Dhamma Sakachchawa – Ven Na Uyane Ariyadhamma Thero

ධර්ම සාඛච්චාව – පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි
 

කේසා කියනවිට කේසා.. ලෝමා ..නකා.. කියා මාරු නො කර, එකක් ගෙන එවිට එය තුල සිත අරමුණු වෙනවා. පහ මුල සිට අගටත් අග සිටත් මුලටත් වැඩීම සිදු  කරන්නේ     ඒ පහ  තුලින් එකක් වැඩීම වෙන් කර ගන්නයි.  ඉන්පසු එය ඇසට පෙනෙන සේ වැටහීමෙන් පසුයි පටිකූලයට හරවන්නේ, මෙහිදී වර්ණය සිහියට ගෙන..ගන්ධය…..

දානය සහ දක්ෂිනාව අතර වෙනස ගැන පැහැදිලි කිරීමක් , මරණාසන්න චිත්තය ගැන කෙටි විග්‍රයක් ද මෙම ධර්ම සාඛච්චාව තුලින් ලබා ගත හැකිය.

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=13012

Sattha Suriyuggamana Sutraya – Anguttara Nikaya, Satthakanipàtapali, Mahavaggo

The_Changing_Sunසත්තසූරියුග්ගමන සූත්‍රය  – අංගුත්තර නිකාය-4, සත්‌තකනිපාතපාළි,  මහාවග්‌ගො ( පිටු අංක 426 සිට 435)

මෙම සූත්‍ර දේශනාවෙන් මේ කල්ප විනාශය සිදුවන්නා ආකාරය අප ලොව්තුරා බුදුරජානණ් වහන්සේ විසින් පෙන්වා වඳාළ සේක.

‘අනිච්‌චා , භික්‌ඛවෙ, සඞ්‌ඛාරා; අධුවා, භික්‌ඛවෙ, සඞ්‌ඛාරා; අනස්‌සාසිකා, භික්‌ඛවෙ, සඞ්‌ඛාරා. යාවඤ්‌චිදං, භික්‌ඛවෙ, අලමෙව සබ්‌බසඞ්‌ඛාරෙසු නිබ්‌බින්‌දිතුං අලං විරජ්‌ජිතුං අලං විමුච්‌චිතුං.

මහණෙනි! සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි සංස්කාරයෝ අධ්‍රවයහ(අස්ථීරය ) මහණෙනි සංස්කාරයෝ අනාශවාසිකයහ………මහණෙනි! යම් හෙයකින් දිගුකල් ඇවෑමෙන් කිසියම් කලෙක දෙවන සූර්යෙක් පාළ වන්නේ ය. මහණෙනි දෙවන හිරුගේ පාළ වීමෙන් යම් ඒ කුඩා නදීහු ද කුඩා දියවිල්හූ ද වෙත් නම්, උහු වියැලෙත්, වෙසෙසින් වියැලෙත්, නො වැඩෙත්. 

බුදුරජාණන් වහන්සේ මේ අයුරින් සූර්යන් සත(07) පහල වන ආකාරය සහ අවසානයට පාළ වන සත්වැනි සූර්යාත් සමග වන විනාශය මෙසේ වඳාළ සේක. ” මහණෙනි, සත්වන සූර්යෙක් පාළ වේ නම්, එබදු සමයෙක් ඇත. මහණෙනි සත්වන හිරුගේ පාළ වීමෙන් මේ මහපොළොව ද සුනෙරපවුර ද ගිනිගෙණ ඇවිලෙයි, දිලිහෙයි, එක ම ගිනිදැල් වෙයි. මහණෙනි, සුනෙරපවුරදත් දැවෙත් දැවෙත් ම වාතයෙන් ක්ෂිප්ත වූ ගිනිහු බඹලෝ හිමි කොට යෙති. මහණෙනි, ඇවිලගත් දැවෙන වැනැසෙන මහගිනිකදින් මැඩුනු සිනෙරුපර්වතරජායාගේ සියක්යොදුන් උසැති කූටයෝ ද බිද වැටෙත්. දෙසියක්යොදුන් උසැති කූටයෝ ද බිද වැටෙත්. තුන්සියක්යොදුන් උසැති කූටයෝ ද බිද වැටෙත්. හාරසියක්යොදුන් උසැති කුළුහු ද බිද වැටෙත්. පන්සියක්යොදුන් උසැති කුළුහු ද බිද වැටෙත්……

මහණෙනි, ඇවිලගත්, දැවෙන මේ මහපොළොවෙහි ද සිනෙරුපර්වතරජායාගේ ද හළු හා දැලි නො පැණේම ය.

