Chachakka Sutta – Majjhima Nikaya

ඡඡක්‌ක සූත්‍රය 5 සළායතනවග්‌ගො, උපරිපණ්‌ණාසපාළි – මජ්ජිම නිකාය-3
mind_body
අධ්‍යාත්මික ආයතන සයක් දතයුතුය. බාහිරායතන සයක් දතයුතුය. විඤ්ඤාණකාය සයක් දතයුතුය. ඵස්සකාය සයක් දතයුතුය. වේදනාකාය සයක් දතයුතුය. තණ්හාකාය සයක් දතයුතුයයි” වදාළේය.
සවැදෑරුම් අධ්‍යාත්මික ආයතන දතයුතුයයි මෙසේ කියනලදී. එය කුමක් සඳහා කියන ලද්දේද? චක්ඛායතනය, සොතායතනය, ඝාණායතනය, ජිව්හායතනය, කායායතනය, මනායතනය යන මොහුයි. සවැදෑරුම් අධ්‍යාත්මිකායතන දතයුතුයයි යමක් කියන ලද්දේ නම් එය මේ සඳහා කියන ලදී. මේ පළමුවැනි ධර්ම සයයි.
.
“සවැදෑරුම් බාහිරායතන දතයුතුයයි මෙසේ කියන ලදී. ඒ කුමක් සඳහා කියන ලද්දේද? රූපායතනය, සද්දායතනය, ගන්ධායතනය, රසායතනය, පොට්ඨබ්බායතනය, ධම්මායතනය යන මොහුයි. සවැදෑරුම් බාහිරායතන දතයුතුයයි යමක් කියන ලද්දේ නම් ඒ මේ සඳහා කියන ලදී. මේ දෙවැනි ධර්ම සයයි.
“සවැදෑරුම් විඤ්ඤාණකාය දතයුතුයයි……………….
සම්පූර්ණ සූත්‍රය කියවීම ට 
.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20776

Kapruk Puuja

රුවන්වැලිසෑ චෛත්‍යරාජායන් වහන්සේ අභියස අද වනවිට තරඟයක් බවට පත්වී තිබෙන “කප් රුක් පූජා  වසංගතය.

kapruk_unnamedඅද වන විට කප් රුක් පූජාවන් නැති වන්දනා නඩ ඉතාමත් විරල වන අතර රුවන්වැලි සෑ සමිදුන්ගේ පේසා වළලු වටේ මොවුන් දුවන්නේ සෙල්ලම් පිට්ටනි වල ගම හරහා දුවන ආකාරයට වීමත්, එක පිරිසක් පූජාකළ ඒක උඩින් විනාඩි ගාණක් යන්නට ප්‍රථම තව එකක්. අන්තිමට අප දැක්කා පරණ ඒවා බිම ගොඩ ගසා තියෙන වා. 

දැන් තිබෙන්නේ “කප් රුක්“ පූජා යුගයකි. බණ පින්කම්, පිරිත් පින්කම් දැන් අඩුය. දේව පූජා ත් දැන් අඩුය. දැන් බෙහෙවින් කෙරෙන්නේ කප් රුක් පූජා ය. සාස්තරකාරයා, කේන්දරකාරයා අපලයට දැන් නියම කරන්නේ කප් රුක් පූජාව ය. විභාග වලින් සමත් වීම ට, මන්ත්‍රීකම ලැබීමට, රැකියාව ලැබීමට, නඩුවෙන් බේරීමට, වෙලදාම දියුණුකර ගැනීමට  මෙකල කරන්නේ කප් රුක් පූජාව ය.  

