Towards A Better World (ලෝවැඩ සඟරාව)‘ – Lo-wada Sangarava’

‘Towards a Better World’ is a translation of the famous Sinhala didactic poem “Lo-wada Sangarava” composed by the Venerable Vidagama Maitreya Mahathera (15 th C. A. D.). This venerable poet flourished during the Kotte period of Sri Lankan history, which saw a revival of Sinhala literature. As the head of the Vidagama Sri Ghanananda monastery, a leading educational centre of the Kotte Era, the Venerable Mahathera made a notable contribution to Sinhala literature and Buddhist culture with his rare poetic talent and eloquence in preaching. “

Lo-wada Sangarava” is the best known among his literary works, both for its remarkable poetic excellence and the vast impact it has made on the lives of the Buddhists ever since it was composed.

The poem vibrates through and through with a note of compassion for the morally degraded, lifting them up to an awareness of their potential for higher things. The hortative tone of the poem comes-it seems-not from an ‘ivory’-tower but from a heart that almost bleeds for those who have gone astray due to ignorance or ‘non-knowledge’. Clarification has to precede purification, at least initially. So the poet has modestly chosen the common medium of the natives, making a case for its effectiveness rather apologetically in preference to the more fashionable Pali of the elite. 

HOMAGE TO THE BUDDHA !

Glad at heart, I pay homage to the supreme sage-the
giver of Blissful Peace, the Great Ocean of virtue, the
physician for the samsaric ills of beings, the sun that
dispels the pitchy darkness of false views.

සෙත් සිරි දෙන මහ ගුණ මුහු දාණන්
ස ත් හට වන බව දුකට වෙ දාණන්
ති ත් ගණඳුරු දුරලන දිනි ඳාණන්
සි ත් සතොසින් නමදිම් මුනි ඳාණන්

[pdf]http://www.dhammikaweb.com/pdfs/Loweda-Sangarawa.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14324

අති පූජනීය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ ගැන අප්‍රකට තොරතුරු කිහිපයක්!

පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ වරක් උදෑසන හීල් දානයට වැඩම නොකළේ මන්දැයි සොයා බලන විට උන්වහන්සේ ධර්මායතනයේ ගේට්ටුව ළග සිටින බැව් දැන ගන්නට ලැබිණි. එහි ගිය අයට උන්වහන්සේගේ පිළිතුර වුයේ “ඊයෙ රෑ මට ඇමතුමක් ආවා අද එළියට බෑස්සොත් මරණවයි කියලා. මම මේ ගේට්ටුව ගාවට ආවා කවුද එන්නෙ කියලා බලන්න”. ජාතික වීරයන් යනු මෙවැනි පුරුෂයන්ය.

වරක් මහ නාහිමි අසනීපයෙන් ඈපලෝ රෝහලේ පසුවෙද්දී සෝම හිමියෝ උන්වහන්සේට පිරිත් කියමින් උන්හ. එවිට එහි ගොඩ වැදුනේ එවකට සිටි රටේ නායිකාවයි. ඇයත් සමග ඇයගේ උපදේශක හිමිනමක්ද විය. මහ නාහිමියන්ගේ රෝහල් කාමරයට පෑමිනි ඒ හිමි නම මැඩම් ඇවිල්ලා යැයි කී විට සෝම හිමි වදාළේ පිරිත් කියා අවසන් වනතුරු ඈයට ඉන්න කියන ලෙසය. එසේ කියා උන්වහන්සේ දිගටම පිරිත් කී සේක.

