A Life of True Security

Ven.Revatha Thero

Buddha did not attach any importance to religious rituals. The reason is he felt that it was more important to ensure that the five sense organs were pure to begin with. Buddha sought to find out why the mind gets disturbed. He could not bear to see anyone suffering. He was deeply grieved at the sight of persons afflicted with old age. He was intrigued at the sight of a dead body.

None of these natural happenings gave him peace of mind. He undertook many spiritual exercises to find out what transcended these natural phenomenon. Failing to find the answers by these exercises he approached many great elders but none could give him satisfactory answers. Ultimately he reached Gaya and sat under a banyan tree to meditate on the problems that worried him.

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5432

සසර දුකින් එතෙර කරන චරණ ධර්ම – ආරණ්‍ය සේනාසනාධිපති තපෝවනයේ සුමේධ හිමි

සනරාමර ලෝක ස්වාමි වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් සත්වයා සසර දුකින් නිදහස් කරලීම සඳහා නිරන්තරයෙන්ම අනුශාසනා කළ සේක. සසර දුක් කෙළවර කොට නිවන සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන තැනැත්තා පුරුදු පුහුණු කළ යුතු කාරණා පහළොවක් පිළිබඳ බුද්ධ දේශනයෙහි සඳහන් වන්නේය.ඒ බව මජ්ජිම නිකායේ (සේඛ සූත්‍රයේදී) තථාගතයන් වහන්සේ පැහැදිලි කොට ඇත.

චරණ ධර්ම යනු හැසිරීම් යන අර්ථයෙන් විස්තර වන්නේය. එසේ නම් නිවන සාක්ෂාත් කරගැනීමට උත්සාහ වන පුද්ගලයා තුළ පවත්වාගත යුතු කරුණු පුරුදු කිරීම් සමුදායක් ලෙසට එම පසළොස් චරණ ධරමයන් හැඳින්විය හැකිය. බුදුරජාණන් වහන්සේ තුළ පැවැති විජ්ජාචරණ ගුණය පිළිබඳව විස්තරයේ ද තථාගතයන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වීමට හේතුව ලෙස මෙම චරණ ධර්මයන්ගෙන් සමන්විත වීම ලෙසට දක්වා ඇත. චරණ ධර්ම අතර පළමුවැන්න ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ලෙස දත යුතුය. මෙය ශීල සංවරය ලෙස ද ගිණිය හැකිය. සසරින් නිදහස්වීම සඳහා පිළිවෙත් පුරණ භික්ෂුව මනාව ප්‍රාතිමෝක්ෂ සංවරයෙහි පිහිටිය යුතුය. තමා කුඩා සහ මහත් සියලු ශික්ෂාවන්ගේ ගෞරවාදරය සහිතව උත්සාහයෙන් සීලය රැකීම මෙහිදී සීල සංවරය ලෙස දත යුතුය.මෙය භික්ෂුවට පමණක් නොව ගිහි ශ්‍රාවකයා තුළ ද පවත්වා ගත යුතු කරුණක් ලෙස දත යුතුය.විශේෂයෙන් සසරින් නිදහස් වීමට පමණක් නොව මරණින් මතු සුගතියක උපතක් ලැබීමට මෙය මහෝපකාරී වන බව දත යුතුය. යමෙක් සීලයෙහි නිවැරැදි ලෙස නොපවතීද ඔහුගේ සිත මරණාසන්න මොහොතේ නොසන්සුන් වන්නේය. සිහි විකල් බවට පත් වන්නේය. දුෂ්ශීලයාගේ මනස මරණින් මතු නරක තිරිසන් ආදී දුගතියෙහිම පිහිටන බව දත යුතුය. එම නිසා මෙලොව හා පරලොව යහපත පිණිස චරණ ධර්මයක් වශයෙන් සීල පාරිශුද්ධිය බෙහෙවින් උපකාරී වන බව දත යුතුය.

