Launch of Buddhist Ecclesiastical Law in Sri Lanka

Lanka Daily News, Feb 14, 2011

Colombo, Sri Lanka — The Postgraduate Institute of Management (PIM) will launch a monumental text on “Buddhist Ecclesiastical Law” authored by the well known lawyer and legal academic Dr Wickrema Weerasooria on February 15. The Guests of Honour for the function are Ven Professor Bellawnwila Wimalaratana, Chancellor, University of Sri Jayawardenapura, Chief Justice Asoka de Silva and former Attorney General, Acting Chief Justice and Supreme Court Judge Rajah Wanasundera.
The text provides a comprehensive coverage of the subject of Buddhist Law in Sri Lanka and as an English text it is considered “global first”. There is no similar text in Myanmar (Burma) and Thailand (Siam) which are the two other main countries – other than Sri Lanka – where pure Theravada Buddhism prevails.

Dr Wickrema Weerasooria’s book “Buddhist Ecclesiastical Law” – consists of over 850 pages of 30 chapters the text will be a guide not only to Sri Lankan Lawyers and Judges but to all global scholars in foreign Universities which have now established Colleges of Oriental Learning and Religion. World renowned Buddhist Scholar Dr Ananda Guruge who now lives in the United States has highly commended the text. As an author of over 54 texts on Buddhism, Education, History and Culture. Dr Guruge confidently states that there is no other single book in the world similar to this text which is over 850 pages of 30 chapters on the subject of Buddhist Ecclesiastical Law.

In twenty of his thirty chapters, Dr Weerasooria deals with all the important practical topics and issues that make up Buddhist Ecclesiastical Law. The most important are the rules relating to succession to be the head or “Viharadhipathi” of a temple. The now Established rule of succession is pupillary succession where the senior most pupil of the Incumbent tutor succeeds him. Next, the issue arises as to how a bhikkhu became a pupil.

Of another we know the Vinaya rules but for legal purposes pupillage is by Robing or Ordination. While both are required in the Buddhist Vinaya only one is sufficient under Sri Lankan judicial decisions to succeed to the incumbency. A robed bhikkhus (Samanera) also has the right to succeed as the head of a temple though he is yet to be ordained. The Sri Lankan courts have so decided.

Dr Weerasooria is a lawyer and legal academic of distinction and repute has written over 18 legal texts. In that context, he has selectively included in this text a very interesting account of the judiciary, the legal profession and the early text writers on Sri Lankan law and shown how the judges, the lawyers and text writers contributed to the development of Buddhist Ecclesiastical Law.

Ven Professor Bellawnwila Wimalaratana Anunayake Thera commenting on the book states that Dr Weerasooria has brought out this text on Buddhist Ecclesiastical Law. This is the first of its kind in the entire world. The Table of Contents shows its wide scope and coverage. It is not about Buddhism. It is not on the Buddhist Dhamma, the Buddhist scriptures and tenets or even the Vinaya but about Buddhist law, especially the law governing Buddhist temples and their temporalities.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=8638

ලෝ සසුන් වැඩ වැඩූ හික්කඩුවේ සිරි සුමඟුල් මා හිමියෝ

කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නා හිමියන් විසිනි

උන්වහන්සේ කුළුණු ගුණයෙන් මුළු රට ම පි‍්‍රය කළහ. ප්‍රතාප ගුණයෙන් ගිහි පැවිදි ශිෂ්ටාචාරය දියුණු කළහ. ශ්‍රද්ධාශීලි බහුශ්‍රැතත්වාදියෙන් බුදුසසුන බැබළවූහ. සුපුෂ්පිත පද්මයක් මෙන් චිත්තාහ්ලාද කරවූහ.

ලක්දිව ධර්මශාස්ත්‍ර දෙකෙන් ම නොදියුණු සමයෙක පැතුම් බලයෙන් මෙන් දකුණු සිරිලක හික්කඩුවේ උපන් බෝසත් ගුණයෙන් යුත් ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1873 දී මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙන පිහිටුවා ධර්මශාස්ත්‍රාලෝකයෙන් සිරිලක බැබැළවූහ. මෙය පිහිට වූ මුල් අවධිය බෞද්ධ සංස්කෘතිය බෞද්ධ ශිෂ්ටාචාරය බෞද්ධ සභ්‍යත්වය යන මේ සියල්ලක්ම පිරිහි ගොස් බෞද්ධයන්ගේ සිතුම් පැතුම් මතු නො ව ‘’මම බෞද්ධයෙක්මි’’ යි නොපැකිලි කියාගත නොහැකි වූ තරම් බිහිසුණු අඳුරු කාලපරිච්ඡේදයක් විය.

උන්වහන්සේ කුළුණු ගුණයෙන් මුළු රට ම පි‍්‍රය කළහ. ප්‍රතාප ගුණයෙන් ගිහි පැවිදි ශිෂ්ටාචාරය දියුණු කළහ. ශ්‍රද්ධාශීලි බහුශ්‍රැතත්වාදියෙන් බුදුසසුන බැබළවූහ. සුපුෂ්පිත පද්මයක් මෙන් චිත්තාහ්ලාද කරවූහ. මෙසේ අහස්හි තරු පිරිවැරූ පුන්සඳ මඬල මෙන් දහස් ගණන් ගිහි පැවිදි ශිෂ්‍යගණයා පිරිවරා වැඩ හුන් හික්කඩුවේ සිරි සුමඟුල් නාහිමි නමැති චන්ද්‍ර තෙමේ 1911 අපේ‍්‍රල් මස 29 වෙනි සෙනසුරාදා අස්තගත විය.

හික්කඩුවේ නායක මාහිමියන් වහන්සේ අපවත් වූ සේකැයි දැනගත් ශ්‍රී ධර්මාරාම මාහිමියෝ බලවත් සංවේගයට පැමිණ කඳුලු පිරුණු නෙත් ඇති ව ශිෂ්‍ය සමූහයක් පිරිවරා එහි වැඩමවා ආදාහන පූජෝත්සවය ඉතා උදාර අන්දමින් ගරු ලෙස කළ යුතු බව දායක සභාවට ප්‍රකාශ කළහ. මටද එදින ඒ සමඟ නවක භික්ෂුවක් වශයෙන් යන්නට අවස්ථාව ලැබුණේ ය.

එම ආදාහනය එතෙක් ලක්දිව සිද්ධ නොවූ තරම් විශාල වූ ද, ගරු වූ ද, උදාර වූ ද පූජෝත්සයක් විය. දහසකට අධික භික්ෂූන්ගෙන් හා දසදහසකට අධික මහාජනකායෙන් ද කොළඹ මහා සොහොන් බිම පිරී ඉතිරී ගියේය. එම සොහොන් බිමෙහි හැදී වැඩී තිබුණු මහ ගස්වලට නැගුණු ජනතාවගෙන් ගස් වැසී ගොස් අහසෙහිදු හිඳ මහජනයා පූජෝපහාර කරන්නා සේ දෘශ්‍යමාන විය.

මෙපරිදි හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයේදී පළමුකොට සියම් මහා නිකාය වෙනුවෙන් ධර්මානුශාසනාවක් කර වදාළ විද්වජ්ජනශෙඛරායමාන විද්‍යාලංකාර පරිවෙණාධිපති ශ්‍රී ධර්මාරාම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ තරප්පු පෙළකින් නැගී ගොස් කථා කරන්නට තනා තිබුණු ඉතා උස් වූ වේදිකාවෙහි සිට ගෙන උන්වහන්සේ පාණ්ඩිත්‍යය වර්‍ණනා කරමින් තමන් වහන්සේගේ් කථාව මෙසේ ආරම්භ කළහ.