විනාඩි විස්සකට පමණ පසු ඇයට මහ නාහිමි බැහැ දකින්නට අවසර ලැබිණි. සෝම හිමියන් හදුන්වාදුන් පසු ඒ “මැඩම්” – “ආ මම ඔබ වහන්සේගෙ බණ අහලා තියෙනවා” යෑයි කීවිට සෝම හිමියන් අභීතව ප්‍රකාශ කළේ “අනේ බොරු කියන්න එපා” ලෙසය. ඈයට කී බොරුව අතේම පත්තු විය. පසුව යන්න ලෑස්ති වී ඇය උන්වහන්සේට ආරාධනාවක් කළාය. එනම් ඇයට කෝල් එකක් දී ඇයට පහසු විටක ඇයව පෑමිණ මුණ ගැසෙන ලෙසය. සෝම හිමියන් ඇයට අපූරු උත්තරයක් දුන් සේක. “මැඩම්, මම දින පතා ගම් දනවු වැඩම කරමින් දිවා රෑ නොබලා මිනිස්සුන්ට බණ කියනවා. මට හරි අවිවේකයි. ඔබතුමිය මට විවේකී වෙලාවක ඈවිදින් මාව හමුවෙන්න.”

උන්වහන්සේ පැතුවා වූ බෝධියකින් නිවන් අවබෝධ කර ගනිත්වා. අප මෙතෙක් ‍රැස් කරගත්තාවු යම් කුසලස්කන්ධයක් වෙනම් ඒ සියල්ල උන්වහන්සේට අනුමෝදන් වෙත්වා. සසර වසනා තුරු උන්වහන්සේගේ කල්‍යාණ මිතුදම පතමි. එකම සද්ධර්ම මණ්ඩපයක යථාවබෝධය සාක්ෂාත් කර ගැනීමට පෙරුම් පුරමි.

~ ප්‍රියන්ත ලියනගේ

මේ පින්තූරය මුහුණුපොතේ පලකළ දර්ශන සොයුරාට ස්තූතියි.

වල්මත් වූ සිංහල බෞද්ධයා යළිත් දෙපයින් සිටවූ මහා පහන් ටැඹ උන්වහන්සේය. උන් වහන්සේ ඇති කළ ජාතික චින්තනය තවමන් අප අතර ජීවමානය. එහෙත් බොහෝ දෙනෙකුට උන් වහන්සේ සිහිපත් වන්නේ උන් වහන්සේ අප අතරින් වෙන්ව ගිය දෙසැම්බරයේදී පමණක් වීම අවාසනාවකි. වත්මන් ජාතිමාමක තරුණ පරපුර නිරතුරුවම උන්වහන්සේගේ උතුම් චරිතය තම ජීවන දර්ශනය කර ගනිත්වා !

Source:http://www.facebook.com/photo.php?fbid=564627883554799&set=a.274866039197653.86923.274859899198267&type=1

අති පූජනීය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ ගැන අප්‍රකට තොරතුරු කිහිපයක්!

පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ වරක් උදෑසන හීල් දානයට වැඩම නොකළේ මන්දැයි සොයා බලන විට උන්වහන්සේ ධර්මායතනයේ ගේට්ටුව ළග සිටින බැව් දැන ගන්නට ලැබිණි. එහි ගිය අයට උන්වහන්සේගේ පිළිතුර වුයේ “ඊයෙ රෑ මට ඇමතුමක් ආවා අද එළියට බෑස්සොත් මරණවයි කියලා. මම මේ ගේට්ටුව ගාවට ආවා කවුද එන්නෙ කියලා බලන්න”. ජාතික වීරයන් යනු මෙවැනි පුරුෂයන්ය.

වරක් මහ නාහිමි අසනීපයෙන් ඈපලෝ රෝහලේ පසුවෙද්දී සෝම හිමියෝ උන්වහන්සේට පිරිත් කියමින් උන්හ. එවිට එහි ගොඩ වැදුනේ එවකට සිටි රටේ නායිකාවයි. ඇයත් සමග ඇයගේ උපදේශක හිමිනමක්ද විය. මහ නාහිමියන්ගේ රෝහල් කාමරයට පෑමිනි ඒ හිමි නම මැඩම් ඇවිල්ලා යැයි කී විට සෝම හිමි වදාළේ පිරිත් කියා අවසන් වනතුරු ඈයට ඉන්න කියන ලෙසය. එසේ කියා උන්වහන්සේ දිගටම පිරිත් කී සේක.

