Alagaddupama Sutta-MN 22: (The Simile of the Snake) – Bhante Gunaratana

Bhante_GunaratnaIn this, “The Simile of the Snake Sutta,” the Buddha first criticizes a monk for holding a view contrary to the Buddha’s teaching.

He then warns that the Dhamma should be learned and taught for the right reasons, not for winning in arguments and self-glory. The Buddha also points out that one should not cling even to the wholesome Dhamma let alone unwholesome dhamma. In a famous simile, the five aggregates are compared to grass, sticks, branches and leaves gathered for burning. The advice: abandon them!

 

Part-01

[youtube]lYOjScwoheE[/youtube]

Part-02

[youtube]W9eGdMA7Zs[/youtube]

 

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=6374

Chathalisakara Maha Vipassana Bhawana – Ven Rerukane Chandawimala Thero

chaththalisakara-maha-wipassana-bhawanaචත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව

අතිපූජ්‍ය රෙරුකානේ චන්දවිමල මහනාහිමි

චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව වනාහි ධ්‍යාන-මාර්ග-ඵල-අභිඥාදී භාවනා භාවනා කොට්ඨාසයට අයත් කරුණු විස්තර කර ඇති පටිසම්භිදාමග්ග නමැති ග්‍රන්ථයේ විපස්සනා කථාවෙහි දක්වා ඇති භාවනා ක්‍රමයෙකි. මෙය ඉතා ම විස්තර විදර්ශනා භාවනා ක්‍රමය ය. 

සිල්වත් භික්ෂුවය, සෝවාන් භික්ෂුවය. සකෘදාගාමී භික්ෂුවය, අනාගාමී භික්ෂුවය, රහත් භික්ෂුවය යන සැම දෙනා විසින්ම පඤ්චස්කන්ධය අනිත්‍ය – දුක්ඛ- රෝග- ගණ්ඩාදී වශයෙන් නුවණින් මෙනෙහි කල යුතු බව බන්ධවග්ග සංයුත්තයේ චූළපණ්ණාසකයේ ධම්මකථිත වග්ගයෙහි සීලවන්ත සූත්‍රයෙහි දක්වා ඇත්තේය.

කාහටත් යෝග්‍ය උසස් භාවනාවක් වන මේ චත්තාළීසාකාර මහා විපස්සනාව විස්තර කරන විශේෂ ග්‍රන්ථයක් ද දක්නට නැත. එය නිවන් සොයන සැදැහැවතුන්ට ඉමහත් පාඩුවකී. ඒ පාඩුව පිරිමසාලීම මේ ග්‍රන්ථය සම්පාදනය එක් හේතුවකි.

භාවනා මධ්‍යස්ථානවල භාවනා පුරුදු කළා වූ ද, දැනට භාවනා කරන්නා වූ ද, මතු භාවනා කිරීමට බලාපොරොත්තු ඇත්තා වූ ද, සියලු සැදැහැවතුන්ට හා සසරදුකින් මිදෙනු රිසියෙන් සසුන් වැද පැවිදිව සිටන කුලපුත්‍රයන්හට ද මේ පොත කියවීමෙන් ඉමහත් ප්‍රයෝජනයක් ලැබිය හැකි වනු ඇත. මේ පොත කියවීම ම ද භාවනාවක් වෙයි. මෙය නැවත නැවත කියවන පින්වතුන්ට පඤ්චස්කන්ධයේ සැබෑ තත්වය වසා සිටින අවිද්‍යාව නමැති වළාකුල තුනීවෙයි. කාමච්ඡන්දය තුනී වෙයි. එයින් ඔවුන්ගේ සිත භාවනාවට නැමෙයි. නිවන් සෙවීමට නැමෙයි.    

මෙම සම්පූර්ණ පොත බාගැනීමට පහත පිවිසුමට ඇතුළු වන්න.

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1720

House Phenomena – Anagarika Tevijjo

Speaking about images & phenomena, specially we have ideas in our head.

Even a house. I want a house like this house, my house ! this belongs to me. This is all wrong view of reality….

