The Five Precepts – Buddhism for Kids

compress_five_preceptWhen they said no lies they looked at each other, but when they said “no alcohol” they looked off camera

The Five Precepts:

1. Panatipata veramani sikkhapadam samadiyami
I undertake the precept to refrain from destroying living creatures.
2. Adinnadana veramani sikkhapadam samadiyami
I undertake the precept to refrain from taking that which is not given.
3. Kamesu micchacara veramani sikkhapadam samadiyami
I undertake the precept to refrain from sexual misconduct.
4. Musavada veramani sikkhapadam samadiyami
I undertake the precept to refrain from incorrect speech.
5. Suramerayamajja pamadatthana veramani sikkhapadam samadiyami
I undertake the precept to refrain from intoxicating drinks and drugs which lead to carelessness.

[mp4]http://assets4.dhammikaweb.com/uploads/2013/01/How-do-you-teach-Buddhism-to-Children_-No-lies-_-No-Smoke.mp4[/mp4]

.
Question:-
Other religions derive their ideas of right and wrong from the commandments of their god or gods. You Buddhists don’t believe in a god, so how do you know what is right and wrong?

Answer”-
Any thoughts, speech or actions that are rooted in greed, hatred and delusion and thus lead us away from Nirvana are bad and any thoughts, speech or actions that are rooted in giving, love and wisdom and thus help clear the way to Nirvana are good. To know what is right and wrong in god-centered religions, all that is needed is to do as you are told. But in a human-centered religion like Buddhism, to know what is right or wrong, you have to develop a deep self-awareness and self-understanding. And ethics based on understanding are always stronger than those that are a response to a command. So to know what is right and wrong, the Buddhist looks at three things – the intention, the effect the act will have upon oneself and the effect it will have upon others. If the intention is good (rooted in giving, love and wisdom), if it helps myself (helps me to be more giving, more loving and wiser) and help others (helps them to be more giving, more loving and wiser), then my deeds and actions are wholesome, good and moral. Of course, there are many variations of this. Sometimes I act with the best of intentions but it may not benefit either myself or others. Sometimes my intentions are far from good, but my action helps others nonetheless. Sometimes I act out of good intentions and my acts help me but perhaps cause some distress to others. In such cases, my actions are mixed – a mixture of good and not-so-good. When intentions are bad and the action helps neither myself nor others, such an action is bad. And when my intention is good and my action benefits both myself and others, then the deed is wholly good.

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14470

Nama-Rupa & Vinnana (04) – Ven Katukurunde Ñāṇananda Thero

Nama_Rupa_Vignanaනාම-රූපය සහ විඥ්ඥාණය පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි

‘‘අන්‌තො ජටා බහි ජටා, ජටාය ජටිතා පජා; තං තං ගොතම පුච්‌ඡාමි, කො ඉමං විජටයෙ ජට’’න්‌ති.

‘‘සීලෙ පතිට්‌ඨාය නරො සපඤ්‌ඤො, චිත්‌තං පඤ්‌ඤඤ්‌ච භාවයං; ආතාපී නිපකො භික්‌ඛු, සො ඉමං විජටයෙ ජටං.

‘‘යෙසං රාගො ච දොසො ච, අවිජ්‌ජා ච විරාජිතා; ඛීණාසවා අරහන්‌තො, තෙසං විජටිතා ජටා.
‘‘යත්‌ථ නාමඤ්‌ච රූපඤ්‌ච, අසෙසං උපරුජ්‌ඣති; පටිඝං රූපසඤ්‌ඤා ච, එත්‌ථෙසා ඡිජ්‌ජතෙ  ජටා’’.

ඉහත ගාථා දකින්න ලැබෙන්නේ සංයුත්‌තනිකාය-සගාථාවග්‌ගපාළි-1. දෙවතාසංයුත්‌තං , 3. ජටාසුත්‌තං 

සූත්‍රය පාළියෙන් සහ ආසන්න වශයෙන් සිංහල තේරුම කියවීමට

එක්තරා දේවතාවෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නය තමා පලවෙනි ගාථාවෙන් දක්වන්නේ, ඊලග ගාථා තුනේ තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ දුන් පිලිතුරුයි. ” ප්‍රඥ්ඥාවන්ත වූ මනුෂ්‍යයා…….මෙසේ විග්‍රහ කරමින් අවසාන ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ මෙසේ වඳාළ සේක. යම් තැනක නාමයත්, රූපයත් – පටිඝයත්, රූප සංඥාවත් සම්පූණයෙන්ම වලකවා ගනු ලැබේ ද, මෙතනයි ඒ ජටාව සිඳිනු ලබන්නේ. ඔන්න එතකොට ගාථාවල සාමාන්‍ය අර්ථය. ඉතින් මේ ගාථා හතර අතුරින් මුල් ගාථ දෙක බොහෝ දෙනා දන්නවා ඇති මොකද විශුද්ධි මාර්ගයේ ඒ බුද්ධගෝස අටුවාචාරීන් වහන්සේ  විශුද්ධි මාර්ගට පාදක කරගෙන තිබෙන්නේ මේ මුල් ගාථා දෙකයි. නමුත් අපට පේන හැටියට, අන්තිම ගාථාව තමයි වැදගත්ම, ගැඹුරුම ගාථාව,  අපි පසුගිය දේශනාවේ දී මහානිධාන සූත්‍රය ආශ්‍රයෙන් පැහැදිලි කළා, නාමයෙන් කෙරෙන හැදින්වීම තුලින් රූපයට අධිවචනසම්පස්සියක් සැලසෙන බවත්, රූපයෙන් ලැබෙන ගැටීම තුලින්, නාමයට පටිඝසම්පස්සියක් ලැබෙන බවත්, මේ දෙක එකතු වෙලයි ස්පර්ශය හැදෙන්නේ කියා.  කොටින්ම ඒ නාමයත්, රූපයත් අතර ඒවාට අදාල නිමිති ලක්ෂණ වලින් වෙලුමක් වගේ බැඳිලා තිබෙනවා ඕක තමයි අපට පේන විදිහට  “අන්‌තො ජටා ව”. ඊලගට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා නාමරූපයත්, විඥ්ඥායත් අන්යෝන්‍ය වශයෙන් වෙලිළා පවතින වා   ඕක තමයි   “බහි ජටා  ව”