චරණ ධර්මයන්ගේ දෙවන කාරණය ඉන්ද්‍රිය සංවර සීලය බව දත යුතුය. මෙහිදී ඉන්ද්‍රියන්ගේ වැසූ දොරටු ඇති බව යැයි මෙය දත යුතුය. එනම් චක්ඛු, සෝත, ඝාන, ජිව්හා , කාය, මන යන ඉන්ද්‍රියනට ගෝචර වන අරමුණු ඔස්සේ මුලා නොවී සතිය පිහිටුවීම ඉන්ද්‍රිය සංවර ශීලය ලෙස දත යුත්තේය. භෝජනේමත්තඤඤූතා ලෙස මීලග චරණ ධර්මය දක්වා ඇත්තේ ආහාරයෙහි පමණ දැන වැළඳීම බව දත යුතුය.මෙහි දී තම ආහාර අනුභව කරනුයේ ජවය පිණිස නොව, මදය පිණිස නොව, ශරීරයෙහි අඩුතැන් පුරවා ශරීරය පුෂ්ටිමත් කරගැනීම පිණිස නොව ශරීරයේ පැවැත්ම සඳහා මෙන්ම තමා රක්නා ප්‍රතිපත්තියෙහි පහසු විහරණය පිණිස බව මෙහි දී දත යුතුය. තථාගතයන් වහන්සේ පුත්‍රමාංශෝපමාවෙන් දක්වා ඇති ආකාරයට අනුභව කරණ ආහාරය පිළිබඳ සිහිය පිහිටුවා වැළදිය යුතුය කරුණ මෙහිදී දත යුතුය. මේ ආකාරයට සිහියෙන් යුතුව ආහාරය අනුභව කරණ තැනැත්තාට ආහාරයෙහි පමණ දැන ගත හැකි බව භෝජනමත්තඤ්ඤුතා ධර්මයෙන් පැහැදිලි කර ගත හැක්කේය.

මීළඟ චරණ ධර්මය වනාහි ජාගරියානුයෝගය වන්නේය. තථාගතයන් වහන්සේ සේඛ සූත්‍රයේදී මෙම කාරණය පිළිබඳ මෙසේ වදාරා ඇත. මහානාමය, ආර්ය ශ්‍රාවක තෙමේ දිවා කාලයෙහි ද රාත්‍රී කාලයේ ද ඔබ මොබ සක්මන් කරමින් ඇතැම් විට හිද ගනිමින් අකුසල ධර්මයන් ඉවත් කොට සිත පිරිසුදු බවට පත්කර ගනියි. රාත්‍රී කාලයෙහි පශ්චිම යාමේ සිංහ සෙයියාවෙන් සැතපී උදයෙහි අවදි වන්නෙමි යැයි සිතා දකුණු ඇලයෙන් යුතුව සිහියෙන් වාසය කරයි. රාත්‍රී පශ්චිම අවධියෙද අවදිව අකුසල ධර්මයන් දුරුකරමියි සිතා සක්මන් කරමින් අකුසල් දුරුකරයි වශයෙනි. මෙම කාරණයෙන් පැහැදිලි වන්නේ කෙසේ නම් මෙම ජාගරියානුයෝගය පිළිපැදීම කළ යුතු ද යන්නය. මෙහි දී විශේෂයෙන් දක්වා ඇත්තේ අකුසල් බැහැර කරමින් මනා සිහියෙන් යුතුව වාසය කිරීම බව දත යුතුය.

චරණ ධර්මයන්ගේ මීළඟ කාරණය ශ්‍රද්ධාව වන්නේය. මෙහි දී ශ්‍රද්ධාව යනුවෙන් සලකා ඇත්තේ තථාගතයන් වහන්සේගේ බුදුගුණය කෙරෙහි ඇති විශ්වාසය හා අවබෝධය බවම දත යුතුය. එනම් ආර්ය ශ්‍රාවකයා වනාහි තථාගතයන් වහන්සේ සම්‍යක් සම්බුද්ධ වන සේක. නිරවද්‍ය විද්‍යාවෙන් හා පසලොස් චරණ ධර්මයන්ගෙන් සමන්විත බව හා ශාස්තෘ ගෞරවයෙන් යුතුව තථාගතයන් වහන්සේට ගරු කිරීම බව මෙහි දී සඳහන් කළ හැකිය.