[youtube]PSU4pcqmz78[/youtube]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=4356

Amisa saha Prathipaththi Puja

ආමිස සහ ප්‍රතිපත්ති පූජා පිළිබදව පොහෝ දින සාකච්ඡාවච

බෞද්ධ දර්ශනයට අනුව ආමිස සහ ප්‍රතිපත්ති පූජා යන අංශ දෙකම වැදගත් වන ආකාරය ගැන මනා විග්‍රහය කරමින් එයට මනා අර්ථකථනයක් දෙමින් ආරම්භ වන මෙම ධර්ම සාකච්චාව මෙසේ විග්‍රහ කරන්නට යෙදුනි.

ප්‍රතිපත්ති ගැන කථා කරන විට ප්‍රධාන වශයෙන් නමයක් ගැන විග්‍රහ වෙනවා මෙයින් විස්තර කරන්නේ කුමක් ද? 

බුදුරජානණ් වහන්සේ ප්‍රතිපත්ති පූජා ප්‍රධාන කොටස් දෙකකට බෙදා විස්තර කර තිබෙනවා……..

 [wmv]http://assets4.dhammikaweb.com/uploads/2012/05/pohodina_sakachchawa_20120505.wmv[/wmv]

.

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=12764

The Monk Story

 

The Monk Story

The forest monks are a special group and they lived a very nomadic life. Moving from one place to another without any permanent resident. They were quite independent. But people revere them, enormously. And believe in their power, and see them as a holy sage.

[youtube]lRHkivEzCfw[/youtube]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=4739

Karma Nimiththa saha Gathi Nimiththa – Pancha Maha Wadaya

Deathසත්වන් මරණාසන්න මොහොතේ ඇතිවන කර්මනිමිත්ත සහ ගතිනිමිත්ත ගැන සරල විස්තරයක් – පංච මහා වාදය (බෞද්ධ ක්‍රිස්තියානි දෙපක්ෂය අතර ඇති වූ මහා වාද පස) – පොතෙන් පිටපත් කර ගන්නා ලදී.

බුද්ධ ධර්මයේ ප්‍රකාශ වූ පංචස්කන්ධ ධර්මයාගේ අදහස තේරුම් ගැනීම නුවණ මද අයට දුෂ්කර ය.සත්වයෙකුගේ මැරීමත් පරලොව ඉපදීමත් ගැන තේරුම් ගැනීම ද එසේම දුෂ්කර ය. සත්වයාගේ මරණාසන්න කාලයෙහි සත්වයාට ඇතුව තිබුන ඉන්ද්‍රීය ශක්තිය මරණ වේදනාව හේතු කොට ගෙන නැතිවේ. ඉන්ද්‍රිය ශක්තිය නම් ඇහැ පෙණීම, කනැහීම ආදිය ය. එසේ ඉන්ද්‍රිය ශක්තිය නැතුව යාමේ දී ඉන්ද්‍රියෝ තුන් දෙනෙක් ඇතුල්ව හර්දය වස්තුව ආශ්‍රය කරගෙන සිටී…..

පිටු අංක 85 සිට 87 දක්වා කියවීමට හෝ බාගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Karma_Gathi_Nimiththa_panchaMaha_Vadaya_page_85to87.pdf[/pdf]

.

සම්පූර්ණ පංච මහා වාදය පොත මෙම වෙබ් පිටුවෙන් ඔබට නොමිලේ බාගත හැක. http://www.dhammikaweb.com/?p=11931

.

