සදහම් ආලෝකය විහිදුවන බොදු සාහිත්‍ය පහන්

අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශිත ශ්‍රී සද්ධර්මය මෙරට ජනතාව අතර වඩාත් ප්‍රචලිත කිරීමට මහඟු දායකත්වයක් සැපයුවේ බොදු සාහිත්‍ය ලෝකය තුළ දැල්වුණු පහන්සිළු රාශියකි. ගද්‍ය හා පද්‍ය වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකි බෞද්ධ සාහිත්‍ය රස වින්දනය තුළින් විවිධ දුක්ඛ දෝමනස්සයන් හමුවේ සුසුම්ලන ජීවිතය සනසාලිය හැකිය.

ජීවන අත්දැකීම් වඩාත් තියුණු කළ හැකි ජීවිතය ගැඹුරින් හැදෑරිය හැකි මං පෙතක් වන මේ සදහම් ග්‍රන්ථ සෑම බෞද්ධයකුම පරිශීලනය කළ යුතුමය. මහින්දාගමනයෙන් පසුව අපට බෞද්ධ සාහිත්‍යයකට උරුමකම් කීමට හැකිවිය. පාලි භාෂාවෙන් උපත ලද සාහිත්‍යයත්, ත්‍රිපිටකගත ධර්මයත් ආරක්ෂා කර පෝෂණය කරනු ලැබුවේ අපගේ උගත්, බුද්ධිමත් , සිල්වත් මහතෙරුණුවරුන් විසිනි. අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ගුණකඳ සාහිත්‍ය කෘති තුළින් වර්ණනයට ලක් වී ඇත. ඒ මතු ද නොව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මයද මෙම කෘති තුළ නිර්මාණාත්මකව අන්තර්ගත කර ඇත. මෙම ග්‍රන්ථ අතර බුත්සරණ, සදහම් සරණ, සඟ සරණ, අමාවතුර, සද්ධර්ම රත්නාවලිය , පූජාවලිය, ජාතක පොත් වහන්සේ සහ ධර්ම ප්‍රදීපිකාව ප්‍රධානතම ගද්‍ය ග්‍රන්ථයන් ය.

පද්‍ය ග්‍රන්ථ අතරින් කව්සිළුමිණ, ලෝවැඩ සඟරාව, කාව්‍යශේඛරය, බුදුගුණාලංකාරය, සක්දාවත, ගුත්තිල කාව්‍ය, මුවදෙව්දාවත කැපී පෙනේ. බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ රචනා කරන ලද කතුවරයන්ගේ මූලිකම අරමුණ වූයේ බුදු ගුණ වැනීමය.

බුත්සරණ
මෙම මාහැඟි ග්‍රන්ථය විද්‍යාචක්‍රවර්තින් විසින් බුදුගුණ වර්ණනා කිරීම සඳහා ලියනු ලැබ ඇත. මෙම ග්‍රන්ථයටම අමෘතාවහ යන නමද දී ඇත. ග්‍රන්ථය නිමා කර ඇත්තේ අමෘතාවාහ නම් වූ බුද්ධ චරිතය නිමි යනුවෙනි. මෙම ග්‍රන්ථයේ ආරම්භක පරිච්ඡේද තුළ බුදුරජාණන් වහන්සේගේ දෙසුම් විලාස දේහ විලාසය ආදිය විස්තර කර ඇත. අවසන් පරිච්ඡේද තුළ දිග හැරෙන්නේ වෙස්සන්තර ජාතක කතාවත්, විසිතුරු උපමා භාවිත කරමින් කරන ලද්දා වූ බුදු රජාණන්වහන්සේගේ ගුණ වර්ණනයත්ය.

 දහම් සරණ හා සඟ සරණ
ධර්ම රත්නයේ ගුණ සහ සංඝ රත්නයේ ගුණ වර්ණනා කිරීම සඳහා රචිත මෙම ග්‍රන්ථ දෙකද විද්‍යාචක්‍රවර්ති පඬිරුවනගේ නිර්මාණ කාර්යක් වන බව ඇතැමුන්ගේ මතයයි. ග්‍රන්ථ ත්‍රිත්වයෙහිම රචනා ශෛලීන් පිරික්සු ඇතැම් විද්වතුන් පවසා ඇත්තේ පෙර මතය පිළිගත නොහැකි බවකි. බුත්සරණ පොළොන්නරු රාජධානි සමයේදීත් දහම් සරණ හා සඟ සරණ දඹදෙණි රාජධානි සමයේදීත් රචනා වී ඇතැයි සැලකේ.