මේ පූජා ක්‍රමය, ධර්මයට පසුව එකතු වුනු ඒවා වන අතර, ධර්මයේ කිසිම තැනක දක්නට නොමැති බවයි අපේ හැගීම ( මෙය වැරදි නම් අපව නිවැරදි කරත් වා)  මේ දුවන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රොණයක් සර්වඥ්ඤ දාතූන් වහන්සේ වැඩ සිටින මහා ස්තූපයේ නේ ද? කියලා අපේ මිනිස්සු හිතනව නම් මෙසේ ගම හරහා දුවන අන්දමට ස්තූපයේ දුවන්නේ නැහැ. මේ දුවන ගිහියෙක් වේවා, සංඝයා වහන්සේ කෙනෙක් වේවා. අප නම් සිතන්නේ අඩුතරමේ මෙම මහා ස්තූපයේ ඉතිහාස කථාව වත් නො දන්නා අය බවයි. ඉතින් කෙසේ ද සද්ධාව ඇතිවන්නේ. ඉන්ද්‍රිය ධර්ම පටන් ගන්නේ ම සද්ධාව යන ඉන්ද්‍රිය ධර්මය හරහා බව මේ දුවන කීයෙන් කී දෙනා ද දන්නේ? අඩු වශයෙන් කීයෙන් කී දෙනා ද පංචශීලයවත් සමාදම් වෙලා මේ උතුම් ස්ථානයට එන්නේ? බලන්න මේ කරන විනාශය, මේ පේසා වළලු මත දුවන දිවීල්ල කිසිම ගෞරවයක් නැද්ද මේ ගිහි/පැවිදි උදවියට. මෙය ගර්භයට පසුකාලයේ හානි පැමිණිය ද හැක. 

මේ වන්ඳනා නඩ භාරව එන ගිහි නායකයෙක් වේ වා, සංඝයා වහන්සේ නමක් වේවා, මේ උතුම් සිද්ධස්ථාන වන්ඳනා කරන්න එන සියළු දෙනා ව පංචශීලයේ පිහිට වා, මේ උතුම් බෞද්ධ සිද්ධස්ථාන වල ඉතිහාසය, එම ස්ථාන වල හැසිරෙන්න ඕනේ ආකාරය වත් පෙන් වා දෙන වා නම්, එය තම තමන්ගේ සද්ධාව වැඩි දියුණු වෙන වා සේම අන්යන්ගේ ද බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබෙන සද්ධාව ඇති කරගන්න හේතු වෙන වා ඇත.

එවිට සියළු දෙනාගේ ඉන්ද්‍රිය ධර්ම ( සද්ධා, වීර්‍ය, සති, සමාධි, ප්‍රඥ්ඤා) වල මුලින් ම එන සද්ධාව සිත් තුල වර්ධනය කර ගැනීම සදහා මේ උතුම් සිද්ධස්ථාන තෝතැන්නක් වන වා නිසැක ය.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20653

Ideal Solitude – Ven Kaṭukurunde Ñāṇananda Thero

ideal-solitudeIdeal Solitude An Exposition of the Bhaddekaratta Sutta  Bhikkhu Ñåˆånanda

The Bhaddekaratta Sutta of the Majjhima Nikåya (No. 131) consists of a “summary” (uddesa) in four verses and an “exposition” (vibha􀀁ga) dealing with some doctrinal points of considerable psychological and ethical import….

Let one not trace back the past Or yearn for the future-yet-to-come. That which is past is left behind Unattained is the “yet-to-come.” But that which is present he discerns — With insight as and when it comesThe Immovable — the-non-irritable. In that state should the wise one grow. Today itself should one bestir 
Tomorrow death may come — who knows?
For no bargain can we strike. With Death who has his mighty hosts. But one who dwells thus ardently By day, by night, untiringly Him the Tranquil Sage has called The Ideal Lover of Solitude.

“And how, monks, does one trace back the past? He thinks: ‘I was of such form in the past’ and brings delight to bear on it. He thinks: ‘I was of such feeling in the past’ and brings delight to bear on it. He thinks: ‘I was of such perception in the past’ and brings delight to bear on it. He thinks: ‘I was of such formations in the past’ and brings delight to bear on them. He thinks: ‘I was of such consciousness in the past’ and brings delight to bear on it. That is how, monks, one traces back the past……………

Transcending all polarities characteristic of the phenomenal consciousnessthe emancipated one thus attains to the highest possible state of mental equilibrium which is “immovable and non-irritable” and in which he meditates, as it were, “thought-less.”