පින්වත්නි

අද ලංකා භූමියෙහි සිටින පඬිවරු අතරෙන් පළමුවෙනි පඬිවරයා කවරෙක්දැයි පාඨශාලාවකට යන තුන්වෙනි පන්තියේ ළමයෙකුගෙන් ඇසුවොත් හික්කඩුවේ නායක හාමුදුරුවෝ යයි නො පැකිළ කියනු ඒකාන්තය. මුන් වහන්සේ එතරම් පාණ්ඩිත්‍යයෙන් අස්සක් මුල්ලක් නෑර මුලු ලංකාවෙහි ද ලංකාවත් ඉක්මවා දේශාන්තරයන් හි ද පිළිගත් අග්‍රපඬිවරයා වශයෙන් ව්‍යාප්ත වූ කීර්ති කදම්බයක් ඇති පඬිතුමෙකැ යි අවංකව නො මසුරු ව ප්‍රකාශ කළහ. ලෝකයෙහි ඇති සෑම සාගරයක් ම රළ නැගෙන්නාක් මෙන් මුන් වහන්සේගේ කීර්ති තරංගය ද එබඳු ම විය.

එසේ ම ‘ආ කුමාර යසෝ කච්චායනස්ස’ යනුවෙන් මහාවෛයාකරණ කාත්‍යායනාචාර්යවරයාගේ කීර්තිය ළදරු අවස්ථාවෙහි පටන් ම පතළ ව ගිය බව ප්‍රකාශ වූ අයුරෙන් ම මුන්වහන්සේගේ් ප්‍රඥාපාටවයෙන් පැන නැඟුණු කීර්තිය ද සාමණේර අවස්ථාවෙහි පටන් ම දියුණු වන්නට පටන්ගත්තේ යැයි යනාදි ගුණ ප්‍රබන්ධයන් ප්‍රකාශ කෙරෙමින් අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මයත් දේශනා කළ සේක.

එකල ශබ්දවාහිනී යන්ත්‍රයක ආධාරයක් නැතත් මෙ අවස්ථාවෙහි පෑලියගොඩ නායක හාමුදුරුවෝ කුමක් ප්‍රකාශ කෙරෙත්දැයි හැමදෙනා ම අසන්නට බලාපොරොත්තුව සිටී ම මහජනයාගේ් නිශ්ශබ්දතාවයට හේතු විය. එහෙයින් කථාව ද මහජනතාවට ඇසෙන්නට ඇතැයි සිතමි. මා ද ඒ වේලෙහි චිතකයට සමීප ව සිටිය හෙයින් ඒ කථාව හොඳින් ඇසිය හැකි විය. එය මහාපඬිවරයකු ගැන තවත් මහාපඩිවරයකු විසින් කළ කථාවක් හෙයින් මා සිත්හි ද එය තදින්ම කා වැදුණේය.

සසරත් මහණදම් පිරීමේ පුරුද්දෙන් දෝ බාලකාලයෙහි ම පැවිද්දට අභිරුචිය දැක් වූ මුන්වහන්සේ දස හැවිරිදි වියෙහි තොටගමුවේ විජයබා පිරුවන් විහාරයෙහි උපොසථාගාරයේ දී පැවිදි වූ බව අප විසින් අසන ලද්දේ ය. තොටගමුවේ ෂඩ්භාෂාපරමේශ්වර ශ්‍රී රාහුල සංඝරාජයන් වහන්සේ වැඩ සිටි තොටගමු විහාරයෙහි පැවිද්ද ලැබීම ශ්‍රී රාහුල සංඝරාජයන් දැරූ කීර්තිකදම්බයට නො දෙවෙනි කීර්තියක් ලබන භාෂා ශබ්දශාස්ත්‍රයන් හි විශාරද බුද්ධි මහිමයක් ඇති උතුමකු වීමේ පූර්ව මංගල ලක්ෂණයකි.

පාලි ව්‍යාකරණ සහිත වූ බුද්ධ ධර්මය කුඩා අවධියේදී ම හොඳින් ඉගෙන ගත් මුන්වහන්සේ එයින් පසු දිසාපාමොක් ආචාර්යවරයකු වශයෙන් සුප්‍රකට කීර්තියක් දැරූ ආරෝහපරිණාහ දේහශ්‍රීයෙන් හා උදාර චරිතයෙන් උපසොහිත මහාපණ්ඩිත රත්නයක් වූ වලානේ ශ්‍රී සිද්ධාර්ථාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙතට එළඹ තවදුරටත් ධර්ම විනය දෙකෙහි හා සෙසු භාෂා ශාස්ත්‍ර විෂයෙහිත් පටුතරභාවය ඇතිකර ගන්නා අතර ම නිතර පොතපත බැලීමෙහි ආශක්ත ව දැනීම දියුණු කරගත්හ.

ඒ අවස්ථාවෙහි තමන් වහන්සේගේ ඉගෙනීම සඳහා උපකාර වූ ස්ථාන තමන් සමග එකට ඉගෙනීම කළ ශ්‍රී ධර්මාලෝක මහාස්වාමීන්ද්‍රයන් වැඩ විසූ පුරාණ විහාරය බව උන්වහන්සේ කළ ප්‍රකාශයකින් මෙසේ සඳහන් කළ හැකිය. ශ්‍රී ධර්මාරාම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් රත්මලානේ පුරාණ විහාරයෙහි දායක සභාව විසින් 1904 දී එවකට ගැළපෙන සැලැස්මකින් මනෝහර ධර්ම ශාලාවක් කරවා එහි ධර්ම දේශනාවක් සඳහා ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩම වූහ. චතුරාර්ය සත්‍යය මාතෘකා කොටගත් ධර්ම දේශනා පන්තියෙහි තෙවෙනි නිරොධසත්‍ය දේශනාව උන්වහන්සේගේ දේශනාවාරය විය. හික්කඩුවේ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ධර්ම දේශනාවන් සඳහා වැඩම වන සිරිතක් නැතත් ශ්‍රී ධර්මාරාම නායක ස්වාමින්ද්‍රයන් ගේ බලවත් ඕනෑකම නිසා ආරාධනාව පිළිගත්හ. උන්වහන්සේ නියමිත දිනයෙහි විද්‍යොදය පිරිවෙන් හි ආචාර්ය බිහල්පොළ දේවරක්ෂිත නායක ස්ථවිරයන් වහන්සේත් සහිතව කොළඹ සිට රත්මලානට වැඩියේ අශ්ව රථයකින් ය. එවකට මෝටර් රථ නැත. ගාලු පාරෙන් පුරාණ විහාරයට හැරෙන මංසන්ධියේ සිට පුරාණ විහාරයට වැඩමවූයේ විසිතුරු මල් පෙරහරකිනි.

එම පෙරහර සවස 5 ට පමණ විහාර මලුවට ඇතුල්වත් ම ශ්‍රී ධර්මාරාම නාහිමියෝ ශිෂ්‍යයන් සමග පෙරගමන් කොට මහත් වූ ගරු බුහුමනින් පිළිගත්හ. සංඝාවාසයෙහි පිළියෙළ කර තිබූ සෙනසුන්හි වඩා හිඳුවා වැඳුම් පිදුම් ඈ ආචාර සමාචාර විදි පවත්වා සියලු උවටැන් ද කරවූහ.

එතැන් පටන් සතුටු සාමිචි පිළිසඳර කථා කෙරෙමින් වසන අතර වේලාව 9 ට ළං විය. ධර්ම දේශනාවට සකස්ව හැඳ පෙරව ධර්මශාලාවට පෙරහරින් වැඩමවූහ. ධර්ම ශාලාවේ එක් පැත්තක් ම ශිෂ්‍යයන්ගෙන් හා බැහැර නොයෙක් ප්‍රදේශවලින් පැමිණි සංඝයාගෙන්ද පිරී ගියේය. සෙසු බණ පිරිසෙන් ශාලාවේ ඉතිරි කොටස හා මලුවත් පිරී පැවතිණි. ශ්‍රී ධර්මාරාම මා හිමියෝ ද සංඝයා ද ධර්ම ශ්‍රවණය සඳහා ධර්ම මණ්ඩපයෙහි එකත්පස්ව වැඩ හුන්හ.

හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් වහන්සේ ධර්මාසනයෙහි වැඩහිඳ පන්සිල් දී දේවතාරාධනාදිය කොට ‘’තත්ථ කතමං දුක්ඛ නිරොධං අරියසච්චං’’ යන ආදීන් අභිධර්ම මාතෘකා පාඨය වදාරා ධර්මානිශංස වශයෙන් වචන ස්වල්පයක් ප්‍රකාශ කොට රත්මලානේ පුරාණ විහාරස්ථානය ගැන මෙසේ හැඳින්වීමක් කළ සේක.

‘’මේ පුරාණ විහාරස්ථානය ගැන මා සලක්නනේ මාගේ ඉගෙනීම සඳහා මට උපකාර වූ ගුරු භූමියක් වශයෙනි. මා මෙහි නැවතී සිට මාගේ ආචාර්ය වූ වලානේ් ශ්‍රී සිද්ධාර්ථ, මාහිමියන් වහන්සේගේ ශිෂ්‍යවරයකු වශයෙන් ඉගෙනගත් අවධියෙහි මගේ ආවාසය තිබුණේ් මේ ධර්මශාලාව සාදවා තිබෙන තැන දෝයි මම සිතමි. අප මෙහි වැඩමවීම ගැන විහාරාධිපති අපේ ශ්‍රී‍්‍ර ධර්මාරාම නායක ස්ථවිර තැනට හා දායක සභාවටත් අපගේ ආදරය හිමිවෙයි.’’

අද මට ධර්මදේශනා කරන්නට නියමිත ව තිබෙන්නේ දුක්ඛ නිරෝධාය¸ සත්‍යය ගැනයි. ඒ ගැඹුරු වූ මාතෘකාව අනුව කරුණු විස්තර කෙරෙමින් ධර්ම දේශනාවක් කිරීමට තරම් මට සනීපයක් නැති නිසා මා වෙනුවෙන් බණ කීමට අපේ පිරිවෙන්හි ආචාර්යවරයෙක් වූ බිහල්පොළ නමත් සමඟ පැමිණියෙමි. ඒ නම හොඳින් බණ කියනවා ඇත. කවුරුන් විසිනුත් ඒ ධර්මය සාවදානව ශ්‍රද්ධාවෙන් ඇසිය යුතුයි’’.

දුක්ඛ නිරොධාර්ය යයි කියන්නෙ නිවනටයි. එය ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කළ යුතු ලෝකෝත්තර ධර්මයකි. එය අවබෝධ කළ හැකි වන්නේ සමථ පටිපදාවිපස්සනා පටිපදා යන ප්‍රතිපදා දෙකෙහි මනා ව පිළිපදන්නාවුන්හටයි. එයට උපකාර වන්නේ පිරිසුදු සීලයයි. සීලයෙහි පිහිටා සිත එකඟ කොටගෙන සමථයත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තිලකුණු මෙනෙහි කිරීමේ නුවණ දියුණු කිරීමෙන් විදර්ශනාවත් වඩා දුක්ඛ නිරෝධනම් වූ නිවන ප්‍රත්‍යක්ෂ කළයුතුයි. මෙයින් මාගේ ධර්ම දේශනාව නිමවමි’’ යනුයි. එයින් පසු පරීෂ්කාර පූජා කොට බණගෙයින් වැඩමවා නැවතත් බණ පටන් ගැන්වූහ.

එදා රෑ ශ්‍රී සුමංගල – ශ්‍රී ධර්මාරාම යන දෙදෙනා වහන්සේ එකම රන් ගුහාවක හුන් කේශරසිංහ රාජයන් දෙදෙනකුන් මෙන් වැඩහුන්හ. හික්කඩුවේ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අලුයම අවදිව තෙරුවන් වැඳ පුදා හීල්දන් වළදා ආපසු ගමනට සූදානම් වුහ. කලින්දා පැමිණි අශ්ව රථය ද පිළියෙල විය. ඉක්බිති ශ්‍රී ධර්මාරාම මාහිමියන් සහිත ශිෂ්‍ය පිරිස පත්කඩ අතුට වැඳ ‘ඕකාස ද්වාරත්තයෙන්’ ආදී වාක්‍යය කියා සමා කරගෙන පසු ගමන් කොට රථයට නංවා නැවතුණහ. මෙය ඒ අවධියෙහි අප විසින් දක්නා ලද සිද්ධියකි. ඉගෙනීමෙන් උසස් පාණ්ඩිත්‍යයක් දැරූ උන්වහන්සේ රත්මලානේ පරම ධම්මචේතිය පිරිවෙන්හි ගිහි පැවිදි ශිෂ්‍ය සමූහයකට උගන්වමින් වැඩ විසූ සමයෙහි ඡ්‍යොතිෂ්ශාස්ත්‍රාචාර්ය දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි ප්‍රධාන දායක පින්වතුන් කළ ආරාධනාව පිළිගෙන තමන් වහන්සේගෙන් සිදුවිය හැකි ලෝක ශසන සේවය ලංකාවේ ප්‍රධාන නගරය ඇසුරු කොට කළහැකි වෙතොත් එය මහදර්‍ථසිද්ධියකට හේතු වේයයි සලකා කොටහේනේ පරමානන්ද විහාරයට වැඩ එහි වස් වසා පළමුකොට ඉගැන්වීම ආරම්භ කළහ. ස්වල්ප කලක් එහි වැඩ සිට එයින් පසුව විද්‍යාධාර සභාව පිහිටුවා මාළිගාකන්දේ විද්‍යොදය පිරිවෙන ආරම්භ කොට ලෝසසුන් වැඩ වඩවනට පටන් ගත්තේ ය. මෙයින් උද්ගත වූ ධර්මශාස්ත්‍ර ප්‍රබෝධය ලක්දිව පැතිරෙන්නට විය.

පළමුකොට මුල් අවදියේ විද්‍යොදය පිරිවෙන පටන් ගත්තේ දැන් බඳු නගරයක නොවේ. එවකට මාළිගාකන්ද පිහිටි ප්‍රදේශය නගරයට ළං වූ කැලෑරොදින් ගහන වූ නොදියුණු පිටිසර පෙදෙසකි. ඒ කාලයෙහි කොළොන්නාව ආදී පෙදෙස්වල මිනිසුන් කොළඹ යයි ව්‍යවහාර කළේ කොටුවටයි. හික්කඩුවේ නාහිමියන් දැකීමට පැමිණි බැතිමතුන් මාළිගාකන්දට පැමිණ ‘’අපි කොළඹට යන ගමන් නුඹවහන්සේවත් දැක වැඳ පුදාගෙන යන්ට මෙහි ආවෙමු’’යි කීවේ විද්‍යොදය පිරිවෙන්හිදීය. යනු ආදිම පැරන්නන්ගේ දැනීම හැඟවූ සංවාදයෝ යි. තමන් වහන්සේගේ උදාර පාණ්ඩිත්‍යය හා කීර්තියත් ලක්දිවත් ඉක්මවා ලෝකයෙහි ම ව්‍යාප්ත වූ බව එදා සිරිදම්රම් මාහිමියන් ප්‍රකාශ කළේ කරුණු රහිතව ව්‍යාජයෙන් නොව, උන්වහන්සේ විසිනුදු පිළිගෙන තිබුණු කරුණුවලට අනුවය.