හිරි ඔතප්ප මීලග චරණ ධර්මය වන්නේය. මෙහි දී කායික, වාචසික හා මානසික අකුසල් කිරීමේ ලජ්ජාව හා බිය ලෙස මෙය දත යුතුය. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිථ්‍යාචාරය , සුරාපානය යන කාය සමාචාරයන්ගෙන් වෙන්වීම, මුසාවාදය, පිසුනාවාචය, පරුෂා වාචය, සම්පප්‍රලාපය යන වචී සමාචාරයන්ගේ වෙන්වීම සහ අභිධ්‍යා ,ව්‍යාපාද, මිත්‍යාදෘෂ්ටි යන මනෝ සමාචාරයන්ගෙන් වෙන්වීම මෙම චරණ ධර්මයෙහි අන්තර්ගත කරුණු වන්නේය. මීළඟට විස්තර වන්නේ බාහු සච්චං චරණ ධර්මය වන්නේය. මෙය බොහෝ ඇසූ පිරූ තැන් ඇති භාවය බව දත යුතුය. මෙහිදී ඇසු පිරූ තැන් ඇති භාවිතය ලෙස සලකා ඇත්තේ ධර්මය පිළිබඳ මිස වෙන කාරණා ගැන නොව බව දත යුතුය.

චරණ ධර්ම අතර අකුසලයෙන් සිත ඉවත්කොට කුසලයෙහි සිත පිහිටුවීම වීර්ය ලෙස දක්වා ඇත. මෙය සත්තිස්බෝධි පාක්ෂික විස්තරයේ සඳහන් සතර සම්‍යක් පදන් වීර්ය ලෙසම හැදින්විය හැකිය. එය උපන් කුසල් වඩමින් නූපන් කුසල් ඇති කිරීමටත්, උපන් අකුසල් දුරු කොට නූපන් අකුසල් නූපදීමටත් ගන්නා වීරිය බව දත යුතුය. සතිසම්පජඤ්ඤය චරණ ධර්ම අතර තවත් වැදගත් කාරණයකි.

මෙහි දී එළබගත් සිහිය ලෙස මෙය දත යුතුය. කෙටියෙන් සඳහන් කළ හොත් සතර සතිපට්ඨාන සිහිය බව මෙය දත යුතුය. එසේම ප්‍රඥා නමැති චරණයෙන් දක්වා ඇත්තේ විනිවිද දකින නුවණින් යුතුව වාසයකිරීමත් හට ගැනීමත් නිරෝධයත් යන කාරනා පිළිබඳ ( උදයව්්‍යය ඤාණ දර්ශනය ඇති අයෙක් වීම යන කාරණා බව සඳහන් කළ හැක) අවසාන වශයෙන් රූපාවචර ධ්‍යාන හතර ද මෙම හැසිරීම් නැතහොත් පුරුදු කිරීම් අතර සදහන් කාරනා ලෙස දක්වා ඇත. මෙමගින් බලාපොරොත්තුව ඇත්තේ පංච නීවරණ යටපත් කොට නිවන සඳහා පාදක වන ආනන්තරික සමාධී (අරිහත් සමාධිය) උදෙසාම මානසික පසුබිම සකස් කිරීම බව දත යුතුය. එසේම තථාගතයන් වහන්සේ මෙම සේඛ සූත්‍ර දේශනයේදී පෙන්වා ඇත්තේ යමෙක් මෙම චරණ ධර්ම නොමැතිව සසර ගමන කෙළවර කලා යැයි කියතොත් එයින් පැවසෙන්නේ කෙළෙස් සහිත අයෙකු සසර ගමන කෙළවර කලා යැයි කෙරෙන ප්‍රකාශයක් බවය. එම නිසා මෙම චරණ ධර්ම නොවඩා කිසිවෙකුට හෝ නිවන සාක්ෂාත් කරගත නොහැකි බව දත යුතුය.