[pdf]http://www.dhammikaweb.com/wp-content/uploads/2016/09/Ideal-Solitude-BPS.pdf[/pdf]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20736

Religion In a Multi-Religious Society – Ven. Dr K Sri Dhammananda

religioninamultireligionsocietyThe teachings and messages of the founders of world religions were primarily aimed at alleviating sufferings and bringing peace and happiness to mankind through the application of moral and ethical conduct and righteous living.

However, world religions today have developed into massive organised impersonal institutions with the result that the original teachings of their respective founders have been so eroded or neglected that hardly any influence is left over their followers particularly in the field of simplicity, restraint, truthfulness and selflessness.

The moral content of religion and its peace-promoting spiritual values are clouded by the more attractive materialistic values. Many followers of world religions have ignored or slighted the injunctions of their religious teachers in order to seek power, fame and other material gains for their personal aggrandisements. That tend to pollute the minds of modern religionists and cause unhealthy competitions and barriers amongst different religious groups as well as within the same religious community.

This booklet was published with the hope to enlighten the public and other fellow religionists to work in peace and harmony with one another so as to effectively promote and maintain moral discipline and a proper sense of religious values amongst their respective adherents.

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20730

Sobadaham Govithena – Mr Thilak Kandegama

scanසොබාදහම් ගොවිතැන – තිලක් කන්දේගම මහතා විසින් රචිත.

අප විසින් මෙයට ” ගොවියාගේ අත්පොත” කියා නම් කරන්නේ, එය සැබවින් ම නූතන ගොවියාට ආදී මුතුන් මිත්තන් විසින් පංචසීලය ආරක්ෂා කරමින් එදා කළ ගොවිතැන මෙරටේ නැවත ස්ථාපිත කළ යුතු ය කියන තැන සිට ය.

බුද්ධ වචනයට අනුව ගෘහස්ථ ශීලය වන පංච සීලය රකින්නේ නැතිව මොන ව්‍යාපාරයක් කළත් එය වැඩි කල් කරන්නට නො හැකි වන්නේ ය. පංචසීලය රැකීමෙන් එන ප්‍රතිලාභ පහ ලබන්නට විශේෂයෙන් ගොවිතැන් කරන ගොවි මහත්ම මහත්මීන් ට මේ වටිනා පොත නිසැකයෙන් ම අත්පොතක් වන්නේ ම ය.

රසායනික පොහොර සහ කෘමි රසායනික භාවිතා වන සෑම විටම ගොවියන් අනිවාර්යයෙන් ම ප්‍රාණඝාත අකුසලය සිදුකරගන්න වා ඉතින් එයින් කුමන ප්‍රතිලාභයක් ද ලැබෙන්නේ ඔවුනට? සතර අපායට මග පාදා ගන්නව මිස.

ඔබට තිලක් කන්දේගම මහතා විසින් රචිත මේ වටිනා ග්‍රන්ථය පංචසීලය ආරක්ෂා කර ගනිමින් කල්යල් බලා ගොවිතැන් කර සාර්ථක ගොවියන් බවට පත්වීමේ මග පෙන් වා දෙන්නේ “ආදි අපේ මුතු මිත්තෝ ඉරෙන් හඳෙන් වැඩ ගත්තෝ” යන වැකිය සනාථ කරමින් ය.

තිලක් කන්දේගම මහතා විසින් මේ සිදුකරගෙන යන සමාජ සත්කාරයට අප ණයගැතියි. ඔබතුමාට නිදුක් නිරෝගී සුව ලැබේ වා. ඔබතුමාට තිසරණයේ පිහිට ආරක්ෂාව ලැබේ වා.