විනාඩි විස්සකට පමණ පසු ඇයට මහ නාහිමි බැහැ දකින්නට අවසර ලැබිණි. සෝම හිමියන් හදුන්වාදුන් පසු ඒ “මැඩම්” – “ආ මම ඔබ වහන්සේගෙ බණ අහලා තියෙනවා” යෑයි කීවිට සෝම හිමියන් අභීතව ප්‍රකාශ කළේ “අනේ බොරු කියන්න එපා” ලෙසය. ඈයට කී බොරුව අතේම පත්තු විය. පසුව යන්න ලෑස්ති වී ඇය උන්වහන්සේට ආරාධනාවක් කළාය. එනම් ඇයට කෝල් එකක් දී ඇයට පහසු විටක ඇයව පෑමිණ මුණ ගැසෙන ලෙසය. සෝම හිමියන් ඇයට අපූරු උත්තරයක් දුන් සේක. “මැඩම්, මම දින පතා ගම් දනවු වැඩම කරමින් දිවා රෑ නොබලා මිනිස්සුන්ට බණ කියනවා. මට හරි අවිවේකයි. ඔබතුමිය මට විවේකී වෙලාවක ඈවිදින් මාව හමුවෙන්න.”

උන්වහන්සේ පැතුවා වූ බෝධියකින් නිවන් අවබෝධ කර ගනිත්වා. අප මෙතෙක් ‍රැස් කරගත්තාවු යම් කුසලස්කන්ධයක් වෙනම් ඒ සියල්ල උන්වහන්සේට අනුමෝදන් වෙත්වා. සසර වසනා තුරු උන්වහන්සේගේ කල්‍යාණ මිතුදම පතමි. එකම සද්ධර්ම මණ්ඩපයක යථාවබෝධය සාක්ෂාත් කර ගැනීමට පෙරුම් පුරමි.

~ ප්‍රියන්ත ලියනගේ
http://sinhalabuddhist.com/
මේ පින්තූරය මුහුණුපොතේ පලකළ දර්ශන සොයුරාට ස්තූතියි.

වල්මත් වූ සිංහල බෞද්ධයා යළිත් දෙපයින් සිටවූ මහා පහන් ටැඹ උන්වහන්සේය. උන් වහන්සේ ඇති කළ ජාතික චින්තනය තවමන් අප අතර ජීවමානය. එහෙත් බොහෝ දෙනෙකුට උන් වහන්සේ සිහිපත් වන්නේ උන් වහන්සේ අප අතරින් වෙන්ව ගිය දෙසැම්බරයේදී පමණක් වීම අවාසනාවකි. වත්මන් ජාතිමාමක තරුණ පරපුර නිරතුරුවම උන්වහන්සේගේ උතුම් චරිතය තම ජීවන දර්ශනය කර ගනිත්වා !

Source: http://www.facebook.com/photo.php?fbid=564627883554799&set=a.274866039197653.86923.274859899198267&type=1

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14292

This is the Path – Ven Ajahn Dtun Thero

Growing in Goodness and Virtue

Within the teachings of the Lord Buddha, the Buddha instructed the community of his disciples (monks, nuns, laymen and laywomen) to become acquainted with the truths of nature; that is, with regards to one’s own body, the bodies of others and all material objects – all come into being and exist for a period of time before finally ceasing to be.

The Buddha was teaching that we should know the nature of things as they truly are: once born, the natural course for all beings is that they must break apart – disintegrate. We must have the sati-paññā (mindfulness and wisdom) to know things as they really are by studying one’s own body and mind, and by contemplating the Dhamma so as to totally cleanse one’s heart of the kilesas (defilement) of greed, anger and delusion.

These impurities fill the hearts of all beings, bringing with them the endless suffering that comes from the wandering on through saṁsāra (the beginningless cycle of birth, death and rebirth).

