සංස්කාර පිළිබඳ කාරණයේ දී, මොනවද මේ කාය සංඛාර, මොනවද මේ වචී සංඛාර, මොනවද චිත්ත සංඛාර?
අපගේ අදහස්:- පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමියන්, උන්වහන්සේගේ දේශනා සහ ධර්ම පොත් වලින් මහත් ආදර්ශයන් ගෙන දෙනවා අනෙකුත් දේශකයන් වහන්සේලාට සහ ගිහිදේශකයන්ට කෙසේ ද? බුද්ධ වචනයෙන් පිට පනින්නේ නො මැතිව, අහිංසක බෞද්ධයන් තව තවත් පිරිසිදු වූ බුද්ධ වචනය තුලට ගෙන යන්නේ කියා. බලන්න මොනතරම් ලස්සනට උන්වහන්සේ අපව විභංග සූත්‍රය සහ චූල වෙදලල සූත්‍ර තුලට රැගෙන යනව ද කියලා. ඒ අතරම ඉතාමත් කනගාටුවට කාරණාවක් තමයි අද කාලයේ ස්වමීන් වහාන්සේලා හෝ ගිහි දේශකයන් බහුත්තරයක් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ සූත්‍රයන් ගේ පද පේලියක් පෙන්වා දී ඉන්පසු සම්පූර්ණයෙන් ම බුද්ධ වචනයෙන් පිට පැන තමන්ගේ දහමක් ලෙසට තමන්ගේ නම ජනප්‍රිය කරගන්නට දරන අසාර්ථක වෑයම් . බණ අසන්නට එන අයට හරියට ඉල්ලුමට සැපයුම දෙන ගනුදෙනුවක් ලෙසයි ඒ බුදුදමට අනුගත නො වන දේශනා සිද්ධවන්නේ. එය කනගාටුවට කරුණකී. අද වනවිට මම රහත්, මම බුදුවෙලා, මම මාර්ගඵලලාභී කියා මිත්‍යාව පතුරුවන චීවරධාරීන්ගෙන් අඩුවක් නො මැත. නමුත් මේ සියල්ල වෙන්නේ ශ්‍රි ලංකාව තුල පමණක් වීමත් අතිශය ශෝචනීය තත්වයක්. අපගේ අදහස් අවසන්.
පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි යන්ගේ පටිච්චසමුප්පාද දේශනා (13) දි , “සංස්කාර” පිළිබඳව දේශිත ඉතාමත් වටිනා සූත්‍රයන් දෙකක් වන විභංග සූත්‍රය සහ චූල වෙදලල සූත්‍රය ඉදිරියට ගෙන කල ඉතාමත්ව විචිත්‍ර ධර්ම දේශනාව, මෙම සූත්‍රයන් තුලට තවදුරටත් අපව ගෙන යන්නේ කාන්දමක් දෙසට ඇදීයාමක් ලෙසට ය.
සංස්කාර පිළිබඳ කාරණයේ දී අපි ඉස්සෙල්ලාම කල්පනා කරලා බලන්න ඕන සංඛාර කියන වචනය පටිචචසමුපපාද ධමයේ දෙවන තැනටයි යෙදිල තියෙන්නේ අවිද්‍යාවෙන් පස්සේ. මේ පින්වතුන් කොතෙකුත් දන්නවා අවිජජා පචචයා සංඛාරා, සංඛාර පචචයා විඤඤාණං, විඤඤාණ පචචයා නාමරූපං, නාමරූප පචචයා සළායතනං, ආදී වශයෙන් අපි කොතෙකුත් මේ පටිචචසමුපපාදය ගැන කියන කොට ප්‍රකාශ කළා. එතකොට මේ සංඛාර කියන වචනය බුදුරජාණන් වහන්සේම හඳුන්වලා දීලා තියෙනවා සංයුත් සඟියේ නිදාන සංයුතතයේ විභංග සූත්‍රයේදී (සංයුත්ත නිකාය » නිදාන වර්ගය » 1. අභිසමය සංයුක්තය » 1. බුද්ධ වර්ගය) බුදුරජාණන් වහන්සේම සංඝයා වහන්සේලාට හඳුන්වා දෙනවා සංඛාරා කියන වචනයේ නිර්වචනය. කතමෙ ච භික්ඛවෙ සඞ්ඛාරා? තයොමෙ භික්ඛවෙ, සඞ්ඛාරා: කායසඞ්ඛාරො වචීසඞ්ඛාරො චිත්තසඞ්ඛාරො. ( මහණෙනි, සංඛාර යනු
කවරේද මහණෙනි, මේ සංස්කාර තුනකි. කාය සංඛාරය, වචී සංඛාරය, චිතත සංඛාරය. ) මේ ඒක වචන බවත් මතක තියාගන්න.
එතකොට කාය සංඛාර, වචී සංඛාර, චිතත සංඛාර කියලා බුදුරජාණන් වහන්සේ ත්‍රිවිධ වශයෙන් දැක්වූ මේ සංඛාර ගැන වඩා පැහැදිලි වශයෙන් විවරණයක් අපට ලැඛෙනවා මැදුම් සඟියේ චූල වෙදලල සූත්‍රයෙන් ( මජ්ඣිම නිකාය » මූල පන්නාසකය » 5. චූල යමක වර්ග) ධමමදින්නා රහත් මෙහෙණින් වහන්සේ විසාඛ උපාසකතුමාගේ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් හොඳ ලස්සනට මේ කාරණය පැහැදිලි කරල දෙනවා, ඉස්සෙල්ලාම විසාඛ උපාසකතුමා අහනවා මොනවද මේ කාය සංඛාර, මොනවද මේ වචී සංඛාර, මොනවද චිතත සංඛාර කියලා.
ඒකට ධමමදිනනා රහත් මෙහෙණින් වහන්සේ ප්‍රකාශ කරනවා ඇවැත්නි විසාඛය, ආශ්වාස ප්‍රශ්වාස දෙක කාය සංස්කාරයකි. විතකකවිචාර දෙක වචී සංස්කාරයකි. සඤඤා වේදනා කියන දෙක චිතත සංස්කාරයකි. ආයෙමත් විසාඛ උපාසකතුමා අහනවා – අපි අවශ්‍ය ටික විතරක් පාලියෙන් කියමු. ආර්යාවනි, කෙසේද ආශ්වාස ප්‍රශ්වාස කාය සංඛාරයක් වන්නේ? කෙසේද විතකක විචාර වචී සංඛාරයක් වන්නේ? කෙසේද සඤඤා වේදනා දෙක චිතත සංඛාරයක් වන්නේ? එතකොට ඒ රහත් මෙහෙණින් වහන්සේ පිළිතුරු දෙනවා……….පටිචච සමුපපාද තෙවන වෙළුම පිටු අංක 55-58
Downloads:-
විභංග සූත්‍රය (සංයුත්ත නිකාය » නිදාන වර්ගය » 1. අභිසමය සංයුක්තය » 1. බුද්ධ වර්ගය)
චූල වෙදලල සූත්‍රය ( මජ්ඣිම නිකාය » මූල පන්නාසකය » 5. චූල යමක වර්ග)
Recent Comments