මේ වටිනා ග්‍රන්ථයේ “පෙළගැස්ම” කිය වූ සැනින් මෙම පොත ලබා ගැනීමට ඔබ පියවර ගනු ඇති බවට අපගේ විශ්වාසය යි.

[pdf]http://www.dhammikaweb.com/wp-content/uploads/2016/09/Sobadahame_govithena_Scan.pdf[/pdf]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20716

Veera Keppetipola Disawe

2016_09_09_16_27_13_2r

ජාතිය වෙනුවෙන් දිවි පිදූ වීර කැප්පෙටිපොළ

ශ්‍රී ලංකාව සිංහල රටකි. ගසට පොත්ත සේ සිංහලකමත් බෞද්ධකමත් දෙකම එදා සිට එකට ම පැවැතුණේ ය. පුරාණයේ පටන් ම සිංහල රජදරුවෝ මේ බව අමතක් නො කළහ. සිංහලකමත්, බෞද්ධකමත් රැකගන්නටත් නගාසිටුවන්නත් ඔවුහු සටන් කළහ: යුධ වැදුණහ. එහෙයින් සිවු හෙළය ම එක්සත් ව බොහෝ කලක් පැවැතිණි.

විදේශීය ආක්‍රමණිකයින්ගේ නොමනා නොයුතු වැඩ නිසාත්, අපගේ නායකයින්ගේ ඇතැම් දුර්වලකම් නිසාත් නුවර යුගයේ ආරම්භය පටන් ම බෞද්ධකමටත් සිංහලකමටත් වූයේ මහත් විනාශයකි…….

වීර ජනනායකයකු තුළ තිබිය යුතු උදාර ගතිගුණ කැප්පෙටිපොල චරිතයෙන් පැහැදිළි වේ. සිංහල ජාතියට, බුද්ධාගමට විශිෂ්ඨ අන්දමින් ගරු කළ මෙතුමා ජාතියේ, ආගමේ නිදහස පතා කැරලිකාරයන්ට එකතුවූ මෙතුමා ඌවේ කැරැල්ලේ නායකත්වයට පත්වී ඉංග්‍රීසින් සමග සටන් කළේ ය. පසුව සුද්දාගේ රන් පවුම් වලට පෙරේත වූ එක්තරා සිංහල සර්පයෙක් අප වීරයා සිටින තැන හොර රහසේ ම ඉංග්‍රීසීන් ට දන්වා යැවීමෙන් කුහක නින්දිත ජාතිද්‍රෝහී සිංහලයකුගේ අදූරදර්ශී ක්‍රියාව නිසා අහෝ ජාතික වීරයකුට වූ විපත…. 

එදා අපේ කැප්පෙටිපොළ වීරයාණන් වදකාගාරය කරා කැදවාගෙන යන විට පර සුද්දන්ගෙන් අවසර ඉල්ලුවේ මැරෙන්න කළින් දළදා වහන්සේ වැඳ පුදා ගන්න පමණී. එතුමා දළදා වහන්සේ ඉදිරියේ “බුදු ගුණ” ගායනා කර ඇත.

තම මුව සහ දෑත් සෝදාගත් එතුමා හිසකේ කොණ්ඩයක් කොට හිස මුදුනට තබා බැඳගත්තේ ය. මහපටැඟිලි තුඩින් පඳුරක් දැඩි සේ තදකර අල්වා ගනිමින් හිඳගෙන වධයාකට කථා කොට “මම ඉතිපි සො..ගථාව කියන අතරේ නුඹ මගේ හිස එක කඩු පහරින් වෙන් කරන්න ඕනෑ” යැයි කී ය. කඩුපහර ගෙල හරහා වැදිණි. ඉතා ශක්ති සම්පන්න එතුමාගේ හිස එක පහරින් වෙන් කරන්න ට වධකයා අසමත් වීය.  ගෙළ දෙපසින් උණු ලේ වැගිරිණි. එහෙත් කැප්පෙටිපොළ අදිකාරම්තුමා කථා කලේ ය. “වධකය, නුඹ මා කී දේ හරියට කළේ නැහැ නොවැ? මෙන්න මෙතනට තව පහරක් ගසන්න” යි එතුමා කඩුපහර ගැසිය යුතු තැන ද පෙන්වී ය. ජාතිය වෙනුවෙන් සටන් කළ වීර කැප්පෙටිපොළ අදිකාරම්තුමාගේ නම ඉතිහාසයේ තවත් ශ්‍රේෂ්ඨ නමක් සාදා නොමැකෙන සේ රන් අකුරින් ලියැවුණේ ය. 