[pdf]http://www.dhammikaweb.com/pdfs/Ajahn-Dtun_This-is-the-Path.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14269

Nama,Ruupa saha sathara Sathipattanaya (9)– Ven Katukurunde Ñāṇananda Thero


නිබ්බාන දෙසුම් පෙලේ 9 වෙනි දේශනය (දෙසුම් 33 කින් සමන්විත)
– පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

සංසාරගත සත්වයා මේ භව නාටකයේ දක්වන නිස්සාර ශූන්‍ය විකට රැගුම සම්බන්ධයෙන් ඒ විකට රැගුම සතිපට්ඨාන සූත්‍රයට අනුව ඉරියව් පවත්වන යෝගාවචරයාට ක්‍රමක් ක්‍රමයෙන් ප්‍රකට වන ආකාරය ගැන තරමක් දුරට පසුගිය දේශනයේ (8වෙනි දේශනය) දී විස්තර කලා.

නාමය, රූපයෙහි සෙවනැල්ලක් පමණක් බව හෙලි වන්නේ රූපයෙහි පදනම වන ධාතූන් ශූන්‍ය වශයෙන් බලමින් යෝගාවචරයා ඒ භාවනාවේ ඉරියව් පවත්වන අතරේ දී බව අප සදහන් කළා. එලෙස ඉරියව් පැවැත්මේ දී, අර නාම ධර්මයන් රූපය ඇසුරු කොට පවතින බව දැනෙන්න පටන් ගන්නවා සතර මහභූතයන් ශූන්‍ය වශයෙන් වැටහීමෙන්…….

9 වෙනි දේශනය

 

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14218

අපේ සෝම හාමුදුරුවණේ

ඔබේ පායුග දන නමන්නට, ඔබේ සෙවනේ රැදී ඉන්නට!
අපි ලැබූ පින් අපිට අද හිමිනෑ, අනේ අපි අද අසරණයි.!
සෝම හාමුදුරුවනේ !! අපේ හාමුදුරුවනේ !!අපේ ආගම අපේ කී ඔබ,

අපේ ජාතිය අපේ කී ඔබ ,

අපේ දේශය අපේ කී ඔබ ,
අපේ ලග අද නෑ….. අපේ හාමුදුරුවනේ.

අපේ ලෝකය අපේ වූ ඔබ..අපේ ජීවය අපේ වූ ඔබ ,

අපේ දෑසග අපේ වූ ඔබ,
අපේ ලග අද නෑ…..අපේ හාමුදුරුවනේ.!
අනේ අපි අද අසරණයි.!

මහරගම ධර්මායතනයේ දී පැවැත්වීමට නියමිත සෝම හිමි ගුණානුස්මරණ වැඩසටහන් විස්තරය;
12වෙනි බදාදා සවස 6 ට – පහන් පුජෝත්සවය
15 වෙනි ඉරිදා සවස 4 ට – ජනවිජය සමුළුව
25 වෙනි අගහරුවාදා – දහවල් දනය 100 නමකට
උන්වහන්සේගේ ගුණ සුවද තැවරුණු ඔබ සියල්ලට ආරාධනා.

https://www.facebook.com/photo.php?fbid=10151100327252261&set=a.464317352260.249738.35388287260&type=1&theater

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14264

Nibbana , Anidassana Vingnanaya ( 8th sermen) – Ven Katukurunde Ñāṇananda Thero

lifeනිබ්බාන දෙසුම් පෙලේ 8 වෙනි දේශනය (දෙසුම් 33 කින් සමන්විත) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

අනිදස්සන විඥ්ඥාණය කෙබදු එකක් ද? හැම තත්වයෙන්ම ප්‍රභාවත් වූ ඒ අනිදස්සන විඥ්ඥාණය, ලෝකයා ආරෝපනය කරන යම් ස්වාභාවයක් ඇතොත්, යම් සත්‍ය ස්වභාවයක් හැටියට සලකන දෙයක් ඇතොත් ඒක මේ අනිදස්සන විඥ්ඥාණයේ සටහන් වන්නේ නැහැ.