ඒ එසේමැයි නානා දිශාවලින් ලංකාවට පැමිණි නානා ලබ්ධික බොහෝ උගත්තු මුන්වහන්සේ වෙත එළඹ කළ පිළිසඳර කථාවලින් තම තමන්ගේ මිථ්‍යා අදහස් හැර බෞද්ධයෝ වූහ. ඇමරිකා මහාද්වීපයෙහි ද පතළ කීර්තියක් ඇති ශ්‍රී සුමංගල මාහිමියන්ගේ ගුණ ඝොෂයට පැහැදුනු කර්නල් හැන්රි ඕල්කෝට් නම් වූ කාරුණික මහාප්‍රඥායා මෙරට පැමිණි මුන්වහන්සේ සමඟ කළ පිළිසඳර කථාවලින් බුදුදහම ගැන පැහැදී උන්වහන්සේගේ ද උපදෙස් ඇතිව පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවා ආනන්ද විද්‍යාලය ඇතිකොට ලක්දිව බෞද්ධ අධ්‍යාපනයෙහි මුල පිරූහ. එමඟින් බොහෝ බෞද්ධ විද්‍යාලයන් ඇතිව බෞද්ධ්‍යාපනය දියුණු විය.

එසේම අනගාරික ධර්මපාලතුමා නොහොත් බෝධිසත්වරයෙකැ යි සැලකිය හැකි ධර්මපාල මහා ස්වාමිපාදයන්ගේ ජාතික ආගමික ව්‍යාපාර හා ‘’සිංහල බෞද්ධයා’’ නමින් බෞද්ධ අදහස් හෙළි පෙහෙළි කිරීමෙහි සමර්ථ වූ සිංහල පත්‍රයක් ද ඇතිවූයේ මුන්වහන්සේගේ් උපදෙස්වලට අනුවය. ලෝකයෙහි ම බුද්ධාගම පැතිරවීමෙහි උත්සාහයත් සමඟම සිංහලයන්ගේ උන්නතිය හි සිංහල ජාතියෙහි ප්‍රබෝධය ද ඇතිකිරීමෙහි ඉවහල් වූයේ මුන්වහන්සේගෙන් ලබාගත් ධර්මොපදේශයන්ට අනුවය. එයින් ඇති වූ දියුණුව මහාබෝධි සමාගම පිහිටුවීමෙන් චිරස්ථායි වූයේ මුන්වහන්සේගේ් මාර්ගොපදේශකත්වයෙනි. අද දඹදිව බුද්ධාගමට උසස් තැනක් ලැබුණේ ද ඒමාර්ගයෙනි.

ශ්‍රී සුමංගල නායක මාහිමියන් විසින් රචිත වූ කුඩා මහත් ධර්මශාස්ත්‍රීය ග්‍රන්ථ රාශියකි. පුවත්පත් සඟරා ආදිය සැපයීමෙන් රටේ දියුණුව හා ජාතික ආගමික ප්‍රබෝධය ඇතිකිරීමෙහි හැකිවූයේ මුන්වහන්සේගේ සදුපදේශයෙනි. මුන්වහන්සේ සැපයූ ග්‍රන්ථ අතුරෙන් බාලාවතාර නම් වූ පාලිව්‍යාකරණය සඳහා පරචිත සුබොධිකා ටිකා නම් වූ විශාල විස්තර ග්‍රන්ථයෙන් ශිෂ්‍යයන් කෙරෙහි පැවති දයාව හා ත්‍රිපිටකයෙහි විශාරදත්වයත් ව්‍යාකරණ ජන්දොලංකාරා දියෙහි ප්‍රවීණත්වයෙන් සංස්කෘත ව්‍යාකරණයෙහි නිපුනත්වයන් හොඳින් පැහැදිලි වෙයි. පාලි ව්‍යාකරණය පිළිබඳ න්‍යාසය, භාෂ්‍යය, පඤ්චිකාය යන නම්වලින් හැඳින්විය හැකි සුබෝධිකා ටිකාව වැදගත් විවරණයෙකි. මෙහි ඇතුළත් යම් යම් කරුණු විස්තර කිරීමේ දී ගුප්තව තිබුණු දේ ප්‍රකාශයට පමුණුවා තිබීම උන්වහන්සේගේ විශාරද පාණ්ඩිත්‍යයෙහි වැදගත් ලක්ෂණයකි.

එයින් එකක් නම් – ආඛ්‍යාත ක්‍රියා විවරණයෙහි සමහර ක්‍රියා වාක්‍යාරම්භයෙහිත් සමහර ක්‍රියා වාක්‍ය මධ්‍යයෙහිත් සමහර ක්‍රියා වාක්‍යවසානයෙහිත් සමහර ක්‍රියා මිශ්‍රවත් යෙදෙන බව උදාහරණයන්ගෙන් පැහැදිලි කරන උන්වහන්සේ පුබ්බයොග, පරයොග, අන්තරායොග, පකිණ්ණකයොග වශයෙන් කොටස් සතරකට බෙදා දැක්වීමයි. මෙය ඉතා ප්‍රශස්ත විස්තරයකි. මෙබඳු දේ බොහෝමයක් සුබොධිකා ටිකාවෙන් දත හැකිය. දැන් අවුරුදු විසිපහකින් මෙපිට පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට මේවා ගැන දැනීමක් නැතිවීම ඔවුන්ගේ දුර්වලකමකි. අවුරුදු දහයකින් පහළොවකින් මෙපිට ශිෂයන් අර්ථවාචනාමාර්ගයෙන් බාලාවතාරයෙහි නියම පරිශීලනය අත්හැර දැමීම අභාග්‍යයකි. මේ සියලු හානියක් ම සිදුවූයේ මෑතක සිට පිරිවෙන් අධ්‍යාපනය සකස්කරලීම සඳහා ආණ්ඩුවර උපදෙස් දෙන විශේෂඥයන් දුරදිග නොබලා ස්වල්ප ආශ්වාදයකින් ශිෂ්‍යයන්ට වෙහෙස නොගෙන යම්තමින් සැනසෙන්නට යෙදු උපායයන්ගේ දුර්විපාකය යනු මගේ හැඟීමයි. මේ තත්ත්වයේ හැටියට මෙයට වඩා අධ්‍යාපනය අමුතු කරන්නට කිසිසේත් නොහැකි ය. එයින් සිදුවන්නේ ප්‍රගතියට බාධා වන අයුරු ආපස්සට හැරීමක් ලෙස ප්‍රකාශ කිරීම පමණකි.

මේ කාලයෙහි වාද විවාද යුගයෙකැයි සැලකිය හැකි තරම් නොයෙක් පඬිවරයන්ගේ විමර්ශනයට හේතු වූ වාද රාශියක් පැන නැංගේය. ධර්ම විනය දෙකේහි හෝ ශාස්ත්‍ර යුක්තීන් අතරෙහි හෝ විසදෘ ගතැන් ගැටළුතැන් නිරාකරණය කරලීම සඳහා දෙපක්ෂයක් අතර කෙරෙන ධර්ම ශාස්ත්‍රීය කථා හෝ විවේචනාදිය වාද නාමයෙන් හඳුන්වනු ලැබේ. වාදභිමුඛ වූ දෙපක්ෂය වාදයේ දී තම තමන් ඉදිරිපත් කරන කරුණු න්‍යායානුකූලව ඔප්පු කිරීමට තැත් කෙරෙයි.

වාදය සාමාන්‍ය මහජනයා අතර මහත් ආන්දෝලනයකට හේතු වුවද නූගත් ලෝකයා අතර පිළිගැනී තිබෙන්නේ ද්වෙශාත්මක කථා හැටියටය. ද්වේශාත්මකව නම් එහි ඇත්තේ අඩදබර කලකෝලහලයකි. වාදකථා එබඳු නොව සිහිනුවණින් යුක්තව කරන කථා විශේෂයෙකි. එය පණ්ඩිත දෙපක්ෂයක් අතර ප්‍රධාන වශයෙන් ධර්මවිනය දෙක පිළිබඳව තමතමන්ගේ වැටහීම්වලට අනුව තර්කානුකූලව කරනු ලබන කථායි. වාදය වනාහි දර්ශන ශාස්තී‍්‍රය විශේෂ අංගයකි. මෙය පණ්ඩිතයන්ගේ වික්‍රීඩනයකැයි කිව යුතු ය.

