Vinaya Karma Potha- Ven Rerukane Chandawimala Thero

vinayaතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් විසින් රචිතවිනය කර්‍ම පොත නම් කෘතියෙන් පිටපත්කර ඉදිරිපත් කරනලදී.

සම්බුද්ධත්වයෙන් මුල් විසි වසර ඉක්මුණු පසු ගිහි පැවිදි ශ්‍රාවක පිරිස් ඉතා සංකීර්ණ තත්ත්වයට පත්වීම නිසා සසුනේ අනාගත පැවැත්ම උදෙසා විනය නීති, විනය කර්ම පැනවීමට බුදුරජාණන් වහන්සේට සිදුවිය.

ඒ අනුව භික්‍ෂුන් වහන්සේලාගේ නොමනා හැසිරීම් නිශේධනය කරනු සඳහා සිකපද පැනවූ අතර, පසුව එම නෛතික දේශනා “ “විනය පිටකය “ ලෙස සංග්‍රහ විය.

ඉහත පිටු කීපය කියවීමට

======================================================

“විනය කර්‍ම” සම්පූර්ණ පොත

 

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=8024

Bodhi Pakshika Dharma – Ven Rerukane Chandawimala Thero

Bodhipakshika_nබෝධි පාක්ෂික ධර්ම

තිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් විසින් රචිත “විදර්ශනා භාවනා ක්‍රමය” නම් කෘතියෙන් (පිටු අංක 220 සිට 228) පිටපත්කර ඉදිරිපත් කරනලදී.

බෝධි නම්වූ ලෝකෝත්තර මාර්ගඥානය ලබාගැනීම පිණිස භාවනා කරන, යෝගාවචරන් විසින් එය ලබාගැනීමට උපකාර වන ධර්මද දත යුතුය.

ඒ ලෝකෝත්තර මාර්ගඥානය ලබාගැනීමට උපකාරවන ධර්මයෝ බෝධි පාක්ෂික නම් වෙති.

ඉහත පිටු කීපය කියවීමට/බා ගැනීමට 

 

 

===================================================================

සම්පූර්ණ බෝධි පාක්ෂික ධර්ම විස්තරය පොත බා ගැනීමට පහත පිවිසුමට ඇතුළු වන්න.

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=8006

Beyond Belief – A.L. De Silva

The purpose of this book is threefold. Firstly it aims to critically examine Christianity and thereby highlight the logical, philosophical and ethical problems in Christian dogma. In doing this I hope to be able to provide Buddhists with facts which they can use when Christians attempt to evangelize them. This book should make such encounters more fair, and hopefully also make it more likely that Buddhists will remain Buddhists. As it is, many Buddhists know little of their own religion and nothing about Christianity – which makes it difficult for them to answer the questions Christians ask or to rebut the claims they make.

The second aim of this book is to help any Christians who might read it to understand why some people are not, and never will be, Christians. Hopefully, this understanding will help them to develop an acceptance of and thereby genuine friendship with Buddhists, rather than relating to them only as potential converts. Some Buddhists may object to a book like this, believing that such a gentle and tolerant religion as Buddhism should refrain from criticizing other religions. This is certainly not what the Buddha himself taught. In the Mahaparinibbana Sutta he said that his disciples should be able to “Teach the Dhamma, declare it, establish it, expound it, analyse it, make it clear, and be able by means of the Dhamma to refute false teachings that have arisen.

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=7815

Things As They Are – Ven Ajaan Mahã Boowa Ñãõasampanno Thero

Today I’d like to take the opportunity to tell you some of my own ignorance and doubts, with the thought that we all come from the land of ignorance and doubt inasmuch as our parents and their ancestors before them were people with defilement (kilesa) that led them to ignorance as well. Even all of us here: There’s probably not a one of us who slipped through to be born in the land of intelligence and freedom from doubt. This being the case, we all must be subject to doubts.

So today I’d like to take the opportunity to resolve some of the issues that are on your minds by giving a talk instead of answering the questions you have asked from the standpoint of your various doubts, ranging from the most basic to the highest levels – which I’m not sure I can answer or not. But the questions you have asked seem to follow so well on one another that they can provide the framework for a talk instead of a question-and-answer session.

