Paticcha Samuppada Gnana Pooja Pinkama – Most Ven Nauyane Ariyadhamma Maha Thero

Paticcha Samuppada Gnana Pooja Pinkama to be held on 27th and 28th April, 2013 near Kiriwehera Maha Stupa, Kataragama. This is organised as an event to pay our respect to great kalyana mittha, Most Ven Nauyane Ariyadhamma Maha Thero, to invoke the blessings of Theruwana for healthy and long life to continue Maha Thero’s Dhamma Service to enlighten Buddha Sasana….

Please find the attachment or access www.ariyamagga.org for more information….

Invite with metta to join this meritorious event.

Theruwan Saranai!!!

[pdf]http://www.dhammikaweb.com/pdfs/KiriWehera.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14701

BUDDHA’S ADVICE TO MARRIED WOMEN

In advising women about their role in married life, the Buddha appreciated that the peace and harmony of a home rested largely on women’s shoulders. His advice was realistic and practical when he quoted a good number of day-to-day characteristics which a woman should or should not emulate. On diverse occasions, the Buddha counseled that a wife:

(a) should not harbor evil thoughts against her husband;

(b) should not be cruel, harsh or domineering;

(c) should not be a spendthrift but should be economical and live within her means;

(d) should zealously guard and save her husband’s property and hard-earned earnings;

(e) should always be virtuous and chaste in mind and action;

(f) should be faithful and harbor no thought of any adulterous acts;

(g) should be refined in speech and polite in action;

(h) should be kind, industrious and hardworking;

(i) should be thoughtful and compassionate towards her husband and her attitude should equate that of a mother loving and protecting her son;

(j) should be modest and respectful;

(k) should be cool, calm and understanding, serving not only as a wife but also as a friend and adviser to her husband when the need arises.

Read More

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14679

Right View – Ven Ajahn Brahmawamso

noble-eightfold-path-diagramBuddhist definition of Right view. 

Every religion has a Right view and they all think that their right view is the correct one. every one else is a wrong one.  you know what happens just religion become like husbands & wives, always arguing. Always wondering who is right? who is wrong? something wrong with that view of point.

What is the Buddhist  point of view towards Right View?…………

[youtube]f0cFxhbNMb4[/youtube]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14674

Saptha Vishuddhi (Seven Stages of Purification) – Rathavinãtasutta – Majjhima Nikàya

රථවිනීත සූත්‍රය(පාළි ) ඔපම්‌මවග්‌ගො, මජ්ජිම නිකාය1  

සප්තවිශුද්ධි

‘‘භගවති නො, ආවුසො, බ්‍රහ්‌මචරියං වුස්‌සතී’’ති? ‘‘එවමාවුසො’’ති. ‘‘කිං නු ඛො, ආවුසො, සීලවිසුද්‌ධත්‌ථං භගවති බ්‍රහ්‌මචරියං වුස්‌සතී’’ති?  ‘‘නො හිදං, ආවුසො’’.  ‘‘කිං පනාවුසො, චිත්‌තවිසුද්‌ධත්‌ථං භගවති බ්‍රහ්‌මචරියං වුස්‌සතී’’ති?  ‘‘නො හිදං, ආවුසො’’. ‘‘කිං නු ඛො, ආවුසො, දිට්‌ඨිවිසුද්‌ධත්‌ථං භගවති බ්‍රහ්‌මචරියං වුස්‌සතී’’ති? ‘‘නො හිදං, ආවුසො’’. ‘‘කිං පනාවුසො, කඞ්‌ඛාවිතරණවිසුද්‌ධත්‌ථං භගවති බ්‍රහ්‌මචරියං වුස්‌සතී’’ති?  ‘‘නො හිදං, ආවුසො’’. ‘‘කිං නු ඛො, ආවුසො, මග්‌ගාමග්‌ගඤාණදස්‌සනවිසුද්‌ධත්‌ථං භගවති බ්‍රහ්‌මචරියං වුස්‌සතී’’ති? ‘‘නො හිදං, ආවුසො’’. ‘‘කිං පනාවුසො, පටිපදාඤාණදස්‌සනවිසුද්‌ධත්‌ථං භගවති බ්‍රහ්‌මචරියං වුස්‌සතී’’ති? ‘‘නො හිදං, ආවුසො’’. ‘‘කිං නු ඛො, ආවුසො, ඤාණදස්‌සනවිසුද්‌ධත්‌ථං  භගවති බ්‍රහ්‌මචරියං වුස්‌සතී’’ති? ‘‘නො හිදං, ආවුසො’’.