සාමන්‍යයෙන් ලෝකයා එදිනෙදා ව්‍යවහාරයේ භාවිතා වෙන සංකල්ප, සිතට අරමුණු වන ධර්ම(දේවල්) වල යම් කිසි හරයක් සත්‍යතාවයක් ඇති බව සිතනවා නමුත්……

යම් කිසි සංකල්පයක් ගත් විට මේ හැම එකකටම සත්‍ය ස්වාභාවයක් දීම නිසා ලෝකයා ඒවා පිළිබඳව නිත්‍ය සංඥාවල්, සුඛ සංඥාවල්, ආත්ම සංඥාවල්  ඇති කරගන්නවා වෙන විදියකින් කියනවා නම් තන්හා , මාන, දිට්ඨි වලට මේ සංකල්ප අරමුණු කර ගන්නවා.

8 වෙනි දේශනය

 

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14141

Rahathan Wahanse – Ven Pathegama Sumanarathana Thero

රහහතන් වහන්සේගේ ස්වභාවය කුමක් ද? අප ඒ තත්වයට පත් වන්න කළ යුත්තේ කුමක් ද?

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වඳාළ ධර්මය සමස්ථයක් වශයෙන් අප තේරුම් ගතහොත් ඒ සියලුම ධර්ම දේශනා වල ඒකායන බලපොරොත්තුව වන්නේ ලෝක සත්වයා ඒකාන්ත කොටම චතුරාර්‍ය සත්‍ය අවබෝධ කොට ගෙන දුකින් නිදහස් කිරීමයි……

යම් කෙනෙකුට අරගෙන යන්න දෙයක් නැත්නම් ආහාරය පිළිබඳව අවබෝධයෙන් යුක්තව වාසය කරනවා නම්, මේ පංචස්කන්ධය නමැති ලෝකය ශූන්‍ය වශයෙන් අනිමිත්ත වශයෙන් තේරුම් ගන්නවා නම් ඒ අය අහසේ පියාසර කරන කුරුල්ලෙකුගේ ගිය පාර නැතුව සේ ඒ අයට නැවත ගතියක් පහල වන්නේ නැත. ගති විමුක්ති තත්වයට පත් වී සංසාර දුකෙන් නිදහස් වේ.

[youtube]q3j7dGDJoVM[/youtube]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14173

Chalana Chiththraya – Ven Katukurunde Ñāṇananda Thero

Chalanaචලන චිත්‍රය- පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි

මහණෙනි නුඹලා චරණ නම් චිත්‍රයක් දුටුවාහුද? එහෙම නැත්නම් නුඹලා චරණ නම් චිත්‍රයක් දැකල තියෙනවාද? මහණෙනි, ඒ චරණ නම් චිත්‍රයත් සිතින්ම සිතන ලද්දකි. මහණෙනි ඒ චරණ නම් චිත්‍රයටත් වඩා මේ සිතම විසිතුරුය.(~තෙනපි ඛො භික‍ඛවෙ චරණෙන චිතෙතන චිතතඤෙඤව චිතතතරං~-) 

කෙනෙකුට හිතෙන්නෙ මේ චිත්‍රය ඇන්ද තැනැත්තා ගැනය, බුදුපියාණන්වහන්සේ කතා කරන්නෙ කියල… . මේ චිත්‍රය බලන පුද්ගලය මේ චිත්‍රය සිතින් මවා ගන්නව. ඇත්තවශයෙන්ම මේ චිත්‍රය ඇන්ද තැනැත්තා ගැන නොවෙයි මෙතන කියන්නෙ. අර නරඹන්නාගේ සිතේ තිබෙන,  දීර්ඝ කාලයක සිට පවතින රාග, ද්වේෂ, මෝහ, කියන ඒ ක්ලේශ ධමවලට පිං සිද්ධවෙන්න තමයි අර චිත්‍රය ආස්වාද කරන්න පුළුවන් වෙන්නෙ. ඒකෙ රස විඳින්න පුළුවන් වෙන්නෙ. කෙනෙක් කල්පනා කරනව සංසාරයේ එක භවයක් තව භවයක් හා ගැලපීම පමණයි කියල තණ්හාවෙන් කෙරෙන්නෙ. නෑ.