අමාවතුර
බුදුරජාණන් වහන්සේගේ පුරිසදම්ම සාරථි ගුණය වර්ණනයට ලක් කරමින්, රචිත මේ ග්‍රන්ථයේ කතුවරයා ගුරුළුගෝමී නම් වූ පඬිරුවනකි. උතුම් වූ බුදුගුණ බලය හමුවේ දරුණු සතුන්, යක්ෂයන් හා ප්‍රචණ්ඩ මිනිසුන් දමනය වූ අයුරු මැනැවින් මේ ග්‍රන්ථය තුළ චිත්‍රණය කර ඇත.

 සද්ධර්මරත්නාවලිය
සද්ධර්මය නමැති මිණිකැට අමුණන ලද මාලය යන නම ලද මෙකී ග්‍රන්ථය දඹදෙණි රාජධානි සමයේ වැඩවාසය කරන ලද හිමිනමක විසින් රචනා කරනු ලැබ ඇත. ධර්මසේන නම් වූ මේ ස්වාමීන් වහන්සේ ගැමි ජනයාගේ හදවතකට බොහෝ සේ ළංවීමට මෙම ග්‍රන්ථය ඔස්සේ සමත්කම් දක්වා ඇත.

සාමාන්‍ය ගැමි ජනවහර තුළින්ම නිපද වූ අපූරු උපමා, රූපක නිසි තැන නිසි විධියෙන් භාවිත කිරීම නිසාම මේ ග්‍රන්ථය සුවඳ විහිදෙන සදහම් පුෂ්පයක් බවට පත්ව ඇත.

සද්ධර්මාලංකාරය
පාලි භාෂාවෙන් රචිත රසවාහිනී නම් බණ කතා පොත පාදක කර ගනිමින් මේ ග්‍රන්ථය ලියා ඇත. එහෙත් රසවාහිනියේ නැති තෙරුවන් නැමදීමේ අනුසස්, දසපුණ්‍ය ක්‍රියා දානානිසංස ආදී වෙනත් කරුණු රැසක්ද මෙහි ඇත. පුද්ගලයාගේ ඇවැතුම් පැවැතුම් සමාජ සාරධර්ම සුපෝෂණය සඳහාම මෙම ග්‍රන්ථය රචනා වී ඇත.

 පූජාවලිය
තෙරුවන් සඳහා පුදපූජා පැවැත්වීමේ වටිනාකම විස්තර කරමින් රචිත පූජාවලියේ කතුවරයා මයුරපාද පිරිවෙන්පති බුද්ධපුත්‍ර හිමියන්ය. දඹදෙණියේ රජකළ දෙවැනි පරාක්‍රමබාහු රජුගේ ඇමැතිවරයෙකු වූ දේව ප්‍රතිරාජයන්ගේ ආරාධනයකට අනුව මෙම ග්‍රන්ථය ලියා ඇත.

මෙහි විස්තර වන්නේ් බුදුරජාණන්වහන්සේගේ ‘අරහං’ නමැති ගුණයයි. වේළුවනාරාම පූජා, ජේතවනාරාම පූජා, පූර්වාරාම පූජා නම් වූ පූජා වැලක්ම ග්‍රන්ථය තුළ දිගහැරෙන නිසා පූජාවලිය යන ග්‍රන්ථ නාමය කදිමට ගැළැපේ.

ජාතක පොත් වහන්සේ
පාලි ජාතකට්ඨ කතාව මත පදනම් වී රචිත මේ ග්‍රන්ථය තුළ බෝධිසත්ව චරිත විස්තර කර ඇත. කිසියම් සිද්ධියක් විග්‍රහකර එය අතීත කතාව සමග මනාව බද්ධ කිරීමේ හැකියාව මෙහි කතුවරයා සතුව මැනැවින් තිබෙන අයුරු දැකිය හැකිය. ජාතක කතා තුළින් විස්තර වන ජීවන පුවත් එක් පසෙකින් ජීවිත ගැඹුර පාඨකයාගේ හදට සමීප කරන අතර, ජීවිතයට අවැසි වටිනා උපදේශද සම්පාදනයේ යෙදේ. බෝධි සත්වයන් පාරමිතා පූර්ණය කළ අයුරුත්, බුදුරජාණන්වහන්සේ සතුව පැවැති ගුණ මහිමයත් මෙහිදී විස්තර කෙරේ.