නමුත් අප මෙහෙම තේරුවට බුද්ධගෝස අටුවාචාරින් වහන්සේ සංයුත්‌තනිකායේ ජටා සූත්‍රයට අටුවාව දෙන්නේ මෙහෙමයි. උන්වහන්සේ කියන්නේ ජටාව කියන්නේ තන්හාව, ” අන්‌තො ජටාව” කියන්නේ තමන්ගේ පරිශ්කාර වලට තියෙන තන්හාව, “බහි ජටාව” කියන්නේ අනුන්ගේ පරිශ්කාර වලට තියෙන තන්හාව කියා. තවත් විදිහකට තෝරනවා තමන්ගේ ආත්මභාවය මේ ශරීරය, මේ ශරීරයට තියෙන ඇල්ම තමා අන්තො ජටා ව, අනුන්ගේ ශරීර වලට තියෙන ඇල්ම, අනුන්ගේ ආත්මභාව වලට තියෙන ඇල්ම තමයි බහි ජටා ව. තවත් තේරුමක් දෙනවා, ආධ්‍යාත්මික ආයතන හය එනම් ඇස,කන,නාසය,දිව,කය,මන කියන හයේ අන්තො ජටා ව, බහි ජටා ව යනු ඒවාට තියෙන අරමුණු, රූප,ශබ්ධ,ඝන්ධ,රස,කොට්ඨබ්බ,ධම්ම ඔන්න ජටා ව තෝරන හැටි බුධගෝස හාමුදුරුවෝ. ඉන් පස්සේ නාමය තෝරන්නේ වේදනා, සංඥ්ඥා,සංස්කාර,විඥ්ඥාණ කියන හතර ස්කන්ධය කියා

නාමය කියන්නේ කිසි සේත් එතනට විඥ්ඥාණය අයිති නැහැ. පසුගිය දේශනාවේ දී (185) ඇගිලි ගනින්නට සලස්වා බුද්ධ වචනය හිතට කා වැද්දුවා, නාමයට කිසිසේත් විඥ්ඥාණය අයත් වන්නේ නැහැ, නාමය කියන්නේ වේදනා, සංඥ්ඥා, චේතනා, පස්ස,මනසිකාර කියන ධර්ම පහ බව. 

බලන්න අටුවා සම්ප්‍රදාය තුල කවුරුත් කියන්නේ, නාමය කියලා කියන්නේ අර ස්කන්ධ හතර කියා. එය එහෙම් පිටිම්ම වැරදියි. විඥ්ඥාණය කිසිසේත් නාමයට ඇතුල් කරන්න බැහැ. 

ඔන්න ඊලගට “පටිඝං රූප සංඥ්ඥා” කියන එක තෝරන්නේ අටුවාචාරීන් වහන්සේ මෙහෙමයි…..………..

.

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14537

Vidhasun Upades – Ven Katukurunde Ñāṇananda Thero

vidasunවිදසුන් උපදෙස්  පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි

විදර්ශනා භාවනාවේ දී පිළිපැදිය යුතු මනසිකාර විධිය සහ ආනාපාන සති භාවනාවේ ධම්මානුපස්සනාව අළලා දේශිත මෙම “විදසුන් උපදෙස්” දෙසුම ධම්ම පදයේ එන ගාථාවක අර්ථ කථනය ස්වරූපයෙන් විකාශනය වන්නකී. 

මුලින්ම සදහන් වෙනවා ඒ භාවනා මනසිකාරයේ යම්කිසි දියුණු තත්වයක්. යම් කෙනෙකුගේ සිත  සම්බොජ්ජංග පිළිබඳ මැනවින් වැඩුණු තත්වයකට, දියුණු තත්වයකට පැමිණ පවතී ද කියන එකයි.

මේ  සම්බොජ්ජංග සදහන් වන්නේ  බෝධිපාක්ෂික ධර්ම සතර සතිපට්ඨානය, ඒවායින් ඊලගට සතර සම්‍යක් ප‍්‍රධාන, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල-මේවා දියුණු කිරීමෙන්-මේවා ක්‍රමානූකූලව දියුණු කිරීමෙන් කෙනෙකු තුල මේ  බොජ්ජංග  ධර්ම වැඩෙනවා. බුදුපියාණන් වහන්සේගේ බෝධිපාක්ෂික ධර්ම දැක්වීමේ දී එක්තරා ක්‍රමානුකූලත්වයක් තිබෙනවා. ඒවා එකක් වඩලා, කලකට පස්සේ අනිත් එක වැඩීම වගේ දෙකක් නොවෙයි. නමුත් ඒවායේ යම්කිසි ක්‍රමානුකූලත්වයක් තිබෙනවා. ඒ බොජ්ජංග  ධර්ම මේ තරම් මේ සුභාවිත තත්වයට වැඩෙන අවස්ථාව වනකොට, අර අනෙකුත් කියන දේවල් හුගක් දුරට වැඩිල. මේ සුභාවිත තත්වයට හිත වැඩෙන්නේ   බොජ්ජංග තුලින්.   මේ  බොජ්ජංග හත පිළිබඳව එක්තරා පෙලගැසීමක් ඇති තැනට පත්වීමෙන්……….