ශීලය කියන සංවරය අවශ්‍ය බව කීවා බුදුදහමේ සෑම දෙයක්ම ලබා ගන්න. ශීලයෙන් තමා සියල්ල පටන් ගන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන විට පවා පලමුවෙන්ම පිරිස සංවර ශීලයේ පිහිටවනවා. අපට අවශ්‍යයි ප්‍රධාන වශයෙන් ආහාර, ඇඳුම්පැළදුම්,වාසස්ථාන සහ බෙහෙත්හේත්. ඒවට කියනවා සිව්පසය කියලා. එනම් මෙම මූලික අවශ්‍යතාවය නැත්නම් කෙනෙකුට ජීවත් වීමට නො හැකියි. නමුත් මේවා භාවිතා කරන විට නුවණින් බලා භාවිතා කලයුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වඳාළා……  

චිත්‌තවිශුද්ධිය කියන්නේ කුමක් ද? මෙය වටහා ගන්නේ කෙසේ ද?………….

ඒ කියන්නේ මතුපිටෙන් පෙනෙන දේ පාදක කරගෙන බොහොම ගැඹුරු ධර්මය සවිස්තරාත්මක අප බුදුරජාණන් වහන්සේ දේශනා කොට වඳාළ අකාරය අපට වටහා ගැනීමට හැකි වෙනවා මෙවන් සූත්‍ර දේශනාවන් විමර්ෂනය කිරීමේ දී.  

රථවිනීත සූත්‍රය(සිංහලෙන්)                   

Rathavinãtasutta (In English)

27/12/12

[youtube]V9qeFYu1vqA[/youtube]

[youtube]gmotddXHVY4[/youtube]

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14668

Sasun Piliwetha – Ven Katukurunde Ñāṇananda Thero

sasunසසුන් පිළිවෙත – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි                                                

අපි කල්පනා කරන්න ඕනෑ ශ්‍රමණකෘත්‍යය කියන්නේ මොකක්ද කියලා. මොකක්ද මේ බුදුරජාණන් වහන්සේ බුදුවීම තුළින්, සම්බෝධිය තුළින්, ලෝකයාට ඉදිරිපත් කළේ. අපි බුදුරජාණන්වහන්සේ හඳුනාගත්  බව  කියන්නේ එතකොටයි. බුදුකෙනෙක් පහළවෙනකන් අනිකුත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් බලාගන හිටියේ මොකද? ඒ කට්ටියට තෝරගන්න බැරිව තිබුන යම්කිසි ගැටළුවක් තිබුනා. ඒ අයට පෙනුන- ඔය ධ්‍යාන අභිඥා දියුණු කරගත්තු ඒ ශ්‍රමණයින්ට පෙනුනා- සියදහස් ගණන් අතීත ජාති. මේ සංසාරයේ දීර්ඝකාලයක් අපි ඇවිල්ලා තිඛෙනවා. ඒ පෙනුනේ හරියට ගෙයින් ගෙයකට යන්නා වගේ. ආත්ම සංඥාව. ඒ මිථ්‍යා වැරදි අදහසක් එතැන තිබුනේ සකකාය දිටඨිය නිසා. මම මෙන්න මේ මේ ආත්මවල මෙන්න මෙහෙම ගියා කියල. ඊට එහාට ඉතින් මේක සසර දුකක් බවත් එක්තරා ප්‍රමාණයකට තේරුනා. නමුත් මේකෙ විසඳුමක් ඒ අයට පෙනුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ පමණයි එතකොට චතුරාර්ය සත්‍යය තුළින්, ඒ පටිචචසමූපපාද ධර්මය තුළින්, මෙතෙක් ලෝකයේ කිසිවෙක් ඉදිරිපත් නොකළ ඒ ගැඹුරු ධර්මය තුළින්, ලෝකයේ යථාස්වභාවය ලෝකයාට හෙළිකළේ.