ධර්ම ප්‍රදීපිකාව
පාලි මහා බෝධි වංශය පදනම් කර ගෙන රචිත මෙම කෘතියේ කතුවරයා ගුරුළුගෝමි පඬිරුවනයි. දහම් කරුණු රැසක් මෙම ග්‍රන්ථය කියවීම තුළින් උකහා ගත හැකිය.

පාලි ත්‍රිපිටකයෙන්, අට්ඨකතාවලින් හා සංස්කෘත ග්‍රන්ථවලින් මේ මහඟු ග්‍රන්ථය පෝෂණය ලබා දීප්තිමත්ව සදහම් එළිය විහිදුවයි.

මුවදෙව්දාවත සහ සසදාවත
ගී කාව්‍ය ගණයේ ලා සැලකෙන මෙකී ග්‍රන්ථය පොළොන්නරු රාජධානි සමය තුළ රචනා වී ඇත. මඛාදේව ජාතකය පදනම් කරගෙන මුව දෙව්දාවතත්, සස ජාතකය පාදක කොට ගෙන සසදාවතත් රචනා වී ඇත.

නෙක්ඛම්ම පාරමිතාව මඛාදේව ජාතකය තුළ නිරූපණය වී ඇති අතර සස ජාතකයෙන් දැක්වෙන්නේ දාන පාරමිතාවයි.

කව්සිළුමිණ
දඹදෙනි යුගයේ රජකළ දෙවැනි පැරකුම්බා රජ විසින් රචනා කරන ලද කව් සිළුමිණද ගී කාව්‍යය ගණයට අයිතිය. අපූර්වත්වයෙන් පිරිපුන් ජාතක කතාවක් වන කුස ජාතකය කව්සිළුමිණ තුළ නවජීවයෙන් උපත ලබා ඇත. සිංහල සාහිත්‍යයයේ පළමු මහාකාව්‍ය ග්‍රන්ථය වන්නේ ද කව්සිළුමිණයි.

කාව්‍යශේඛරය
සත්තුභස්ත්‍ර ජාතකය පදනම් කොට ගෙන රචනා වී ඇත. මෙයද මහා කාව්‍ය ග්‍රන්ථයකි. කතුවරයා තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන් ය. සවැනි පැරකුම්බා රජතුමාගේ දියණියක වූ උලකුඩය දේවියගේ ආරාධනයකට අනුව ලියැ වී ඇත. සත්තුභස්ත්‍ර ජාතකයේ දැක්වෙන්නේ වයස්ගත ස්වාමිපුරුෂයෙකු හා නාඹර වියේ බිරියකගේ යුග දිවියේ නො ගැළපීමයි. එහෙත් මහාකාව්‍ය ග්‍රන්ථය ඉන් ඔබ්බට පිවිස විවිධ උයන් වර්ණනා, වන වර්ණ ආදියද චිත්‍රණය කරයි. ගැඹුරු සද්ධර්මය සරල ලෙස මෙහි විස්තර කොට ඇත. භාවනාව හා චතුරාර්ය සත්‍ය මෙලෙස විස්තර කොට ඇත.

 සිත කිලුටු                           කරනා
රාගාදී පව්                         මඩනා
සිතිවිලි                               බාවනා
දෙකෙකි විදසුන් සමත විසිනා
දුක් සමුදය                      නිරෝද
මඟ සමඟින් මෙකී              පද
සැබෑ කරුණෙන්             සොඳ
ඒසිවු සස් නම් දනුව  පිරිසිද

 ගුත්තිල කාව්‍ය
ගුත්තිල ජාතක කතාව පදනම් කර ගනිමින් වෑත්තෑවේ හිමිපාණන් විසින් රචිත මේ කෘතිය කෝට්ටේ රාජධානි සමයට අයත් සාර්ථක නිමැවුමකි. ඉතා ලිහිල් බසකින් මෙම කෘතිය රචනා වී ඇත.