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=7933

පානදුරාවාදය හරහා සිංහල බෞද්ධ උරුමය රැකගැනීම

වසර 138 ට පෙර, එනම් 1873 අගෝස්තු 26 සහා 28 වන දෙදින තුළ පානදුරේ ගල්කන්දේ විහාරස්ථානය අසල දී “මොහොට්ටිවත්තේ ගුණානන්‍ද” හිමියන් සහා “දාවිත් ද සිල්වා” පාදිලි තුමන් අතර බුදුදමහ සහා ක්‍රිස්තියානි ආගම පිළීබඳව විවාදයක් පැවැත් වීය. මෙම විවාද ය “පානදුරා වාදය” නමින් ලෝක ප්‍රසිද්ධියට ද පත් වූවා ය. පසුව, මෙම විවාදය සම්බන්ධව සිදු වූ විශේෂ ම සිද්ධිය වන්නේ අමෙරිකානු ජාතික “හෙන්ද්‍රි ස්ටීල් ඕල්කට්” තුමා සහා රුසියානු ජාතික “බ්ලැවැට්ස්කි” මැතිනිය 1880 මැසි මස 16 වන දින ළංකාවට සැපැත් වීමයි. අද බෞද්ධ පාසැල් නමින් හඳුන්වන ආනන්ද, නාලන්ද, ධර්මරාජ, විජය, මහින්ද, ශ්‍රී සුමංගල පාසැල් ‍ඕල්කට් තුමා ගේ මැදිහත් වීමෙන් පිහිටු වූවක්. ඕල්කට් තුමා ගේ ම මැදැහත් වීම නිසා ම බෞද්ධ කොඩියකුත් අපට ලැබුණී. වෙසක් පොහෝ දිනය නිවාඩු දිනයක් වූයේ ත් ඕල්කට් තුමා ගේ මැදිහත් වීම නිස යි. බෞද්ධන් විවාහ කිරීමට ද, බෞද්ධ රෙජිස්ට්‍රාර්වරු පත් කිරීම එතුමා ගේ ම මැදිහත් වීමෙන් සිදු වූවක්.
“මොහොට්ටිවත්තේ ගුණානන්‍ද” හිමියන් ගැන දන්නා කී දෙනෙකු අප අතර සිටිත් ද? ගුණානන්‍ද හිමියන් අභීතව නැඟී නොසිටින්න 1850 තිබූ, ලංකාවේ බෞද්ධ තත්ත්වය අනුව, 19 වන සියවස අවසානය වන විට (එනම් 1800 යේ වර්ෂ කාණ්ඩය අවසන් වන විට) බුද්ධාගම ලංකාවෙන් අවසාන වන්නේ යැ යි ‍”ජේමිස් ද අල්විස් පඬිතුමා විසින් සිය සිදත් සඟරා විවරණයට ලියු ස්ථාවනාවේ දක්වා ඇතැයි” නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මඟින් ප්‍රකාශිත “පංච මහා වාදය” නම් පානදුරා වාදය ද ඇතුළත් පොතේ දැක්වා ඇත.
මොහොට්ටිවත්තේ ගුණානන‍්‍ඳ හිමියන් සහා ක්‍රිස්තියානි පාර්ශවය අතර සිදු වූ මේ විවාදය කියව වූ කී දෙනෙකු අප අතර වෙත් ද? මේ විවාදයේ දී ගුණානන්‍ද හිමියන් භාවිතා කළ තාර්කීක ක්‍රමවේදය ඔබ කී දෙනෙකු අසා දැන තිබේ ද? ගුණානන්‍ද හිමියන්ගේ විචාරශීලී බුද්ධිය දන්නා කී දෙනෙකු අප අතර වෙද් ද? එම හිමියන් මිසදුටු මත ඛණ්ඩනය කළ ක්‍රමවේදය දන්නා කී දෙනෙකු අප අතර වෙද් ද? පානදුරා වාදය ද ඇතුළත් පංච මහා වාදය කියව වූ කී දෙනෙකු අප අතර වෙද් ද? අද අප පසු කර සිටින්නේ ගුණෘනන්‍ද හිමිවරුන් සියයක් වත් ඇවැසි යුගයක යි. අදින් වසර 55 කට පෙර පානදුරා වාදය ද ඇතුලත් “පංච මහා වාදය” නිවැරැදි ලෙස ලියා තැබු “ටී. ඇස්. ධර්‍මබන්ධු” නැමැත්තාට‍ ද එය මුද්‍රණය කළ ගුණසේන සමාගමට ද අද දිනයේ අප ස්තූති වන්ත විය යුතු ය. නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ද “පංච මහා වාදය” නමින් එම පොත නව පරපුර වෙනුවෙන් මුද්‍රණය කිරීම ද එම මධ්‍යස්ථානයට ස්තූතිය හිමි වියු කරුණකි.