ශාසනයක් රකිනවා නම් ශාසනය හඳුනාගන්න ඕන. එතකොට ඒ සඳහා උපකාරවන යම් යම් ධර්ම කාරණා මේ දේශනාව තුළින් දැනගන්න ලැබුනා කියලා බලාපොරොත්තු වෙනවා. එතකොට තම තමන්ගේ අර කියාපු ශ්‍රද්ධාව නැතිකරගන්නේ නැතිව. ශ්‍රද්ධාව වඩාගෙන මේ ධර්ම මාර්ගයේ යන්න උත්සාහවත් වෙන්න ඕන. මෙතෙක් මේ අද දවසේ තමන්ගේ ප්‍රමාණයෙන් ඒ රැක්ක සීලය, කළ භාවනාව, මේ ඇසූ ධර්මය, ලබාගත්තු පිහිට උපකාර කරගෙන මේ පින්වතුන් තමතමන්ගේ භාවනා මස්තකප්‍රාප්ත කරගෙන මේ ශාසන පරිහානියට කලින් සෝවාන් සකදාගාමී අනාගාමී අර්හත් කියන මාර්ගඵල ප්‍රතිවේධයෙන් උතුම් අමාමහ නිවන සාක්ෂාත් කරගැනීමට අධිෂ්ඨාන කරගන්න ඕන. ඒකට උපනිශ්‍රය කරගන්න ඕන. අවීචියේ සිට අකනිටාව දක්වාවූ යම්තාක් සත්ත්වකෙනෙක් මෙවැනි ධර්මදේශනා ශ්‍රවණය කිරීමට, අනුමෝදන්වීමට, කැමති නම් ඒ අනුමෝදන්වීම තුළින් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියත් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. මේ ගාථා කියන්න.

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14648

Patichcha Samuppadaya (06) – Ven Katukurunde Ñāṇananda Thero

life-to-deathඅනුපස්සනා   පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

‘‘ජාතිමරණසංසාරං , යෙ වජන්‌ති පුනප්‌පුනං; ඉත්‌ථභාවඤ්‌ඤථාභාවං, අවිජ්‌ජායෙව සා ගති.
‘‘අවිජ්‌ජා හායං මහාමොහො, යෙනිදං සංසිතං චිරං; විජ්‌ජාගතා ච යෙ සත්‌තා, න තෙ ගච්‌ඡන්‌ති පුනබ්‌භව’’න්‌ති. ද්‌වයතානුපස්‌සනා සූත්‍රය – ඛුද්‌දකනිකාය-සුත්‌තනිපාතය, මහාවග්‌ගො.English version

ජීවිතය කියන්නේ උපතත්, මරණයත් අතර කාලපරිච්ඡේදයයි. සංසාරය කියන්නේ උපතත් මරණයත් අතර කරකැවිල්ලයි. මේ දෙක අතර සම්බන්ඳතාව මතුකර දක්වන අන්දමේ ගාථා දෙකක් තමයි අද මේ ධර්ම දේශනයට පාදක කර ගත්තේ.  