බුද්ධ පරිනිර්වාණයෙන් දෙවන ශතවර්ෂයේ පටන් ම පඬිවරුන් අතර වාද විවාද ඇති වූ බව ධර්මයෙන් හා ඉතිහාසයෙන් ද පෙනෙයි. ඇතැම් ත්‍රිපිටකධර පඬිවරු සූත්‍රපිකටයෙහි ඇතුළත් යම් යම් සූත්‍ර ගැන තම තමන් පිළිගත් මත ප්‍රකාශ කළහ. එසේම ඇතැම් ආභිධාර්මික පඬිවරයෝ අභිධර්මයෙහි එන කරුණු ගැන ද ඇතැම් විනයධරයෝ විනයෙහි එන කරුණු ගැන ද නානාමත දැක් වූහ.

ඇතැම් ශාබ්දිකයෝ ව්‍යාකරණයෙහි එන කරුණු ගැනද, තාර්කිකයෝ තර්කයෙහි එන කරුණු ගැනද නෛයායිකයෝ න්‍යායයෙහි එන කරුණු ගැනද, නෛරුක්තිකයෝ නිරුක්තියෙහි එන කරුණු ගැනද මතභේද ප්‍රකාශ කළ බව පැහැදිලි වෙයි. ‘කෙචි පන ආවරියා එවං වදන්ති අපරෙ පනාහු, එකච්චෙ ආචායා එවං වදන්ති තං යුත්තිතො න ගහෙතබ්බං තං තෙසං ආචරියානං මතිමත්තං අයං අම්භාකං මති, අයං අම්භාකං තන්ති’ යන ආදී වශයෙන් ආචාර්ය වාදයන් ගැන අර්ථකථාවන්හි සියක් පලක සඳහන් වෙයි.

මේ සියල්ලක් සිදුවී තිබෙන්නේ ත්‍රිපිටකධාරී පඬිවරුන් අතර ය. එයින් ඒ ඒ ආචාර්යමත පිළිගත් අය ඒ ඒ පක්ෂවලට බැඳුණාහ. එය පුදුමයට කරුණක් නොවේ. ස්වභාවික සිදුවීමක් හෙයිනි. ඒ හේතුවෙන් යම් කෙනෙක් කථාවෙන් කථාවෙහි ගැටුම් ඇතිකරගෙන අඬදබර කර ගැනීමට ප්‍රයත්න කෙරෙත්නම් හේ නො මැනවි. මෙකල කොයි පක්ෂයකවත් එබඳු අහංකාරකම් අවිනීතිකම් නො මැත. මේ විවාදයන්හි ප්‍රමුඛස්ථානය ගත්තේ ශ්‍රී සුමංගල ශ්‍රී ධර්මාරාම යන මාහිමි දෙපොළය.

උන්වහන්සේ වැඩ සිටි කල් හි වරින් වර විද්‍යොදය පිරිවෙනට මම ගියෙමි. එක් දවසක් මා පිරිවෙනට ගියේ පිරිවෙන් පන්ති පටන්ගෙන තිබුණු අවස්ථාවක ය. පස්වරු 2 කට සියලු පන්ති ආරම්භ කෙරෙයි. ඒ වෙලාවෙහි හික්කඩුවේ නාහිමියන් වහන්සේගේ පන්තිය පුස්තකාලයෙහි විය. එතැනට පැමිණි මම පසෙක සිට ඉගැන්විමට ඇහුම්කන් දීගෙන සිටියෙමි.

උන්වහන්සේ එදින ඉගැන්වූයේ ලඝුසිද්ධාන්ත කෞමුදියයි. පන්තිය ද දහදොළොස් නමක් භික්ෂූන්ගෙන් සමන්විත විය. උන්වහන්සේ කවිච්චියක වැඩහිඳ ශිෂයන් දෙන පාඩම් තේජාන්විතව සාවධානව ඇහුම්කන් දීගෙන ඉන්න විලාශය මට පෙනුණේ ය. ශිෂ්‍ය පන්තිය හේත්තු විය හැකි දිග බංකුවල වාඩි වී සිටියේ ය. ශිෂ්‍යයන්ගේ ගුරු ගෞරවය හා භය පක්ෂපාතකම පුදුම සහිතයි.

සෑම ශිෂයයන් ම අර්ථය පාඩම් දිය යුතුය. පාඩම් දෙන ශිෂ්‍යයා ආසනයෙන් නැගිට පාඩම් දිය යුතුය. තමන් වහන්සේට කැමතිතාක් පාඩම් දුන් කළ ඔවුහු නවත්වා ඊළඟ ශිෂ්‍යයාට පාඩම් දීමට සංඥා කෙරෙයි. මෙසේ පන්තියේ සියල්ලම පාඩම් දිය යුතුය. එයින් පසු පොතේ කරුණු පැහැදිලි කර කියා දී නැවත අර්ථ අස්වා අවසන් කෙරෙයි. එකල පැවති පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය අර්ථවාවනාව ගරු කොට සිදු වූ හෙයින් හරබර එකක් විය. ශිෂ්‍යයෝ ද සාරවත් ව අර්ථවත්ව ඉගෙන ගත්හ. එහෙයින් ඔවුහු නියම පාණ්ඩිත්‍යය ලැබූහ.

අද පවත්නා පිරිවෙන් අධ්‍යාපනය මෙන් එකල පැවති පිරිවෙන් අධ්‍යාපනය ලිහිල් නොවීය. අද මෙන් එදා පන්තියක අධ්‍යාපන කාලය විනාඩි හතළිස් පහක් හෝ පැයක් නොවීය. ශිෂ්‍යයා පාඩම් දී එයින් පසු ගුරුවරයා පාඩම විස්තර කොට කියා දී නැවත අනික් පාඩම් අර්ථය කියා දීමට දෙපැයක් නැත්නම් පැය එකහමාරක්වත් කාලය ගතවන බව කිය හැකිය.එකල තිබුණු පැරණි ධර්මශාලායෙහි හෙයියන්තුඩුවේ සිරි දේවමිත්ත, මහගොඩ සිරි ඤාණිස්සර, බිහල්පොළ සිරි දෙවරක්ඛිත, කහවේ සිරි රතනසාර යන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ පන්ති ද පැවැත්තේ ය. මෙසේ එකල විද්‍යොදය පිරිවෙන් අධ්‍යාපනශ්‍රීයෙන් බැබළිණි. එහෙයින් විද්‍යොදය පිරිවෙන මුළු රටට ම විද්‍යා ප්‍රදීපයක් විය.

වර්තමාන ධර්ම ශාස්ත්‍රෝන්නතියෝ ආදි කර්තෘවර බෝධිසත්ව ගුණෝපේත අතිගරු හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් වහන්සේ අපවත් වී 2011 අපේ‍්‍රල් 29 වනදින සියවසක් සපිරීම නිමිත්තෙන් මෙය ඵලවේ. උපුටා ගැනීම – 1962 විද්‍යොදය විශ්ව විද්‍යාලය ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සංගමය විසින් ප්‍රකාශිත ශ්‍රී සුමංගල කලාපයෙනි.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=8600

Life of Mahā-Moggallāna – by Hellmuth Hecker

Homage to him, to that bhikkhu who, Brahma-like, can see in a moment’s flash the thousandfold universe before his eyes; who, master of magic powers, can also see in the flow of time the gods’ arising and their death. – Theragāthā (Verses of the Elders), verse 1181 –

In the discourse about the disciples who excelled in special capacities and qualities (AN 1:13), the Buddha said that Moggallāna was foremost among the Bhikkhus who possessed magical faculties. One day when Moggallāna with some of his disciples walked up and down, the Buddha told his monks that Moggallāna possessed great super normal powers, and so did his pupils; thus beings congregate according to their nature and dispositions (SN 14:15). There were, of course, also other prominent disciples highly skilled in one or the other of the various magical powers.