ඊලගට තවත් පැත්තකින් මේ බොජ්ජංග ධර්ම වැඩීම ගැන හිතල බලන කොට, මුල් අවධියේ දී, මුල් අවස්ථාවේ දී මේ ධර්ම පෙලගස්වන්න අමාරු බවක් පේනවා අර ඉන්ද්‍රීය සමතාවය ගැන ප්‍රකාශ කරනවා වගේ 

ඔබගේ නිවන් මාර්ගයට පිවිසීමට මෙම පොත ප්‍රවේශයක් වේවා!

Free Download

.

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14541

දැනුම දියුණු කිරීමෙන් මනස දියුණු වෙයි ද?

– අග්ග මහා පණ්ඩිත, ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමි

 සක්වළම දකිනුවස් දෙවැනි මනසක් හා තෙවැනි ඇසක් අවැසි වේ. මේ අතර ඇතමුන් දැනුමේ දියුණුව මනසේ මහිමයට සම කරනු පෙනෙයි එහෙත් මේ දෙක අතර පැහැදිලි වෙනසක් තිබේ. නැතහොත්, දැනුමෙන් දියුණුව ලබන මිනිසුන් අද දවසේ වඩාත් සැනසුමට පත් වනු ඇත. ඊට බලපාන හේතු කවරේද? යන්න පිළිබඳව ‘සක්වළ සක්මන’ 28 වෙනි පියවරින් මෙලෙස විමසා බලමු.

 මහ නායක හාමුදුරුවනේ, ‘මනසක්’ ඇත්තේ මනසින් උසස් මිනිසුන්ට පමණක් ද?

නැහැ. ‘මනස’ කියන එක මිනිස්සුන්ට පමණක් සීමා වූවක් නොවෙයි. දේව, භූත ආදී විවිධ (සූක්‍ෂම) ජීවිත ගත කරන්නන්ටත් මනසක් තිබෙනවා. හැබැයි මනුෂ්‍යයන්ගේ මනසේ මහිමය ඒ කිසිදු ජීවී කොට්ඨාසයකට සම කරන්නට බැහැ. උතුම් බුද්ධත්වය, නිර්වාණය අවබෝධ කර ගැනීමට හා ධ්‍යාන වඩා උසස් බඹලොව ඉපදීමට පවා මනස දියුණු කිරීමෙන් අපට පුළුවන්. සියලු සක්වළෙහි ම මිනිස් සිතට කළ නොහැක්කක් නැහැ කියලා කිව්වේ ඒ නිසායි.

සක්වළ වෙසෙන පෙනෙන නොපෙනෙන හා උපන් නූපන් සියලු සත්ත්වයන්ටම නොදෙවෙනි මනසක් මිනිසාට පවතිනවා. මඩ තැවරුණු මැණිකක් කපා ඔප දමා පිරිසුදු කළාට පසු බබළනවා, දිදුළනවා වගේ මනසත් ආධ්‍යාත්මිකව පුබුදු කර ගැනීම කළ යුතු වෙනවා. නූතනයේ සිදු වෙන්නේ, මනස දියුණු කරනවාය කියලා දැනුම වර්ධනය කර ගැනීමක් පමණයි.

උගත් – බුද්ධිමත් වෙනස

එතකොට, ‘දැනුම’ දියුණු කිරීමෙන් ‘මනස’ දියුණු වීමක් සිදු වෙන්නේ නැහැ කියලා ද? ඔබ වහන්සේ කියන්නේ.

ඔව්. දැනුම දියුණු කිරීමෙන් ඕන තරම් උගතුන් බිහි වෙනවා. නමුත්, මනස දියුණු කිරීමෙන් පමණයි බුදු, පසේ බුදු, මහරහත් උතුමන් හා ධ්‍යාන ලැබූ බඹලොව බඹුන් ආදී උතුමන් සක්වළ පහළ වෙන්නේ. උගන්නපු දේ ඉගෙන ගත්තු අයට උගත්තු කියනවා. ඒ වුණාට උගතුන් හැමවිටම බුද්ධිමතුන් වෙන්නේත් නැහැ.

නිදර්ශනයක් වශයෙන් දැන් වෘක්‍ෂලතාවල ක්‍රියාකාරීත්වය, සත්වයන් හා ඔවුන්ට වැළඳෙන ලෙඩ රෝග, විද්‍යාව හා තාක්‍ෂණය මෙන්ම ග්‍රහලෝකවල ස්වභාවය ආදී කරුණු පිළිබඳ දැනුම දියුණු කළ හැකියි. නමුත් එමඟින් මනස දියුණු වීමක් වෙන්නේ නැහැ. මනස දියුණු කිරීමෙන් ළඟා කර ගත හැකි නිරාමිස සුවය සැනසීම දැනුම දියුණු කිරීමෙන් පමණක් ලබා ගන්නට බැහැ.

ඩයිනමෝවක් ද? මනස

ඒ වුණාට, ‘මනස’ කියන එක අපේ ශරීරයේ ඇති එහෙත් පෙනෙන්නට නැති වස්තුවක් නේද?

‘මනෝ’ යන්නෙහි ක්‍රමිකව ඉදිරියට ගලාගෙන එන කිසියම් ශක්තියක් පවතිනවා. උදාහරණයක් ලෙස නූතන ඩයිනමෝවක් කැරකෙන කොට එහි යන්ත්‍රයක් (ශරීරයක්) වගේ ද්‍රව්‍යයක් සම්බන්ධ කර ඇති ආකාරය අනුව විදුලි බලය, ආලෝකය උපදිනවා (ජනනය වෙනවා) නමුත්, එහි කැරකැවීම නතර වූ පසු එම විදුලිබලය නතර වෙනවා. ඒ වගේම මනසේ හාස්කම් මතු වන්නේත්, කිසියම් මනුෂ්‍ය ශරීරයක් ඇසුරු කර ගෙනයි.