තෙරුවන් සරණයි.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=6910

Mangala Sutta – Ven Piyadassi Thero

පූජ්‍ය පියදස්සී නාහිමි

මංගල සුත්‍රය

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5487

AN OUTLINE OF BUDDHISM

AN OUTLINE OF BUDDHISM

a great variety of forms of religious practice are associated with the word ‘Buddhism’. However, they all take Siddhattha Gotama, who lived and taught in northern India some 2,500 years ago, as their source or inspiration. It was he who in
historical times became known as ‘the Buddha’— that is ‘the Awakened One’, one who has attained great wisdom through their own efforts. The Buddha did not write anything down, but left a remarkable legacy in the form of a teaching (the Dhamma) that was at first orally transmitted by the religious Order (the Saïgha) that he founded and personally guided for forty-five years.

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5428

බිරින්දෑවරු හතර දෙනා by Nihal Priyashantha

ඔන්න එක රටක බොහොම පොහොසත් වෙළෙන්දෙකුට බිරින්දෑවරුන් හතරදෙනෙක් හිටියා. ඔහු එයාල හතර දෙනාට සැලකුවේ ප්‍රමාණයෙන් වෙනසු වූ හැඳි කීපයකින්.

එයා හතර වන බිරිඳට තමයි වැඩියෙන්ම ආදරය කලේ. එයා ගැන හොඳට සොයාබැලූ අතර සෑම හොඳ දෙයක්ම අරන් දුන්නා.

දෙවන තැන ලැබුනේ තුන්වන බිරිඳට. එයාව හැමකෙනාටම පෙන්වන්න එයා වඩා කැමති වුනා. නමුත් ඇය වෙනත් අයෙකු හා යයි කියා පොඩි බයකුත් තිබුනා.

තුන්වන තැන ලැබුනේ දෙවන බිරිඳට. ඇය ඔහුට බොහෝ සෙයින් මිත්‍රශීලී වුනා. ඔහුට යම් කරදරයක් වූ විට ඔහු කෙලින්ම ගියේ ඇය වෙත.

අවසාන තැන ලැබුනේ පළමු බිරිඳට. ඔහු ඇය ගැන ඒ තරම් තැකීමක් නොකල නමුත් ඇය ඔහුට බොහෝ සෙයින් ආදරය කලා.

දවසක් මේ වෙළෙන්දා හොඳටම ලෙඩ වුනා. ඔහුට හිතුන දැන් ඔහු මැරෙන්නයි යන්නෙ කියලා.

ඔහු ඔහුගේ හතර වන බිරිය අමතා මෙසේ ඇහුවා. “මම ඔයාට හැමදේම ලබා දුන්නා. මම යන ගමන යන්න මමත් එක්ක එනවද?”.  “කොහෙත්ටම බැහැ” ඇය කීවේ එපමනයි.

එයින් සිත රිදවාගත් ඔහු තුන්වන බිරිය අමතා මෙසේ ඇසුවේය “මම ඔබව මම යන යන තැන එක්කන් ගියා. මමත් එක්ක මේ ගමන යන්න එනවද?” තුන්වන බිරිය පැවසුවේ “නැහැ මට බැහැ, ඔයා මැරුනම මම වෙනත් කෙනෙක් වෙත යනවා.” යනුවෙනි.

එයින් ඔහුගේ හදවත නැවතීමටද ගිය අතර නැවතත් දෙවන බිරිඳගෙන් මෙසේ ඇසීය. “මට දුකක් කරදරයක් වෙන සෑම වෙලාවකම ඔබ මගේ ලඟ හිටියා. මින් ඉදිරියටත් එහෙම ඉන්නවද?”  “මට කරන්න පුළුවන් උපරිම දේ තමයි ඔබව මිනී වලට ගෙනිහින් දාන කල්ම ඔබ ලඟ ඉන්න එක.”

මෙම පිළිතුරෙන් ඔහුගේ සිත මුළුමනින්ම ඇද වැටුනි.

එක්වරම තවත් කටහඬක් අවදිවූ අතර ඔහු ඔලුව ඔසවා බැලූ විට ඔහු ඉදිරියේ සිටියේ පළමු බිරිඳයි. ඇය ඔහුට මෙසේ කීය. “ඔබ කොහේ ගියත් මම ඔයත් එක්ක එනවා.”

