Deva Sankalpa – Ven Gangodawila Soma Thero

somahimiදේව සංකල්ප පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි

අද අපේ බෞද්ධ ජනතාව ලොකු අවුලක වැටිල සිටින වකවානුවක් මේක එක පාරට අදට ආවේ නැහැ. කාලාන්තරයක් තිස්සේ ආපු ගමනක අවස්ථාවක් තමයි මේ. ඇත්තෙන්ම අප අද ඉන්නේ ඉතාමත්ම භයංකාර අවස්ථාවකයි. ඒ බියකරු බව කාටවක්වත් නොවේ එය උදාවෙලා තියෙන්නේ සම්බුද්ධ සාසනයටයි.

බොහෝ විට අපේ ඇත්තන් බුද්ධාගම මොකක් ද? හින්දු ධර්මය මොකක් ද කියල තේරුම් ගන්න බැරි අවස්ථාවකට අද පත් වෙලා තියෙනව. අප මෙහි උත්සාහ කරන්නේ හින්දු දර්ශනය මොකක් ද? බෞද්ධ දර්ශනය කියන්නෙ මොකක් ද? බෞද්ධයන් හින්දූන් වෙන්න පුළුවන් කමක් නැහැ බෞද්ධයන්ට බුදුහාමුදුරුවන්ගේ නිර්මල දහමක් තිබිය දී. මේ දෙකක් එකට පටලවා ගෙන ආගමක් අදහන සිරිතක් නැහැ.

ලෝකේ තියෙන අනිත් හැම ආගමක් ම, හැම දේව ආගමක් ම ඉදිරිපත් කරන දර්ශනය තමයි ලෝකය දෙවියෙක් විසින් මවන ලද්දක් බව. බුදුහාමුදුරුවන් විසින් දේශනා කරල ලද්දේ ලෝකය කවුරුන් විසින්වත් මවන ලද්දක් නොවේ ලෝකය හේතුප්‍රත්‍යන් නිසා හටගත් එකක් බව. මේ හේතුප්‍රත්‍ය සංකල්පය තේරුම් ගන්නට ලෝකය කියන්නේ…

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15511

Yathiwara Sithuvili

Yathiwaraශ‍්‍රී සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා තම ජීවිතයම කැපකළ මෑත කාලයේ පහළ වූ අති උතුම් යතිවරයන් වහන්සේලා දෙනමක් වන අතිපූජනීය මාතර ශ‍්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ හා අතිපූජනීය කඩවැද්දුවේ ජිනවංශ මාහිමිපාණන් වහන්සේගේ නිස්සරණ අදහස් එකතුවකින් මෙම ග‍්‍රන්ථය සමන්විතය.

අතිපූජනීය මාතර ශ‍්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේගේ ගුණ සිහිකිරීම සඳහා පළ කරන ලද ‘අමාබින්දු’ නම් ග‍්‍රන්ථයේ පළ වූ උන්වහන්සේගේ දිනපොතින් උපුටාගත් සටහන් එකතුවක් හා මාහිමිපාණන් වහන්සේ පිළිබඳ තොරතුරු ඇතුලත් ලිපි කිහිපයක් ද, අතිපූජනීය කඩවැද්දුවේ ජිනවංශ මාහිමිපාණන් වහන්සේගේ ගුණ සැමරීම සඳහා පළකරන ලද ‘ආත්ම ප‍්‍රත්‍යවේක්ෂණය’ නම් ග‍්‍රන්ථයෙන් උපුටාගත් උන්වහන්සේගේ අදහස් හා ලිපි කිහිපයක්ද මෙහි දක්වනුයේ ඒ උතුම් ජීවිත හා අදහස් දෙස බලා සැනසෙන ඔබ වෙනුවෙනි.

ගස් අතර අරටු ගස් විරලය. කාර්මිකයන් අතර දක්ෂයන් දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. පුද්ගලයන් අතර භාවිත වාසනාව ඇති මැණික් වැනි විසිතුරු පුණ්‍යාත්මීන් මුණ ගැසෙන්නේ දහසකින් කෙනෙකි. ඊට ඔබ දුක් විය යුතු නොවේ. බොරලූ කන්දට එළිය දෙන අගනා මිණි රුවනක්සේ දුලබ මිනිස් ගුණයෙන් හෙබි එක් පුද්ගල රත්නයකින් දහස් දෙනාට එළිය ලැබෙන සැටි සිහි කරන්න. සැගවී ඇති පුද්ගල වාසනාව මතුකර පහන් වැනි මැණික් වැනි කල්‍යාණයන් පේළිකර ගැන්ම හොඳ හිතේ පෙරහර විය යුතුය. අප විඳගන්නා ධර්ම සැපය තව බොහෝ දෙනාට විඳගන්නට සැලසීම අපේ මෛත‍්‍රී පිළිවෙත විය යුතුය. පුද්ගල අඳුරෙන් දුක් වීම හිත ආතුර කර ගැනීම නොව ඒ අඳුරු තැන්වලට එළිය දීම අපේ කරුණා මෙහෙවර විය යුතුය.