කොහොම වුණත්, භෞතික වශයෙන් මනුෂ්‍ය ශරීරය හඳුනාගෙන මනස හෝ මනසේ විවිධ ශක්තීන් හෝ හඳුනා ගන්නට බැහැ. දැන්, මිනිස් මොළයේ නිර්මාණය වීම බැලුවත් පුදුම සහගතයි. එහි ස්වභාවිකව විවිධ තරංග නිපදවීමේ හා ස්නායු පද්ධතිය ඔස්සේ ශරීරයෙන් බැහැරට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවක් පවතිනවා.

එතකොට, ‘දැනුම’ ඇත්තේ උසස් මනසක් තියෙන මිනිසුන්ට පමණයි ද?

නැහැ. ‘දැනුම’ කියන දේ මිනිසුන්ට, තිරිසන් සතුන්ට වගේම ගස්වැල්වලටත් තිබෙනවා. දැනුම නිරුත්සායෙන් (අනායාසයෙන්) හා උත්සාහයෙන් (ආයාසයෙන්) වර්ධනය වෙනවා. ගස්වැල් වුණත් මුල් අල්ලා දලුලා වැඩෙන්නේ හිරුඑළිය, පොහොර සොයා ගෙනයි. මීමැස්සන් උන්ගේ දැනුම අනුව මල් පැන් සොයා ගෙන රැස්කර ගන්නවා. කුහුඹුවන් වැසි කාලයට පෙර ආහාර එක්රැස් කර තබා ගන්නේ උන්ගේ දැනුම අනුවයි.

මිනිසුන්ට දැනුම වර්ධනය කර ගැනීමට බොහෝ ක්‍රමවේද තිබෙනවා. ආභාසයෙන්, පරම්පරාවෙන් වගේම පොත පතින්, පාඨශාලාවලින් හා විවිධ පර්යේෂණ මඟින් ආදී වශයෙන් අවස්ථාවන් බොහොමයක් ඒ අතර පවතිනවා.

ඒ නිසාම මිනිසාගේ දැනුම තුළ ඉතා සංකීර්ණ හා විසිරුණු මෙන්ම පෘථුලබවක් දැකිය හැකියි. එබැවින් දැනුම අතිනුත්, මිනිසා තරම් සන්නද්ධ සත්වයෙක් මිහිපිට තවත් නැහැ.

දැනුම වැඩිවීම හා සතුට අඩුවීම

එහෙමනම්, මිනිසාගේ මානසික දියුණුව පසුබෑමට හා අඩු වීමට හේතුව දැනුම වැඩි වීම ද?

ඔව්. දිනක් ආනන්ද තෙරුන්, බුදු හාමුදුරුවෝ සමීපයට පැමිණ ‘භාග්‍යවතුන් වහන්ස….. මුල් කාලයේ දී වැඩි දෙනෙක් රහත් වූ නමුත් පසු කාලයේ දී එලෙස රහත් වීමේ පිරිස අඩු වීමට හේතුව කුමක්දැයි විමසා සිටියා.

ඊට පිළිතුරු වශයෙන් බුදු හාමුදුරුවෝ විස්තර කළ කරුණු අතර ‘උගත්කම – දැනුම වැඩි වීම’ (බාසුසච්ච මහත්තං පත්තෝ හෝති) පවා දැක්වෙනවා. බුදු හාමුදුරුවෝ දුටු ‘මානසික දියුණුව‘ කියන්නේ, දැනුම – උගත්කම ම නොවන බව ඒකෙන් ම පැහැදිලි වෙනවා.

අපේ ගැමි වහරේ වුණත් ‘පණ්ඩිතයට ඒ දණ්ඩේවත් යන්න බෑ’ ආදී කියමන් නිර්මාණය වී තිබෙනවා. අද දැනුම, උගත්කම මනින්නේ සමත් විභාග හා උපාධි නාම වලිනුයි. නමුත් එහෙම එක විභාගයක්වත් සමත් නැති කිසිම උපාධිනාමයක්වත් නැති මිනිසුන් දෙසූ, ලියූ බොහෝ දේ අද මහා උගතුන් පවා පරිශීලනය කරනවා. පිළිගනු ලබනවා. එඩ්ගාර්කේසී හා මාර්ටින් වික්‍රමසිංහ යනාදී වශයෙන් විවිධ තරාතිරමේ මිනිසුන් ඒ සඳහා නිදර්ශන සපයනවා.

චුල්ලපන්ථක කතා පුවත

හොඳයි. නිතර විෂය කරුණු අමතක වන දැනුම උගත්කම අඩු අයට මනස දියුණු කරන්න බැරිද?

චුල්ලපන්ථක තෙරුන්ගේ කතා පුවත ඔබ ඇසූ ප්‍රශ්නයට හොඳ පිළිතුරක් සපයනවා. උන්වහන්සේ කිසිවක් ඉගෙනීමට අපොහොසත්, නුවණ මද කෙනෙකු ලෙස සලකා ගුරුහාමුදුරුවන් ආරාමයෙන් නික්මී ගෙදර යන ලෙස දැනුම් දුන්නා. ඒ අතරේ දී බුදුහාමුදුරුවන් චුල්ලපන්ථක තෙරුන්ට මනස දියුණු කර ගැනීමට මඟ පෙන්නුවා. ඒ අනුව, උන්වහන්සේ උපරිම මානසික දියුණුව ලබා ගත්තා. චුල්ලපන්ථක තෙරුන් මාර්ගඵල අවබෝධය ලබා ගත්තේ, විෂය කරුණු මතක තබා ගැනීමෙන් හෝ දැනුම දියුණු කිරීමෙන් නොවෙයි.