අපගේ සටහන:- අපගේ නායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ මේ රට බේරා ගැනීමට දිවිහිමියෙන් කැප වූ සියළු දෙනා ටත් අපේ කැප්පෙටිපොල තුමාගේ නාමයෙන් මොන විදේශීය බලපෑම් ආවත් ඔවුන් රැකිය යුතු බව යි. ඔවුනගේ මොන දේශපාලන මතිමතාන්තර තිබුණත් ඔවුන් මේ රට මුදවා ගත් අයයි. එය අපට ජාතියක් ලෙසට අමතක නො කළ නො හැකිය. 

සම්පූර්ණ පොත

[pdf]http://www.dhammikaweb.com/wp-content/uploads/2016/09/Veera_Keppetipola_.pdf[/pdf]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20702

Ven Na Uyane Ariyadhamma Thero

පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි

සසුන බැබළවූ තවත් මහා ආලෝකයක් අතුරුදහන් වුනා

1_dfaultසසුන බැබළවූ තවත් මහා ආලෝකයක් අතුරුදහන් වුනා. සමතිංසත් පාරමි දම් පුරමින් මාර පරාජයකොට මතුන් ලොව්තුරු අභිසම්බෝධියෙන් සසර කෙලවර දකිත්වා.
.
කෙසේ කියන්න ද, කෙසේ සිතන්න ද ස්වාමිනි ඔබවහන්සේගේ ගුණ මහිමය. ඒ අප්‍රමාණ ගුණ මහිමය මෙතෙකයි කියා ලියා අවසන් කරන්න ද? ඔබ වහන්සේ අපට ආලෝකයක් වූ වා.
 .
සීලයෙන් සුපරිශුද්ධ වූ තවත් අති දුර්ලභ පුන්‍යාත්මීය ජීවිතයක් සසනඹර අඳුරු කරමින් මෙසේ අවසන්විය. තුන් ලොවක් සනසාලන්නට මතු බුදු බවම ලැබේවා යයි ප්‍රාර්ඵනා කරමු.
 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20694

Money Rules for Buddhist Monks and Nuns – by Dhamminda Bhikkhu

Information for Lay Supporters

Money_Monk_You will certainly have noticed that the vast majority of monks do accept and use money. This is one of the factors that will lead to the disappearance of the Buddha′s Teaching.

You can help to keep the Buddha′s Teaching alive by learning how to offer allowable requisites.

Never offer money to bhikkhus, but only offer allowable requisites such as robes, medicine, books,

The rules concerning money are complex to explain but not difficult to practice; all a bhikkhu needs to do is, to refuse to accept money. For those who do keep the rules sincerely they will gain a deeper understanding of Dhamma. They will be able to realize the fruits of the Vinaya which are not found within the letter of the rules, but within the hearts of those who practice it.

Road More

Buddha’s word through Sutta Eg; 41. 1. 10. (10) Maṇicūlaṃ ,Gāmiṇī Saṃyutta, Saḷāyatanavaggo, Samyutta Nikāya 

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20666

Monks and novices are not allowed to accept money? – Ven Na Uyane Ariyadhamma Thero

Na_Uyane_Ariyadhamma_theroභික්ෂූන් වහන්සේලා ට මුදල් කැප නැත? 

බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නා කාලයේ බිම්බිසාර මහරජ්ජුරුවන්ගේ රාජ සභාවේ ඔය සාකච්ඡාව ඇති වුනා….. මේ රාජසභාවේ සමහරෙක් කියන වා භික්ෂූන් ට මුදල් කැපයි කියලා. ඔය වෙනකොට ගාමිණී කියන රාජකුමාරයා නොබියව කියනවා භික්ෂූන් වහන්සේලාට වත්, කිසිම පැවිද්දෙකුට වත්, මුදල් කැප නැහැ. එයට හේතුව යම්කෙනෙකුට මුදල් කැප නම් ඔහුට පංචකාම සම්පත්තියම කැප වෙන්න ට ඕනේ. ඒක නිසා කිසිම පැවිද්දෙක් ට මිලමුදල්, රන්කහවණු කිසිසේත් කැප නැත කියා කෙලින් ම කීවා එයට කිසිම කෙනෙකුට විරුද්ධ වෙන්න බැරි වුනා. 

පසුව එතුමා බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන්න ගිහින් මේ කාරණය පැවසුවා. භාග්‍යවතුන් වහන්ස මා රාජසභාවේ ඒ කියූ කථාව භාග්‍යවතුන් වහන්සේගේ දේශනයට සංසන්දනය වෙනව ද කියා මට දැන ගන්න ඕනේ.

බුදුරජාණන් වහන්සේ වදාළා එසේ ය ගාමිණී. යම්කිසි කෙනෙකුට මුදල් කැප නම් ඔහුට පංචකාම සම්පත්තිය ම කැප වෙන්න ඕනේ. ඒ මොකද මුදලින් කරන්න බැරි දෙයක් නැහැ. එම නිසා ඔබේ කථාව මගේ දේශනයට සංසන්දනය වෙන වා කියා බොහෝම සතුටින් අනුමත කළා…….10. මණිචූළ සූත්‍රය, 8. ගාමණී සංයුත්තය, සළායතනවග්ගපාළි – සංයුත්තනිකාය.

.….එක් අවස්ථාවක දී උපනන්ද සාඛ්‍යපුත්‍ර ස්වාමින් වහන්සේ රණපවුමක් ලබා ගත් බව බුදුරජාණන් වහන්සේට සැලවීමෙන් පසු සික්ෂා පදයක් පැනෙව් වා මෙසේ. “යම් කිසි භික්ෂුවක් රණ් රිදී, මසු කහවනු තමන් අතට පිලිගත්තා වූ, වෙනකෙනෙක් ලවා තමා උදෙසා පිළිගත්තා වූ, තමන් උදෙසා කියූ දෙයක් සිතින් පිළිගත්තා වූ, එයින් ලබා ගන්නා දේ සම්පූර්ණයෙන් අකැපයි”.

දැන් අපි කියමු භික්ෂුවක් මුදලකට අඹ ගෙඩියක් ගත්තා. අඹ ගෙඩිය ගන්න කොටම ආපත්ති, මුදල පරිහරනය කිරීම ආපත්ති, අඹ ගෙඩිය අනුභවය කිරීමක් පාසා ආපත්ති.  

යම්කිසි භික්ෂුවක් මුදල් පරිහරනය කර ලක්ෂ ගණනින් හදන වා කුටියක්, සේනාසනයක්, ධර්ම ශාලාවක්, ධර්ම ආසනයක්, පුටුවක්, ඒක හදනකොටත් ආපත්ති, පරිභෝග කරන වාරයක් ගානේ ආපත්ති. ඇවැත් කන්ඳකට යට වෙන වා මේ මුදල පාවිච්චිය නිසා……

Download

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20656

Loudspeakers in Ruwanweli Seya – රුවන්වැලිසෑ චෛත්‍යරාජායන් වහන්සේ අභියස මේ කරන්නේ, පිංකම් ද ? පව්කම් ද ?