බුදුගුණාලංකාරය
වීදාගම මෛත්‍රීය මාහිමිපාණන් මෙම කෘතිය රචනා කර ඇත. විසාලා මහනුවර ඇළලී ගිය තුන්බිය තුරන් කිරීම පිළිබඳ කතා පුවත තේමා කර ගනිමින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. විසාලා මහනුවරට බුදුරජාණන් වහන්සේ වැඩමවා ගෙන ගිය පෙරහර පිළිබඳ වර්ණනාව සැබැවින්ම නිර්මාණශීලිය.

 ලෝවැඩ සඟරාව
ලෝකයේ වසන සැමගේ වැඩ පිණිස එනම් මෙලොව හා පරලොව දියුණුව සඳහා උපදෙස් සපයමින් රචිත මෙම ග්‍රන්ථයේ කතුවරයාද බුදුගුණාලංකාරය රචිත වීදාගම මෛත්‍රීය මාහිමිපාණන් ය.

පින් නොකරන දූ දනන් බස්           නාදා
තුන්දොස් මල දුරුකර සිත             පාදා
පන්සිල් නිති අටසිල් රැක              පෝදා
ඉන් මොක් පුර පැමිණෙව් නොව බාදා

 ජන ජීවිතය බණ දහමට, ගුණ දහමට යොමු කිරීමේ අටියෙන් ලෝවැඩ සඟරාව සම්පාදනය කර ඇත. ලෝවැඩ සඟරාවට පාදක වී ඇත්තේ ‘’සද්ධම්මෝපායනය’’ නම් පාලි ග්‍රන්ථයයි. මෙකී පද්‍ය හා ගද්‍ය ග්‍රන්ථ සියල්ල සියුම්ව විශ්ලේෂණය කර බලන විට පසක් වන්නේ, සැදැහැවත් බෞද්ධ ජනයා සදහම් යාත්‍රාවේ රැගෙන යන අතරතුරම ඔවුන්ගේ ජීවන අත්දැකීම් පුළුල් කිරීමට නිර්මාණකරුවන් අපමණ වෙහෙසක් දරා ඇති බවකි.

ගාල්ල, උඩුගම දකුණේ
පී.එල්. ජානක විශ්වජිත්

උපුටා ගැනීම

Budusarana – 2011/06/30/

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=10859

Why is it so difficult to recollect our previous lives

Your-Past-Lives-Step-2This Q&A is part of a presentation held in 1997 at the Buddhist Missionary Society, KL.

This short clip places attempts to recall one’s past life into perspective. Humourous take is given by Ven. Dr. H. Gunaratana with a short interlude by Ven. Dr. K. Sri Dhammananda.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=11347

ධර්මපාල චාරිකා රථය හෙවත් සෝබන මාලිගාව

Sobana_Maligawa_n‘පුළුල් නළල් තලය පසු කොට පීරා හළ කළු වන් කෙටි කෙස් කළබ විසුරුවා තම තියුණු පැහැදිලි නෙත් සඟළ සභාව කෙරෙහි රඳවමින් පිළිරැවු දුන් තම වදන් පෙළ අනුව සිය දිගු දුඹුරුවන් ඇඟිලි ලෙළවමින් ඔහු ධර්ම ප‍්‍රචාරකයකුගේ ඒකාන්ත ප‍්‍රතිමුර්තියක් පළ කළා මතු නොවේ. සමස්ත ශිෂ්ට ලෝකයේහි ආසියාවේ ආලෝකය පතුරුවා හැරීමෙහි හා සකල බුද්ධ ශ‍්‍රාවකයන් සුස්ථිත කරනු ද සඳහා අරඹන ලද ව්‍යපාරයක නායකත්වයෙහි මෙබදු පුද්ගලයකු සිටිනු දකින්නට ලැබීම රොමෝද්ගමනය ඇතිකරවන්නක් ද විය.’’ ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී 1893 වසරේ පැවැති ලෝක ආගම් සමුළුව අමතා ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් කළ විශිෂ්ට දේශනය සෙන්ට් ලූවි ඔබ්සර්වර් පුවත් පත වාර්තා කළ අයුරුයි ඒ.අනගාරික ධර්මපාලතුමා කළ සේවයන් අතර අපේ රට අවුරුදු 300 ට වැඩි කාලයක් මුළුල්ලේ විදේශිකයන්ගේ බලපෑමට යටත්ව තිබූ අවධියේ අකී‍්‍රයව තිබූ ලක්දිව බුදු සමය හා සිංහල සංස්කෘතිය පණ ගැන්වීම ප‍්‍රධාන වෙයි.එතුමන්ගේ ඒ උදාර අරමුණ ලක්දිව පුරා ව්‍යප්ත කරලීමේ මහගු කාර්යයට අමිල වස්තුවක් වූයේ සෝබන මාලිගාවයි. මෙම මහගු ජාතික වස්තුව බණ්ඩාරගම වීදියගොඩ ඞී.ඩබ්.හපුආරච්චි මහතා සන්තකයේ තිබෙන බව දැනගත් මහා බෝධි සංගමයේ උප සභාපති අග‍්‍රශ‍්‍රාවක මහා විහාරාධිපති හා ජපානයේ ප‍්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමි සහ එහි විධායක සභික මදුරාසි මහා බෝධි මධ්‍යස්ථානයේ විහාරාධිපති සහ නුගේගොඩ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමි එම රථය ලබාගත්හ.පසුව ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජනරාල් නීල් ඩයස් මහතාගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත‍්‍රික ඉන්ජිනේරු බලකායේ ලූතිනන් කර්නල් තිස්ස ජයසූරිය මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් එදා තිබූ ආකාරයන්ම ප‍්‍රතිසංස්කරනය කරනු ලැබ මරදාන මාලිගාකන්ද මහා බෝධි සංගම් මූලස්ථානයහි මහජන ප‍්‍රදර්ශනය සඳහා තැන්පතව තිබේ.