මානසික ලෙඩින් පෙළෙන්නවුන්ගේ ඒ ලෙඩ සුවකර ගැන්මට උදව්වනු මිස ඔවුන්ගේ කෙඳිරියට අත්වැල් වීම අපේ ඤාණ පිළිවෙත නොවිය යුතුය. ලොවුතුරා බුදුගමන අපේ සැනසිලි ගමනේ ආදර්ශ මාර්ගය විය යුතුය. බුදු එළිය අපේ සැනසිලි පිළිවෙතින් නොනිවෙන ආලෝකය විය යුතුය. නැණ එළිය විහිදුවා කරුණාවෙන් විසිතුරුව නොකඩවා පැවැත්වූ අසිරිමත් බුදුගමනට බුදුපෙරහරට අපි හැම අනුයාත වෙමු.

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15387

You are Responsible – Ven Dr K Dhammananda Thero

youඅපේම අඩුපාඩුවලට වැරදි වලට අන් අයට චෝදනා කිරීමටයි, දොස් නැගීමටයි අපි නැඹුරු වී සිටින්නේ.  ප්‍රශ්නවලට ගැටළුවලට වගකිව යුත්තා ඔබම බව ඔබත් සිතා බැලුව ද?  ඔබේ දුකට හෙවත් නොසතුටට හේතුව මියගිය ඥාතියෙකුගේ සාපයක් හෝ පවුලේ අය‍ගේ සාපයක් නොවේ. එය යක්‍ෂයෙකුගේ හෝ දෙවියකුගේ හෝ ක්‍රියාවක් ද නොවේ. ඒ ‍දුක ඔබේම නිර්මාණයකි. එබැවින් ඔබව සිරකර තබාගන්නා මෙන්ම ඉන් මුදවාගන්නාත් ඔබම ය. 

එසේම දිව්‍ය ලෝකය මෙන් ම අපාය ද නිර්මාණය කරගන්නේ ඔබමය. පව්කාරයෙක් වීමටත්, ශුද්ධවන්‍තයෙක් වීමටත් හැකියාව ඔබ තුළම ඇත. අන්කිසිවෙකුට ඔබව පව්කාරයෙකු හෝ ශුද්ධවන්‍තයෙක් කිරීම හෝ කළ නොහැක.

ඔබගේ ජීවිතයේ වගකීම් දැරීමට ඔබම පුරුදුවිය යුතු ය. වෙනත් අයට දොස් නොකියා ඔබගේ අඩුපාඩු දුර්වලතා පිළිගැනීමට ඔබම ඉගෙනගත යුතු ය.

“නොහික්මුණු පුද්ගලයා නිතරම අන් අයට චෝදනා කරයි. මදක් හික්මුණු පුද්ගලයා තමාට වරද පවරා ගනී. සම්පූර්ණයෙන් හික්මුණු පුද්ගලයා කිසිවෙකුටත් වරද නොපරවයි”

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15441

What is this Religion – Ven Dr K Sri Dhammananda Thero

whatEvery man must have a religion and that religion must be one which will appeal to the intellectual mind. A man failing to observe religious principles, becomes a danger to society. There is no doubt that scientist and psychologists have widened our horizon but they have not been able to tell us our purpose in life. A proper religion can do this.

The religion that is being introduced in this booklet is a practical educational system for mental culture which was revealed to the world some twenty five centuries ago, by a most enlightened and compassionate Teacher. This religion is also known as the “MIDDLE-WAY, righteous way of life, ethico-philosophical system and a religion of freedom and reason.” It teaches us to do three main things: namely, “KEEP AWAY FROM BAD DEEDS, DO GOOD AND PURIFY THE MIND.”