Permanent link to this article: https://www.dhammikaweb.com/?p=7873

Arya Ashtangika maga – Ven.Na Uyane Ariyadhamma Thero

Na_Uyane_Theroආර්ය අෂ්ඨාංගික මාර්ගය
 
පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි

සාදු.!සාදු.!සාදු.! ඔබවහන්සේට පින්සිද්ද වේවා.! මෙවන් ඉතාමත් අනර්ග දේශනා අපව තව තවත් ධර්මය තුලට රැගෙන යන අතර. නමස්කාරයෙන් ආරම්භ කර, පන්සිල් තුලින්, ආර්ය අෂ්ඨාංගික මාර්ගය හරහා අභිධර්මය තුලට ක්‍රමයෙන් ඔබවහන්සේ මේ උතුම්වූ ධර්ම දේශනයෙන් අපිව රැගෙන යන්නේ, අප තුල පවතින්නාවූ ධර්ම ගැටලු රැසකටද පිලිතුරු සපයමිනි. ( ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුල අභිධර්මය පිහිටා ඇති ආකාරය මෙම දේශනාවට අනුව අවබෝධකර ගැනීමෙන්)

..

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5829

Wisdom Develops Samadhi – Ven Ācariya Mahā Boowa Ñāṇasampanno Thero

SILA – is that which sets a limit to the “outgoing exuberance” in a person’s actions of body and speech and the responsibility for these actions and their results rests with the heart.

Good people do not like to associate with someone whose “outgoing exuberance” is not restrained by sīla, and nobody trusts him. In business and other affairs, even if there are only one or two people who have bad sīla and no sense of shame in their behaviour, it is certain that the social group in which they live and work cannot remain secure for long.

It is bound to be destroyed or set in disorder by them in whatever way they can, as soon as they have a chance when others are off their guard. It is like living with a fierce poisonous snake which is just waiting to bite whenever one is unprotected.

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=6816

බෞද්ධ ආකල්ප නූතන සමාජයට උපයෝගී වන්නේ ඇයි?

බුදු දහම වනාහි නිශ්පුද්ගල පදාර්ථයක් නොවේ. නොපෙනෙන බලවේගයක් ද නොවේ. හුදෙක් එය මිනිසා කේන්ද්‍ර කරගත් මානව කේන්ද්‍රීය වූ ආගමකි. කුමන ආගමක වුවද බලාපොරොත්තුව වනුයේ සමාජයට, පුද්ගලයාට යහපතක් සිදු කිරීම පිණිසය. නොමඟ යන මිනිසා සුමඟට ගැනීමත් අවිද්‍යාවෙන් තොර සිහි මුලාවූවන් නොමැති යහපත් , සමාජ වටපිටාවක් ඇති කර ගැනීම පිණිසත්ය. බුදුදහම උපයෝගීතාවාදයක් හෝ සුබපාරමවාදයක්, ප්‍රායෝගික ප්‍රතිඵලවාදයක් හෝ නොවේ. එහෙත් එකී ලක්ෂණ බුදුදහම තුළ නැතැයි කීමට ද නොහැකිය. කෙසේ වුවද බුදුදහම මානව කේන්ද්‍රීය ආගමකි. බුදු දහමේ සියලු ඉගැන්වීම් සාරගර්භ ඉගැන්වීම් ය. දහමේ සඳහන් බෞද්ධ ආකල්ප සමාජයට කෙතරම් වැදගත් වන්නේදැයි සොයා බැලීම වටී. මෙම ලිපිය වඩාත් නැඹුරුවක් දැක්වීමට බලාපොරොත්තු වනුයේ වර්තමානය අළලා ය. මන්දයත් වර්තමාන සමාජයට බෞද්ධ ආකල්ප වඩාත් උචිත යැයි හැඟෙන නිසාවෙනි.