දියුණුව විඳිමු

එහෙමනම්, මනස වැඩිදියුණු කර ගැනීමට හැකි අංශ මොනවාද?

ඔව්. අපේ මනස වැඩිදියුණු කිරීම අංශ දෙකකින් සිදු වෙනවා. (1) මානය, ආශාව, කාමය, කෝපය, මුළාව හා ඊර්ෂ්‍යාව යන හැඟීම් තුනී කර ගැනීම එක් අංශයක්. අනෙක, (2) සිතෙහි මෙත්තා, කරුණා, මුදිතා හා උපේක්‍ඛා යන සිතිවිලි දියුණු කර ගැනීමයි.

මෙම අංශ දෙකම එකිනෙකින් පෝෂිත වෙමින් මානසික දියුණුව ඉදිරියට ගෙන යන බව ඊට අප අනුගත වීමෙන් අපටම වැටහෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ ඔස්සේ ඔබ ඉදිරියට යන සෑම පියවරකදීම ඔබට යහපත් ප්‍රතිඵල දැකීමට හැකි වෙනවා. මෙසේ ලබන දියුණුව, ඔබ මෙම ජීවිතයෙන් පසුව ලබන ජීවිතවලදී විශේෂයෙන් බලවත් වීමට හා ඒවා නිසැකවම ඉතා රසවත් අත්දැකීමක් වීමට උපකාරී වෙනවා.

සාකච්ඡා සටහන
චාමික මුණසිංහ

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14466

Buddhism and Science – Ven Ajahn Brahm Thero

BuddhismAjahn Brahm gave the public talk on “Buddhism and Science” at the University of Toronto on November 7, 2012. Organized by New College,

University of Toronto: Buddhism, Psychology and Mental Health Program. The talk was sponsored by Nalanda College of Buddhist Studies.

[youtube]ZoUMLb8es4A[/youtube]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14552

Nibbana ( 10th sermen) – Ven Katukurunde Ñāṇananda Thero

nivane_niveema_X_0010නිබ්බාන දෙසුම් පෙලේ 10 වෙනි දේශනය (දෙසුම් 33 කින් සමන්විත) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

මේ නාමරූප පිළිබිබුව සත්‍ය වශයෙන් ගැනීම නිසා ඇතිවන සක්ඛාය දිට්ඨිය නිසා භව,විභව වශයෙන් ගත්ත දෘෂ්ඨි දෙක අන්ත දෙකක් ඔස්සේ ගමන් කළා. ආත්මයක් ඇත කියන හැගීම අරගෙන මේ ආත්මය දිගටම ගෙන යාමට කාමසුඛල්ලිකානු ප්‍රතිපදාව ඔස්සේ ගමන් කලා.  විභව දෘෂ්ඨිය එහෙම නැත්නම් උච්ඡේද දෘෂ්ඨිය, ආත්ම ද්වේශය ඇති කර ගෙන ඒ අතථඛිලමතානු දෘශ්ඨිය ඔස්සේ ගමන් කළා. මේ විදිහට මේ අන්ත දෙකම අර පිලිබිබුවක්, පිලිබිබුවක්, ලෙස තේරුම් නොගැනීම නිසයි මේ ලෙස අවුලකට පත්වුනේ.

මෙම දේශනාවට පාදක කර ගෙන ඇත්තේ  බ්‍රහ්‌මනිමන්‌තනික සූත්‍රයයි “පථවිං ඛො අහං, බ්‍රහ්‌මෙ, පථවිතො අභිඤ්‌ඤාය යාවතා පථවියා පථවත්‌තෙන අනනුභූතං තදභිඤ්‌ඤාය පථවිං නාපහොසිං, පථවියා නාපහොසිං, පථවිතො නාපහොසිං, පථවිං මෙති නාපහොසිං, පථවිං නාභිවදිං. – බ්‍රහ්‌මනිමන්‌තනික සූත්‍රය (පාළි/සිංහල )මජ්‌ඣිමනිකාය1, මූලපණ්‌ණාසපාළි , චූළයමකවග්‌ගො page 764 – 775   9.බ්‍රහ්‌මනිමන්‌තනික සූත්‍රය(පාළි)    

බුදුපියාණන් වහන්සේ ලෝකෙට හඳුන්වා දුන් මධ්‍යමප්‍රතිපදාව මේ අන්ත දෙකෙන් මිදුනේ කෙසේ ද, භව විභව දෘෂ්ඨි දෙක වෙනුවට යථාභූත ඥාණ දර්ශනයක් ඉදිරිපත් කිරීමෙන්. ඒ කියන්නේ අර නාමරූප,පිළිබිබුවක්, පිළිබිබුවක් ලෙස ලෝකයට වටහා දුන්නා. යථාභූත වචනයේ විශේෂ වැදගත්කමක් තියෙනවා. “යථාභූත” කියන වචනය පැහැදිළි කර ගැනීමට අපට උපකාර වෙනවා……….

10 වෙනි දේශනය

.

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14461

බුද්ධ ධර්මය සහ මනෝවෛද්‍ය විද්‍යාව – 13 ,

 මනෝරංග චිකිත්සාව

– දිනක් රොමේනියානු ජාතික මනෝවිකිත්සක ජේකොබ් ලෙව් මොරෙනෝ (Jacob Levy Moreno) වියනාවේ උද්‍යානයක් මැදින් ඇවිදිද්දී ළමුන් පිරිසක් එකතු ව යම් කටයුත්තක යෙදෙනු දුටුවේ ය. මේ තරම් උනන්දුවකින් ළමුන් කුමක් කරත්දැයි කුතුහලයෙන් බලා සිටි මොරේනෝ ඔවුන් එ තැනදී එවේලේම සම්මත කරගත් කතන්දර ජවනිකාවක් රඟපාන බව වටහා ගත්තේ ය.