හණෙනි සම්බෝධිය කරා ගෙනයන යම් ආර්‍ය න්‍ය්ර්‍යානික කුසල ධර්ම වෙත්නම් ඒවා ශ්‍රවනය කිරීමෙන් ලැබෙන ආසන්න ප්‍රතිඵලය කුමක් ද කියා යම් කෙනෙක් ඇසූවිට, මෙසේ පිළිතුරු දිය යුතුයි.  ‘යාවදෙව ද්‌වයතානං ධම්‌මානං යථාභූතං ඤාණායා’ – යුගළ වශයෙන් පිහිටි ධර්මයන්ගේ යතාභූත අවබෝධය සදහාය’ ඊලගට බුදුරජාණන් වහන්සේ මෙසේ අසනවා ‘කිඤ්‌ච ද්‌වයතං වදෙථ? – කුමක් ද මේ ද්වේතාව කියන්නේ? 

‘‘ඉදං දුක්‌ඛං, අයං දුක්‌ඛසමුදයොති අයඒකානුපස්‌සනා. – මෙය දුකය, මේ දුකේ හටගැනීම යනු ඒකානුපස්සනාවයි’ ‘අයං දුක්‌ඛනිරොධො, අයං දුක්‌ඛනිරොධගාමිනී පටිපදාති, අයං දුතියානුපස්‌සනා. එවං සම්‌මා ද්‌වයතානුපස්‌සිනො’ – ……….

ඉන්පසු බුදුරජාණන් වහන්සේ සංඝයාවහන්සේලාට මෙසේ වඳාළ සේක. ‘ යම් කෙනෙකු ඇසුවොත් මැනවින් ද්වේතානූපස්සනාව යෙදීමේ තවත් ක්‍රමයක් තිබේ ද කියා. තියෙනවා කියා ප්‍රකාශ කළ යුතුය…..කුමක් ද එම ක්‍රමය??? 

මේ සූත්‍රයේ අනුපස්සනා දහසයක්ම අඩංගු වෙනවා. එහි විශේෂත්වය වන්නේ හැම අනුපස්සනාවක් ම  වාගේ ………….

එම සූත්‍ර දේශනාවේ තුන්වෙනි අනුපස්සනාවයි අප අද මාතෘකාවට ගත්තේ…. 

[

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14643

නීල මාණික්‍යමය විමානයක් ලත් පින්බර දේවතාවිය – විමාන වත්ථු කථා පුවත් 04 , සතරවන පීඨ විමාන වත්ථුව

රජගහනුවර නගරාසන්නයේ එක්තරා දිළිඳු ස්ත්‍රියක් විසුවා ය. රත්නත්‍රය කෙරෙහි ප්‍රසන්න වූ ඇය තම ශක්ති ප්‍රමාණයෙන් අවස්ථානෝචිත ලෙස දානාදී පින්දහම් කරමින් දැහැමි දිවියක් ගත කළා ය. දිනක් එක්තරා රහතන් වහන්සේ නමක් ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසිරෙමින් එම කාන්තාවගේ නිවස අභියසට වැඩම කළ සේක. මෙම දසුනින් අපමණ පී‍්‍රතියට පත් වූ ඕ තොමෝ වහාම උන්වහන්සේට ආරාධනා කළහ. ඇය විසින් නීල වස්ත්‍රයක් අතුරන ලද ආසනයක් භික්‍ෂූන් වහන්සේට ඉඳ ගැනීමට සැලැස් වූවා ය. දන් පිළියෙළ කළ ඇය එය මහත් ශ්‍රද්ධාවෙන් භික්‍ෂූන් වහන්සේට පිළිගැන්වූවා ය.

කාලයාගේ ඇවෑමෙන් කිසියම් ව්‍යාධියකට පත් වුණු ඇය මිය පරලොව ගොස් තව්තිසා දෙව්ලොව උපත ලැබුවා ය. පෙර භවයේ භික්‍ෂූන් වහන්සේ නමකට අසුනක් පිදීමේ මහඟු පිනෙන් තව්තිසා දෙව්ලොව උපත ලැබූ ඇයට නීල මාණික්‍යමය දිව්‍ය විමානයක් පහළ වූවා ය. රූප සම්පත්තියෙන් ද යස ඉසුරින් ද සිතූ පැතූ සම්පත් ලැබීමෙන් ද භාග්‍යවන්ත වූ ඇය අනෙකුත් දෙවඟනන් අතර සුවිශේෂී වූවා ය.