මහණෙනි! සංස්කාරයෝ මෙසේ අනිත්‍යයහ. මහණෙනි! සංස්කාරයෝ මෙසේ අස්ථීරයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනාශවාසිකයහ. මහණෙනි, සර්වසංස්කාරයන්හි විරාගයට නිසි මැ යි මිදෙන්නට නිසි මැ යි……

සත්තසූරියුග්ගමන සූත්‍රය  – අංගුත්තර නිකාය-4, සත්‌තකනිපාතපාළි,  මහාවග්‌ගො ( පිටු අංක 426 සිට 435)

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=12903

The Abhidhamma in Practice – N.K.G. Mendis

The Abhidhamma forms the third part of the Pali Canon, the Tipi.taka. The other two parts are the Vinaya Pi.taka, the code of discipline for monks and nuns, and the Sutta Pi.taka, which contains the Buddha’s discourses. The word “Abhidhamma” means the higher teaching because it treats subjects exclusively in an ultimate sense (paramatthasacca), differing from the Sutta Pi.taka where there is often the use of expressions valid only from the standpoint of conventional truth (vohaarasacca). In the Abhidhamma the philosophical standpoint of the Buddha is given in a pure form without admixture of personalities, anecdotes, or discussions. It deals with realities in detail and consists of numerous classifications. These may at first discourage the prospective student. However, if one perseveres one will be able to derive much benefit in life-situations from the practical application of the knowledge gained through study of the Abhidhamma.

[pdf]http://www.dhammikaweb.com/pdfs/The_Abhidhamma_in_Practice_Mendis.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=12952

වාරියපොළ ශ්‍රී සුමංගල නා හිමි.

1815 පෙබරවාරි මස 18 වනදා ඉංගී‍්‍රසි හේවායන් විසින් සිංහලයේ අවසාන රජතුමන් වූ ශ්‍රී වික්‍රම රාජසිංහයන් ජීවග්‍රහයෙන් අල්ලා ගන්නා ලදී. ඒ සමඟම අපේ රටට උදාවූයේ තීරණාත්මක වූ ද සංවේගදායක වූ ද කාලවකවානුවකි. සිංහල බෞද්ධ බලයත් බෞද්ධ උරුමයත් අපේ නිවහල් ජාතියත් මේ සමඟම අන්ත පරිහානියකට ඇද වැටුණි. චිරාත් කාලයක් පුරා අපට අයත්ව තිබුණු රජ තනතුර ද අහිමිවිණි. බටහිර මුග්ධ පාලනයකට අපි නතු වූයෙමු.

1815 මාර්තු 02 වන දින මහනුවර දී රට භාර ගැනීමේ උඩරට ගිවිසුම අත්සන් කරන බවට ප්‍රකාශ කෙරිණි. කපුවත්තේ, මිල්ලව, මොල්ලිගොඩ, කැප්පෙටිපොළ නිලමේවරු සිංහල පක්‍ෂය වෙනුවෙන් පෙරමුණ ගෙන සිටියහ. ඒ පසුබිමෙහි යෝධ සෙවණැල්ලක් මෙන් වැජඹුණේ වාරියපොළ ශ්‍රී සුමංගල හිමිපාණන්ය.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමන්ගේ සුවිශේෂ ගෞරවාදරයට පාත්‍රව සිටි වාරියපොළ සුමංගල හිමිපාණෝ එවකට සුදුහුම්පොළ විහාරාධිපති ධූරය හෙබවූහ. ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී දන්ත ධාතුන් වහන්ස්ගේ භාරකාරත්වය ද සුමංගල හිමිපාණන්ට පැවරී තිබුණි.

පෙබරවාරි 28 වනදා ඉහත සඳහන් කළ රදල නිලමේවරු මාර්තු 02 වනදා අත්සන් කිරීමට නියමිත ද්‍රෝහී ගිවිසුම ගැන සුමංගල මාහිමිපාණන් සමඟ කතිකාවතක යෙදෙන්නට තීරණය කර හිමිපාණන් හමුවී වැඳ පුදා අවසර ගත්හ.

සුමංගල හිමිපාණන්ගේ අභීත අදීන තියුණු ගැඹුරු කට හඬ අවදි කෙරිණි. නිලමේවරු එකත්පස්ව සිටිති.