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=8584

Buddhist Tales for Young and Old

It is a pleasure to rewrite the Jataka stories in modern English understandable by western readers. To achieve this goal, the stories are being retold in order to convey the spirit and meaning. They are not scholarly word-for-word translations as have been done by others. The Pali Text Society has published the whole text in English translations a hundred years ago. In Sri Lanka they were translated into Sinhalese in the 14th century, where they were known as Pansiya Panas Jataka.

In all Buddhist countries the Jataka tales were the major sources for developing the character of the people. They were used widely in preaching by monks and lay preachers. King Dutugemunu (2nd century B.C.), in Anuradhapura, paid for the support of preachers to teach Dhamma, the teachings of the Buddha. They usually used these stories in their sermons. Even the Venerable Arahant Maha Mahinda, who introduced Dhamma into Sri Lanka, used these stories to illustrate the truth of the teachings.

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=7621

Sabbasawa Sutta – Majjhima Nikaya

සබ්බාසව සුත්‍රය – (සියලුම ආශ්‍රවයන්ගෙන් බේරි සිටිම)

බුදු දහම නිර්වාණය අරමුණු කරගත් ප්‍රතිපදා මාර්ගයකි. නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමේ දී ආශ්‍රවයන් සමනය කරගැනීම අත්‍යවශ්‍ය වේ. ප තුළ ඇති වනආශ්‍රවයන් නිසා අපගේ නිර්වාණ මාර්ගය අවහිර වනවා පමණක් නොව කායික හා මානසික රෝගීන් බවට ද අපි පත්වෙන්නෙමු.

කායිකව හා මානසිකව නිරෝගී වීමට නම් ආශ්‍රව යටපත් කරගෙන සමනය කරගෙන ජීවත්විය යුතු ය. බුදුරජාණන් වහන්සේ ‘පභස්සරමිදං භික්ඛවේ චිත්තං’ යනුවෙන් පැහැදිලි කර ඇත්තේ පුද්ගලයකු උපත ලබන අවස්ථාවේ ඔහුගේ සිත ඉතා පිරිසුදු තත්ත්වයේ පවතින බව යි. නමුත් පුද්ගලයාගේ් වැඩීමත් සමග බාහිර ලෝකය සමග ස්පර්ශ වීම නිසා ඔහුගේ සිත අපිරිසුදු තත්ත්වයට පත් වෙයි. අප කුඩා දරුවකු දෙස සැලකිල්ලෙන් බැලුවහොත්, මෙයින් නිවැරැදි කුමක් ද යන්න වටහා ගත හැකි ය. මවුපියන් තමන් සමඟ අමනාප වූ පුද්ගලයකු සමඟ දරුවට කතා කිරීමට සිනාසීමට එපා කීවද, ඔහු කතා කරයි. සිනාසෙයි. එසේ නම් පුද්ගලයකුගේ සිත උපතින් අපිරිසුදු නැත. නමුත් වයසින් වැඩෙත්ම දරුවා විවිධ පුද්ගලයන් සමග කතා නොකර සිටීමට පෙළඹෙයි. අමනාපයට පෙළඹෙයි. මෙයින් පැහැදිලි වන්නේ සිග්මන් ප්‍රොයිඩ්ගේ මතය නොව, බුදුන් වහන්සේගේ සාධකයන් සමග පැහැදිලි කිරීම මොන තරම් නිවැරැදි ගැඹුරට(සූත්‍රය කියවා අවබෝධ කරගැනීම තුලින්) යන ඉගැන්වීමක්ද කියා.

බුදුරජාණන් වහන්සේ ආශ්‍රව සමනය කරගන්නා ආකාරය  පහත මජ්ඣිම නිකායේ-සබ්බාසව සූත්‍රයේ (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමලාවෙන් පිටපත් කරගන්නා ලදී) මනා ලෙස පැහැදිලි කර ඇත.

සූත්‍රාන්තපිටකයෙහි, මජ්ජිම නිකා(1) , සබ්බාසව සුත්‍රයෙන් පිටපත් කර ගත් අංක 18 සිට 29 දක්වා පිටු කීපය කියවීමට හෝ බාගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න.


[pdf]http://www.dhammikaweb.com/pdfs/Sabbasawa-Sutta_Majjhima-Nikaya.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=8530

Anāthapiṇḍika The Great Benefactor

“Thus have I heard: One time the Blessed One was staying at Sāvatthī in the Jeta Grove, in Anāthapiṇḍika’s Monastery …” Numerous discourses of the Buddha begin with these words, and hence the name of that great lay devotee, Anāthapiṇḍika is well known. His name means: “One who gives alms (piṇḍa) to the unprotected (a-nātha)” and is the honorific of the householder Sudatta of the city of Sāvatthī.

Who was he?

How did he meet the Buddha?

What was his relationship to the teaching?

The answers to these questions may be found in the many references to him which occur in the traditional texts.

[pdf]http://www.dhammikaweb.com/pdfs/?attachment_id=8413[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=8410

යථාර්ථය දකිමු

2010 දෙසැම්බර් 20 වැනිදා පළ වූ  Glimpse of reality නම් ලිපියේ පරිවර්තනයයි.

වයස්ගතවනවාටත්, ලෙඩ වනවාටත් අප නොකැමැති වන්නේ කුමක් නිසා ද? එපමණක් නොව කවරදාක හෝ අප මැරෙන බව කියන්නටත් අපි පසුබට වෙමු. ඇයි ද යත්, වයසට යෑමත්, ලෙඩවීමත්, ජරාවට පත්වීමත් යනු දුක, කනස්සල්ල හා වැලපීම උරුම කරන්නක් වන හෙයිනි.

මෝහාන්ධකාරයෙන් වැසී ගිය මේ ලෝකය විද්‍යාලෝකයෙන් බැබළවු බුදුන් වහන්සේ, මේ ජීවිතයේ දුක්ඛ ස්වභාව, එනම් ජීවිතයේ යථාර්ථය උගන්වා වදාළහ.

ධම්ම හෙවත් ධර්ම යන වදනෙහි නියම තේරුම කුමක් ද? ජීවිතයේ යථාර්ථය පිළිබඳ සත්‍යය යනු යි. මේ සත්‍යය ප්‍රකාශයට පත් කළ හැකි වන්නේ, අවිද්‍යාව නමැති අඳුරු පටලය විනිවිද යමින් පෘථග්ජන ස්වභාව ඉක්මවා යන අතිවිශිෂ්ට පුද්ගලයකුටම පමණි.

 

දැන් අපි මොහොතක් සිතා බලමු. මවු කුසින් බිහිවූ මොහොතේ දරුවකු ඔබ දැක තිබේ ද? එවන් දරුවකු දැක ඇතුවා පමණක් නොව අප කවුරුනුත් ඒ අත්දැකීමට නිමිත්තක් වූ අයවෙමු . එහෙත් දවස්, සති, මාස, අවුරුදු ගෙවා ඉදිරියට යන විට ඒ දරුවා එදා සිටි අලුත උපන් දරුවා ම ද? අවුරුදු පහක් ගත වන විට අර අලුත උපන් දරුවා කෙතරම් වෙනස්වී සිටී ද?

තවත් අවුරුදු විස්සක් ගිය තැන, ඔබ එදා දුටු වැටි වැටී ඇවිද්ද හෝ පියාගේ අතේ එල්ලී ඇවිද ගිය දරුවා ගැන ඔබ සිතන්නේ කුමක් ද? ඔහු දැන් කඩවසම් තරුණයෙකි. මනා රූසපුවකින් යුතු ඔහු විවාහයට සුදුස්සෙකි.