එහෙත්, වර්තමාන සමාජය තුළ යුතුකම් පිළිබඳ එතරම් උනන්දුවක් නැතත් වගකීම් පිළිබඳව හැමෝම අවධානය යොමු කරති. මවුපියන් දරුවන්ට, දරුවන් මවුපියන්ට , ශිෂ්‍යයන් ගුරුවරුන්ට , ගුරුවරුන් ශිෂ්‍යයන්ට, පුද්ගලයා සමාජයට , සමාජය පුද්ගලයාට ආදි ලෙසින් යුතුකම් ඉටුකළ යුතු යැයි පෙළ දහමේ දක්වයි. චාරිත්‍ර නොකරන කිසිදු සමාජයක් සාරධර්ම අතින් යහපත් ලෙස ගොඩ නැංවිය නොහැකිය. ජීවිතාවබෝධය මත පිහිටා මිනිසා ක්‍රියා කරන්නේ නම් සමාජය යහපත් කර ගැනීමට හැකිය. යුතුකම්, සමාජයට උපයෝගී වනුයේ සමාජගත මිනිසාට අනෙකා සමගින් සුහදව ජීවත් වීමටය.

තෙවරක් සම්බුදු පා පහස ලද, මහින්දාගමනයෙන් ශිෂ්ට සම්පන්න වූ රටක් තුළ පියා, පුතා මරමින්, පුතා පියාට දස වද දෙමින්, ශිෂ්‍යයන් ගුරුවරුන් ගස් බැඳ තබමින්, ගුරුවරුන් ශිෂ්‍යයන් නොමඟ යවමින්, පුතාට අම්මා, තම සහෝදරිය නොපෙනෙමින් අකටයුතුකම් කරමින් පවිටු පටු අදහස් රජ කරන සමාජයක් බිහිවනුයේ යුතුකම පිළිබඳ අවබෝධයක් නොමැතිකම නිසාවෙනි. කළගුණ සැලකීමද මීට සමගාමීව සිදුකරන යහපත් සත් ක්‍රියාවකි.

කළගුණ සැලකීම ද මිනිසා නොදන්නා සේය. කළ උපකාරය වෙනුවෙන් පෙරළා උපකාර කිරීම බුදුන් වහන්සේ ආදර්ශයෙන් පෙන්වා දුන් සේක. වචනයකින් හෝ යම් උපකාරයක් යමෙක් කළේ නම් ඒ සැමට කළ ගුණ සැලකිය යුතුය. ආදර්ශමත් සමාජයක සිත් නිවාලන මනු දහම කළගුණ සැලකීමයි. හෙවත් යුතුකම් ඉටුකිරීමයි. පුද්ගලයාගෙන් සමාජයට ඉටුවිය යුතු යුතුකම් සියල්ල මනාව ඉටුකරයි නම් නිරන්තර සමාජයෙන් ද යුතුකම් ඉටුකිරීමට පෙළඹෙනු ඇත. මිනිසා සමාජය පිළිබඳ අවබෝධයෙන් යුතුව ජීවත් වන්නේ නම් කලකෝලාහල දඹර කර ගැනීම්, අයිතිවාසිකම් උදාකරගැනීමට පෙළඹීම් අඩුවෙනු ඇත.

බුදුදහම අකාලික වූ දහමකි. අතීතයට, වර්තමානයට , මෙන්ම හෙට අනාගතයට ද එහි වැදගත්කම අසීමිතය. මිනිසා යනු හේතුඵල දහමේ ප්‍රතිඵලයක් බව බුදුරජාණන් වහන්සේ දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේදී වදාළ සේක. කෙසේ වුවද මිනිසා වැඩෙන සත්වයෙකි. පුද්ගල රාශියක එකතුව සමාජයයි. සමාජයක් යහපත්ව අඛණ්ඩව ගලා යෑමට නම් යුතුකම්, වගකීම්වලට මුල් තැනක් දිය යුතුය. සමාජයේ ශක්තිමත් අරටුව යුතුකම් බව බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේදී සිඟාල ගෘහපතියාට පෙන්වා දුන් සේක.