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=12683

මහා කච්චාන මහරහතන් වහන්සේ

අප බුදුරදුන්ගේ කාලයෙහි උදේනි නුවර පුරෝහිත බමුණු කුලයේ පින්වත් කුමාරයෙක් ඉපදුනා. මුළු සිරුරම රන්වන් පාටින් බැබලුනා. එසේවීමට හේතුව කලින් වැඩ සිටි කාශ්‍යප බුදුරදුන් පිරිණිවන් පෑ පසු ධාතු තැන්පත් කොට සෑයක් සාදද්දී රන් ගඩොලක් පූජා කොට මතු ආත්ම වල උපදින වාරයක් පාසාම සිරුර රන්වන් පැහැයෙන් බැබලේවායි ප්‍රාර්ථනා කොට තිබූ නිසයි. ඒ අන්දමට රන්වන් සිරුරක් ලැබූ හෙයින් කුමරුවාට නම තැබුයේ ‘කඤ්චන’ යන නමයි. එහෙත් ඔහුගේ් ගෝත්‍ර‍්‍රය ‘කච්චාන’ වූයෙන් ඒ නමින් ද හැඳින්වූවා. වැඩි වියට පත් ඔහුට රජතුමාගේ පුරෝහිත තනතුර හිමිවුණා. බුදුරදුන් ලෝකයේ පහළ වී ඇති බව දැනගත් උදේනි රජතුමා මුළු ඇමති මණ්ඩලයේම කැමැත්ත පරිදි කච්චාන පුරෝහිතයාගෙන් ඉල්ලා සිටියා බුදුරදුන් තම රාජ්‍යයට වඩම්මාගෙන එන ලෙස. තමාට පැවිදි වීමට අවසර ලබා දෙන්නේ නම් ඉල්ලීම ඉටු කරන්න කච්චාන බමුණා පොරොන්දු වුණා.

යහළුවන් සත් දෙනෙකු සමඟ බුදුරදුන් වෙත ගිය කච්චාන පැවිද්ද ලබා සසර සිදුකළ පින්වල මහිමයෙන් රහත් භාවය ලබා ගත්තා පමණක් නොවෙයි ඒහි භික්ෂු භාවයෙන් පැවිදි බිමට ද පත් වුණා. ටික කලකට පසු පැවිදි උපසම්පදාව ලැබූ හිතවත් හිමිවරුන් සත් දෙනා සමඟ බුදුරදුන් හමුවෙහි උදේනි නුවර පිළිබඳ වර්ණනාත්මකව විස්තරයක් ඉදිරිපත් කළා. එවිට බුදුරදුන් ‘පළමුව තමා උපන් උදේනි නුවරට කච්චාන හිමියන්ම වැඩමවන්න’ යයි නියම කළා. ඒ අනුව රහත් සත් නම සමග කච්චාන හිමියන් උදේනි නුවරට වැඩමවන අතර තේලප්පතාලි ගමෙහි පිඬුසිඟා වැඩියා. එහි විසූ ඉතා සුරූපි දුප්පත් එක් සිටු දියණියකගේ කේශ කලාපය කහවනු ලක්ෂයක් වුවත් ගෙවා මිලයට ගැනීමට තවත් සිටු දුවක් සූදානම්ව සිටිය නමුත් මුල දී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. එහෙත් මහා කච්චාන හිමියන් ප්‍රධාන රහත් හිමිවරුන්ට දානය පිළිගැන්වීමට තිබූ තද ආසාව නිසා ලක්ෂයකටවත් නොදුන් කේශ කලාපය කහවනු අටක් වැනි සුළු මුදලකට කලින් ඉල්ලූ කාන්තාවටම විකුණා සැදැහැයෙන් දානය පූජා කළා. ඉතා ලස්සන වූ ඇගේ කේශ කලාපය සැදැහැයෙන් විකුණා දුන් දානයේ ආනිශංසයෙන් නැවතත් මෙලොවදී ම වඩා ලස්සන කේශ කලාපයක් ලැබුණා. එපමණක් නොවෙයි ඒ පිළිබඳ තොරතුරු මහා කච්ඡාන හිමියන්ගෙන් දැනගත් උදේනි රජතුමා ඈ රජමාලිගාවට කැඳවා අගබිසව බවට ද පත්කර ගත්තා. අප සිදු කරන කුසල ක්‍රියාවන්හි ආනිශංස බොහෝ දුරට මෙලොවදී ම ලැබෙන බවට මේක හොඳ නිදර්ශනයක්.

කච්චාන හිමියන් කඤ්චනවත නම් උයනෙහි වැඩ වසන බව උයන්පල්ලාගෙන් දැනගත් උදේනි රජතුමා වහා එහි ගොස් බුදුරදුන් කොහිදැයි විමසුවා. එවිට මහා කච්චාන හිමියන් පැවසුවා පළමුව තමන්ට උදේනි නුවරට වැඩමවීමට උන්වහන්සේ නියම කළ බව. පැහැදීමට පත් රජතුමා ඒ රහත් පිරිසට මහත් සේ උපස්ථාන කළා. එහි දී බණ ඇසූ බොහෝ දෙනා පැහැදී පැවිදිව මගඵල ලබා ගත්තා. කෙස් වැටිය විකුණා දන් දීමෙන් අගබිසව බවට පත් වූ ඒ දේවිය රජතුමාගේ් අවසරය පරිදි කඤ්චනවත නම් උයනෙහි ආරාමයක් සාදා කච්චාන තෙරුන් ප්‍රධාන භික්ෂූන්ට පූජා කළා.