Whether one believes in Him or not, his teaching nevertheless has its effect on all people. His message was given to the world without any violence nor was a single drop of blood ever shed in its name. This is a remarkable record in world history which could be imprinted in letters of gold. This teaching illuminates the way by which mankind could cross from a world of unsatisfactoriness to a new world of light, love, peace, happiness and satisfaction.

[pdf]http://www.dhammikaweb.com/pdfs/WHAT-IS-THIS-RELIGION-edited1.pdf[/pdf]

.

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15233

Prathipaththi Poojava – Ven Katukurunde Ñāṇananda Thero

Prathipaththiප්‍රතිපත්ති පූජාව පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

 ~ධමමාරාමො ධමමරතො ~ ධමමං අනුවිචිනතයං
ධමමං අනුසසරං භිකඛු
~ ද්ධමමා න පරිහායතී~

~~ධර්මයෙහි ම වාසය කරන, ධර්මයට ම ඇලූනු, ධර්මය අනුව නිතර සිතන්නාවූ, ධර්මය මෙනෙහි කරන්නාවූ භික‍ෂුව සද්ධර්මයෙන් පිරිහෙන්නේ නැත.~~බුදුපියාණන් වහන්සේගේ ජීවිතයෙ අවසාන භාගය ගැන සඳහන් වන ~~මහා පරිනිර්වාණ සූත්‍රය~~ කියන ඒ සූත්‍රයේ කීප තැනකම දකින්නට ලැඛෙනවා, බුදුපියාණන් වහන්සේ ප්‍රතිපත්ති පූජාවේ අගය අවධාරණයෙන් දක්වපු හැටි.

බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලා අමතල ප්‍රකාශ කරනව, ~~මහණෙනි, මා විසින් අභිඥාවෙන් දැන, දේශනා කරන ලද යම් ධර්මයෝ වෙත් ද ඒ ධර්මයන් නුඹලා විසින් මැනවින් ඉගෙන ගෙන, මැනවින් ඇසුරු කළ යුතුයි, වැඩිය යුතුයි, බහුල වශයෙන් පුරුදු කළ යුතුයි, මේ ශාසන බ්‍රහ්මචරියාව දීර්ඝ කාලයක් පැවතීම සඳහා දෙවි මිනිසුන්ගේ හිත සුව පිණිස ඒ ධර්මයන් පුරුදු කළ යුතුයි.~~ මොනවද ඒ ධර්ම? එතැන සඳහන් වෙන්නෙ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම. සතර සතිපටඨාන, සතර සමමපපධාන, සතර ඉදධිපාද, පඤච ඉන‍ද්‍රිය,පඤච බල, සතත බොජ්ඣංග, ආර්‍ය අෂ්ඨාංගික මග්ග කියල කියන ඒ සත්තිස් බෝධිපාක්ෂික ධමයි බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළේ ඒ අවස්ථාවෙ. සංඝයා වහන්සේලා විසින් මෙන්න මේ ධර්ම  හරියාකාරව, ආරක්ෂා කරනව නම්, ඒ ප්‍රතිපත්තිය තමයි මේ ශාසනයේ පැවැත්මට හේතු වෙන්නෙ කියල, ඒ විධියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළා.

එතකොට ඒ තුළින් අපි අර ආමිස පූජාව ඉවත දැම්මේ නෑ. ඒක ප්‍රතිපත්ති පූජාවට දොරටුවක් හැටියට සකස් කරගෙන, ප්‍රතිපත්ති පූජාව පිරීමට ධෛර්යයක්, ශක්තියක්, ඊට ඇති බාධක ඉවත් කිරීමට මාර්ගයක්, අන්න ඒ විදියට කල්පනා කරගෙන ආමිස පූජාවෙ යෙදෙනව නම් මේ පින්වතුන්ට පුළුවනි – මේ ජීවිතය ගැන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට මේ අතිදීර්ඝ කාලයක් සංසාරයේ අවිද්‍යාව නිසා, තණ්හාව නිසා මේ විධියට උපදිමින් මැරෙමින් ඇවිල්ල තිඛෙනව – මේ අවස්ථාවෙවත් සංසාරෙන් මිදෙන්න.

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15145

Bhante Henepola Gunaratana conducted Dhamma Discussion

Bhante_GunaratnaBhante Henepola Gunaratana conducted Dhamma Discussion at Indiana Buddhist Temple on Saturday April 20, 2013.