මිනිසා සුහද සිතින් ජීවත් වීමට උත්සුක වෙයි. ‘සමග්ගා හොථ මා විවදථ’ සමගි වවු. විවාද නොකරවු. යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ එකමුතු කමේ, සහජීවනයේ වටිනාකම පෙන්වා දෙමිනි. අසමඟිය තුළින් කිසිවක් ජය ගත නොහැකි බවද, සමඟියෙන් එකමුතුකමින් රාජ්‍යයක් වුවද අත්පත් කර ගත හැකි බව වදාළහ. සමඟියේ කඩ ඇණය ලෙස යුතුකම් ඉටුකිරීම බව සඳහන් කිරීම යුක්ති සහගතය.

මානව ඉතිහාසයේ ප්‍රථම වරට බිහිවූ ශ්‍රේෂ්ඨතම ශීල ප්‍රතිපදාව පංචශීල ප්‍රතිපදාවයි. එහි ඇති වටිනාකම අසීමිතය. දඬුවමට, මරණයට බිය නොවන කිසිවෙක් මිහිපිට නොමැත. ගිහියාගේ නිත්‍යශීලය ලෙස පංචශීල ප්‍රතිපදාව බෞද්ධ, අබෞද්ධ සියලු දෙනාට රැකිය හැකි ප්‍රතිපදාවකි. පන්සිල් සුරැකීමේ ආනිසංස අජාසත් රජුට සාමඤ්ඤඵල සූත්‍රයේදී දේශනා කළහ. මිනිසා සමාජය සමග ජීවත් වීමේදී නොකළ යුතු කරුණු 5 ක් ලෙස මෙය දක්වා ඇත. අනුනට දඬුවම් කිරීම, හිංසාකිරීම, පරපණ නැසීම මිනිස් අයිතිවාසිකම උල්ලංඝනය කිරීමෙකි. ලොව උපන් කිසිඳු සත්ව කොට්ඨාසයක් තවෙකෙකුගේ ගොදුරක් නොවේ.

කිසිවෙකුට හිංසා කිරීම මිනිසාට අදාළ නොවන දෙයකි. පර පණ නැසීම හේතුකොටගෙන සමාජගත මිනිසාට පීඩාවෙන් භීතියෙන්, තැතිගැනීමෙන් ජීවත් වීමට සිදුවේ. තමාගෙන් පරිබාහිර කිසිඳු දෙයක් තමාට අයිති නැත. අන්සතු දේ පැහැර ගැනීම මිනිසාට කරනු ලබන බලවත් අසාධාරණයකි. සොරකම තුළින් සමාජ ගැටුම් උද්ගත වේ. පුද්ගලයා තමාගේ දේ තවෙකෙක් සොරා ගැනීමට උත්සාහ ගනු ලබන විට එය රැක ගැනීමට විධි විධාන යොදයි. එහිදී කලකෝලාහල ගැටුම් නිර්මාණයවී මිනී මැරුම් වැනි භයානක විපත් පවා සිදුවීමට බැරි නැත. කම්සුව විඳීමට සියල්ලෝ ආශාවක් දක්වති. එහෙත් කාමය වරදවා හැසිරීම පුද්ගලයාට කරනු ලබන හිංසාවක්ය.

නොසංසිදෙන ආශාව මතින් ලොව මෙතෙක් බිහිවී ඇති ඒඩ්ස් වැනි මාරාන්තික රෝග පවා එහි අනිටු ප්‍රතිඵලයන්ය. බොරු කියන්නාට කළ නොහැකි පවක් නොමැත. මිනිසුන් රැවටීම, දියුණු සහගත සමාජයක අඩිතාලම නොවේ. සිහිමද වූවන්, මත්ද්‍රව්‍ය භාවිතා කරන්න වුන් ජීවත්වන සමාජයක් කිසිදා යහපත් කළ නොහැක. එහෙයින් නූතන සමාජයට පංචශීල ප්‍රතිපදාවේ උපයෝගීතාව බෙහෙවින් බලපානු ලබන්නකි.