“දැන් මේ තිරණාත්මක අවස්ථාවේදී අප විසින් අපේ සිරිත් විරිත් ආගම ජාතිය ආරක්‍ෂා වන අන්දමින් අත්සන් සහිත ලිඛිත පොරොන්දුවක් ඉංගී‍්‍රසියෙන් ලබා ගත යුතුයි. එබඳු පොරොන්දුවකට අත්සන් කරන තෙක් ඉංගී‍්‍රසි කොඩිය ඔසවන්නට කෙසේවත් ඉඩ දිය යුතු නොවේ.”

අභීත කේශර සිංහරාජයෙකු සේ සිය දැඩි ස්ථාවර පළ කළ සුමංගල හිමිපාණෝ සිංහල රාජ්‍යයේ අවසාන ලිපිය සකස් කරන්නට සූදානම් වූහ. දේශනුරාගයෙන් ජාත්‍යාලයෙන් ඔද වැඩුණු සුමංගල හිමිපාණෝ අපට අපේ ජාතියට ආගමට දේශයට ස්වාධීනත්වයට වාසිවන ආකාරයේ වගන්ති කීපයකින් යුක්තව අදාළ කෙටුම්පත සකස් කළහ.

මාර්තු 02 වන දිනය වූ ඒ විශේෂිත දිනයෙහි සැඳෑ සමයේ සිදුවන්නට හා තීරණාත්මක ගිවිසුම ගැන දැඩි කණස්සල්ලෙන් යුතුව සුමංගල හිමිපාණෝ ශ්‍රී දළදා මාළිගාවෙහි වැඩ සිටියහ.

කල්තබා ඇතිකර ගත් නියමයන්ට අනුව ජෝන් ඩොයිලි විසින් සිංහල ඉංගී‍්‍රසි කොඩි ඔසවනු ලැබීමට සූදානම් වන ලෙස මහනුවර මඟුල් මඩුව ඉදිරිපස පෙළ සැදී සිටි සිංහල ඉංගී‍්‍රසි සෙන්පති දෙපලට නියම කරන ලදී. අනෙක් පසක සිංහල, ඉංගී‍්‍රසි සෙනවියෝ පෙළ ගැසී සිටියහ. තවත් සුළු මොහොතින් තමන්ගේ කතිර කොඩිය අහස් තලයෙහි ලෙළ දෙන වග දැන දැනත් බල කාමයෙන් නිල කාමයෙන් වියරු වැටුණු ඉංගී‍්‍රසි සෙන්පතියා කතිර කොඩිය අහසට නංවාලීය.

ආත්ම විශ්වාසයෙන් ආත්මාභිමානයෙන් , ජාත්‍යානුරාගයෙන් තෙදවත් වූ වාරියපොළ හිමිපාණෝ අභීත කේසර සිංහ රාජයෙකු සේ ඉංගී‍්‍රසි සෙන්පති ඉදිරිට පැමිණියහ.

“තොපට තොපගේ කොඩිය දැන්ම මෙහි ඔසවන්නට ඉඩක් නැහැ. තොපට මේ නියමය කළේ කවරෙක්” දැයි දැඩි ස්වරයෙන් ප්‍රශ්න කළහ. ඒ සමඟම ක්‍ෂණයකින් ම කතිර කොඩිය පහතට ඇද බිම දමා පයින් පෑගූහ.

ගිවිසුම අත්පත් කිරීමට තවත් කල්වේලා තිබෙන බව ප්‍රකාශ කර සිංහල කොඩිය අහසට නංවාලූහ. මෙම වීර වික්‍රමාන්විත ක්‍රියාවෙන් කෝපයට පත් ඉංගී‍්‍රසි සෙනෙවියකු කඩුව කොපුවෙන් ඉවතට ගෙන වාරියපොළ හිමිපාණන් වෙත හෙළන්නට සූදානම් වෙත්ම ජෝන් ඩොයිලි ඉදිරියට පැන කඩු පහර වැළැක්විය. ඒ පමණක් නොව කතිර කොඩිය සම්මතයට එරෙහිව එසෙවීම පිළිබඳව අපේ ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයාගෙන් සමාව අයැද සිටියේය. වැඩි කලක් ගතවන්නට මත්තෙන් ඌව වෙල්ලස්සේ වීර කැප්පෙටිපොළ වීරයන්ගේ ප්‍රධානත්වයෙන් සිංහලයේ ජන අරගලයට ඇරැඹිණි. ඒ සමඟම වාරියපොළ නාහිමියෝ සිංහල රජ පදවිය පිළිබඳ පරම සංකේතය වූ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ දළදා මාලිගයෙන් පිටමං කළහ. 1818 අරගල සමයෙහි වීරකැප්පෙටිපොළ වෙතට දළදා වහන්සේ භාරවූයේත් වාරියපොළ හිමිපාණන්ගේ මෙහෙයවීමෙනි. සිංහලේ රජ කිරුළ සිංහල බෞද්ධයෙකුට උරුම කරදී අතීත උරුමයන් යළිත් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම අප නාහිමිපාණන්ගේ උතුම් අභිලාෂය විය.