කච්චාන හිමියන්ට ඉතා ලස්සන ශරීරයක් තිබුණා. එය මොනතරම් ලස්සන ද යන්න පැහැදිලි කිරීමට පොඩි සිදුවීමක් සිහිපත් කිරීම වටිනවා. එක් දිනක් මහා කච්චාන හිමියන් සැවැත්නුවර එක් පැත්තක පිණ්ඩපාතයේ වැඩමවීමට සිවුරු පොරවමින් සිටියා. මේ වෙලාවේ මහා ධනවත් සොරෙය්‍ය සිටු පුත්‍රයා යහළුවන් සමග වතුර නෑම සඳහා එතනින් ගමන් කළා. මෙහි දී සොරෙය්‍ය සිටු පුත්‍රයා මහා කච්චාන හිමියන්ගේ ලස්සන ශරීරය දැක්ක විතරයි සිතුවා. ‘මේ හිමියන් මගේ් භාර්යාව වුනානම් කොපමණ හොඳද එසේ නැතිනම් මගේ භාර්යාවගේ් ශරීරය මෙසේ වූවානම් හරි වටිනවා. කියා මේ දරුණු සිතිවිල්ලත් සමග සොරෙය්‍ය සිටු පුත්‍රයා පිරිමි බවින් වෙනස්ව කාන්තාවක වූ බව ධර්ම ග්‍රන්ථයන්හි දැක්වෙනවා. කලින් දැක්වූ අන්දමට රන් ගඩොලක් පූජා කොට කළ පැතුමට අනුව මොනතරම් ලස්සන ශරීරයක් ලැබුණේ ද යන්න මෙයින් පැහැදිලි වෙනවා.

බුදුරදුන් ජේතවනාරාමයේ වැඩසිටිය දී මධුපිණ්ඩික සූත්‍රය කාරායන සූත්‍රය ආදි දේශනා රාශියක්ම ඉතා කෙටියෙන් දේශනා කොට වදාළා. එවැනි අවස්ථාවල කච්චාන රහත් තෙරුණුවන් විස්තර සහිතව හා නිවැරදිව එම ධර්මය දේශනා කොට වදාළා. එය කච්චාන හිමියන් මෙලොව දීම ලබා ගත් විශේෂ දක්ෂතාවයක් නොවෙයි. පෙර ආත්මයක පදුමුත්තර බුදුුරදුන් එක්තරා භික්ෂූ නමකට කෙටියෙන් දේශනා කළ ධර්මය විස්තර වශයෙන් ප්‍රකාශ කරන භික්ෂූන් අතර අග තනතුර පිරිනමනවා දැක දානා දී මහා පින්කම් කොට තමන්ටත් එවැනි තනතුරක් ලැබේවායි කළ පැතුමට අනුව පුණ්‍ය මහිමයෙන් ලැබූ විශේෂ දක්ෂතාවයක්.

ඒ නිසාම අප ගෞතම බුදුරදුන් විසින් කෙටියෙන් දේශනා කරන ධර්මය විස්තර ලෙස දක්වන භික්ෂූන් අතර අග්‍රස්ථානය මේ මහා කච්චාන හිමියන්ට දෙවා වදාළ බව ශාසන ඉතිහාසය සඳහන් කරණ ලද පින්වල ඵලය සසර දීර්ඝ කාලයක් විවිධ සැප සම්පත් ලබා දීමටත් නිවන් අවබෝධ කර ගැනීමටත් හේතු වන බව මෙයින් පැහැදිලි වෙනවා.

සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නා හිමි

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=12624

The Kūṭadanta Sutta, Dīgha Nikāya – Prof. T.W. Rhys Davids

On True Sacrifice – A Discourse from the Dīgha Nikāya

Whoever put this Sutta together must have been deeply imbued with a spirit of subtle irony that plays no less a part in the Suttas than it does in so many of the Jātakas. I have already called attention to the great importance of the right understanding of early Buddhist teaching, of a constant appreciation of this sort of subtle humour. Hitherto, it has been (so far as I am aware) entirely overlooked in the Suttas. Every one recognizes it in the Jātaka tales, though. The humour is not at all intended to raise a laugh, scarcely even a smile.

The aroma of it pervades the whole of the exposition. It is none the less delightful because of the very serious earnestness of the narrator. The ethical point at issue, however, is apt to be lost sight of precisely because of that earnestness. And just as a joke may be explained but the point of it spoil in the process, so in the attempt to write about this irony (much more delicate than any joke), one runs great danger of smothering it under the explanatory words. The attempt, nevertheless, must be made.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Kutadanta-Sutta_RDavid.pdf[/pdf]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=10146

Upakklesha Suthraya – Majjima Nikaya

උපක්ලේෂ සූත්‍රය – මජ්ජිම නිකාය පිළිබදව පොහෝ දින සාකච්ඡාවච

පසුගිය වැඩසටහන් දෙකෙන් අප සාඛ්ච්චා කළේ උපක්ලේෂ සූත්‍රය ගැන. එහිදී අප උපක්ලේෂ 11 ක් පිළිබදව අවධාරනය කළා. මෙතන දී කෙනෙකුට ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන් මොකක් ද මේ උපක්ලේෂ කියන්නේ එසේත් නැතනම් ,ක්ලේෂ වලින් උපක්ලේෂ වෙනස් වන්නේ කොයි ආකාරයට ද?  

මතුපිටෙන් පෙනෙන දේ පාදක කරගෙන බොහොම ගැඹුරු ධර්මය සවිස්තරාත්මක අප බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන ආකාරය අපට වැටහා ගැනීමට හැකි වෙනවා මෙවන් සූත්‍ර දේශනාවන් විමර්ෂනය කිරීමේ දී.

[wmv]http://assets4.dhammikaweb.com/uploads/2012/04/pohodina_sakachchawa_20120406.wmv[/wmv]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=12619

Paticca-samuppada, Dukkavaggo-Samyuktha Nikaya2

underwater landscape

underwater landscape

නිදාන[පටිච්චසමුප්පාද] සූත්‍රය, දුක්ඛවග්ගො සංයුක්ත නිකාය02පිටු අංක 144 සිට 146 දක්වා

අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළබියහ. එළබ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක  හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ වහන්ස, ආශ්චර්‍යකි වහන්ස, අද්භූතයකි. වහන්ස මේ පටිච්චසමූප්පාදය ඉතා ගැඹුරු ය.

ගැඹුරු වූයේ ම දකිනු ද ලැබේ. එහෙත් මට ඉතා ප්‍රකට වූවක් මෙන් වැටහේ ය‘යි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.

ආනන්ඳ එසේ නොකිය, ආනන්ඳ එසේ නොකිය.  ආනන්ඳ, මේ පටිච්චසමූප්පාදය ඉතා ගැඹුරු ය, ගැඹුර වූයේ ම ගැඹුරුව පෙණේ. ආනන්ඳ, මේ දහම නො දැනීමෙන්, අවබෝධ නො කිරීමෙන්, ප්‍රතිවේධ නො කිරීමෙන් මෙසේ මේ සත්වයෝ අවුල් වූ නූල් පන්දමක් මෙන් වුවාහු…………

[pdf]http://www.dhammikaweb.com/pdfs/PatichchaSamupada_Nidhana_Sutta_SanyukthaNikaya02_Page144to147_pdf156.pdf[/pdf]

Read in English

“It’s amazing, lord, it’s astounding, how deep this dependent co-arising is, and how deep its appearance, and yet to me it seems as clear as clear can be.”

[The Buddha:] “Don’t say that, Ananda. Don’t say that. Deep is this dependent co-arising, and deep its appearance. It’s because of not understanding and not penetrating this Dhamma that this generation is like a tangled skein, a knotted ball of string, like matted rushes and reeds, and does not go beyond transmigration, beyond the planes of deprivation, woe, and bad destinations….. Read more 

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=12605