හිංසා පීඩා, කරදර, දුක් දොම්නස් , සියල්ලේ මූල බීජය පන්සිල් නොරැකීමයි. පන්සිල් රකින්නා දැහැමි වූවෙකි. ඒත් නූතන මානවකයා මේ සියල්ල තුළින් ඈත් වී ඇත. එනිසා සමාජ පරිහානිය පිළිබඳ පුදුම විය යුතුද නැත.

මිනිසා යනු මනසින් උසස් වූ සත්ත්වයෙකි. යමක් සිතා බලා අවබෝධ කර ගැනීමේ ශක්තිය ඔහුට ඇත. හොඳ, නරක, කුසල් අකුසල් වටහාගැනීමට තරම් නුවණක් ඇත. එනිසා කුමන ආගමක වුවද යහපත් ආකල්ප තම ජීවිතයට ළංකරගත යුතුය. සියල්ලන්ටම මෙත් සිතින් සමසේ, ආදරය, කරුණාව, දයාව දැක්විය හැකි හදවතක් නිර්මාණය කර ගැනීම තුළින් ආදර්ශමත් විය හැකිය.

සමාජ බැඳීම් අවබෝධ කරගනිමින් නිවැරැදි ජීවන ප්‍රතිපත්තියක් ඇතිකර ගත යුතුය. හංසයා කිරි සහ ජලය වෙන් කර අදුනා ගන්නාසේ මිනිසා ද හොඳ නරක වෙන්කර හදුනා ගත යුතුය. අසත්‍යය, සත්‍යයෙන් ද, මුලාව සිහියෙන් ද, ආත්මාර්ථකාමි බව දානයෙන් ද, ද්වේශය, මෛත්‍රියෙන් ද ජයගත යුතුය. ඒ සඳහා අදාළ බෞද්ධ ආකල්ප තම ජීවිතයට උපයෝගී කර ගත යුතුය.

වත්මන් සමාජගත මිනිසා ජීවත් වනුයේ මරණයෙන් සියල්ල අවසන් වන ලෙසින්ය. එහෙත් බුදු දහමට අනුව මරණය ජීවිතයේ අවසානය නොව සංසාර ජීවිතයේ ආරම්භයක් පමණි. එනිසා ජීවත් වන සුළු කාලය තුළ පින් දහම් කළ යුතුවේ. බුදු දහමට අනුව බෞද්ධයා පුනර්භවයක් පිළිගනී. පරලොව ද සැපවත් කර ගනු පිණිස මෙලොව යහපත් විය යුතුය.අයහපත් ජීවිතයක් ගත කිරීමට ඕනෑම අයෙකුට කළ හැකි දෙයකි

. එහෙත් අප උත්සාහ ගත යුත්තේ වැරැදි කරන්නවුන් අතර නිවැරැදි වූවන් ලෙස ජීවත් වීමටය.මෙලොව පරලොව, දෙලොව සිතන අයකුගෙන් හිංසාවක්, කිසිවෙකුටත් සිදුවිය නොහැකිය. වර්තමාන මිනිසා හුදු සතුටක් අපේක්‍ෂා කරනුයේ පංචේන්ද්‍රියන් පිනවීමෙන් ලබන ලෞකික සතුට පමණි.විනෝදය මත පමණක් ජීවත් වන මිනිස් සන්තානය තුළ කිසිදු සහනයක් නැත. අසහනකාරී ජීවිතය පීඩාවක් බව දැන දැනම මිනිසා එලෙසින්ම ජීවත් වීමට හුරුපුරුදු වී සිටියි.

පී‍්‍රතිමත් සදාචාර සම්පන්න ජීවිතයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය බෞද්ධ ආකල්ප බොහෝමයක් බුදුදහමේ දක්වා ඇත. ජීවිතය සකසා ගැනීමට හැකියාව ලැබෙනුයේ වර්තමානයෙන් මිස අතීතයෙන් හෝ අනාගතයෙන් නොවේ.