එහෙත් ජාතියේ අවාසනාවට සිදුවූයේ අනපේක්‍ෂිත ක්‍රියාවකි.

1818 නොවැම්බර් 01 වනදා සවස් කාලයෙහි බ්‍රිතාන්‍ය රජයේ 73 වන රෙජිමේන්තුවේ එකසයින් සුට්බේරේඩ් විසින් මාතලේ කයිකාවල මුරපොළේදී දන්ත ධාතුන් වහනසේ සමඟ වාරියපොළ සුමංගලහිමියන් අත්අඩංගුවට ගැනිණි. වාරියපොළ හිමියන්ගේ හිස ගෙනවුත් දුන් අයකුට ත්‍යාග 1000 ක් ප්‍රදානය කරන බවට ඉංගී‍්‍රසි ආණ්ඩුව, අණ බෙර මගින් ප්‍රචාරය කර තිබූ බවද අමතක කළ යුතු නොවේ. දළදා වහන්සේට හෝ තමන් වහන්සේට කිසිදු කරදරයක් නොකරන බවට ඉංගී‍්‍රසි හේවායන් පොරොන්දු කර ගැනීමෙන් පසු දළදා වහන්සේ ඉංගී‍්‍රසින් වෙත භාර දුන්හ.

“දළදා මාලිගාවෙන් දන්ත ධාතුන් වහන්සේ පිටකරනවාත් සමඟම සුමංගල හිමියෝද පිටත්වූහ. “නයිගිල්ල ‘ කරඬුව නොහොත් හේමමාලාවන් විසින් දළදා වහන්සේ තැන්පත් කර ගෙන පැමිණි කුඩා කරඬුවෙහි දළදා වහන්සේ තබා ස්වකීය සිවුරේ කුඩා උරයක් භදා එම උරයෙහි සඟවා ගත්හ. දඹුල්ලේ මහා විහාරයට ආසන්නව දඹුලු කැලයේ වාරියපොළ හිමියෝ සැඟවුණහ. දඹුලු කැලයෙහි සැරිසරමින් විසුවා පමණක් නොව දළදා වහන්සේට ඇති බලවත් ගෞරවය නිසා දළදා වහනසේ වැඩ සිටි සිවුරු ගැබ පිහිටි වම් උරය මත බෙල්ල ඇල නොකොට දකුණටම හරවා ගෙන කල් ගත කළහ. ශරීර ස්වභාවය වෙනස් විය.

(වාරියපොළ මාහිමි – තුඹුල්ලේ සීලක්ඛන්ධ පි 95 – 97)

ශ්‍රී දළදා වහන්සේ සඟවා ගෙන සිටීම රාජද්‍රෝහී ක්‍රියාවක් ලෙස සැලකූ ඉංගී‍්‍රසි ආණ්ඩුව එහිමිපාණන් යුද්ධාධිකරණය ඉදිරියට පමුණුවන ලදී. සොරකමත් කිරීමේ චෝදනාව මත යාපනයේ සිර කඳවුරෙහි වධ බන්ධනයට ලක් කරන ලදී. ඒ හිමිපාණෝ සිර කඳවුරෙන් නිදහස ලබන ලද්දේ 1821 අපේ‍්‍රල් මස 13 වන දිනදීය.

වාරියපොළ සුමංගල හිමිපාණන්ගේ වීර ක්‍රියාවන් ගැන අධිනීතිඥ වෝල්ටර් විමලචන්ද්‍ර මහතා ළඟ සුරක්‍ෂිතව තිබුණු පුස්කොළ පොත්වල සඳහන් වේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේව මැදි හත්පත්තුවේ දෙව මැදි කෝරළේ වාරියපොළ නම් ඓතිහාසික භූමිය සුමංගල හිමිපාණන්ගේ ජන්ම භූමියයි. හේරත් මුදියන්සේලාගේ බමුණාකොටුවේ රාළ පියාණන් වේ. කොටුවේ රාළගේ පුත් කිරිහාමි නම් කුල කුමරු අස්ගිරි මහා විහාරයේ ඉඳවලුගොඩ ධම්මපාල මහානායක ස්වාමින්ද්‍රයන් වෙතින් පැවිදි බිමට පත් විය. අස්ගිරි මහා විහාරයේ මහානායක ධම්මපාල නායක හිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් උපසම්පදාව ලැබූහ.