නිෂ්පාදිත රට – ඇමරිකාව
නිෂ්පාදිත ආයතනය – ජනරල් මෝටර් කම්පැණි
වාහන වර්ගය – ජී එම්
සීමොඩලය – ටී 20
ලියාපදිංචි අංකය – ජී-406
චැසි අංකය – 7439 සී
බර – 6600 එල් බී එස්
චැසි අංකය – 7439 සී
දිග – අඩි 19 අගල් 6
පළල – අඩි 6
උපරිම ධාවන වේගය – පැයට සැතපුම් 35

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=11412

What Buddhists Believe – Ven K Sri Dhammananda Thero

maxresdefaultBUDDHISM is one of the oldest religions still being practiced in the world today. While the names of many other religions which existed in India have been forgotten, the teachings of the Buddha, (better known as the Dharma) are still relevant to the needs of today’s society.

This is because the Buddha always considered Himself as a human religious teacher whose message was meant to promote freedom, happiness and wellbeing of others.

The Buddha’s primary concern was to help His followers to live a normal life without going to the extremes of either selfdenial or totally surrendering to sensual desires.

[pdf]http://www.dhammikaweb.com/pdfs/whatbelieve_VenK_Dhammananda_Thero.pdf[/pdf]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=11398

Why is Buddhism known as the Middle Path

This Q&A is part of a presentation held in 1997 at the Buddhist Missionary Society, KL.

This clip attempts to put light the topic on “Why is Buddhism known as the Middle Path” with answers provided by Ven. K Wimalajothi.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=11342

Sawatthidanan, Anguttara Nikaya, Duka Nipatha

Peshalaසාවත්ථිනිදානං, අංගුත්තර නිකාය(01), දුක නිපාතො 

අංගුත්තරනිකාය(1) පිටු අංක 134 සිට 137 දක්වා

යම් සමයෙක් හි පවිටු භික්ෂුහූ බලවත් වෙත් ද, එසමයෙහි පේශල භික්ෂුහූ දුර්වල වෙත්. මේ කරුණ බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නො සුව පිණිස, බොහෝ දෙනාට අනත්ත පිණිස දෙව්මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස වේ.

මහනෙණි, මම ගිහියාගේ වේව යි පැවිද්දාගේ වේව යි දෙදෙනාගේ වරදවා පිළිපැදුම  වර්ණනා නො කරමි. වරදවා පිළිපැදුම් හේතුයෙන් විදර්ශනා සහිත මාර්ගය පුරන්නට නො හැකි වෙයි.