සුපුුරුදු ලෙස දෙව්ලොවට වැඩම කළ මුගලන් මහ රහතන් වහන්සේට මේ දෙවඟන හමු විය. තෙරුන් වහන්සේ දුටු දෙවඟන වහා විමානයෙන් බැස උන්වහන්සේට වැඳ නමස්කාර කර එකත් පස්ව සිටියදී මුගලන් මහරහතන් වහන්සේ ඇයගෙන් මෙසේ ඇසූ සේක.

“වෛධූර්ය මාණික්‍යමය විමානයක් සහ මහානුභාව සම්පන්න අසුනක් ලබා සකලඓශ්වර්යයෙන් බබළමින් දෙව්ලොව පුරා මහත් උද්දාමයෙන් චාරිකා කරන්නා වූ පින්වත් දේවතාවිය, මෙබඳු මහත් වූ සම්පත්තියක් ලැබීමට මනුෂ්‍ය ලෝකයේ දී ඔබ විසින් කවර නම් පින්කමක් කරන ලද්දෙහි ද?” දිව්‍ය සැප ලැබීමෙන් මෙන්ම එබඳු සම්පත්තියක් ලැබීමට හේතු වූ කුසල කර්මය සිහිපත් වීමෙන් ද මහත් සතුටට පත් ඇය, ඊට පිළිතුරු දුන්නේ මේ අන්දමිනි.

“ස්වාමීනි, මහ රහතන් වහන්ස, මිනිස් ලොවෙහිදී මහත් වූ කුසල කර්මයක් කරන්නට තරම් ශක්තියක් මට නොතිබිණි. එහෙත් සැදැහැ සිතින් මගේ ශක්ති ප්‍රමාණයෙන් දන් පින් කිරීමෙහි නිරත වූයෙමි. ඒ අතර එක් දිනක් පිඬු සිඟා වැඩි රහතන් වහන්සේ නමකට නිල්වන් ඇතිරිල්ලක් යොදා අසුනක් පිළිගන්වා දන් පූජා කළෙමි. මේ දිව්‍ය ඓශ්චර්යය මට පහළ වූයේ ඒ පින් මහිමයෙනි. ”සුළු වූ ද පුණ්‍ය කර්මයකින් මහත් ඵල මහානිශංස ලැබිය හැකි බව මේ කථාව උපයෝගී කර ගනිමින් තව්තිසා දෙව් ලෝ වැසියන්ට වටහා දුන් මුගලන් මහ තෙරුන් වහන්සේ, මිනිස් ලොවට පැමිණ මේ කථා පුවත බුදුරජාණන් වහන්සේට ද සැල කළහ.

මේ පුවත අර්ථොත්පත්ති කර ගනිමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, සිවුවනක් පිරිසට දානානිශංස දක්වා ධර්මදේශනා කළ සේක.


උණුවතුරබුබුලේ  – මහින්ද හිමි

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14600

Buddhism the Real Science -Ven Ajahn Brahmavamso Thero

compress_scientistVen.Ajahn Brahmavamso

I used to be a scientist. I did Theoretical Physics at Cambridge University, hanging out in the same building as the later-to-be-famous Professor Stephen Hawking. I became disillusioned with such science when, as an insider, I saw how dogmatic some scientists could be. A dogma, according to the dictionary, is an arrogant declaration of an opinion.

This was a fitting description of the science that I saw in the labs of Cambridge. Science had lost its sense of humility. Egotistical opinion prevailed over the impartial search for Truth. My favourite aphorism from that time was: “The eminence of a great scientist, is measured by the length of time that they OBSTRUCT PROGRESS in their field”!