අනුශාසක ධූරයෙන් පිදුම්ලත් සුමංගල හිමිපාණෝ සුදුහුම්පොළ රාජ මහාවිහාරයෙහි විහාරාධිපති ධූරය හෙබවූහ. වාරියපොළ ශෛලතලාරාම රාජ මහා විහාරස්ථානයෙහි භාරකාරත්වය දැරූහ. ඒ ශ්‍රී නාමය අනුස්මරණය කිරීම සඳහා වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන එම විහාරස්ථානයෙහි ස්ථාපිත කර ඇත.වාරියපොළ භික්‍ෂු පරම්පරාවට විහාරස්ථාන රාශියක් අයත් වේ.

අපේ දේශයේ ජාතියේ හා බෞද්ධ ආගමේ අනාගත චිරස්ථිතිය උදෙසා දේශපේ‍්‍රමයෙන් ජාතිවාත්සල්‍යයෙන් ආත්ම පරිත්‍යාගයෙන් අමිල මෙහෙවරක් ඉටුකළ වීරෝදාර ජාතික නායකත්වයක් ගොඩ නැගු වාරියපොළ ශ්‍රී සුමංගල නාහිමිපාණෝ 1831 පෙබරවාරි මස 05 දින අමරණීය නාමයක් ජාතියට ඉතිරිකර අපවත් වී වදාළහ. බන්ධුල ආර්. ගුලවත්ත

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=12250

Chachakka Sutta: The Six Sextets, Majjhima Nikaya – Ven Doloswala Udithadeera Thero

mind_bodyඡඡක්‌ක සූත්‍රය මජ්ජිම නිකාය-3, උපරිපණ්‌ණාසපාළි, 5.සළායතනවග්‌ගො (පිටු  අංක  582 සිට 592)

පූජ්‍ය දොලොස්වල උදිතධීර හිමි

ඡඡක්‌ක සූත්‍රය මජ්ජිම නිකාය මෙම සූත්‍ර දේශනාවේ ආශ්චර්යමත් සිදුවීම මෙම ලංකාදීපයේ දී සිදු වීය. එම නිසා අට්ඨ කථාව ට අනුරධපුර මහා භික්ෂූන් වහන්සේලා මේ ආශ්චර්යමත් සිදුවීම ඇතුලත් කර තිබුනා. එය නම් නමින් මලියදේව නම් තෙරුන් වහන්සේ කෙනෙක් පහල වීමෙන් සහ උන්වහන්සේ අනුරාධපුර වැඩම කර මහල් නමයකින් සමන්විත වූ ලෝවාමහාපායේ පහත මාලයේ දී මෙම ඡඡක්‌ක සූත්‍ර දේශානාව වඳාළන ලදුව 60 නමක් මෙම දේශනයෙන් රහත් භාවයට පත් වූ අතර      එහිදීම තවත් වතාවක් මෙම දේශනය වඳාළ පසු  තවත් 60 නමක් රහත් වීය. ඉන් පසු මිස්සක පව්වට වැඩිය මලියදේව මහරහතන් වහන්සේගේ මෙම සූත්‍රය දේශනයට සවන් දීමෙන් එහිදී ද, තවත් 60 නමක් රහත් විය. තවත් ස්ථාන කීපයකම උන්වහන්සේ මෙම දේශනාවම වඳාළා ඒ හැම අවස්ථාවක දී ම, 60 නම බැගින් රහත් භාවයට පත්විනී.   