Bhante opened the Discussion with a Peaceful Message about temple is a place for peace. We sincerely appreciate Bhante Gunaratana Nayaka Thera for conducting the Dhamma Discussion.

Bhante Gunaratana explains the path of samatha-vipassana & many more explanation on the subject of Meditation.

[youtube]4V3NJZDKgL4[/youtube]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15301

Siyadivinasa Geneemen Pranagatha akusalaya Siduwe da?

hangs-himself-to-deathසියදිවි නසා ගැනීමෙන් ප්‍රාණඝාත අකුශලය සිදුවේ ද?

පූජ්‍ය රේරුකානේ චන්දවිම්ල මහනායක හිමියන් විසින් රචිතධර්ම විනිශ්චය “ නම් කෘතියෙන් පිටපත් කර ගන්නා ලදී.(.(පිටු අංක 141 සිට 145)

යම් කිසි උසස් අර්ථයන් සදහා ජීවිතය වුව ද පරිත්‍යාග කිරීමට සමත් වන තරමට නුවණ දියුණු කර ගෙන ඇත්තා වූ වීර පුරුෂයෝ සමහර විට උසස් අර්ථයන් සදහා තමන්ගේ ජීවිතයත් පරිත්‍යාග කෙරෙති.

එයත් උසස් අර්ථයක් උදෙසා කළ නිරවද්‍ය දිවි නසා ගැනීමකි. 

පිටු අංක  141 සිට 145 දක්වා කියවීමට 

.

======================================================

මෙම සම්පූර්ණ  “ධර්ම විනිශ්චය “ පොත පහත වෙබ් පිටුවෙන් ඔබට බා ගත හැක.

ධර්ම විනිශ්චය

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15196

Buddhism and Astrology – Ven. Dr K Sri Dhammananda Thero

buddhism_and_astrologyFrom the very beginning of time man has been fascinated by the stars and he has always tried to find some links between them and his own destiny. His observation of the stars and their movements gave rise to two very important areas of study, namely Astronomy and Astrology. Astronomy can be considered a pure science which is concerned with the measurement of distances, the evolution and destruction of stars, their movements and so on.

Modern astronomy seeks to find answers to the still unanswered questions regarding the origin of man and the final, possible end of his existence as a member of the human race. It is fascinating area of study and our new knowledge of the Universe and the galaxies has put much pressure on many religions to evaluate their old-age postulations regarding a creator and the creation of life.

Buddhism does not face any such dilemma, simply because the Buddha did not encourage his followers to speculate on things which were beyond their comprehension. However he has made many allusions which in the light of our new knowledge gained through science, shows us that the Buddha was very much aware of the true nature of the Universe, that it was never created in one glorious moment, that the earth is merely a tiny even relatively unimportant speck in all space, that there is a constant creation and destruction and that everything is in constant motion.

Do not expect good luck to come to you or be handed to you easily without any effort on your part. If you want to reap the harvest, you must sow the seed and it must be the right seed. Remember, “Opportunity knocks at the door, but never break the lock to gain entrance”.

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15210

Salayatana – Patichcha Samuppadaya (08) – Ven Katukurunde Ñāṇananda Thero

asaපටිච්චසමුප්පාද දේශනා (08) පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

රූපා සද්‌දා රසා ගන්‌ධා, ඵස්‌සා ධම්‌මා ච කෙවලා;…  ඉට්‌ඨා කන්‌තා මනාපා ච, යාවතත්‌ථීති වුච්‌චති.‘‘                      සදෙවකස්‌ස ලොකස්‌ස, එතෙ වො සුඛසම්‌මතා;… යත්‌ථ චෙතෙ නිරුජ්‌ඣන්‌ති, තං නෙසං දුක්‌ඛසම්‌මතං.                     ‘‘සුඛන්‌තිදිට්‌ඨමරියෙහි, සක්‌කායස්‌සුපරොධනං;… පච්‌චනීකමිදං හොති, සබ්‌බලොකෙන පස්‌සතං.

ඇස, කණ, නාසය, දිව, කය, මන යන ඉන්ද්‍රීය හයට  අරමුණු වන රූප, ශබ්ධ, ඝන්ධ, රස, කොට්ටබ්භ, ධම්ම යන දේවල් දෙවියන් සහිත ලෝකයා ඇත්ත වශයෙන්ම තිබෙන හැටියට, සැප ගෙන දෙන දේ හැටියටත් සලකනව. යම් තැනක මේවා නිරුද්ධ වෙනවා නම් එතන දුකක් හැටියටත් සලකනව. නමුත් ආර්‍යන්වහන්සෙලා ලෝකයා සැප යැයි ගන්නා මේ දේවල් නැතිවන තැනම සැපයක් කොට ගන්න ව.