“මට ඔයාගැන මීට වඩා හිතන්න තිබුනා.” යයි පවසමින් වෙළෙන්දා මිය ගියා.

දැනමුතුකම:
ඔබ දන්නවද අපි සෑම කෙනාටම මෙවැනි බිරින්දෑවරුන් හතරදෙනෙක් ඉන්න බව.

01 – හතරවන බිරිඳ වන්නේ අපගේ ශරීරයයි.
අපි එයට කොපමන සැලකුවක් මැරෙන මොහොතේ එය අප හැර යනවා.

02 – තුන්වන බිරිඳ වන්නේ ජීවිත කාලය තුල රැස් කරගත් ධනය හා තත්වයයි.
එය අප මැරෙන විට අප දමා ගොස් වෙන අයෙකු වෙත යයි.

03 – දෙවන බිරිඳ වන්නේ අපගේ නෑදෑයන් සහෝදරයින් සහ යහළුවන්ය.
ඔවුන් අප මියගිය පසු වල වෙත යන තෙක්ම අප හා සිටියි.

04 – පළමු බිරිඳ වන්නේ අපගේ සිතයි.
අප කෙදිනක හෝ නිර්වාණය සාක්ෂාත් කරගන්නා තෙක් සිත අප සමඟ සිටියි.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=6868

Thamanta Pihita Thamamai – Ven.Kotikawatte Saddhatissa Thero

තමන් තමන්ට ප්‍රදීපයක් කොට සලකව්, තමන්ට පිහිට තමාමයි

කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමි

[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/10/36_Ven-Kotikawatte-Saddatissa-Thero-Be-alight-to-yourself.mp3[/mp3]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5580

Balangoda – Ven Balangoda Ananda Maitreya Thero

balangoda_ananda_maitreya_thero-470x303ඓතිහාසික බළංගොඩ

බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය ස්වාමින්වහන්සේ විසින්

බළන්ගොඩ ප්රදේශ පිළිබද ඓතිහාසික තොරතුරු හා බළන්ගොඩ නගර සභාවේ ඉතිහාසය

පහත පළවන ලිපිය 1991 වසරේදී බළන්ගොඩ නගර සභාව විසින් ප්‍රකාශයට පත් කල බළන්ගොඩ නවෝදය සමරු කලාපය සදහා බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය ස්වාමින්වහන්සේ විසින් ලියන ලද්දකි.


[pdf]http://www.dhammikaweb.com/pdfs/බළන්ගොඩ.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5412

Controlled Mind – Ven Piyadassi Thero

පියදස්සී නාහිමි (Ven Piyadassi Thero)

දමනය කරගත් මනස

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5479

Buddhist Concept of Happiness – Ven Gunaratana Thero

Happiness in Pali is called Sukha, which is used both as a noun meaning “happiness,” “ease,” “bliss,” or “pleasure,” and as an adjective meaning “blissful” or “pleasant.” To understand precisely the nature of happiness, a brief discussion of the Buddhist analysis of feeling is necessary.

Feeling (vedana) is a mental factor present in all types of consciousness, a universal concomitant of experience. It has the characteristic of being felt, the function of experiencing, and as manifestation the gratification of the mental factors.

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=6786

A Life of Inner Quality – Ven Ajaan Mahã Boowa Ñãõasampanno Thero

People often say that the way Buddhism teaches constantly about the suffering of living beings is unpleasant to them and makes them so depressed that they get no joy out of listening to the Dhamma.

They feel as if the sufferings and discontentment being talked about were joining forces with the sufferings and discontentment already inside them, making them despondent and sad. If that weren’t enough, the basic principles of the Buddha’s teaching – the four Noble Truths (ariya sacca)start out with suffering as their primary theme, since that’s what the religion teaches about far more than anything else.

It’s as if the Buddha were driving away the people who, out of fear of suffering, come running to the Dhamma for shelter, so that instead they will run away from the Dhamma inasmuch as they don’t want to sit and listen to anyone talking about suffering and discontent.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Life-of-inner-Quality.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=6809