සාමාන්‍යයෙන් කතන්දරයක් අසනවිට හෝ කියවන විට හෝ නො දැක්වූ උනන්දුවක් එම රංගනයෙහි යෙදෙන විට ඔවුන් දැක්වූ බව ද මොරේනෝ වටහා ගත්තේය. රංගනයේදී ප්‍රකාශනය වූ චිත්ත වේගවල ගැඹුරු බව, මොරේනෝ මවිතයට පත් කළේය. මනෝචිකිත්සක ක්‍රමයක අවශ්‍යයෙන්ම තිබිය යුතු එ වැනි ගති ලක්ෂණ රාශියක්ම ළමුන්ගේ එම රංගනය තුළ දුටු මොරේනෝ එ දින නිවස බලා පිය නැගුවේ, තමා නවතම මනෝචිකිත්සක ප්‍රතිකාරයක් සොයා ගත් බව කල්පනා කරමිනි.

මේ සිද්ධිය වූයේ 1920 වර්ෂයේදීය. මොරේනෝගේ කල්පනාවලියේ ප්‍රතිඵලය වූයේ වියනාවේ ස්ටෙග්ග්‍රෙට් රඟහලෙන් නව චිකිත්සක ක්‍රමයක් බිහි වීමයි. මොරේනෝ එය ‘මනෝරංග‘ නමින් හැඳින්වී ය.

ලෝකයේ බොහෝ රටවල මනෝවෛද්‍ය ඒකකවල සමූහ මනෝචිකිත්සක ප්‍රතිකාරයක් (Group Psychotherapy) වශයෙන් ,ශතවර්ෂයක් පමණ පැරණි මෙම මනෝරංග ප්‍රතිකාරය විශේෂයෙන්ම බාහිර රෝගීන් වෙනුවෙන් ලබා දෙන සැසි පැවැත්වෙයි. කොළඹ ජාතික රෝහලද ගාල්ලේ කරාපිටියේ ශික්ෂණ රෝහල ද එවැනි ප්‍රතිකාර සැසි පවත්වා ඇත. ගාල්ලේ කරාපිටියේ මනෝ වෛද්‍ය ඒකකයේදී පුරා වර්ෂ 20 ක පමණ කාලයක් තිස්සේ, සෑම සතියක ම සෙනසුරාදා මමෝරංග වෙනුවෙන් පැය දෙකක් වෙන් කර තබන ලදී. මීට අමතරව බූස්සේ බන්ධනාගාරයේදී ද,හේමාස් සදර්න් රෝහලේදීද, කොළඹ ‘දම්රිවි’ පදනමේදී ද වරින් වර මනෝරංග සැසි පවත්වන ලදී.

ඉහත සඳහන් සෑම මනෝරංග සැසි සඳහා මා තේමා තෝරා ගත්තේ පන්සිය පනස් ජාතක පොතෙහි කථාවලින් පමණි. මනෝරංග අධ්‍යක්‍ෂණය කිරීමේදී මා ලත් අත්දැකීම් පිළිබඳ විස්තර 2000 දී මා ලියු “ජාතක කථා පිළිබඳ මනෝවෛද්‍ය විද්‍යාත්මක කරුණූ “ (Psychiatric Aspects of Jataka Stories) ග්‍රන්ථයෙහි සහ 2012 දී මා ලියූ ජාතක ගීත සංග්‍රහය ග්‍රන්ථයෙහි ඇතුළත් වෙයි.

අවශ්‍යතා

මනෝරංග චිකිත්සාව සඳහා අවශ්‍යතා පංචකයක් මොරේනෝ විස්තර කර ඇත. ඒ මෙසේ ය.

1.අධ්‍යක්ෂක-
2.ප්‍රධාන චරිතය
3.සහායක චරිත-
4.පේ‍්‍රක්ෂක පිරිස

5. වේදිකාව-අධ්‍යක්ෂක සාමාන්‍යයෙන් චිකිත්සකවරයා ම ය.තේමාව තෝරා ගනු ලබන්නේ යමකු වෙනුවෙන් ද එම පුද්ගලයා ප්‍රධාන චරිතය යි. සාමාන්‍යයෙන් රෝගීහු කිහිප දෙනෙක් මාරුවෙන් මාරුවට ප්‍රධාන චරිතය රඟපාති. කථාවේ විවිධ චරිත රඟපාන අය සහායක චරිත වෙති. අපේ ඒකකයේ බාහිර සහ නේවාසික රෝගීහු ඔවුන්ගේ නෑදෑයෝ ,වෛද්‍ය, වෘත්තීය චිකිත්සක මනෝවිද්‍යාඥ, වෛද්‍ය ශිෂ්‍ය සහ ස්වේච්ඡා පිරිස් සහායක චරිත අතර වූහ. ඔවුන් අතරින් රඟපෑමට තෝරා ගනු නො ලැබූ අය පේ‍්‍රක්ෂක පිරිස ලෙස පිළිගනු ලැබූහ. මොරේනෝගේ අවශ්‍යතා පංචකයේ පස්වැන්න වූයේ අචේතනික වේදිකාවයි. අපේ ඒකකයේ පේ‍්‍රක්ෂක පිරිස කවය මැද භූමි කොටස වේදිකාව වශයෙන් පිළිගැනිණි.

අවස්ථාව

මනෝරංග සැසිය අවස්ථා තුනකින් සමන්විතය එනම්.