සාසන ඉතිහාසය ගැන නො දන්න කම නිසා අනුරාධපුර වන්දනාවේ යනවිට වට්ටාරම ට එකතු කර ගෙන යන දහම් පාසැල් ළමයිනට කියා දෙනවා ” මේ තමයි මලියදේව මහරහතන් වහන්සේ සැතපුනු ඇඳ“මේ තමයි ලංකාවේ අන්තිම මහරහතන් වහන්සේ වැඩ සිටි තැන”, “අද කාලයේ රහතන් වහන්සේලා නැහැ පුතේ” කියා ළමයිගේ පුංචි ඔලු වලට දානවා මේවැනි මිත්‍යාදෘෂ්ටියක් පුංචි කාලයේ ම. බලන්න මලියදේව මහරහතන් වහන්සේ 60 තැනක දී මෙම ඡඡක්‌ක සූත්‍රය දේශනා කරන ලදුව 3600ක් රහතන් වහන්සේලා බිහි වෙනවා. උන්වහ්නසේලා ඊට කලින් පිරිණිවන් පෑව ද? අප කියමු පිරිණිවන් පෑවාම කියා. ඒත් මේ අට්ඨ කථාවේ තිබෙනවා පසු කාලයක චූලනාග කියා රහතන් වහන්සේ කෙනෙක්………..

මේ බහුතරයක් බෞද්ධයන් මලියදේව මහරහතන් වහන්සේ අවසාන රහතන් වහන්සේ ලෙසට හදුන්වන්නේ,   මලියදේව මහරහතන් වහන්සේ පිරිණිවන් පාන අවස්ථාවේ සිදු කළ උදාන වාක්‍ය වැරදි කොනෙන් අල්ලා ගැනීම නිසා ය. අසන්න මේ දේශනාව අවබෝධයෙන්. සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !

 

සූත්‍රය පාළියෙන් කියවීමට මෙම වෙබ් පිටුවේ 6 වෙනි සුත්‍රය

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=13224

Abhidharma Seminar : Ven. Bhikkhu Bodhi Speech

Ven Bhikkhu Bodhi Thero

The seven books of the Abhidhamma Pitaka, the third division of the Tipitaka, offer an extraordinarily detailed analysis of the basic natural principles that govern mental and physical processes. Whereas the Sutta and Vinaya Pitakas lay out the practical aspects of the Buddhist path to Awakening, the Abhidhamma Pitaka provides a theoretical framework to explain the causal underpinnings of that very path. In Abhidhamma philosophy the familiar psycho-physical universe (our world of “trees” and “rocks,” “I” and “you”) is distilled to its essence: an intricate web of impersonal phenomena and processes unfolding at an inconceivably rapid pace from moment to moment, according to precisely defined natural laws.

Western interpreters of Buddhism are often prone to invent their own versions of the Buddha’s teachings, which they then hail as the sole valid interpretation of the Dhamma. Without a reliable guide it is easy to get lost in the jungles of speculation and opinion,

This example shows that Ven Bhikkhu Bodhi Thero is following his Teacher’s advices with giving western Ven Monks & Western Buddhist people to understand the value of Tipitaka.

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=13196

Theruwan Sarana Yaama – Ven Gangodawila Soma Thero

somahimiතෙරුවන් සරණ යෑමපූජ්‍ය ගංගොඩවිල සෝම හිමි

තෙරුවන් සරණ යෑමයි අද ධර්ම දේශනාවෙ මාතෘකාව. මේ මාතෘකාව යොදාගන්නට හේතුව අද  අපි තෙරුවන් සරණ ගියාට බොහෝ දෙනෙක් මෙහි අර්ථය තේරුම් ගෙන නැහැ. 

බලන්න ඔය බේබදුකම නිසා කොච්චර සිංහලයන් පිරිහිලා ද කියල. අනේ මෙහෙමත් ඔළු නැති සිංහල ජාතියක්. දුරින් ම දුරු කරන්න. ඔය මත්පැන්, සිගරට්, මති කුඩු. නැත්නම් කවදාවත් සැනසිල්ලක් වෙන්නේ නැහැ ඔය ඇත්තන් ට. අම්මෙක් තාත්තෙක් කියල කියන්නේ මේ ලොකෙට දරුව බිහිකල කෙනා නොවේ. බුදුහාමුදුරුවෝම දේශනා කරනව, අම්මෙක් තාත්තෙක් වශයෙන් සැලකිලි ලබන්න ට නම් ඒ අම්මයි, තාත්තයි දෙන්නා දරුවාට දානය, ප්‍රිය වචනය, සමානාත්මතාවය, අර්ථචර්යාව යන සතර සංග්‍රහ වස්තුවෙන් සංග්‍රහ කළ යුතු ය කියල…..

අම්මලා. තාත්තලා ළමයි ට උගන්වන්නේ දරුවන් ට ආදරේ නිසා ද? නැහැ ඔය උහක ප්‍රතිපදාවක් ගෙනියන්නේ. අනිත් අයට කියන්න මගේ ළමයා “D” අටක් ගත්තා කියල…….