[pdf]http://www.dhammikaweb.com/wp-content/uploads/2013/03/BUDDHISM_REAL-SCIENCE_VenA.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1498

Panchakama Sampatthiya (05) – Ven Katukurunde Ñāṇananda Thero

 monk_unnamedතරුණකම, මහණකම සහ  පංචකාම සම්පත්ති අනුභවය .                

ලෝකයේ තියෙන ගැටලු, මතබේද, වාදවිවාද රාශියක්ම භාෂා ව්‍යවහාරය නිසා පැන නගින බව තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද ධර්මය තුලින් හෙලි කර වදාළා. ලොකුම ගැටලුව වන සංසාර ගැටලුවටත් හේතුව ඒකයි. මේ බව ප්‍රකාශ කෙරෙන වටිනා ගාථා දෙකක් තමයි අද දේශනාවට මාතෘකා කර ගත්තේ. එම ගාථා දෙක එන්නේ, සංයුත්‌තනිකායේ – සගාථාවග්‌ගයේ-දෙවතාසංයුත්‌තයේ එන 10 සමිද්‌ධි සූත්‍රයෙහි ය.

‘‘අක්‌ඛෙය්‍යසඤ්‌ඤිනො සත්‌තා, අක්‌ඛෙය්‍යස්‌මිං පතිට්‌ඨිතා;-අක්‌ඛෙය්‍යං අපරිඤ්‌ඤාය, යොගමායන්‌ති මච්‌චුනො. ‘‘අක්‌ඛෙය්‍යඤ්‌ච පරිඤ්‌ඤාය, අක්‌ඛාතාරං න මඤ්‌ඤති;  –  තඤ්‌හි තස්‌ස න හොතීති, යෙන නං වජ්‌ජා න තස්‌ස අත්‌ථි;

මේ ගාථා දෙකට හොද ධර්ම රසයක් ඇති නිධාන කතාවකුත් දැක්වෙනවා…සමිද්ධි ස්වාමින්වහන්සේ අලුයම් කාලේ අවදිව පැන් පහසු වී අඳනය පමණක් ඇතිව සිරුර වේලෙනකම් සිටගෙන සිටින විට එක්තරා දේවතාවෙක් අහසේ සිටම මෙසේ ප්‍රකාශ කළා.  ‘‘අභුත්‌වා භික්‌ඛසි භික්‌ඛු, න හි භුත්‌වාන භික්‌ඛසි; භුත්‌වාන භික්‌ඛු භික්‌ඛස්‌සු, මා තං කාලො උපච්‌චගා’’ – මහණ ඔබ පංචකාම සම්පත්තිය අනුභව කර නොවේ මේ භික්ෂාවෙන් යැපෙන මහණකම ට පැමිණියේ” ඔබ පංචකාම සම්පත්තිය අනුභව කල පසු මහණකම ට යන්න”  මේ පංචකාම සම්පත්තිය අනුභව කරන්න තියෙන තරුණ කාලය ඔබ ඉක්මවා යන්න දෙන්න එපා” කියා ධර්මානුකූල නොවන ආරාධනාවක් කළා. 

 සමිද්ධි ස්වාමින්වහන්සේ  ඒකට දෙන පිලිතුර ‘‘කාලං වොහං න ජානාමි, ඡන්‌නො කාලො න දිස්‌සති; තස්‌මා අභුත්‌වා භික්‌ඛාමි, මා මං කාලො උපච්‌චගා’’. – මම දන්නේ නැහැ මම මැරෙන වෙලාව” ඒ මැරෙන වෙලාව මට ආවරනය වෙලයි තියෙන්නේ, ඒ නිසා මට ඒක පේන්නේ නැහැ. එම නිසා පංචකාම සම්පත්තිය අනුභව නොකරම මහණකම ට පැමිණී මේ භික්ෂාවෙන් යැපෙනවා. මේ අදහසින් මහණකම කරන්න හොද තරුණ කාලය මා ඉක්මවා නොවේවා යන අදහසින් මා මහණකම ට පැමිණියෙමි. එසේ ප්‍රකාශ කළ නමුත් දේවතාව එතනින් නැවතුනෙ නැහැ. බිමට බැහැල අර ගාථාවෙන් කල ආරාධනාවට තවත් තවත් පොහොර දමන්නා සේ “ ඔබ මේ මනුස්සයන්ටත් අයිති පංචකාම සම්පත්තිය අනුභව කරන්න……………