යළිත් එතැන් සිට වසර තිස් පහක් ගිය තැන ඔහු ගැන සිතන්න. ඔබට ඔහු හඳුනා ගන්නට නොහැකි වනු ඇත. දැන් සිටින්නේ එදා විවාහ වන වයසේ සිටි තරුණයා ද? ඔහුගේ මුහුණ රැළි වැටිලා ය. කෙස් පැසී ගොසිනි. සෑහෙන පමණකට අබල දුබල ය. ඇතැම් විට ඔහුට තම සිරුර සමබරව තබා ගෙන ඇවිද ගන්නට බැරි ය. ඇස් පෙනීම යොවුන් වියේ සිටියහුගේ මෙන් නොවේ. ඇතැම් විට වයසේ පමණටත් වඩා දුබල ය. ඔබට මෙසේ සිතෙන්නට පුළුවන.

“ඇත්තට ම මේ සිටින්නේ වසර හැටකට පමණ පෙර මා දුටු ළදරුවා ද?” මේ ළදරුවා පිළිබඳ අත්දැකීම අප කවුරුනුත් පිළිබඳ සංකේතයක් නොවන්නේ ද? ගතවූ කාලය තුළදී ඔහුට සිදුවී ඇත්තේ කුමක් ද? ඔහු අත්දැක හෝ විඳ ඇත්තේ මෙලොව උපත ලද අන් හැම ජීවියකුම ලැබූ අත්දැකීම හෙවත් ප්‍රත්‍යක්ෂ්‍යය නොවන්නේ ද? අපොයි, වියපත්වීම !

එහෙත් අපි වියපත් වී සිටිමු යි අප ම දන්නේ කවර තරමින් ද? වටහා ගන්නේ කවර තරමින් ද? අනෙක් අතට අප වියපත් වන අතරම රෝගී වන බවත් අපි දනිමු ද? එසේ දැන ගැනීම සඳහා අපි ඒ ගැන කෙතරම් දුරට සිතමු ද? රෝගී වන බවත්, මිය යන බවත් පිළිගැනීමට ඇත්ත වශයෙන්ම අපි කැමැත්තෙමුද? සත්‍ය එසේ තිබියදීත් අපි එය රහසක් ලෙස සඟවා තබා ගන්නට උත්සාහ නොකරමු ද? සැබවින්ම බොහෝ විට අප වැඩ කරන්නේ එක මොහොතකටවත් මැරෙන බව ගණනකට නොගනිමින් නොවේ දැයි මොහොතක් ආපසු හැරී බලනු මැනවි.

වයස්ගතවනවාටත්, ලෙඩ වනවාටත් අප නොකැමැති වන්නේ කුමක් නිසා ද? එපමණක් නොව කවරදාක හෝ අප මැරෙන බව කියන්නටත් අපි පසුබට වෙමු. ඇයි ද යත්, වයසට යෑමත්, ලෙඩවීමත්, ජරාවට පත්වීමත් යනු දුක, කනස්සල්ල හා වැලපීම උරුම කරන්නක් වන හෙයිනි.

යථාපි මූලේ අනුපද්දවේ දළ්හේ – ඡින්නෝපි රුක්ඛෝ පුනරේවරූහති
ඒවම්පි තණ්හානුසයේ අනූුහතේ – නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුනං

ධම්මපදය 338

“යම් සේ කැපීම්, පැලීම් ආදි උවදුරකට බඳුන් නොවී මුල ශක්තිමත්ව තිබෙන තුරු, අගින් කපන ලද්දා වූ නුග, ඇසතු ආදි ගස් නැවත ලියලා එන්නාක් මෙන්, තෘෂ්ණානුශය අරහත් ප්‍රඥාවෙන් මුලිනුපුටා නොදැමුණු කල්හි ජාති ජරාදී මේ දුක් රැස නැවත නැවත උපදනේ ය”

මෝහාන්ධකාරයෙන් වැසී ගිය මේ ලෝකය විද්‍යාලෝකයෙන් බැබළවු බුදුන් වහන්සේ, මේ ජීවිතයේ දුක්ඛ ස්වභාව, එනම් ජීවිතයේ යථාර්ථය උගන්වා වදාළහ. එය පළමුවන ආර්ය සත්‍යය යි.

ජීවිතයේ යථා තත්ත්වය වන්නේ වයසට යෑම, ලෙඩ දුක්වලට ගොදුරු වීම සහ මරණය යි. මේ තුන් ආකාර ස්වභාව පුද්ගලයාගේ උපතත් සමඟ, එනම් වඩාත් ගැඹුරින් සිතා කියතොත් මවුකුස තුළ පිළිසිඳ ගත් තැන් පටන් ම ඔහු පසුපස හඹා එයි. එයින් මිදෙන්නට හැටියක් නැද්ද? ඒ වේදනාවෙන් හෙවත් දුකින් මිදිය නොහැකි ද? මොහොතක් සිතමු. අප හඬන්නේ කුමක් නිසා ද? අපි කුමක් නිසා වැලපෙමු ද? අප දුක් අඳෙීනා දෙන්නේ සහ පසුතැවිලි වන්නේ ඇයි? ඇතැම් විට අප ආදරය කළ කිසිවකු හෝ කිසිවක් අපට අහිමි වූ නිසා නොවේ ද? අප පසුතැවිලි වන්නේ අප සිතු පැතූ හෝ බලවත් සේ ඇලුම් කළ හෝ දෙයක් නොලද නිසා නොවන්නේ ද? ඔබේත්, මගේත් ජීවිතයේදී අප අත්දකින සත්‍ය මෙය නොවන්නේ ද?

 

ලෝක විෂය හඳුනා ගත්, එනම් එය අවබෝධ කරගත් බුදුන් වහන්සේ, තෘෂ්ණාව හේතුවෙන් ජීවිතය පුරා දුක සහ කනස්සල්ල ආදී වේදනා දාමයක් ඇතිවන බව අපට උගන්වාලූහ.

මොහොතක් සිතනු මැනවි. කිසියම් වස්තුවක් කෙරෙහි අප තුළ ආසාවක් නොවීනම් එය අපට අහිමි විණැ යි අප තුළ දුකක් ඇති වේ ද? කිසියම් පුද්ගලයකු කෙරෙහි අපේ සෙනෙහසක් හෝ බැඳීමක් නොතිබුණේ නම්, ඔහු අපෙන් ඈත් වූ විට අපේ සිත දොම්නසින් පිරී යනු ඇද්ද? එවන් අවස්ථාවක් එළැඹි කල්හි අප දුක් නොවන්නේ නම්, එසේ වනුයේ ඒ පුද්ගලයා හෝ වස්තුව කෙරෙහි, කිසිසේත් මුල්තැනලා සැලකිය හැකි ඇලීමක් හෝ බැඳීමක් නොතිබුණු හෙයිනි. එබැවින් බුදුන් වහන්සේ අපට දෙවැනි ආර්ය සත්‍යය මෙසේ උගන්වති. එනම් අපේ තෘෂ්ණාව හේතුවෙන් දුක, වේදනාව සහ කනස්සල්ල ජනිත වන්නේ ය.

 

යං ඒසා සහති ජම්මී – තණ්හා ලෝකේ විසත්තිකා
සෝකා තස්ස පවඩ්ඪන්තී – අභිවංඨංවබීරණං”

ධම්මපදය 335

අරමුණෙහි අලවන්නා වූ ලාමක වූ මේ තෘෂ්ණාව විසින් ලෝකයෙහි යම් පුද්ගලයකු මඬිනු ලබන්නේ ද, ඔහුගේ ශෝකයෝ වැස්සෙන් තෙමුණු සැවැන්දරා පඳුරක් මෙන් වැඩෙන්නෝ ය.

බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ස්වාක්ඛාත ය. එනම්, නිරවුල්ව මැනවින් දේශනා කරන ලද්දේ ය. එබැවින් ආදි කල්‍යාණ ය, මධ්‍ය කල්‍යාණ ය, පරියෝසාන කල්‍යාණ ය. එනම් මුල, මැද, අග යන සියලු තන්හි පැහැදිලි ය, පරිපූර්ණ ය. බුදුන් වහන්සේ පළමුව තමා සියලු ලෞකික දුක්ඛ දෝමනස්සයන්ගෙන් මිදී අපටත් එසේ කළ හැකි බව කියා දෙන්නට මුළු ජීවිත කාලය ම ගත කළහ.

එසේ මිදීම හෙවත් විමුක්තිය වනාහි සියලු ආකාර තෘෂ්ණාව මුලිනුපුටා දැමීම බව උන්වහන්සේගේ දේශනාව යි.

ඉක්බිති උන්වහන්සේ තුන් වැනි ආර්ය සත්‍යය ඉදිරිපත් කළහ. එනම් දුකින් මිදීම යි. දුකින් මිදීම යනු තෘෂ්ණාව මුලිනුපුටා දැමීම යි. අඛණ්ඩ ප්‍රයත්නයෙන් අපට එය පසක් කළ හැකි ය. කුමක් හෙයින් ද යත්, බුද්ධ දේශනාව සන්දිට්ඨික හෙවත් තමා විසින් ම අවබෝධ කළ හැකි සහ තමා විසින් ම අවබෝධ කළ යුතු හෙයිනි. සැබවින් ම එය මේ අත්බැව්හි, දැන් දැන් ම පසක් කළ හැකිය.

අප සියලු දෙනා උපතින් ම ගෙනෙන උරුමයක් හෙවත් ‘පෙර පැකේජයක්’ ලබා උපන් බව අපි දනිමු. එනම් වියපත්වීම, ලෙඩවීම සහ මරණය යි. මේ උරුමය කිසිවකුගේ සතුට පිණිස හේතුවන්නක් නම් නොවේ.

එය ගෙන එන්නේ දුක සහ කනස්සල්ල යි. මේ දුක්ඛ ආර්ය සත්‍ය ඇතුළු චතුරාර්ය සත්‍ය, ආර්ය හෙවත් පරම සත්‍යයි. එය අතීත, වර්තමාන සහ අනාගත යන තුන් කාලයට ම වලංගු වේ. එනම් සනාතන වේ. එබැවින් බුද්ධ දේශනාව අකාලික වේ. මෙහිදී වැඩි දුරටත් ‘අකාලික’ යන්නෙන් අදහස් කෙරෙන්නේ මේ සත්‍ය කාලය අනුව වෙනස් නොවන හෙවත් සබ්බකාලීන (සර්වකාලීන) වේය යන්නයි.

තෘෂ්ණාව මුලිනුපුටා දමමින්, සත්වයා විඳින දුකින් මිදිය හැකි වන්නේ නම්, ඒ කෙසේ දැයි සොයා බැලීම අප කළ යුත්තකි. තෘෂ්ණාව මුලිනුපුටා දමන්නේ කෙසේ ද? ඒ සඳහා අප අපේ සියලු අන්තගාමී ඇලීම්, බැඳීම්වලින් මිදිය යුතු ය. එය කළ හැක්කේ කෙසේ ද? බුද්ධ දේශනාව වෙත හැරෙමු.

 

ඒතම්හි තුම්හේ පටිපන්නා – දුක්ඛස්සන්තං කරිස්සථ
අක්ඛාතෝ වේ මයා මග්ගෝ – අඤ්ඤාය සල්ල සන්ථනං

ධම්මපදය 275

“මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ගමන් කරන්නා වූ තෙපි සියලු සසර දුක් කෙළවර කරන්නාහු ය. මා විසින් රාගාදී මුල් උදුරා ආර්ය මාර්ගය ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන ඒකාන්ත වශයෙන් ප්‍රකාශ කරන ලදී.”

බුදුන් වහන්සේ පරම විමුක්තිය සාක්ෂාත්කරණයට අදාළ මාර්ගය අවබෝධ කර ගෙන ඒ මඟ අපට දේශනා කළ සේක. විමුක්ති මාර්ගයක් ඇතැයි ද, එය අනුගමනය කළහොත් නිර්වාණය නම් වූ පරම විමුක්තිය ලැබෙතැ යි ද කියා දුන්හ.

ඒ මාර්ගය කුමක් ද? එය ආර්ය අෂ්ටාංගික මාර්ගයැ යි පෙන්වා දුන් බුදුන් වහන්සේ එය ප්‍රගුණ කළහොත් පරම නිරාමිස සුවය වන නිර්වාණය සාක්ෂාත් කළ හැකි බව ඉගැන්වූහ. මෙසේ සියලු ආකාර දුකින්, කනස්සල්ලෙන් සහ වැලපීමෙන් මිදීම සලසන සතර වැනි ආර්ය සත්‍යය විවරණය කළ සේක.

ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රතිපත්තියක් සේ ප්‍රගුණ කරන, වීර්යවන්ත වන ඕනෑ ම කෙනකුට නිර්වාණ සුවය අත්විඳින්නට හැකි වනු ඇත. එය මේ අත්බැව්හි ම අවබෝධ කරගත හැක්කකි.

මේ උතුම් දහම ‘ එන්න, බලන්නැ’ යි වශයෙන් ආරාධිතය. එය’ඒහිපස්සික’ ගුණයෙන් යුක්තය. මේ ධර්මය නම්, ජීවිත කාලය තුළ හැම කෙනකු විසින් ම පැමිණ දකිනු ලබන්නට තරම් විවෘත ය.

මේ උතුම් ධර්මය ඕපනයික ද වෙයි. එනම් තම ජීවිතය ඇසුරින් ම අත්හදා බලනු හැකි ය. ’විඤ්ඤූහි පච්චත්තං වේදිතබ්බෝ’ හෙවත් ප්‍රඥාවන්තයන් තම නුවණින්ම අවබෝධ කර ගතයුතු වෙයි.

එසේ නම් ජීවිතයේ සත්‍ය යනු කිම? ජීවන යථාර්ථය නම් කුමක් ද? එය චතුරාර්ය සත්‍යයට වැඩි යමක් නොවේ.

සියලු සත්වයෝ සුවපත් වෙත්වා !සතුටු සිත් ඇත්තෝ වෙත්වා !


පරිවර්තනය
නාරාවිල පැට්රික්

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=8595

Science & Spirituality

Today, in the first decade of the 21st century, science & spirituality have the potential to be closer than ever, May each of us, as a member of human family, respond to the moral obligation to make this collaboration possible.

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=8067

Introduction to Insight Meditation

The aim of these pages is to serve as an introduction to the practice of Insight Meditation as taught within the tradition of Theravada Buddhism. You need not be familiar with the teachings of the Buddha to make use of it, although such knowledge can help to clarify any personal understanding you may develop through meditation.

The purpose of Buddhist Insight Meditation is not to create a system of beliefs, but rather to give guidance on how to see clearly into the nature of the mind. In this way one gains first-hand understanding of the way things are, without reliance on opinions or theories—a direct experience, which has its own vitality. It also gives rise to the sense of deep calm that comes from knowing something for oneself, beyond any doubt.

[pdf]http://www.dhammikaweb.com/pdfs/IntroMedPDF.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=7850

Buddhist Meditation and the Brain

Bertrand Russell once said that philosophy is the gray area between science and religion. What he may have intimated is the extent to which both philosophy and religion would recede in their authority to explain the events of the world, both in the subjective and objective realms, as science provides an increasingly adequate and demonstrable analysis of the universe. The time is rapidly approaching when the bookends of his statement will come closer and closer together with the growing implausibility of supernatural explanation. While Christianity has traditionally relied on the supernatural to explain its core beliefs, much of Buddhism has lent itself to an practical, experiential and subjectively experimental approach, which shied away from metaphysical speculations.

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=7627