. දිරන්නේ වෙයි. මැරෙන්නේ වෙයි. චුත වන්නේ වෙයි. යළි උපදනේ වෙයි.මෙතකින්ම – මේ තාක් දුරට – අධිවචන මාගයක් වෙයි. මේතාක් දුරට නිරුක්ති මාර්ගයක් වෙයි. මේ තාක් දුරට ප්රඥප්ති මාර්ගයක් වෙයි. මේ තාක් දුරට ප්රඥ්ඥාවගේ බැස ගැනීමක් වෙයි. ඉතථතවයක් පෙන්නුම් කිරීම සඳහා මේ සංසාර වටටය, සංසාර නමැති මේ දියසුළිය, මෙතෙක් දුරට කරකැවෙයි, එනම් නාමරූපය විඤඤාණය සහිත වූ කල්හි.~~………
[pdf]http://www.dhammikaweb.com/pdfs/diya_suliya.pdf[/pdf]
.
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14794
Jun 12
‘O! bhikkhus, why should you listen to these noble teachings leading to enlightenment, you should reply thus; ‘It is to know the twofold teaching as it really is’ . How is it twofold: One reflection is, this is unpleasant and this its arising. The other reflection is, This is the cessation of unpleasantness and this the path leading to the cessation of unpleasantness.
If asked is there another method, to reflect rightfully in a twofold way, there is, would be the reply, and it would be asked how;
“Whatever unpleasantness experienced is on account of endearments (1). This is one reflection. With the remainder less cessation of all endearments, unpleasantness is not experienced. This is the second reflection To a bhikkhu reflecting in this ……re… .. the Blessed One further said thus.
[pdf]http://www.dhammikaweb.com/pdfs/Dvayatànupassanà_Sutta_2SuttaPitaka_5KhuddakaNikaya05_Suttanipata3_mahavagga.pdf[/pdf]
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15034
May 31
පටිච්චසමුප්පාද දේශනා (189) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි
යං, භික්ඛවෙ, සදෙවකස්ස ලොකස්ස සමාරකස්ස සබ්රහ්මකස්ස සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය ඉදං සච්චන්ති උපනිජ්ඣායිතං තදමරියානං එතං මුසාති යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං ( මහනෙණි යමක් දෙවියන්,මරුන්, බමුණ් සහිත ලෝකයා විසින් මහණ බමුණන් සහිත ලෝකයා විසින් මෙය සත්‍යය යැයි කල්පනා කරන ලද ද, එය ආර්යන් විසින් යථාභූත වශයෙන් මෙය මුසාව යයි මනා ප්‍රඥ්ඥාවෙන් දකින ලදී.)
‘‘අනත්තනි අත්තමානී, පස්ස ලොකං සදෙවකං; නිවිට්ඨං නාමරූපස්මිං, ඉදං සච්චන්ති මඤ්ඤති. ‘‘යෙන යෙන හි මඤ්ඤන්ති, තතො තං හොති අඤ්ඤථා; තඤ්හි තස්ස මුසා හොති, මොසධම්මඤ්හි ඉත්තරං.‘‘අමොසධම්මං නිබ්බානං, තදරියා සච්චතො විදූ; තෙ වෙ සච්චාභිසමයා, නිච්ඡාතා පරිනිබ්බුතා’’ති. “( 761,762 & 763)
ආත්මයක් නැති තැනක ආත්මයක් ඇත යන මානයෙන් ලෝක සත්වයා සසරට බැඳී තිබෙන බව තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සෙ ලොවට හෙළි කර වදාළා. මානයෙන් කෙරෙන හිතා ගැන්ම මඥ්ඥණා නමින් හැදින්වෙන වා.
නාමරූපය සත්‍ය හැටියට සලකන මේ මඥ්ඥණාවෙන් මිදීම, මාර බන්ධනයෙන් මිදීම යි! නිවන යි!. ඒ බව ප්‍රකාශ කෙරෙන ගාථා තුනක් තමා අද අප සත්වෙනි පටිච්චසමුප්පාද දේශනාව හැටියට ගත්තේ. මේ ගාථා තුනත් දකින්න ලැබෙන්නේ දේවේතානුපස්සනා සූත්‍රයෙහි ය (ඛුද්දකනිකාය-සුත්තනිපාතය) Dvayatànupassanà Sutta (Twofold Reflections) in English (sutta No.12 – 761,762 & 763)………….