Captureඅප බුදුරජාණන් වහන්සේගේ වැඩිම ධාතූන් වහන්සේලා (ද්‍රෝනයක්) වැඩ සිටිනා මහ සෑය, රුවන්වැලිසෑ චෛත්‍යරාජායන් වහන්සේ වැඩ සිටිනා භූමියේ පිංකම් ලෙස සංඝයා වහන්සේලා පෙරටු කරගනිමින් යම් යම් ගිහි පිරිස් සිදුකරමින් පවත්නා පහත ක්‍රියාවන් කොතරම් දුරට සාසනයට එකග ද? එම ක්‍රියාවන් වලින් සාසනය යම් පිරිස් විකුණා කන තත්වයට පත්වී තිබේ ද කියා මේ පිංබිම් භාරව සිටිනා සංඝයා වහන්සේලා ප්‍රමුඛ බලධාරීන් සොයා බැලිය යුතු වෙන වා.

  1. ශබ්දවාහිනී භාවිතා කරමින් රුවන්වැලිසෑ සමිදුන් වටේටම තැන් තැන් වල වෙන වෙනම, එක් පිරිසක් අනෙක් පිරිසටත් වැඩියෙන්  ශබ්දය වැඩිකරමින් මේ කරනා දේවල් පිංකම් ද, පව්කම් ද කියා සිතිය යුතු වෙන වා. සිතා ගන්නටවත් නො හැකි තරමේ පුදුම ගෝෂාකාරී පරිසරයක් දැන් මේ උතුම් සිද්ධර්ථානයේ පවතින්නේ බුදුරජාණන් වහන්සේ අගය කළ, ප්‍රසංසා කොට වදාළ නිෂ්ශබ්දතාව අද උන්වහන්සේගේ ද්‍රෝණයක් දාතූන් වහන්සේලා වැඩසිටින මේ පුන්‍ය භූමියේ නැත. පළමුවෙන්ම සොයන්න අවශ්‍ය වන්නේ මේ ශබ්දවාහිනී යන්ත්‍ර එක් එක් පිරිස් විසින් පිටතින් ගෙනෙන ඒවාද, එසේත් නැතිනම් මේවා මේ පින්බිම අවටම සිදුකරගෙන යන නව වෙළද ව්‍යාපාරයන් ද කියා. නමුත් පිං භූමියට ඇතුල් වන ස්ථානයේ තිබෙන මල්පහන් වෙළදාම් කරන අහිංසක වෙළදුන් ලග නම් මේවා නො මැති බව අපට පෙනුනා. අපට පෙනෙන විදිහට මෙම උපකරන රුවන්වලිසෑ සමිදුන්ට ඉතා කිට්ටු ස්ථාන වලින් ගෙන එන බව පෙනුනා.
  2. හේවිසි ගසන්නන් සිතාගන්නවත් බැරි තරම් පිරිස් නොකඩවා කෙලවරක් නොමැතිවව සෑය වටේටම, මල්පහන් පූජාවක් වේවා, මොනම දෙයක් කලත් හේවිසි බෙර නම් වරදින්නේ නැහැ. එකවිට මේ පිරිස් වෙන වෙනම, තාල කීපයට වාදනය කිරීම නිසා අපට නම් ඇසෙන්නේ කනට අමිහිරි, කන් බිහිරි කරවන ශබ්ද. සිත එකග කරගනිමින් ගාථාවක් වත් කියන්න තරම් පරිසරයක් මේ අපේ උතුම් සෑය ලග අද නොමැති තත්වයකට නාමික බෞද්ධයන් අද පත්වී තිබීම ඉතාමත් කනගාටුදායකයි. මොවුනට අමතකයි බුදුරජාණන් වහන්සේ නිශ්ෂබ්දතාවය අගේ කළ බවට. මේ හැම දෙයක්ම සිදුවන්නේ සංඝාවහන්සේලා ද පෙරටු කරගෙන වීම තවත් සංවේගයට කරුණක්
  3. බෞද්ධකමක් නැති දෙමාපියන් සහ ඔවුනගේ අසංවර දරුවන්ගේ නොමනා ක්‍රියාකාරකම්:- අපට තවමත් මතකයි අපේ දෙමාපියන්, සීයලා, ආච්චිලා මේ උතුම් සිද්ධස්ථානවලට වන්ඳනා කිරීමට යෑමට ප්‍රථම දෙන උපදෙස්. පුතේ මේ උතුම් පිංබිමේ දුවපනින්න, කෑගසන්න, වන්දනා කරන්න ඇවිත් ඉන්න අයට, භාවනා කරන අයට බාධාවෙන ලෙසට හැසිරෙන්න එපා. ඒක මහා පව් සිද්ධවෙන වැඩක්. ඔන්න ඔහොමයි එදා අපේ මුතුන් මිත්තන් අපට ඔවදන් දුන්නේ.