මෙන්න මේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දෘෂ්ඨි කෝණ දෙක ප්‍රකාශ වෙන ගාථා තුනක් තමා අද අප දේශනාවට මාතෘකාව හැටියට ඉදිරියට ගත්තෙ. ද්‌වයතානුපස්‌සනා සූත්‍රයේ (ඛුද්‌දකනිකාය-සුත්‌තනිපාතය, මහාවග්‌ගො) දහසය(16) වෙනි දේවාතානුපස්සනාවට අදාලවයි මේ ගාථා තුන සදහන් වන්නේ.

පටිච්චසමුප්පාදයේ නාමරූපය ලඟට තිබෙන්නේ සලායතනය බව කවුරුත් දන්නවා මේ දේශනාවේ දී කියවෙන්නේ මේ සලායතනයට අදාල ටිකයි. එනම් සලායතනයට අදාල වන්නේ ඇස, කණ, නාසය, දිව, කය, මන සහ ඒවාට  අදාල රූප, ශබ්ධ, ඝන්ධ, රස, කොට්ටබ්භ, ධම්ම කියන අරමුණු,  මේවා ලෝකයා සැප හැටියට සලකනව. මේ අරමුණු හය නැති වන්නේ කොතන ද? වෙන ලෝකයක ද?

ඒකට තමයි පිංවතුනේ සලායතන නිරෝධය පිළිබද ප්‍රත්‍යක්ෂය හැටියට සැලකෙන නිවෙනෙ දී, නිවන හදුන්වන්නේ ඇත්ත වශයෙන්ම සලායතන නිරෝධය පිළිබඳව් ප්‍රත්‍යක්ෂ්‍යය යි. ඒ ප්‍රත්‍යක්ෂ්‍ය අවස්ථාවයි සැපය ලෙසට ආර්‍යන්වහන්සෙලා සලකන්නෙ. මෙලොවම අත්විදිය හැකි ප්‍රත්‍යක්ෂ්‍යයි. මේකට ඉතාම හොද සාධකයක් නිවන, සලායතන නිරෝධය බව පෙන්නුම් කෙරෙන වටිනා සූත්‍රයක් තියෙනව සංයුත්‌තනිකායේ , සළායතනවග්‌ගයේ4.කාමගුණසුත්‍රයේ බුදුරජානණ් වහන්සෙ මහ ප්‍රෙහේලිකා විදිහේ දේශනා පාඨයක් මෙලෙස ප්‍රකාශ කරනව  ‘තස්‌මාතිහ, භික්‌ඛවෙ, සෙ ආයතනෙ වෙදිතබ්‌බෙ යත්‌ථ චක්‌ඛු චනිරුජ්‌ඣති, රූපසඤ්‌ඤා ච නිරුජ්‌ඣති, සෙ ආයතනෙ වෙදිතබ්‌බෙ…පෙ.… යත්‌ථ ජිව්‌හා ච නිරුජ්‌ඣති , රසසඤ්‌ඤා ච නිරුජ්‌ඣති, සෙ ආයතනෙ වෙදිතබ්‌බෙ…පෙ.… යත්‌ථ මනො චනිරුජ්‌ඣති, ධම්‌මසඤ්‌ඤා ච නිරුජ්‌ඣති, සෙ ආයතනෙ වෙදිතබ්‌බෙ” මෙහි තේරුම………….

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15243

How to choose a Religion – Ven Dr K Dhammananda Thero

Choose_ReligionDuring the time of the Buddha there was a great intellectual activity in India. Some of the most intelligent people the world has ever known were actively engaged in the great religious controversies of the time.

Was there a Creator? Was there no Creator? Was there soul? Was there no soul? Was the world beginning less? Was there a beginning?

These were some of the topics which were hotly debated by the ablest minds of the time. And of course, just like today, everyone claimed that he alone had all the answers and anyone who did not follow him would be damned and could go to hell! Naturally all this intense search for the truth only served to create more confusion.

A group of earnest young men called the Kalamas went to Buddha and told him about their confusion. They asked him what one should do before accepting or rejecting a teaching…….

[pdf]http://www.dhammikaweb.com/pdfs/HOW-TO-CHOOSE-A-RELIGION.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15215