මහණෙනි, යම් මහණ කෙනෙක් වරදවා ගන්නා ලද පදප්‍රතිරූපක වූ සූත්‍රාන්ත පෙළ පිළිබහන්නාහු ද, මහණෙනි ඒ මහණහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නො සුව පිණිස, බොහෝ දෙනාට අනත්ත පිණිස දෙව්මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස ද පිළිපන්නාහු ය. මහණෙනි ඒ භික්ෂූහු බොහෝ අකුසල් ද රැස් කෙරෙත්. ඔහු ම මේ සස්න ද අතුරුදන් කෙරෙත්.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Sawathinidanan_DukkaNipatha_AnguttaraNikaya1_pdf171_Page134_to_137.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=11370

Buddhist Doctrines Contribution To The Welfare of Humanity

This Q&A is part of a presentation held in 1997 at the Buddhist Missionary Society, KL.

Although Buddhism is the religion of nearly one fifth of the world’s population, there are many misunderstandings about its Doctrine and Practice. The most Venerable Dr. K. Sri Dhammananda Nayaka Maha Thera together with Ven. Dr, H. Gunaratana, Ven. K. Wimalajothi and Ven. Wimala answered various questions put to them by a panel of well-known Buddhist leaders.

[flv]http://assets4.dhammikaweb.com/uploads/2011/09/Buddhist-doctrines-contribution-to-the-welfare-of-humanity.flv[/flv]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=11332

A Five Minute Introduction

• Was the Buddha a God?

He was not, nor did he claim to be. He was a man who taught a path to enlightenment from his own experience.

• Do Buddhists Worship Idols?

Buddhists sometimes pay respect to images of the Buddha, not in worship, nor to ask for favours. A statue of the Buddha with hands rested gently in its lap and a compassionate smile reminds us to strive to develop peace and love within ourselves. Bowing to the statue is an expression of gratitude for the teaching.

• Why are so Many Buddhist Countries Poor?

One of the Buddhist teachings is that wealth does not guarantee happiness and also wealth is impermanent. The people of every country suffer whether rich or poor, but those who understand Buddhist teachings can find true happiness.

• Are There Different Types of Buddhism?

There are many different types of Buddhism, because the emphasis changes from country to country due to customs and culture. What does not vary is the essence of the teaching — the Dhamma or truth.

• Are Other Religions Wrong?

Buddhism is also a belief system which is tolerant of all other beliefs or religions. Buddhism agrees with the moral teachings of other religions but Buddhism goes further by providing a long term purpose within our existence, through wisdom and true understanding. Real Buddhism is very tolerant and not concerned with labels like ‘Christian’, ‘Moslem’, ‘Hindu’ or ‘Buddhist’; that is why there have never been any wars fought in the name of Buddhism. That is why Buddhists do not preach and try to convert, only explain if an explanation is sought.

• Is Buddhism Scientific?

Science is knowledge which can be made into a system, which depends upon seeing and testing facts and stating general natural laws. The core of Buddhism fit into this definition, because the Four Noble truths (see below) can be tested and proven by anyone in fact the Buddha himself asked his followers to test the teaching rather than accept his word as true. Buddhism depends more on understanding than faith.

• What did the Buddha Teach?

The Buddha taught many things, but the basic concepts in Buddhism can be summed up by the Four Noble Truths and the Noble Eightfold Path.

• What is the First Noble Truth?

The first truth is that life is suffering i.e., life includes pain, getting old, disease, and ultimately death. We also endure psychological suffering like loneliness frustration, fear, embarrassment, disappointment and anger. This is an irrefutable fact that cannot be denied. It is realistic rather than pessimistic because pessimism is expecting things to be bad. lnstead, Buddhism explains how suffering can be avoided and how we can be truly happy.

• What is the Second Noble Truth?

The second truth is that suffering is caused by craving and aversion. We will suffer if we expect other people to conform to our expectation, if we want others to like us, if we do not get something we want,etc. In other words, getting what you want does not guarantee happiness. Rather than constantly struggling to get what you want, try to modify your wanting. Wanting deprives us of contentment and happiness. A lifetime of wanting and craving and especially the craving to continue to exist, creates a powerful energy which causes the individual to be born. So craving leads to physical suffering because it causes us to be reborn.

• What is the Third Noble Truth?

The third truth is that suffering can be overcome and happiness can be attained; that true happiness and contentment are possible. lf we give up useless craving and learn to live each day at a time (not dwelling in the past or the imagined future) then we can become happy and free. We then have more time and energy to help others. This is Nirvana.