ඔය ඇත්තෝ පංසිල් රකින්න කිසි යකෙකුට බයවෙන්න උවමනාවක් නැහැ. පංසිල් රකිනවා කියන එකෙන් අදහස් කරන්නේ කැඩෙන්නේ නැහැ කියන එක නොවේ, කැඩෙන්නේ නැත්නම් රකින්න කියන්න දෙයක් නැහැනේ. කැඩෙනව. පංසිල් රකින්න කියන එකෙන් අදහස් වෙන්නේ, පංසිල් රකින්න උත්සාහ ගන්න. උත්සාහ අරගෙන ඉන්නකොට කැඩෙයි. කඩන්න එපා කැඩෙයි. කැඩුනොත් ආයිත් අධිෂ්ඨාන කරනව ආයි කරගෙන යනකොට ආයිත් කැඩෙයි. ඔහොම ක්‍රමක් ක්‍රමයෙන් යනකොට පුරුද්දට එනවා. පුරුද්ද කැඩුන ගමන් පුදුම ශාන්තියක් තමන් ට දැනෙන වා. එවිට ධාරන ශක්තිය වැඩෙන වා. ස්ථානෝචිත ප්‍රඥ්ඤාව වැඩෙන වා , පාඩම් මතක හිටින වා.

කළයුත්ත, නො කළ යුත්ත තීරණය කරගන්න පුළුවන්. බලන්න පාඩම් කරල ඒ පාඩම් කරන දෙයට සම්බන්ද සියල්ල ගලාගෙන එන වා. මොලේ කිලුටු කර ගන්න එපා. පංසිල් රැක ආනිසංස ලබා ගන්න.

මෙම ධර්ම දේශනාවෙන් ඔබට තෙරුවන් සරණ යෑම පිළිබදව මනා විග්‍රයක් ලබා ගත හැක.

 

.Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1068

Majjhima Nikaya – The Middle Length Discourses of the Buddha

The Majjhima Nikaya, or “Middle-length Discourses” of the Buddha, is the second of the five nikayas, or collections, in the Sutta Pitaka of the Pali Tipitaka. This nikaya consists of 152 discourses by the Buddha and his chief disciples, which together constitute a comprehensive body of teaching concerning all aspects of the Buddha Dharma. Translated by Bhikkhu Nanamoli and Bhikkhu Bodhi

Read this book online (limited preview)

.

 

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=12867

Dhamma Discussion-Ven.Na Uyane Ariyadhamma Thero

දම්සභා මණ්ඩපය

පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි

පංචශීලය සහ ආජීව අෂ්ඨමක ශීලය අතර ඇති සම්බන්දය කුමක්ද?

 ආජීව අෂ්ඨමක ශීලය, පංචශීලය ඇතුලේ ඇති බවත් මෙම ශීලයන් ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයට එකක් එකක් ගානේ සම්බන්ද වන ආකාරය විග්‍රහ කරමින් පංච ශීලය රැක්කත්, ආජීව අෂ්ඨමක ශීලය රැක්කත්  ශීලය පරිපූර්ණ වෙන අතර පැහැදිලිව සමාදන් වීමට පුළුවන් වන බැවින් ආජීව අෂ්ඨමක ශීලය සමාදන්ව රැකීම වැදගත් වෙනවා. 
 
මෙහිදී   ” සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමනී  “  සික්ඛාපදය නො කීවාට එයට ඉඩ තැබුවා නො වේ, එය තුන්වෙනි වැනි සික්ඛාපදයට ඇතුලත් වෙලා ආරක්ෂා කරනු ලැබෙනවා. ඒ නිසා අපේ බෞද්ධයෝ නිත්‍ය ශීල රකිමින් පංචශීලය රැකීම තුලින් ආජීව අෂ්ඨමක ශීලය සමාදන්ව සීලවන්ත භාවයට පැමිණෙත් වා!
 
මාංස අනුභවය නො සුදුසු ද?  මනුෂ්‍ය වයස දීර්ඝව තිබූ කාලයේ මිනිසුන් මස් මාංස අනුභවය නො කළ අතර ඒ කාලයේ මනුෂ්‍යා බොහෝම නිරෝගිව වාසය කර ඇත.