1. උත්ක්‍රමණය
2. රංගනය
3. ප්‍රතිපෝෂණය

උත්ක්‍රමණය

උත්ක්‍රමණය යනුවෙන් මොරේනෝ අදහස් කෙළේ බොහෝ කාර්යයන් ආරම්භ කිරීමට පෙර සූදානමක් හැටියට කරනු ලබන ක්‍රියාවලියයි. ක්‍රිකට් පිතිකරුවකු පිටියට පා නගන්නට පෙර පන්දුවට පහර දෙන්නාක් මෙන් පිත්ත හසුරුවන ලීලාව, සමහරුන් වැදගත් ලියවිල්ලකට අත්සන යෙදීමට පෙර පෑන හසුරුවන ලීලාව සහ මෝටර් රථයේ එන්ජිම ධාවනාරම්භයට පෙර රත් කරනු ලබන ආකාරය උත්ක්‍රමණයට උදාහරණය.

මනෝරංග සැසියේ ආරම්භයට පෙර සහභාගි වන අය ඔවුනොවුන් හඳුන්වා ගනිමින්ද චිකිත්සකවරයා සමග කතා බස් කිරීමෙන්ද විනාඩි කිහිපයක් ගත කිරීම සිරිතකි.

රංගනය

අධ්‍යක්‍ෂකවරයා, සහභාගි වන අයකුගේ, විශේෂයෙන් ම ප්‍රධාන චරිතය රඟපාන්නාගේ, අතීත අත්දැකීමක් හෝ මෑතකදී පළ වූ පුවත්පතක වාර්තා වී තිබෙන සිද්ධියක් හෝ, මමෝරංග තේමාව හැටියට තෝර ගනියි.තේමා පිළිබඳ මොරේනෝ පවසා ඇත්තේ, ඒ ඒ රටවල ලියැවෙන විවිධ කථා වස්තුන් එම රටවල සංස්කෘතියට ගැළපෙන අන්දමින් මනෝරංග සඳහා උපකාර කරගත හැකි බවයි. කිසිදු ආගමික හෝ ජාතික හෝ වෙනසක් නැතිව අප රටෙහි සංස්කෘතියට සෑම අතින්ම ගැළැපෙන කථා වස්තුන් ඇතුළත් වන්නේ පන්සිය පනස් ජාතක පොතෙහි ය.

සාමාන්‍ය පුද්ගලයෙකුගේ අතීත අත්දැකීම් සහ පුවත්පත් වාර්තා සියල්ලටම වඩා හරවත් රසවත් එමෙන්ම නාට්‍යමය ගුණාංග සපිරි, ජාතක කථා මමෝරංග තේමා සොයන චිකිත්සකවරයකුට සපයන්නේ සීමාරහිත උපකාරයකි.

තේමා කථාව තෝරා ගැනීමෙන් පසු අධ්‍යක්‍ෂකවරයා එය පිරිසට විස්තර කර පහදා දිය යුතුය. ජවනිකාවක් විස්තර කළ යුත්තේ මෙහිදී සහ දැන් (Here and Now) යන පදවලින් මොරේනෝ යෝජනා කළ වර්තමාන කාලය හඟවන බසිනි. උදාහරණයක් වශයෙන්, භීස පුෂ්ප ජාතකය විස්තර කරන විට බෝධිසත්වයන් වහන්සේ එක් දවසක් එක් පොකුණක් දැක ඒ පොකුණෙහි නාන්නට බැස නාන සේක් එක් පියුමක් දැක” යනුවෙන් අතීත සිද්ධීන් පොත කියවා විස්තර කිරීමෙන් පසුව අධ්‍යක්‍ෂකවරයා කිව යුත්තේ “බෝසතාණන් වහන්සේ දැන් පොකුණ දකියි, මෙන්න පොකුණ,! වතුර මේ මට්ටමට ඇත! එ තුමා දැන් පොකුණට බසියි. අර තිබෙන්නේ පියුම! යනුවෙනි. අධ්‍යක්‍ෂකවරයා ද පොකුණට බසින ආකාරය රඟ පා නො පෙනෙන වතුර මට්ටම ද පෙන්වා, සිසිල දැනෙන බවක් ද පෙන්වීම සුදුසු ය. ඒ අතරම බෝසත් තුමා දිව්‍යාංගනාව සහ සාහසිකයා, ඔවුන් පිළිබඳ වාක්‍ය කියවන විට, පිරිස අතරින් තෝරා වේදිකාව මැදට පමුණුවා ලීම කළ හැක.මෙ වැනි කාර්යයන් සඳහා පොතපතින් දැනුම ලැබීම පමණක් නො සෑහෙයි. පිහිනීමට මෙන් මනෝරංග අධ්‍යක්ෂණයට ද ප්‍රායෝගිකව පුහුණුව ලැබීම අවශ්‍යය.

රංගනය කළ යුත්තේ කෙසේ දැයි මොරේනෝ දීර්ඝ විස්තරයකින් පෙන්වා දුන්නේය. මෙම විස්තරයට රංගන ක්‍රම 20 ක් ඔහු යෝජනා කෙළේය.ඉන් කිහිපයක් මෙසේය.විවිධ චරිත නිරූපණය චරිත මාරුව ද්විත්ව නිරූපණය දර්පණකරණය අනුකෘතිය හිස් අසුන සහ විනිද්‍රා රංගනය මීට අමතරව, මනෝරංග ක්‍රම බොහෝ සංඛ්‍යාවක් අධ්‍යක්‍ෂණය කරන විට මොරේනෝගේ ක්‍රම ලැයිස්තුවට අප එකතු කෙළෙමු.