මේ හැම මොහොතක් පාසාම එකකට එකක් ගලපන්නෙ තණ්හාවෙනුයි. චිත්‍රපටයක් බලන කෙනෙක්, පළමු ජවනිකාව ඊළඟ ජවනිකාවත් එක්ක සම්බන්ධ කරලයි දෙවන එක තේරුම් ගන්නෙ…….මේ චිත්‍රපටිය රස විඳින්න ඕනෑ කරන අනික් බෙහෙත නන‍දිරාගසහගතා. මේ පිළිබඳව සතුටුවන ස්වභාවයක් සහ ඇලෙන බවක්. තණ්හාව විශේෂයෙන්ම ලාටුවක් වගේ – තණ්හාවට යෙදෙන පර්යාය පදයක් තමයි ‘ලේප’. ~විසතතිකා~ කියලත් යොදනව. යමක් අලවන කියන අර්ථය. ඇලෙන සුළු බව, මේ ‘රාග’ කියල කියන්නෙ, මේකෙත් තියෙනව අලවන අර්ථය. එතකොට තණ්හාව මගින්, ආශාව මගින්, මේ ජවනිකා සමූහය අලවනව…..

මෙතෙක් කිසිම සිනමාශාලාවක, සිනමා තිරයක චිත්‍රපටයක් පෙන්නල නැහැ. මෙතෙක් කිසිම නාට්‍ය ශාලාවක, නෘත්‍ය වේදිකාවක නාට්‍යයක් පෙන්නල නැහැ. නමුත් ඒ චිත්‍රපට ශාලාවලට, නාට්‍යශාලාවලට ගිය අය චිත්‍රපට නාට්‍ය දුටුව. මේ කොහොමද සිද්ධ උනේ? සාමාන්‍යයෙන් අපි හිතන්නෙ මේ චිත්‍රපට නාට්‍ය නිෂ්පාදකයින්ය චිත්‍රපට නාට්‍ය හැදුවෙ කියල. නමුත් අවසාන වශයෙන් බුදුපියාණන් වහන්සේ චරණ චිත්‍රය ගැන වදාළ ඒ කාරණය අනුව අපි ගැඹුරින් කල්පනා කරල බලනව නම්, චිත්‍රපටයක් නාට්‍යයක් – ඒ අවසාන පරිච්ඡේදයෙන් බලනකොට – නිෂ්පාදනය කරන්නෙ නරඹන්නමයි

.……පටිචචසමුපපාදයේ රහස මෙතනයි තියෙන්නෙ….

චිත්‍රපට, ටෙලිවෘතාන්ත නොකඩවා නරඹන යමෙක්, මනාව විග්‍රහ කර ඇති මෙම පොත අවබෝධයෙන් කියවා,  රූපවාහිණියෙන්  විකාශය වන ටෙලිවෘතාන්තයක් දකිනා විට යමක් තේරුම් ගත්තේ ද, එවිටම එම පුද්ගලයා තමා තුලම සැගවී තිබූ රාග, ද්වේෂ, මෝහ අවබෝධ කර ගෙන, නිවන සොයා යන ගමනට පිවිසෙනු නො අනුමානයි. 

ඔබගේ නිවන් මාර්ගයට පිවිසීමට මෙම පොත ප්‍රවේශයක් වේවා!

[pdf]http://www.dhammikaweb.com/pdfs/chalana_chiththraya.pdf[/pdf]

.


Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14224

Yogawachara Jeevithaya – Ven Matara Sri Gnanarama Maha Thero

Yogawacharaයෝගාවචර ජීවිතය – මාතර ඥානාරාම හිමි

යෝගාවචර ජීවිතය යනු මෙතෙකැයි වටිනාකම කියා නිම කළ නොහැකි අන්දමේ උසස් ජීවිතයකි. ලොවෙහි නොයෙකුත් විස්මජනක ජීවිත ඇත. එහෙත් යෝගාවචර ජීවිතය තරම් විස්මජනක ජීවිතයක් තවත් නැත. ඒ ගැන සිතා යෝගාවචරයා සතුටු විය යුතුය. ඒ ජීවිතය ඉතා වටිනා සහ පිරිසිදු වූවකි. ලොවෙහි අනෙක් විස්මජනක ජීවිත භාහිර යන්ත්‍ර සූත්‍ර සමඟ, භාහිර දේ සමඟ ක්‍රියා කිරීමකි. යෝගාවචර ජීවිතය සිතත් සමඟ කරන වැඩකි.

ශ්‍රේෂ්ඨතම යෝගාවචරයාණන් වහන්සේ නම් බුදුරජාණන් වහන්සේය. යෝගාවචර ජීවිතය ඇරඹෙන්නේ උන්වහන්සේ ගෙනි. උන්වහන්සේගේ ධර්මයට සවන් දෙන සියල්ලෝම යෝගාවචර ජීවිතයට ඇතුළත් නො වෙති. ඉන් ටික දෙනෙකු පමණී ඒ ජීවිතයට එක් වන්නේ. තමාද ඒ භාග්‍යවන්ත ටික දෙනාගෙන් කෙනෙකුයයි සිතා යෝගාවචරයා සතුටු විය යුතු ය.

මේ කරුණු කියවන කවරකුට වුව ද භාවනාව ගැන බලවත් ශ්‍රද්ධාවක් හා ධෛර්යක් උපදිනුයේ ගැඹුරු වූ ධර්ම කොටස් එතරම් සරලවත් පැහැදිළිවත් දැක්වෙන භාවනා උපදේශ ඇති හෙයිනි. මේ පොත ඔබගේ භාවනාවට මහත් අත්වැලක් වනු ඇති බවත් ධම්ම දානයක් වශයෙන් අප මේ පොතේ කොටස් ඔබගේ පහසුව සදහා පිටපත් කොට කොටස් වශයෙන් පලකිරීමේ අදටනින් භාවනාවට ඉතාමත්ම වැදගත් “යෝගාවචර ජීවිතය” කොටස මෙසේ ඉදිරිපත් කරන්නෙමු.

මාතර ඥානාරාම හිමිගේ සප්ත විශුධිය සහ විදර්ශනා ඥාන පොතෙන් 10 සිට 14 දක්වා පිටු පිටපත් කර ගන්නා ලදී.

සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !

[pdf]http://www.dhammikaweb.com/pdfs/Yogawachara_Jeevithaya_VenMatara_Nanarama_Thero.pdf[/pdf]

.

.

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14147

Ten Royal Virtues – Dasa Rajadhamma- In Buddhism

Leader_nGood Governance is the good principles for right practice for governors and managers on all levels. The principles are accuracy, appreciation, purity and justice. It is the practical principle for releasing suffering and maintaining happiness for benefits of majority and for achieving objectives with high effectiveness and efficiency.

The Good Governance can be classified as the good and right practices for kings or monarch to rule the kingdoms rightly for happiness of people. They are Ten Royal Virtues (rajadhamma). Furthermore, there are other dhamma principles taught by sages from the past. They are raja-sangaha-vatthu or a Ruler’s Bases of Sympathy, cakkavatti-vatta or Duties of a Great Ruler, and bala or Strengths of a King. These principles are also considered Good Governance for governors and administrators on all levels to practice for leading organization, companies, religion, society and nation to achieve the objectives for benefits of majority. However, I would like to refer the Ten Royal Virtues in this book because they are widely accepted and obvious to the world.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Good-Governance_15_11_12.pdf[/pdf]

Source: David Holmes

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14180