නමුත් අද සිටිනා සමහර ආත්මාර්ථකාමී, මිත්‍යාදෘෂ්ඨික දෙමාපියන් උන්ගේ දරුවන් සමග මේ පිං බිමේ සෙල්ලම් කරනවා අපට දකින්න ලැබුනා. උන් ඔට්ටු සෙල්ලම් කරනවා දරුවන් සමග. මහ හයියෙන් ඕපාදූප කථා කරමින්, කොටින්ම කියනව නම් අප දැක්කා, භාවනා කරමින් සිටින පිංවතුන් අසලට ගොස් ශබ්ධ නගා සිනා වෙමින් තමන් සිදුකරගන්නා අකුසල් මේ පිංබිමටම පැමිණ. අඩු වශයෙන් මේ උතුම් පිංබිමේ වත් හැසිරෙන ආකාරය මේ දරුවන්ට කියා දී නො මැති දෙමාපියන් විශේෂයෙන් මව්වරුන් කියා ගන්න පිරිස්, තමාගේ දියණියන්ව විලිසංගයක් නැති ඇදුම් අන්ඳවාගෙන උනුත් දියණිය කවුරුන් ද? මව කවුරුන් ද? ලෙසට හඳුනා ගැනීමට පවා අපහසු යන්තම් ඇදුම් කෑලි ඇදගෙන මේ පිංබිමටත් වන්ඳනාවේ එන වා. එයම ඇති අද ශ්‍රී ලංකාවේ බුද්ධ සාසනයට වී ගෙන යන නස්පැත්තිය වටහා ගන්න. මෙවන් මව්වරුන්ගෙන්, දරුවන්ගෙන් සාසනය කෙලෙස රැකෙන්න ද?  nnCapture

මේ පිං භූමියට වැදපුදා ගන්න, භාවනා කරන්න, නිශ්ෂබ්දව කිසිම කෙනෙකුට බාධාවක් නො කොට පිංකම් කරන්න එන අහිංසක බෞද්ධයන් ට මොනතරම් බාදාවක් ද මේ ක්‍රියාකාරකම් නිසා….

මෙයට මේ වන්දනා නඩ සමග එන සමහර සංඝයා වහන්සේලා ද වග කියන්න ඕනේ තමා සමග එන නඩ වල නොමනා හැසිරීම් වලට. උන්වහන්සේලා ඉන්නේ ගිහියන් නිවැරදි මාර්ගයට යොමු කරන්න මිසක් ගිහියන්ගේ ඉල්ලුමට සැපයුම දෙන්න නොවේ. මේ සියල්ල අවබෝධ කර, අන්යන් ද දැනුවත් කර මේ සාසනය රකින්න. මේ උතුම් සිද්ධස්ථාන රකින්න. ශබ්ධ දූෂණයෙන් වලක්වා ගෙන සියළුම බෞද්ධයන් ට සුවසේ සංයමයකින් යුතුව තම තමන්ගේ පිංකම් කිරීමට ඉඩ සලස්වා දිය යුතුයි මේ ස්ථාන භාරව සිටින ගිහිපැවිදි උතුමන්. නැත්නම් තමන්ට යන්න වෙන්නේ ත් සතර අපායටම තමා..

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20641