‘අක්‌ඛෙය්‍යසඤ්‌ඤිනො සත්‌තා, අක්‌ඛෙය්‍යස්‌මිං පතිට්‌ඨිතා;  අක්‌ඛෙය්‍යං අපරිඤ්‌ඤාය, යොගමායන්‌ති මච්‌චුනො.  සත්වයෝ වචනයෙන් නම් කළ කිව යුක්ත පිළිබඳව සංඥ්ඥාව ඇත්තාහු ය.  සත්වයෝ වචනයෙන් හෝ නම් කළ කිව යුතු දේ පිළිබඳ සංඥ්ඥාව ඇත්තාහු ය. නම් කළ කිව යුතු දේ මතම මේ සත්වයෝ පිහිටියාහු ය. මේ නම් කළ කිව යුතු දේ පිළිබඳව පිරිසිඳ අවබෝධය නැති නිසා මාරයාගේ වියගහ යටට යනවා, මාරයගේ බැම්මට යට වෙනවා. සංසාරයේ දිගට දිගට යනවා.  

.

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14613

Namarupa (Nibbana Sermons-11)– Ven Katukurunde Ñāṇananda Thero

namarupa01නිබ්බාන දෙසුම් පෙලේ 11 වෙනි දේශනය (දෙසුම් 33 කින් සමන්විත) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

නාමයත්, රූපයත් ප්‍රත්‍ය කර ගෙන පස්සය හට ගන්නේ නාමයෙන් කරන නම් කිරීමෙන් රූපයට අධිවචනසම්පස්සියකුත්, රූපයෙන් ලැබෙන ගැටීමෙන් නාමයට පටිඝසම්පස්සියකුත් සැලෙසන නිසා බව පසුගිය දේශනයේ දී විස්තර කරන්නට යෙදුනා. පස්ස කියන වචනය ධර්මයේ යෙදිල තියෙන ආකාරයට, මේ පස්ස කියන වචනය සම්පූර්ණ වන්නේ අධිවචනසම්පස්සිය, පටිඝසම්පස්සිය කියන අංග දෙක එකතු වෙලා. ඒ වගෙම රූපං කියන වචනයට  බුදුපියාණන් වහන්සේ දුන්නු විශේෂ නිරුක්තියකුත් අප පැවසුවා ඛජ්‌ජනීය සූත්‍රයේ  (සංයුත්‌තනිකාය-ඛන්‌ධවග්‌ගපාළි-ඛන්‌ධසංයුත්‌තං) “රුප්‌පතීති ඛො, භික්‌ඛවෙ, තස්‌මා ‘රූප’න්‌ති වුච්‌චති”. යනුවෙන් බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළේ…….

රූපයෙහි යමක් ගැටුන විට දැනෙන වේදනාව ඔස්සේ ඇති කර ගන්නා රූප සංඥ්ඥාව එනම් රූපය හදුනා ගැනීම, අදුරේ අන්ඳයෙකුගේ අතපතගෑමක් වගේ. අතට හසුවන රූපයේ නියම තත්වය සැකහැර දැන ගැනීමට සාමාන්‍යයෙන් ලෝකය අතහැර බලනවා. ඇසට පෙනෙන රූපයෙහි නියම තත්වය දැන ගැනීමට අතගා බලනවා.මේ දෙකම අර අන්ඳයෙකුගේ වැඩ වගේ. නමුත් මේ එක ක්‍රමයකින්වත් මුලාව සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීමට ලෝකයා අසමත් වෙනවා.

11 වෙනි දේශනය

.

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14578