නමුත් මනුෂ්‍යාගේ අකුසල් උත්සන්න වීම, කෙලෙස් උත්සන්න වීම නිසා තමයි ප්‍රාණගාතය ඇති වුනේ. ප්‍රාණගාතය නිසා තමයි මාංස ආහාරයට ගිජු වුනේ. මේ මාංස ආහාරයට ගන්න පටන් ගත් පසු කලින් තිබුනේ රෝගාබාධ තුනයි, මාංස අනුභවය කිරීමට පටන් ගත් පසු රෝග 98ක් ඇති වූ බව බුදුරජාණන් වහන්සේම දේශනා කර තිබෙනවා.

අනෙක් කාරණය තමයි ප්‍රාණගාතය සිදුවන්නට කරුණු පහක් සම්පූර්ණ විය යුතු ය. මෙම කරුණු පහ යම් කෙනෙකු අතින් සම්පූර්ණ වීමෙන් ප්‍රාණගාත කර්මපථය සිදුකළා වෙනවා. ඒ හැර කරුණු පහ අසම්පූර්ණ වීමෙන් ප්‍රාණගාතය අසම්පූර්ණ වූවත් එයට අනුබල දීම වශයෙන් අකුසල් සිදුවන්නට පුළුවන් ය. නා උයනේ හිමියන් මේ සදහා ධර්මයේ සදහන් ඉතාමත් වටිනා උදාහරන ගෙනහැර දක්වමින් අප නොදුටු අපගේ බුද්ධියට හසු නොවූ පරාසයක් කරා මෙම දේශනයෙන් අපව ගෙන යන්නේ   ය.

ඒ නිසා සතෙක්ගේ මාංස කන්න තියා සතෙක් කෙරෙහි වයිර කරන්නවත් සුදුසු නැහැ. ඒ නිසා මාංස කෑම කිසි සේත් ම සුදුසු නැති බව ඥාණවන්ත බෞද්ධයන් විතරක් නෙමේ අබෞද්ධයන් පවා පිළිගන්නා දෙයකී.

 
[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/09/Dam-Sabha-Mandapaya.mp3[/mp3]
 
 Source : W E Wijayananda
 
.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=4617

Samatha Vidharshana Bhawana Margaya – Ven Matara Sri Ghanarama Thero

compress_MMahatheroපූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම හිමි

බුදුදහම තුළ උගන්වනු ලබන ප‍්‍රධාන භාවනා මාර්ග දෙක වන්නේ සමථ සහ විදර්ශනා යන දෙකයි. සමථ භාවනාව චිත්ත භාවනාව, සමාධි භාවනාව යන නම් වලින්ද හැඳින්වේ. විදර්ශනා භාවනාව ප‍්‍රඥා භාවනාව නම් වේ. විදර්ශනා යන්නෙහි අරුත විශේෂයෙන් දැකීම යන්නයි. එනම් ප‍්‍රඥාවයි. අටුවාවල සඳහන් වන අන්දමට ප‍්‍රඥාව තෙවැදෑරුම් වේ.

උදාහරණයක් ලෙස රන් කාසියක් බාල දරුවෙකුට ලැබුණු විට ඔහු එහි වටිනාකමක් නොදනී. ඔහුට එය සෙල්ලම් කිරීමට උපකරණයක් පමණක් ද විය හැකිය. නමුත් එය සාමාන්‍ය මිනිසෙකුට ලැබුණු විට එහි වටිනාකමක් ඇති බව ඔහු දනී. එහෙත් එහි නිවැරදි වටිනාකම දැනගන්නේ එය රන්කරුවෙකුට ලැබුණු විටය. තිදෙනාටම ලැබුණු වස්තුව එකක් වුවත් තිදෙනා ඒ දෙස බලාගත් තීරණ වෙනස්ය. ප‍්‍රඥාවද එලෙසය. එය පිළිවෙළින් සඤ්ඤා, විඤ්ඤාණ, පඤ්ඤා යනුවෙන් හැඳින්විය හැකිය.

විදර්ශනා ප‍්‍රඥාව යනු ලොව ඇති සියලු සංස්කාර ධර්මයන්ගේ යථාස්වරූපය අවබෝධවීමයි. සත්වයා පුද්ගලයා සහිත ලෝකය ජීව අජීව සෑම ධර්මයක්ම හේතු ප‍්‍රත්‍යයන්ගෙන් හටගත් බවත් හේතු ප‍්‍රත්‍යයන් නිරෝධ වීමෙන් එම ධර්ම නිරෝධ වන බවත් අවබෝධ කර ගැනීම එම ප‍්‍රඥාවයි. මෙය සරල ලෙසින් දිස්වුවද අසීරුය.

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5048