ප්‍රතිපෝෂණය

රංගනය අවසන් වූ වහා ම ප්‍රතිපෝෂණය ආරම්භ වෙයි. මොරේනෝ මෙම අවස්ථාව “ පශ්චාත් රංගන ප්‍රකාශනය” යනුවෙන් හැඳින්වූයේද ප්‍රකාශනය වාචික ව හෝ අවාචිකව හෝ කරනු ලැබේ. අධ්‍යක්‍ෂකවරයා, සහභාගි වූ සැමට තම තමන්ගේ හැගීම් සහ අදහස් ප්‍රකාශනය කිරීමට ආරාධනා කරයි. අක්‍රියව මනෝරංග නැරඹූ අයටද එහි වේදිකාගත සිද්ධීන් මානසිකව බලාපාන බව මොරේනෝ පෙන්වා දුන්නේය. සක්‍රිය චරිත සමග තදාත්මීකරණය වීම (Identification) මීට හේතුවකි. නරඹන අතර ජනිත වී එතෙක් සිතෙහි තදකොට රඳවාගෙන තුබුණු හැඟීම් මෙම අවස්ථාවෙහි අපසර්ජනය (Abreaction) මගින් ප්‍රකාශනය ආතති සහනය වෙයි.මෙම සහනය රඳා පවතින්නේ තේමාව සහ රඟපෑමේ දක්ෂතාව මතය. රඟපෑම් සහ අධ්‍යක්‍ෂණය විවේචනය කිරීමද මේ අවස්ථාවේ සිදුවෙයි.

සාර්ථකත්වයට හේතු සාධක

1967 දී ජෙරම් ෆ‍්‍රෑන්ක් සාර්ථක මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රමයක අඩංගු විය යුතු සාධක අටක් පෙන්වා දුන්නේය. ඒ මෙසේ ය. කථා කිරීම සහ සවන් දීම චිත්තවේග ප්‍රකාශනය, දැනුවත් කිරීම, මානසික තත්ව අර්ථකථනය සඳහා සම්මත ක්‍රමවේදයක පිහිටීම,ආත්ම විශ්වාසය නංවාලීම,ව්‍යංගය, උපදේශනය සහ චිකිත්සකවරයා සහ රෝගියා අතර ඵලදායි අන්‍යෝන්‍ය සම්බන්ධතා ඇති කිරීම

නිසි තේමාවක් පදනම් කරගෙන නිසි අධ්‍යක්‍ෂණයෙන්, මනෝරංග ප්‍රතිකාර ක්‍රමය තුළින් ඉහත සඳහන් සාධක සියල්ලම මානසික රෝගින් සුවපත් කිරීම සඳහා දියත් කිරීමට චිකිත්සකවරයාට හැකිවෙයි.

මෙම සත්කාර්යය සඳහා මනෝචිකිත්සක ජේකෝබ් ලෙවි මොරේනේගේ සිද්ධාන්ත මතම පිහිටා, එහෙත් එතුමා නො කියවු අපේ පන්සිය පනස් ජාතක පොත පමණක් තේමා සපයා ගැනීමට යොදා ගත හැක්කේ ඇයි දැයි, මී ළඟ බුදුසරණ ලිපියෙන් පහදා දෙන්නෙමි.

මනෝ වෛද්‍ය විශේෂඥ
ඩී.වී.ජේ. හරිශ්චන්ද්‍ර

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14464

Simile Of The Cup – Ven Ajahn Brahm

Ajahn_Brahmavamso_Mahathera How can one not love Ajahn Brahm? He makes you laugh, laugh, & laugh then learn all at the same time. Amazingly simple & wonderful teaching! Thanks so much [youtube]Y-QlSW5KwxI[/youtube] .

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14507

Kalpa Vibhaga – Ven.Na Uyane Ariyadhamma Thero

 
හාකල්ප ,අසංඛෙය්‍ය ,පරමායුෂ සම්බන්දව විචිත්‍රවත් ධර්ම දේශනාවක්පූජ්‍ය නාඋයනේ අරියධම්ම මහනාහිමි

නම් වශයෙන් සදහන් වන අටවිසි බුදුවරයන් වහන්සෙලා ගැන සලකා බලමු. දීපංකකර  බුදුරජාණන් වහන්සෙගේ පරමායුෂ අවුරුදු  ලක්ෂයයි.උන්වහන්සෙගේ පරිනිර්වානයෙන් පසුව මහාකල්ප අසංඛෙය්‍යක් බුදුවරයන් වහන්සෙලා පහල  වුනේ නැහැ .අසංඛෙය්‍යක් කියන්නේ කොපමන කාලයක් ද?එකයි බිංදු එකසිය හතලිහයි. 

මහාකල්පය කියන එක කොච්චර දිග ද?යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස ඒක ඝන ශෛලමය පර්වතයක් උඩින් අවුරුදු සියයකට වරක් යන දේවතාවකුගේ දිව සළුව ඇතිල්ලීමෙන් මේ පර්වතය යම්තාක් කාලයක දී මහ පොලොවට සමතලා වෙන්න පුළුවන් ඒක කොච්චර කාලෙකින් ද සිදුවෙන්නේ අවුරුදු සියයකට වරක් දිවසළුව ඇතිල්ලීමෙන්. යොදුනක් කියන්නේ සැතපුම් දහසයක් නෙ…… කලපය ඊටත් වඩා දිගයි.


[youtube]oY9KnGdZ5w0[/youtube]
 
.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5676

Ven Ajahn Brahm at 2006 Global Buddhist Conference

 

Ajahn_Brahmavamso_MahatheraHere is part one of a speech by Ajahn Brahm given at the 4th GBC. The theme of the conference was “Confronting the controversies”

[youtube]WCiOLIvE7hg[/youtube]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14502