මනසට අරමුණු වන දෙය පිළිබඳ මූලික ආකෘතිය ප්‍රකාශ කරන ඉතාම වටිනා සූත්‍රයක් මූලපරියාය සූත්‍රය(පාළි) – මජ්ඣිමනිකාය, මූලපරියායවග්ගො. සංගීතිකාරක ඒ මහරහතන් වහන්සේලා ඒ සූත්‍රයේ වැදගත් කම සලකලා වෙන්න ඇති මූලපරියාය සූත්‍රය මජ්ජිමනිකායේ මුලටම දැම්මේ. මේ පලමුවෙනි දේශනාව තමයි මුළුමහත් බෞද්ධ දර්ශනයම, මුලුමහත් සද්ධර්මය තේරුම් ගන්න උපකාර වන හෝඩිය මොකද එහෙම කියන්නේ මූලපරියාය සූත්‍රයේ මේ මනසට අරමුණු වන හැම දෙයක් පිළිබඳවම මුල් ආකාරය, මුල් ආකෘතිය පෙන්නුම් කරන වා.
‘සබ්බධම්මමූලපරියායං වො, භික්ඛවෙ, දෙසෙස්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමී (මහණෙනි මම නුඹලාට හැම දෙයකම මුල් ආකාරය, මුල් ආකෘතිය දේශනා කරන වා……… මනසට අරමුණු වන හැම දෙයක්ම හිතට වැටහෙන ආකාරයක් තියෙන වා මෙම සූත්‍රයේ දී ධම්ම 24ක් ඉදිරිපත් වෙනවා. එය බුද්ධ ඥාණයට අනුවයි එය කෙටියෙන් මෙසේ සලක ගන්න පුළුවන් පලමුවෙන් ම පඨවි, ආපෝ, තේජෝ, වයෝ. එනම් මහා භූතධර්ම හතර(4) ඊලගට භූත, දේව, පජාපති, බ්‍රහ්ම,ආබස්සර,සුබකිණ්ණ, වේහප්ඵල, අභිභුං කියන සත්ව කොට්ඨාශ අට(8). ඊලගට ආකාසානඤ්චායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන,නෙවසඤ්ඤානාසඤ්ඤායතන ඒ අරූප හතර(4). ඊලගට දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත හතර(4). අන්තිමට එකත්ත, නානත්ත, සබ්බ, නිබ්බාන කියන ප්‍රඥ්නප්ති හතර(4)………
මෙලෙස පටිච්චසමුපාදය නමැති ගැඹුරු ධර්මය මෙවැනි වූ සූත්‍ර රාශියක් ගෙන හැර දක්වමින් විග්රහ කරන කටුකුරුන්දේ ඥාණනන්ද හිමියනී, ඔබවහන්සේ අපව ප්‍රපංච වලට හසු නොවන අකාරයට මේ උතුම් වූ බුද්ධ වචනය තුලින් නිවන් මාර්ගයට රැගෙන යන අපූරුව මෙම දේශනාවන් අවබෝධයෙන් සවන් දුන් විට හොඳින් වැටහෙනු ඇත.
ආශ්චර්යයි හාමුදුරුවනේ. ඔබවහන්සේ අපට බුද්ධ වචනයම ගෙනහැර දක්වමින්, බුද්ධ වචනයෙන් පිටතට නොගොස් අපව තව තවත් බුදුරජාණන් වහන්සෙ සමීපයට ගෙන යනවා. ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුව ලැබේ වා මේ සිදුකරනා ධම්ම දානයමය පිං මහිමෙන්. සාදු! සාදු! සාදු !
මූලපරියාය සූත්‍රය (පාළි/සිංහල)– මජ්ඣිමනිකාය1, මූලපරියායවග්ගොපිටු අංක 2 සිට 18 – බුද්ධජයන්ති ත්‍රිපිටකයෙන් පිටපත් කර ගන්නා ලදී.)
.[pdf]http://www.dhammikaweb.com/pdfs/MuulapariyayaSutta_MajjimaNikaya1_MuulapariyaVaggo_Page2To18.pdf[/pdf]
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15022
Recent Comments