• What is the Fourth Noble Truth?

The fourth truth is that the Noble 8-fold Path is the path which leads to the end of suffering.

• What is the Noble 8-Fold Path?

In summary, the Noble 8-fold Path is being moral (through what we say, do and our livelihood), focussing the mind on being fully aware of our thoughts and actions, and developing wisdom by understanding the Four Noble Truths and by developing compassion for others.

• What are the 5 Precepts?

The moral code within Buddhism is the precepts, of which the main five are: not to take the life of anything living, not to take anything not freely given, to abstain from sexual misconduct and sensual overindulgence, to refrain from untrue speech, and to avoid intoxication, that is, losing mindfulness.

• What is Karma?

Karma is the law that every cause has an effect, i.e., our actions have results. This simple law explains a number of things: inequality in the world, why some are born handicapped and some gifted, why some live only a short life. Karma underlines the importance of all individuals being responsible for their past and present actions. How can we test the karmic effect of our actions? The answer is summed up by looking at (1) the intention behind the action, (2) effects of the action on oneself, and (3) the effects on others.

• What is Wisdom?

Buddhism teaches that wisdom should be developed with compassion. At one extreme, you could be a goodhearted fool and at the other extreme, you could attain knowledge without any emotion. Buddhism uses the middle path to develop both. The highest wisdom is seeing that in reality, all phenomena are incomplete, impermanent and do no constitute a fixed entity. True wisdom is not simply believing what we are told but instead experiencing and understanding truth and reality. Wisdom requires an open, objective, unbigoted mind. The Buddhist path requires courage, patience, flexibility and intelligence.

• What is Compassion?

Compassion includes qualities of sharing, readiness to give comfort, sympathy, concern, caring. In Buddhism, we can really understand others, when we can really understand ourselves, through wisdom.

• How do I Become a Buddhist?

Buddhist teachings can be understood and tested by anyone. Buddhism teaches that the solutions to our problems are within ourselves not outside. The Buddha asked all his followers not to take his word as true, but rather to test the teachings for themselves. ln this way, each person decides for themselves and takes responsibility for their own actions and understanding. This makes Buddhism less of a fixed package of beliefs which is to be accepted in its entirety, and more of a teaching which each person learns and uses in their own way.

Prepared by Brian White 1993, with thanks to Ven S. Dhammika.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=11316

Pancha Seela Prathipadawa – Ven Diyatalave Piyadassi Thero

පංචශීල ප්‍රතිපදාව   

පූජ්‍ය දියතලාවේ පියදස්සී හිමි

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලොව පහල වී ඒ සුන්දර වූ නිවන් මග දේශනා කරනවා. ප්‍රඥානාව තිබෙන අය මේ දහම් මග අනුගමනය කොට මේ සසර දුකෙන් එතර විය. මේ ලෝකේ කොතරම් මනුෂ්‍යයෝ සිටියත් ඉතාමත් අල්ප ප්‍රමාණයයි නිවන් දකින්නේ.

අද අපේ ධර්ම දේශනය සදහා තෝරාගත් මාතෘකා ධර්මය පංචශීල ප්‍රතිපදාවයි. මේ පංච දුෂ්චරිතයේ යෙදෙන කොට මොකද වෙන්නේ? පංසිල් රකින කොට මොකද වෙන්නේ කියන එක අප ගැඹුරින් විග්‍රහ කර දෙනවා.    

[flv]http://assets4.dhammikaweb.com/uploads/2011/09/Life-in-a-Buddhist-Perspective-Ven-Diyathalave-Piyadassi-T.flv[/flv]

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=10996

Uthum Wu Sothapatthi Palaya – Ven Nawala Dhammananda Thero

උතුම් වූ සෝතාපත්ති ඵලය

නාවල ධම්මානන්ද හිමි

මේ පෘතුවියටම අධිපතිකම් කිරීමට වඩා ස්වර්ගගාමී වී සම්පත් ආදිය ලැබීමටත් වඩා මේ ලෝක ධාතුවටම අධිපතිකම් කරමින් සක්විති රජ වීමටත් වඩා සෝතාපත්ති ඵලයට පත් වීම උතුම් ය. ශ්‍රේෂ්ඨ ය. 

[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/09/Uthum_Sothapatthi_palaya_Nawala_Dhammananda_Himi.mp3[/mp3]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=4388