පුද්ගල සංවර්ධනය මේ භවයේදීම ඇති කර ගත යුතුය. සතුටු සිතින් ජීවත් වීමට උත්සාහගත යුතුය. සතුට වනාහි සුවඳ විලවුමකි. එය අන් අයට ඉසින විට තමාට ද නිතැතින්ම සුවඳ හමන්නේ ය. අසත්‍යයෙන් සත්‍යයට , අදුරෙන් එළියට, මරණයෙන් අමරණීයත්වයට පත්වන මග කුමක්දැයි අවබෝධකරගත යුතු අතර ධනය, බලය, කීර්තිය, ප්‍රශංසා, තාවකාලික වූවක් බව වටහාගත යුතුය.

බුදුරජාණන් වහන්සේ සියලු ලෝක සත්වයාට ප්‍රශංසා ආදියෙන් තොරව මෙත් වැඩූ බව බුද්ධ චරිතයෙන් පිළිබිඹු වේ. එවැනි උදාරගති පැවතුම් වත්මන් මිනිසා තුළ නොමැති තරම්ය. මිතුරන්ට මිතුරුවිය යුතුය. සතුරන්ට ද මිතුරු විය යුතුය.

ලෞකික භව භෝග සම්පත් කොතරම් තිබුණ ද ඉන් මානසික සැනසිල්ලක් ඇති කර ගැනීමට අසීරුය. සතුටක් ඇති වුවද එය තාවකාලික සැපකි.

බල ලෝභීත්වයෙන් රාජ්‍යයන් අත්පත් කරගත් අශෝක රජුට ද මානසික සැනසිල්ල උදාවූයේ ශාන්ත ගමනින් වැඩිය සත් හැවිරිදි සුමන හිමියන් දැකීමෙනි. පියා ඝාතනය කර රජකම පැහැරගත් අජාසත් රජුද කුමන සැප සම්පත් වින්ද ද හදවතින් අපමණ වේදනා වින්දෙකි. ඒ අනුව වටහාගත යුතුවන්නේ මානසික සන්තුෂ්ටිය රඳා පවතිනුයේ බාහිර බලවේගයන් තුළ නොව අභ්‍යන්තර ගුණ වගාව තුළ බවය. සීලවන්තයා සතු මානසික සැනසිල්ල පිළිබඳව බුදුරජාණන් වහන්සේ අජාසත් රජුට සාමඤ්ඤඵල සූත්‍රයේදී කරුණු දක්වති. එම සූත්‍රයට අනුව ධනයට බලයට සියල්ල සිදුකළ නොහැකි බව එදා මෙන්ම නූතන මිනිසාට ද අවබෝධ කර ගැනීම වටී.

සියල්ලටම ප්‍රධාන වනුයේ සිත බව ධම්ම පදයේ පළමු ගාථාව උගන්වයි. මිනිසා කරනු ලබන සියල්ල ක්‍රියා වන අතර ක්‍රියාවන් කිරීමේදී සිත යහපත් විය යුතුය. චුල්ලකම්ම විභංග සූත්‍රයේදි බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” මහණෙනි මම චේතනාව කර්මය ලෙස හඳුන්වමි. යමෙක් පිරිසුදු සිතින් යමක් කියයි ද කරයිද එයම ඔහුගේ සැප පිණිස පවතී. වර්තමාන මිනිසා රාගයෙන් අන්ධ වී , ද්වේශයෙන් රත්ව මෝහයෙන් මුලාවී සියල්ල මමය මාගේය යැයි තෘෂ්ණාවෙන් වෙළාගනිමින් සිටින්නෙකි. දෑස් පෙනුන ද අන්ධයන්සේ සිහිවිකල් වූවන්සේ දුවන්නන් වාලේ දුවති. මිනිසා එසේ වන විට ඔහුගේ පරිහානිය ද අතළඟය. බුදු දහම බුද්ධි ගෝචර දහමක් වූ හෙයින් බෞද්ධ සමාජ ආකල්ප මොනවාදැයි මිනිසා අවබෝධ කර ගනු ලබන්නේ නම් යහපත් පුරවැසියෙක් බිහිකර ගත හැකිය.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=7776

The Reality of Nature

I have come to learn what is………………..

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=7449

Viriya Paramitha – Ven Na Uyane Ariyadhamma Thero

Na_Uyane_Theroවීර්‍ය පාරමිතා  – නා උයනේ අරියධම්ම මහනාහිමි
 
 

 

Download

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5826